Latest Publications

OLPC ගැන වචනයක්.

OLPC දැනට ලෝක බැංකු ආධාර ඇතිව නියාමක ව්‍යාපෘතියක් ලෙස අපේ රටේ ක්‍රියාත්මක වන බව ඔබ සමහරවිට දන්නවා ඇති. මටත් මේ ව්‍යාපෘතියට දායක වෙන්න අවස්තාවක් ලැබුනා අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් වල මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදීම සඳහා ඒවාගේ සර්වර් පරිගනක තුල ස්තාපනයට මෘදුකාංගයක් නිර්මාණය කිරීමෙන්. (මම මගේ internship සඳහා සම්බන්ද වෙලාඉන්න UCSC Network Operating Center එක මෙම ව්‍යාපෘතියට තාක්ෂණික අංශයෙන් මඟපෙන්වනවා.)

OLPC යේ අරමුණු එහි නිල වෙබ් අඩවියේ ආකාරයට

” To create educational opportunities for the world’s poorest children by providing each child with a rugged, low-cost, low-power, connected laptop with content and software designed for collaborative, joyful, self-empowered learning. When children have access to this type of tool they get engaged in their own education. They learn, share, create, and collaborate. They become connected to each other, to the world and to a brighter future.”

“ලෝකයේ දුප්පත්ම ලමයින් වෙනුවෙන් අධ්‍යාපනික අවස්ථා ඇතිකිරීමට රළු, අඩුමිල, අඩු බලයකින් භාවිතා කලහැකි, සහයෝගීතාවය, සතුට, ස්ව-බලගැන්වුම් ඉගනුමක් සඳහා මෘදුකාංග අඩංගු, සම්බන්ධිත පරිගනකයක් හැම ලමයෙක් වෙනුවෙන්ම ලබාදීම. ලමයින්ට මේ වාගේ මෙවලමකට පිවිසුමක් තියෙනවානම් ඔවුන් තමන්ගේම අධ්‍යාපනයක නිරත වේවි. ඔවුන් ‍ඉගෙනගනීවි,බෙදාගනීවි, නිර්මාණය කරාවි, සහයෝගයෙන් කටයුතු කරාවි. එකිනෙකා සමග, ලෝකයා සමග වගේම පැහැබර අනාගතයකට ඔවුන් සම්බන්ද වේවි.”

නමුත් OLPC  ශ්‍රීලංකා වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවැන්නක්.

“The mission of the One Laptop per Child (OLPC) movement is to ensure that all school-aged children in the developing world are able to engage effectively with their own personal laptop, networked to the world, so that they, their families and their communities can openly learn”

“OLPC ව්‍යාපාරයේ අරමුණ නම් පවුලේ සාමාජිකයන්, සහ ඔවුන්ගේ සමාජය විවෘතව ඉගෙන ගනු වස්  සංවර්ධනය වන රටවල සියලුම පාසල් යන වයසේ දරුවන් ඵලදායී ලෙස ඔවුන්ගේ පුද්ගලික පරිගනක භාවිතා කිරීම, ලෝකය සමග සම්බන්ධ වීම තහවුරු කිරීමයි”

අපි මේ ලෝකෙ අල්ලන්න යන්නේ software ටික අප්ඩේට් කරගන්න ඉස්කෝලෙකට ඉන්ටනෙට්වත් ‍දීගන්න බැරුවද?. පැහැදිලිවම අපේ අය හිතාඉන්න සහ OLPCයේ ඇත්ත අරමුණු ටිකක් වෙනස් කියල දැන් ඔබටම වැටහෙනවා ඇති. OLPC ය යනු අධ්‍යාපනය සඳහා උපකාර කරගන්නා වූ මෙවලමක් (tool) පමණක් යන්න අපේ අයට අමතක වෙලා වගෙයි. අපේ අයට අරමුණ අමතකවෙලා tool එක බදාගෙන. ඇත්තටම OLPCයේ ලැප්ටොප් එකට වඩා වටින්නේ ඒකෙ ඇතුලේ දාල පොඩි එවුන්ට දෙන්නෙ මොනවද කියන එක. ගුරුවරයා කියනදේ ගිරවෙක් වගේ වමාරන, එකිනෙකා පාගගෙන ඉස්සරහට යන්න හදන අධ්‍යාපන ක්‍රමේ වෙනුවට කුතුහලය පදනම් කරගත්ත සහ ඒ වයසේ අනිත් දරුවන් එක්ක සහයෝගීතාවයෙන් දැනුම ලබාගන්නා අධ්‍යාපන ක්‍රමයක් හදන්න OLPCය හරියට අරගත්තොත් අපිට පුළුවන් වේවි. OLPCයෙ සෑබෑ අරමුණත් ඒකයි.

It’s not a laptop project. It’s an education project. ‍

ලොකු එවුන්ගේ ආකල්පමය ප්‍රශ්ණය ඇරුණාම පොඩි එවුන් නම් මේකෙන් හොඳට වැඩ ගන්න බවයි ආරංචිය. මේ පින්තූර බැලුවාම ඔබටම පැහැදිලි වෙයි.(සම්පූර්ණ ඇල්බමය.)

“This is not just a matter of giving a laptop to each child, as if bestowing on them some magical charm. The magic lies within — within each child, within each scientist, scholar, or just plain citizen in the making. This initiative is meant to bring it forth into the light of day.”

—Kofi Annan
අමතක කරන්න එපා මේ සේරම ණය. ඔය ණය ගෙවන්න වෙන්නේ කවදහරි ඔය ලැප්ටොප් පාවිච්චි කරන පොඩි එවුන්ටම වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ලොකු එවුන්ගෙ ඔළු හෝදල හිටියොත් පොඩි එවුන්ට මීට වඩා දෙයක් දෙන්න පුළුවන් වෙයි.
වැඩි විස්තර

Google Buzz

google chrome extension එකක් සෑදීම. 02

අන්තිම පොස්ට් එකෙන් කිව්වේ chrome extension UI එක ගොඩදාගන්න හැටි. මේපාර සරලම මට්ටමේ extension එකක් හදලා පෙන්නන්න හිතුවා. ඇත්තටම පළවෙනි ලිපියට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය වැඩ පටන් අරගෙන තිබුනා.

අපි කැමතිම ලින්ක් කිහිපයක් ‍එකතු කරගෙන ඒවාට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න chrome extension

chrome extension එකක ප්‍රධානම හා අනිවාර්යම ‍කොටසක් තමයි manifest.json file එක. (JSON කියලා තියෙන්නේ අපි file එක ලියන්නේ JSON format එකට වීම නිසා. )

manifest.json file එකේ තමයි අපි අපේ extension එකේ නම, හදපු කෙනාගෙ නම, වෙබ් සයිට්, option pages තියෙන්නෙ කොහෙද, content scripts වල නම් මොනවද, extension එකට chrome browser එකේ ඇතුලෙ permissions ආදිය ගැන විස්තර ලබාදෙන්නේ.මෙන්න අපේ වැඩේට මම ලියපු manifest.json එක.

{
"name": "My Favorite Links",
"description": "My Favorite Links- Easy Access to your favorite web sites.",
"version": "1.0",
"icons": { "128": "icon_128.png" },
"permissions": [
"tabs", "http://*/*", "https://*/*"
],
"browser_action": {
"default_icon": "icon.png",
"default_title": "Click Here to Access your links",
"popup": "popup.html"
}
}
මුලින්ම name, description,icons ‍වලින් දක්වලා තියෙන්නේ extension එකට අදාල විස්තර නම හා එකෙ අයිකන.

browser_action ගැන අන්තිම පෝස්ට් එකේ කතාකලා.  ඒකට අදාල අයිකන් එක හා popup page එකේ නම් ටිකයි එතැන දක්වලා තියෙන්නේ.

popup.html එක මම ලිව්වෙ මෙහෙමයි.

<html>
<head>
<style>
body {
width: 150px;
}
ul{
list-style-type:decimal;
width:30px;
padding-left: 20px;
margin: 0px;
}
</style>
</head>
<body>
<ul>
<li><a href="http://www.facebook.com/" target="_blank">Facebook</a></li>
<li><a href="http://www.twitter.com/" target="_blank">Twitter</a></li>
<li><a href="http://www.gmail.com/" target="_blank">Gmail</a></li>
<li><a href="http://www.yahoo.com/" target="_blank">Yahoo</a></li>
</ul>
</body>
</html>
extension එක ටෙස්ට් කරන්න හොස්ට් කරන්නම අවශ්‍ය නැහැ.
මෙන්න තියෙනවා මේ demo එක බාගන්න. file එක extract කරලා.chrome://extensions/ ගිහින් load unpacked extension ‍ක්ලික් කරලා. extract කරපු folder එක ලබාදෙන්න.
ප්‍රශ්ණ තියෙනවා නං කමෙන්ට් එකක් දාන්න. මේ දවස්වල ටිකක් වැඩ වැඩි නිසා මේ පෝස්ට් එක කලබලේට ලිව්වේ. අඩුපාඩු තිබුනොත් සොරිවෙන්න ඕන. අපහැදිලි තැනක් තියෙනව නං කමෙන්ට් එකක් දාන්න.

Google Buzz

නමක් නෑ

එදා මම වැඩට එනකොට උදේ 10ට විතර ඇති.  අම්බානෙක පරක්කුයි. 138 බස්‍ එකෙන් බැස්සා නෙවෙයි පැන්නා. ‍බස්හෝල්ට් එක ගාව පොඩි කලබලයක් වගේ, මිනිස්සු වටවෙලා.  හිටපු දහපහලොස් දෙනාගෙන් එක්කෙනෙක් මගේ ගාවට ඇවිත්.ත්‍රීවිල් එකකටත් කවුදෝ අත දැම්මා පෙනුනා.

“මල්ලි ආර්ට් ෆැකල්ටිය තියෙන්නෙ කොහෙද?” කියලා ඇහුවා. පේන දුර නිසා අන්න අතන කියලා පෙන්නුවා. එතකොටයි මම දැක්කෙ එතැන අන්ධ ජෝඩුවක් ඉන්නවා අත්අල්ලගෙන.

මාත් එක්ක කතා කරපු කෙනා ත්‍රීවිල්කාරයට කතාකලා.

“රුපියල් ‍දෙසීයක් දෙන්න මහත්තයා.”

“රුපියල් දෙසීයක්?????  එහෙම කරන්න එපා මම මේ දෙන්නට උදව්වක් කරන්නේ. මට වැඩට යන්න පරක්කුවෙනවා. ඒකයි ‍මේලොගලන්ව ත්‍රීවිල් එකක යවන්නෙ.”. ඒත් ත්‍රීවිල් කාරයා සද්ද නැහැ.
කැම්පස් එක ඉස්සරහා පාර one way නිසා ආර්ට් එකට කැම්පස් එක මැදින් යන්නෙ නැතිනම් පොඩි වටයක් ගහන්න වෙනවා. ඒත් රුපියල් 200ක් වැඩියි කියලයි මගේ ඔළුවට ආවෙ. බොර දියේ මාළුබාන්න ආපු ත්‍රීවිල් කාරයත් එක්ක මට දැන් මල. මෙහෙම මනුස්සයෙක් ත්‍රීවිල් එක කැම්පස් එක හරහා ත්‍රීවිල් එකෙන් ගිහිල්ලත් මේ දෙන්නව කොහේ ගිහින් දායිද දන්නෑ. අනික ආර්ට් එකේ ගේට්ටුව ගාවට දානව මිසක් හරියටම යන්න ඕන තැන හොයලා බලලා එක්ක‍රගෙන යන්නෙ නැහැනෙ.

“හරි, අයියෙ ප්‍රශ්ණයක් නෑ. මමත් කැම්පස් එකට යන්නෙ මම මේ දෙන්නව එක්කරගෙන යන්නම්. ”

එහෙම කියලා මම එක අන්ධ මනුස්සයාගෙ අතින් අල්ලගත්තා එයාගෙ අතින් අන්ධ ගෑනු කෙනා අල්ලගත්තා. ඇත්තටම එක්කරගෙන යන එක ලේසි උනේ නැහැ. මම දෙන්නම ගැන බලන්න ඕන. වාහන යනවා, පාරෙ වලවල් තියෙනවා ඒ සේරමගෙන බේරගෙන මේ දෙන්නව එක්කරගෙන යන්න ඕනි. ඔය අතරෙදි මට කියවුනා “ඔන්න, වාහනයක් එනවා බලාගෙන .”. ඒ දෙන්න මොනව හිතුවත් දන්නෑ. මට නං මාර අප්සට් බලන්න පුළුවන් නම් මෙහෙම වෙන්නෙ නෑනෙ. මම මටම බූරුවා කියාගෙන ඒ දෙන්නව  ආර්ට් එක ගාවින් පාර පැන්නුවා.

“ඔයගොල්ලොන්ට ආර්ට් ‍ෆැකල්ටියෙ කොතනටද යන්න ඕන” මම ඇහුවා. (මොකක්ද නමක් කිව්ව මට ඒ නම මතක නෑ. disable අයට උගන්නන වගේ තේරුමක් තිබුනෙ) . ආර්ට් එකේ කීපදෙනෙක්ගෙන අහලා එක්කරගෙන ගියා හරි තැනට. කිට්ටුවට යනකොටම දෙන්නම හිනාවෙලා “හරි හරි මල්ලි මෙතැන තමයි. බොහොම ස්තුතියි. ” ‍‍

ළඟට ගිහින් ‍බෝඩ් එකත් ආයෙ කියවලා මම ආයෙ හැරුනා.

දවස ගානෙ වගේ මෙතැනින් ගිහින් මෙහෙම තැනක් තියෙනව දැකලා නෑනෙ. බූරුවා. දකින්න පුළුවන් වෙලත් අන්ධයි. ආයෙත් මම මටම බැනගත්ත.

Google Buzz

google chrome extension එකක් සෑදීම. 01

සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ. chrome extension හදන එකත් හුඟකාලෙකින් කලේ නැති නිසා අමතක වේගෙනයි එන්නේ. මටම බලාගන්නයි අලුතින් වැඩ පටන්ගන්න කෙනෙකුට උදව්වක් විදියට google chrome extension එකක් හදන හැටි බ්ලොග් එකේ ලියල තියන්න හිතුවා. හැබැයි ඉතිං මේවා ලියල තිබ්බාම වෙන්නෙ කොලොම්බස්ට වෙච්ච සීන් එක වෙයිද දන්නෑ.(අත්දැකීමෙන් කියන්නේ.).  හ්ම් ඒකත් කමක් නෑ කියමු.

අවශ්‍ය මූලික දැනුම

HTML , javascript ගැන ටිකක් දැනගෙන ඉන්න ඕන. HTML5 දන්නවා නම් ලේසියි.( ඒත් දන්නෙ නැතිනං  HTML5 වලින් වැඩ දාන්න ඉගෙන ගන්න හොඳම තැනක් මේක. මොකද browser compatibility ගැන වද වෙන්න ඕන නැති නිසා.)

තව මොනවද ඉගෙනගන්න  ඕන?

google chrome extension හදන්න API එකක් තියෙනවා. ඒකෙ documentation බලන්න ඕන වෙනවා. (  http://code.google.com/chrome/extensions/getstarted.html )

දැන් ඉතිං මේ documentation එක උඩ ඉඳලා පල්ලෙහාට කියවන්න පටන් ගන්න එපා. (වැඩේ එතැනින්ම එපාවෙනව ෂුවර්. :P ) .  උඩින් පල්ලෙන් දෙපාරක් විතර කියවන්න.

chrome extension එකක ප්‍රධාන කොටස්

extension එකක් ඇතුලෙ user interface එක පොඩි පොඩි සබ් කොටස් කඩලා පෙන්නන්න පුලුවනි. මේ පොඩි පොඩි කොටස් මෙහෙමයි. (මේවා බාවිතා කලයුතු ආකාරය extension එකේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.)

පින්තූරෙන් පැහැදිලි ඇතිනේ. ඔය වගේ අයිකන් එකක් එක්ක popup එකක් දානවට browser actions කියලා කියනවා.

මේක API එකට අලුතින් ලබාදුන්නු පහසුකමක්. මම නං තාම මේක බාවිතා කරලත් නැහැ එහෙම බාවිතා කරලා හදපු extension එකක් දැකලත් නැහැ.(මගේ නොදැනුවත්භාවය පිලිබඳව කණගාටුව :P ) .

chromed bird, conwitter වගේ extension පාවිච්චි කරලා තියෙන අය දැකලා ඇති extension එක customize කරන්න පහසු කම් ලබාදීලා තියෙනවා. මේවගේ දේකට option page එකක් දාන්න ඕන වෙනවා.

අපි හිතමු අපිට අවශ්‍යයි chrome වල ඇතුලෙන් එන page එකක් වෙනුවට අපිට කැමති page එකක් දාගන්න. chrome වල history බලන්න ගියාම ‍එන page එක වෙනස් කරන්න ඕන කියමු.  ඒ වගේ දේකට override pages ගැන ඉගෙන ගන්න වෙනවා.

සමහර extensions දාගත්තාම සමහරවෙලාවට address බාර් එකේ අයිකන් එකක් එකතුවෙනවා. ඒක ක්ලික් කරලා extension එකේ script එකක් ක්‍රියාත්මක කරවා ගන්න පුළුවනි.

chrome වල Themes ත් වැටෙන්නෙ extensions වර්ගයටමයි. Themes හදන්න උනන්දු අය මේ ටික බලන්න.

පටන් ගනිමු.

මුලින්ම extension එක ප්ලෑන් කරගන්න ඕන. ප්ලෑන් කරත්දි දැනට තියෙන extension ටිකක් අතපත ගාලා බලන්න. පොඩි පොඩි අදහස් අරගන්න. මුලින්ම කට්ටිය UI එක එහෙම ප්ලෑන් කරගෙන ඉන්නකො මම ඊළඟ පෝස්ට් එක දානකල්. :P (මොකද කියන්නෙ ඊළඟ පෝස්ට් එකෙන් පස්සෙ coding පටන්ගමුද? ;) )

පසුව ලියමි :

එකක් කියන්න අමතක උනා. page Actions හා Browser Actions දෙකම එක extension එකක පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ.


Google Buzz

සින්ඩි කුමන්ත්‍රණ විහිළුව

මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්.

From: tharindu thushara <tharinduthushara@gmail.com>
Date: 2010/6/13
Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න
To: nadun.ranaweera@gmail.com

සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් කෙනෙක්ගේ සින්ඩියක් දෙවන තැනට දාන්න.ඒ සදහා යෙදූ උප්පරවැට්ටියට ඔයත් නොදැනුවත්වම හරි සම්මාදන් උනා.
ඔයා හිතනවද දේෂපාලන ලිපි මුල්පිටුවෙන් අයින් කරන්න තරම් කාලිංග මෝඩවෙයි කියල.ඔවුන් එසේ කලේ බොරු ගට්ටනයක් ඇති කරල.වැප්ට අලුත් සින්ඩියක් හදා ගන්න උදවු කරන්න.ඒ කාලේ බොරුවට ඔවුන් අතර ගට්ටනක් තියෙන බව පෙන්නල ලාංකීය සින්ඩිය famous උනා.ඒ සදහා ඔය ගොල්ලන්වත් යොදා ගත්තා.

කාලිංග මුල් පිටුවෙන් දේශපාලන ලිපි අයින් කලේ දේශපාලනේට තියෙන බය නිසා. (මෙහෙම කිව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද නැද්ද කියලා කියන්න නම් මම දන්නෙ නෑ.

අද ලාංකීය සින්ඩිය දෙවනි තැනට පත්වෙලා.කොත්තු තුන්වෙන තැනට පත්වෙල.දැන් ඔවුන් දෙගොල්ලෝ අතර වලි නැහැ නේද?.උබලවත් කපල දාල.මම දන්න විදිහට කාලිංගයි වැපුයි නෑදෑයෝ වෙන්න යන්නේ.උන් කලේ තනිකර බොරුව.

නෑදෑ වෙන කතා මම දන්නෙත් නෑ මට අදාලත් නෑ. ඒත් මම දන්න තරමින්  කොත්තුව කරගෙන යන indi ට නම් හිටිස්මේනියාවක් නැහැ. කාලිංගට තියෙන්නෙ හිට්ස්මේනියාවක් නෙවෙයි යුනිකෝඩ්මේනියාවක්. අපිටත් කාගෙවත් සින්ඩියක් පරදවනවා කියන අදහසින් සින්ඩියක් කරගෙන යන්න උවමනාවක් නැහැ. මම තවමත් අසාධාරණ විදියට බ්ලොග් වාරණය නොකරන හැම සින්ඩියකම බ්ලොග් කියවනවා.

දැන් කාලිංගට ඕන වෙලා තියෙන්නේ කොත්තු සින්ඩිය තුන්වන තැනෙනුත් ඉවත් කරන්න.ඒ සදහා යොදා ගන්නේ හත්මාළුව හා ලංකා බ්ලොග්ස් කියන සින්ඩි දෙක.ඔවුන් කවද හරි කොත්තු පහුකරයි?
බලන්න පහන් කාලිංගගේ සින්ඩියෙ උගෙ බ්ලොග් පොස්ට් පෙන්නන්නෙ නැහැ කියල වලියක් තිබුනනෙ.ඒත් ඌ සින්ඩියක් හැදුවේ මේ මෑතකදී නේද.ඇයි ඔච්චර කල් බලාගෙන හිටියේ සින්ඩියක් හදන්න.ඌ සින්ඩිය හැදුවේ වැප්ගේ සින්ඩිය දෙවනි තැනට ආවට පස්සෙ.මේව තමයි කපටි කම්.ඇයි මේව මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ.

කාලිංග කවුද කියල පහුගිය ටිකේ අපි හොඳටම හඳුනගත්ත. . හත්මාළුව හැදෙන්න ඕන කවද්ද ඒක කරන්නෙ කොහොමද කියල ඔහේ අපිට උපදෙස් දෙන්න ඕන නැහැ. හත්මාළුව පටන්ගනිත්දි ආපු කරදර ප්‍රශ්න ලිස්ට් එකක් ලිව්වොත් ඒක ඔහේගෙ ඊමේල් එකට වඩා දිග වේවි. (කාලිංග වගේ අනේ මගේ කාලය අනේ මගේ සල්ලි කිය කිය අඬ අඬ වැඩ කරන්න අපි කැමති නැහැ. අපි කිව්වෙ හත්මාළුවට දායක උනේ මම විතරක් නොවෙන නිසා) .

බලන්න ලංකා බ්ලොග්ස් සින්ඩිය ස්වාදීනයි කියල නේද පෙන්වන්නෙ.උන් කාලිංග,වැප්,පහන් කට්ටිය එක්ක තරහක් නැහැ කියල නේද පෙන්නන්නෙ.මේක තවත් උප්පර වැට්ටියක්.එතකොට මිනිස්සු හිතනව,අනේ කොච්චර හොද සින්ඩියක්ද??.අපිත් ඕකට බැදෙන්න ඕනෙ කියලා.සද්ද නැති උන් තමයි වඩාත් බයානක.ලුශාන්ට ඇති තරම් වියදම් කරන්න සල්ලිත් තියනව කියල තමයි ආරන්චිය.සල්ලිවලින් මොනවද කරන්න බැරි

අපිට නං කාලිංග එක්ක පුද්ගලික තරහක් නැහැ. කාලිංගට මාත් එක්ක පුද්ගලික තරහක් තියෙන බව ක්‍රියාවෙන්ම ඔප්පුකරලා පෙන්නුවා ඔහුගේ සින්ඩියෙන් මගේ බ්ලොග් එක ඉවත් කරලා. ඇයි මගේ බ්ලොග් එක කාලිංගගෙ සින්ඩියේ නැත්තෙ කියලා අහල යවපු මේල් එකටවත් ඔහුවත් ඔහුගේ ඇඩ්මින් කල්ලියෙන්වත් තවම රිප්ලයි කලේ නැහැ. (ඒ ඊමේල් එක බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ඊමේල් එක ප්‍රසිද්ධියේ පළකරන්න මම සූදානම්. ). ලුෂාන් කියල කෙනෙක්ව මම දන්නෙ නැහැ.

කාලිංග තමයි මේ ඔක්කෝම සින්ඩි පිටුපස ඉන්නේ.සමහර විට මේ ඔක්කොම සදහා මුදල් යෙදුවා වෙන්නත් පුලුවන්?
ලගදී තිබ්බ සින්ඩි වල අයිතිකාරගන්ගේ හමුවට කාලිංග,වැප්,පහන් ලුශාන් ඇවිත් තිබ්බා.කට්ටිය එකට ඉදලා ගත්ත photos මා ගාව තියෙනවා.නීතිමය ගැටලු නිසා මට ඒවා ඔබට එවන්න බැහැ.

මුදල් ගාව ගත්ත නිසා කියන්නම් අනිත් සින්ඩි ගැන මම දන්නෙ නැහැ හත්මාළුවට මුදල් යෙදෙව්වෙ මම සහ ලසිත(ආගන්තුකයා) සහ චමිල(පිටස්තරයා).  සින්ඩි අයිතිකාරයින්ගෙ හමුවක් තිබුනෙ නැහැ. ඔබ කතාකරන්නේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවෙ පින්තූර ගැන නම් එවා ප්‍රසිද්ධියේ පළ උන බව කියන්න ඕන. සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකත් පළ උනා. බ්ලොග් වලත් කීප වරක් පළ උනා.(මෙන්න lirnasia blog එකේ තිබුණ පින්තූරය ).

ඔබට ඕනෙනම් මේ ලිපිය ඕනෙම බ්ලොග් එකක පලකරන්න.මගෙ නමෙන් උනත් දාන්න.වගකීම මම බාර ගන්නම්.

මම ඔබ්ට නැවත ඊමේල් එවන්නෙවත් චට් කරන්නෙවත් නැහැ.ඒ නිසා මට නැවද පිලිතුරු ඊමේල් එවන්න එපා.

මේක තමයි තිත්ත ඇත්ත.

තිත්ත ඇත්ත මේකයි මිත්‍රයා. අවසාන වශයෙන් මෙහෙම කියන්න ඕන නින්දෙන් අවදි උනා වගේ යුනිකෝඩ් ප්‍රමෝට් කරන්න මතක් උන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් මඟහැරුනු අරමුණු ඉටුකරන්නයි අලුතින් සින්ඩි බිහිවෙන්නේ. ඉතිං මේ එක් එක් සින්ඩිය තමුන්ගේ ගමන යාවි.  කියවන්නෝ තමුන් කැමති සින්ඩියක් තෝරා ගනීවි. ඔහේලා වගේ අය හැමදාම සින්ඩිකාරයො ගැන කතා හද හද ඉඳියි.

Google Buzz

මිල්ග්‍රම්, ඇෂ් සහ හිට්ලර් | Milgram , Asch and Hitler

ආයෙත් ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුනා.  මේ පෝස්ට් එක කියෙව්වාම සමහරවිට හිතේවි තමුන්, තමුන් ගැනම හිතාගෙන ඉන්න විදිය වැරදියි කියලා. එහෙම හිතුනොත් අනේ සොරිවෙන්න ඕන කනට ගැහුවට.

මිල්ග්‍රම් පරීක්ෂණය.

ස්ටැන්ලි මිල්ග්‍රම් කියලා මහාචාර්යවරයෙක් 1961 දි විතර කරපු පරීක්ෂණයක්. හිට්ලර් කරගෙන ගිය සමූල ඝාතනවලට නැවතීමේ තිත තිබුවාට ටික දවසකට පස්සේ.  මම අහල තියෙන විදියට මේ  පරීක්ෂණය කලේ හිට්ලර්ගේ සහායකයන් ඔවුන්ගේ සමූල ඝාතනයේ මූලික අරමුණු වලට අමතරව මේවාට සහය දෙන්න තවත් හේතු තිබුනාද කියලා හොයලා බලන්නයි. Adolf Eichmann කියලා නාසි හමුදාවෙ නායකයෙක් නඩු විභාගයකදී  කියලා තිබුනේ .

“I never did anything, great or small, without obtaining in advance express instructions from Adolf Hitler or any of my superiors.” (“මම කිසිවක් කලේ නැහැ. මම කලේ ඉහලින් එන උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණයි. “).

පරීක්ෂනය පැවැත් උනේ මෙහෙමයි.

පුවත්පත් දැන්වීමක් දැම්මා. මෙන්න ඒ දැන්වීම . වැදගත්ම දේ  මේ පරීක්ෂණයට සහභාගී උනේ සාමාන්‍ය ජනතාව. ඒ අය අතුරින් ගුරුවරයෙකු ලෙස හා සිසුවෙකු ලෙස කාණ්ඩ වෙන් කලා(ඇත්ත කතාව සිසුවන් ලෙස පෙනී සිටියේ පරීක්ෂණ කණ්ඩායමේම අය. මේ ගැන අනිත් අය දැනගෙන හිටියේ නැහැ.) ගුරුවරුන්ගේ අතට අහන්න ප්‍රශ්න පත්‍රයක් දුන්නා. ඒ අහන ප්‍රශ්න වලට වැරදි උත්තර දුන්නොත් දඬුවමක් විදියට විදුලි සැරයක් දෙන්න නියම කලා.  ගුරුවරයාට පේන තැනක නෙවෙයි සිසුවා හිටියේ. වැරදි පිළිතුරු ගාන වැඩි වෙන්න වැඩිවෙන්න විදුලි සැරයේ ප්‍රභලතාවය වැඩි කරන්න නියම කලා. 135v සිට 450v දක්වා විදුලි සැර තමයි දෙන්න නියම කලේ. (අර බොරුවට සිසුන් විදියට පෙනී හිටපු පරීක්ෂන කණ්ඩායමේ අය උවමනාවෙන්ම වැරදි උත්තර දීලා විදුලි සැර වැඩි කරගෙන විදුලි සැර වැදුන විදියට විදියට රඟපෑවා.) ගුරුවරයා දිගටම වැඩේ කරගෙන යන්න අදිමදි කලොත් පිලිවෙලින්

  1. Please continue.‍
  2. වෙනි වතාවේදි අදිමදි කලොත් … The experiment requires that you continue. ආදී වශයෙන්….
  3. It is absolutely essential that you continue.
  4. You have no other choice, you must go on.

ලෙස කිව්වා.

වැඩි විස්තර සඳහා මේ video  එක බලන්න.

ප්‍රතිඵල

40 කින් 26 (65% ක්)උපරිම වෝල්ටීයතාවය වන  450 ලබාදීලා තිබුනා. 300ට අඩු වෝල්ටීය තාවයක් ලබාදීලා වැඩෙන් ඉවත් උනේ එක් පුද්ගලයෙක් පමණයි. අමතක කරන්න එපා මේ ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. ඉතිං නාසි හමුදාව ගැන කතාකරලා වැඩක් නැහැ. මේ පරීක්ෂණය කිහිප වතාවක් කලත් ප්‍රතිඵල නම් එච්චර වෙනස් වෙලා නැහැ.

වැදගත්: හිට්ලර්ගේ සමූලඝාතනයට උදව්උන හේතු සියල්ල මිල්ග්‍රම් පරීක්ෂණයෙන් පැහැදිලි කරන්න බැහැ. තවත්‍ හේතු තියෙනවා. (පුලුවන්කමක් තියෙනවා නම් Zygmunt Bauman ගේ modernity and Holocaust  හොයාගෙන කියවලා බලන්න. හම්බඋනොත් මටත් කියවන්න දෙන්න. ඒක හොයාගන්න අමාරුයි. :( )

ඈෂ් පරීක්ෂණය

උපුටාගැනීම:විකිපීඩියා

මේ පරීක්ෂනය සොලමන් ඈෂ් විසින් සිසුන් පිරිසක් සහභාගී කරවාගෙන පවත්වපු එකක්. ඔවුන්ව දැනුවත් කලේ ඇස් පෙනීම පිළිබඳ පරීක්ෂණයක් ලෙසයි. ඈෂ් යොමු කරපු ප්‍රශ්නය උනේ වම් පැත්තේ ඉරි කෑල්ලට දිගින් සමාන මොන ඉරිකෑල්ලද කියන එක. ඔව් 100%ක් දෙනා C කියලා පිළිතුරු දේවි. ඒත් මේ පරීක්ෂණයේදි පර්යේෂකයන් විසින් කලින් සූදානම් කරපු පිරිසක් හිටියා. වැරදි උත්තරයක් දෙන්න. (A කියලා හිතමුකෝ) මුලින් බොරුකාරයින්ගෙන් ඇහුවා ‍පිලිතුර, ඔවුන් A ලෙස පිලිතුරු දුන්නා. පසුව ඇත්තටම පරීක්ෂනයට මුහුණ දුන් අයගෙන් පිළිතුර ඇහුවා. පුදුමයට වගේ ඔවුනුත් දුන්නේ අර වැරදි උත්තරේමයි.(හරියට කියනවා නම් සහභාගී  උන අයගෙන් 75%ක්ම ). වැඩි විස්තර සඳහා මේ වීඩියෝ එක බලන්න.

ඇයි ඒ?

මේකට හේතුව conformity හෙවත් අනුකූලතාවය ලෙසයි ඈෂ් පැහැදිලි කරන්නේ.  හැමෝම එකම උත්තරේ දුන්නු නිසා එයාට හිතෙනවා තමන් වැරදි ඇති. අනිත් අය හරි ඇති. අනික මෙච්චර ගානකට වරදින්නෙ කොහොමද?. මම මේකට වෙනස් උත්තරයක් දුන්නොත් අනිත් අය මොනවා කියයිද දන්නෑ. අනිත් අය මාව විවේචනය කරාවී වගේ දේවල් නිසා එයා වැරදි උත්තරය දෙනවා.

මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න. බලලා ටිකක් හිනාවෙන්න. හැබැයි ඒ හිනාවෙන්නේ තමන්ටම වෙන්න පුළුවන් කියලත් මතක තියාගන්න.

අපි හිනා උනාට මේ conformity එක නිසා ඕනෑම කෙනෙක්ට වරදින්න පුලුවනි.

උදාහරණ:-

  1. බුද්ධිමතුන්ට විතරක් පේන ලස්සන සළුපිළි ඇන්දුවා කියලා හෙළුවැල්ලෙන් පාරෙ ගිය රජතුමාගේ කතාව.
  2. ඊට වඩා ප්‍රායෝගික උදාහරණයක් දෙනවා නම්… ඇයි ළමයෙක් ඉපදුනාම දෙමව්පියෝ තොටිල්ලක් මිලදී ගන්නේ.
  3. 1. හැමෝම කියන නිසා

    2. හැම අම්මා තාත්තාම කරන දෙයක් නිසා

    3. එහෙම නොකර ඉන්න දෙමාපියන්ට හේතුවක් නැති නිසා.

    4. පොඩි එකාව ඇඳක නිදි කෙරෙව්වොත් මිනිස්සු මොනවා කියයිද කියලා දෙමව්පියෝ බය නිසා

    5. දෙමව්පියොත් පොඩිකාලෙ තොටිල්ලෙ නිදාගෙන තිබෙන නිසා එ‍හි ඇති ආතල් එක දන්නා නිසා??? :D

    උත්ත‍රේ 1,2,3, 4 නම් ඔබත් අනුකූලතාවයේ ගොදුරක් වෙන්න පුළුවනි.

  4. කෑමට පසු අතුරුපස කෑම (කෑමට ඉස්සෙල්ලා අතුරුපස කෑවොත් අනිත් අය මොනව හිතයිද දන්නෑ නේද?. එහෙම නැතුව දෙන්න පුළුවන් තර්කානූ‍කූල උත්තරයක් අපි බොහෝ දෙනෙකුට නෑනේද?.)
  5. ඇඳක නිදාගැනීම(පොඩි කාලෙ ඉඳන්ම මම කැමතියි මෙට්ට රෙදි මොකක්වත් නැතිව ‍ටයිල් පොල‍වේ හෝ සිමෙන්ති පොළවක නිදාගන්න. ඒත් අපේ අම්මා තාත්තා ඒකට ඉඩ දෙන්නෙ නෑනෙ. අපේ අම්මා තාත්තා මොනවා කියයි දන්නෙ නැති නිසා අපි ඇ‍‍ඳේ නිදාගන්නවා )
  6. බඳින එක(සමහරු කසාඳ බඳින්නේ අම්මා තාත්තා නෑදෑයෝ මොනවා කියයිද කියන බයට. )
  7. වයසක කෙනෙක් බස් එකකට නගිනවා. විනාඩි ගානක් යනකල් සීට් එකක් කවුරුවත් දෙන්නෙ නැති නිසා දැන් කොන්දා කෑගහනවා. ඒත් හදිස්සියෙ කවුරු හරි නැගිට්ටොත් තවත් දෙතුන් දෙනෙක්වත් නැගිටිනවා.

මේ මාතෘකාව කිට්ටුවෙන්ම යන bystander apathy ගැනත් ඉඩක් ලැබෙන විදියට ලියන්න බලන්නම්.

Google Buzz

නිමා නොවූ සැප්තැම්බරය | September that never ended

මොකෝ මේ උඩ බිම බලන්නෙ. ඒක තමා සැප්තැම්බරේ තාම අහලකටවත් ඇවිත් නෑ. මේ පහනා සැප්තැම්බරයක් ගැන කියවන්න හදනවා.  මේකයි සින්කෝන්ස් එක. ඉන්ටනෙට් එක එහෙමත් නැත්තම් world wide web එක සීන් එකට එන්ටාර් වෙන්න කලින් 1980-90 කාලෙදි usenet කියලා අටමගලක් ක‍වුදෝ සෙට් එකක් අටව‍ගෙන ඉඳලා තියෙනවා. වැඩි විස්තර මේ මුකුත් හරියට දන්නෙ නැති අහිංසක මගෙන් ‍නාහා ඉන්ටර්නෙට් ඉටුදෙයියා ගූගල්ට කන්නලව් කරලා හොයාගන්න. (මම මෙතෙක් දැකපු ටෙක් ලොකෙ තමුන් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන කවුරුහරි ඇහුවොත් බුවාලගෙ ඉමර්ජන්සි එක්සිට් එකට එන්නේ ගූගල් උන්නැහැ තමා. ;)  ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ :D  )

ඕං කොල්ලා කතාව පැත්තකින් තියලා රෝන්ග් සයිඩ් ගිහින් ආයෙ ට්‍රැක් එකට ආවා.  ඉතිං ඔය කියන usenet එකට යන්න වාසනාව ලැබිලා තියෙන්නේ කීප දෙනෙකුට විතරයි. ගොඩක් දුරට විශ්ව විද්‍යාල කොනෙක්ට්‍ වෙලා තියෙන්නේ. හැම අවුරුද්දෙම යුනි වලට අලුත් බැච් අරන් තියෙන්නෙ සැප්තැම්බර් මාසෙදි. හැබැයි usenet එකට යන්න කලින් තෙල හෙම ගහලා (යකෝ!!! තෙල් කිව්වෙ පොල්තෙල්වත් භුමිතෙල්වත් නෙවෙයි  දේශනාවක් දෙනවට) තමයි යන්න දීලා තියෙන්නේ. ඒ කිව්වට ඉතිං usenet එකට ගියාට පස්සේ usenet එකේ පිස්සු නටන්න පටන් අරගෙන.(ගොඩයින්ට මැජික් කියනවලුනෙ.)   පස්සෙ කට්ටියම මැජික් එක එපා උනාම තත්වෙ කූල් ඩවුන් වෙලා. ඒ නිසා පරන usenet කට්ටියත් එච්චර මේක ගැන ගනං ගෙන නෑ. මොකද  සැප්තැම්බරේ ඉවර උනාම සේරම ෂේප්.

කොහොම හරි 1993 දි AOL හෙවත් America Online කොම්පැනියෙන් නොමිලේ usenet එකට යන්න පැය ගානක් දීලා තියෙනවා. දැන් ඉතිං ඕන එකෙක්ට usenet යන්න පුළුවන් . ඒත් මේගොල්ලන්ට අර වගේ usenet එකේ අනිත් අයට කරදරයක් ‍නොවී ඉන්න එක ගැන පොඩ්ඩක්වත් දැනුවත් කරලා නැහැ. ඉතිං usenet එකට ඒ ආපු සැප්තැම්බරය කවදාවත් ඉවර උනේ නැතිලු. :D . මොකද අලුත් අය හැමදාම එනවා. හුරුවෙන්න වෙනදාටත් වැඩිය කල්ගන්නවා.

ඉන්ටනෙට් එකටත් හැම මාසයක්ම සැප්තැම්බරයක් නැද්ද මං අහන්නෙ? (spam කාරයෝ, වදකාරයෝ, බොරුකාරයෝ-සැබෑ ලෝකෙටත් වැඩිය පිරිලා ). අනේ වරදක් කියනවා නෙවෙයි. අපි කැමති උනත් අකමැති උනත් internet එක එහෙම තමයි.

මේ ගැන ඔත්තුව දුන්න බුද්ධික සිද්දිසේන අයියාට මගේ ස්තුතිය.

මේ පෝස්ට් එක ඇත්තටම ලිව්වේ ඊයෙ. ඒත් හොස්ටින් වලට මුදල් ගෙවන්න ප්‍රමාද උන නිසා බ්ලොග් එක ඇණහිටියා. බ්ලොග් පෝස්ට් එක ලියලා ආයෙ අකුලගත්තට සොරි වෙන්න ඕන.

Google Buzz

broadband ගැන සරලව -3 | පොරොන්දු වූ පරදි සේවාව ලබාදීමට සේවා සපයන්නා අපොහොසත් නම්?

පහුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට වැදගත් ආරංචි කිහිපයක්ම අසන්න ලැබුනා. එයින් එකක් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ක්‍රියාපිළිවෙත කෙරෙහි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවීම සහ lirneasia ආයතනය මඟින් පුළුල් පරස අන්තර්ජාල පහසුකම් පරීක්ෂා කිරීමට මෘදුකාංගයක් එලිදැක්වීම එයිනුත් විශේෂයි. පෙබරවාරි 13 වෙනිදා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතාබහක් lirneasia ආයතනයෙන් සංවිධානය කර තිබුනා. මේ හමුවට වැඩිපුරම සහභාගී උනේ බ්ලොග්කරුවන්.(සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි.)
අන්තර්ජාලය කියන්නේ නීතිරීති දාලා පාලනය කරන්න අපහසු දෙයක් මොකද ඒක තියෙන්නේ මෙන්න මෙතැන, ඒක පාලනය වෙන්නේ, තියෙන්නේ මෙතැන කියලා අදහසක් ප්‍රකාශ කරන්න බැරි වීම. හදන නීති සමහරවිට ප්‍රායෝගිකව පිළිපදින්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ප්‍රචාරක ප්‍රයෝගවලට නම් වැට බැඳීම නම් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. මෙම තත්වය ලංකාවේ පමණක් සිදුවන්නක් නොවෙයි. ඇතැම් දියුණු රටවල් වලඇතුලු බොහෝ රටවල්වල මේ ප්‍රචාරක ප්‍රයෝග යොදා ගැනීම සිදුවෙනවා. ලංකාවේ 7.2Mbps හා 14.4Mbps යනුවෙන් පහුගිය දිනවල දැන්වීම් පලකල එක සමාගමක්වත් එහි හරි අඩක් වන 3.6Mbps හෝ 7.2Mbps වත් හරියාකාරව ලබාදෙන්නේ නැහැ. ඒත් පාරිභෝගිකයන් විදියට අපිට පුලුවන් දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ අන්තර්ජාල සබඳතාවයේ තත්වය ගැන තොරතුරු හැමෝම එකක් බෙදා ගැනීම. එහෙම උනාම තමන්ගේ අන්තර්ජාල සේවා සපයන්නා හොඳ නැතිනම් අපිට වෙන හොඳ අන්තර්ජාල සේවා සපයන්නෙක් වෙත යා හැකියි. අන්තර්ජාල සේවා සපයන්නා හොඳ සේවාවක් ලබාදුන්නේ නැතිනම් පාරිභෝගිකයා වෙනත් අන්තර්ජාල සේවා සපයන්නෙකු වෙතට යොමුවෙන නිසා නිසැකයෙන්ම හොඳ සේවාවක් සපයන්න හැකි උපරිමයෙන් කටයුතු කරයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. lirneasia ආයතනය සම්බන්ද වෙන්නේ මෙන්න මේ කාර්යයට ඒ කියන්නේ ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ හොඳ නරක කියන්න අවස්තාවක් ලබාදීම. ඒ අනුව සිදුවන වඩාත් හොඳ සේවාවක් සේවාවක් සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් පෙළඹවීමේ වාසිය ඔබටමයි. දැනට කරගෙන යන වැඩ පිළිවෙල වන්නේ විවිධ පාරිභෝගිකයන්ගෙන් තමන්ගේ අන්තර්ජාල සේවාව පිළිබඳ දත්ත එකම ස්තානයකට එකතු කිරීමෙන් ඒහා සම්බන්ධ තීරණ ගැනීම සහ ඕනෑම කෙනෙකුට ලබාගත හැකි පරදි සකස්කිරීමයි. මෙම දත්ත එකතුකිරීම සඳහා ඔබත් දායකවීමට කැමතිනම් AT-Tester මෘදුකාංගය බාවිතා කර ඔබේ අන්තර්ජාල සබඳතාව පිළිබඳ දත්ත ලබාදෙන්න පුළුවන්.(වැඩි විස්තර සඳහා http://www.broadbandasia.info/ වෙත පිවිසෙන්න.). දැනට එකතු කරන ලද දත්ත පරීක්ෂා කර බැලීම http://www.broadbandasia.info/ වෙබ් අඩවියට පිවිසීමෙන් කරන්න පුළුවන්. මෙම මෘදුකාංගයේ ජංගම දුරකතන සඳහා වෙළුමක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඉදිරියේදි ඔබට ජංගම දුරකතනයෙනුත් මේ සඳහා දත්ත ලබාදීම සිදුකිරීමට පුළුවන්. විශේෂයෙන් කිවයුතු දෙයක් තිබෙනවා ඒතමයි මේ දත්ත සියල්ල අන්තර්ජාල සේවාවක් නිර්ණායක කිහිපයකින්ම මැනීම සහ සේවාසපයන්නා, දේශීයව, අන්තර්ජාතිකව යනුවෙන් මට්ටම් සළකා බැලීම. මෙම මට්ටම් මඟින් දෝශයක් තිබේ නම් සැබෑවටම එය ඇත්තේ කොතැනද යන්න ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. නිර්ණායක බොහොමයක් මත පදනම්වීම ගුණාත්මක භාවය නිවැරදිව නිර්ණය කරන්න පිටුවහලක් වේවි.

Google Buzz

බබාලාගේ සින්ඩියට ස්තුතියි….

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන සින්ඩියට කින්ඩියක් දැමූ දිනයේ සිට මාගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයේ දිස්වන්නේ නැත.

ඇතැමුන් මෙය තාක්ෂණික දෝශයකැයි සිතා තමුන් තමුන්වම රවටා ගන්නට උත්සහ කරති. එසේ  නම් අවුරුද්දක් තිස්සේ නොතිබූ අරුම පුදුම තාක්ෂනික ගැටලුවක් සිංහල බ්ලොග් කියවනය විවේචනයෙන් මතුවී ඇත. මේ හා සමාන තාක්ෂණයන් භාවිතාකරන (wordpress හා feed wordpress ප්ලගීනය ) වෙනත් බ්ලොග් සින්ඩිකේටර වල මගේ බ්ලොග්අඩවිය දෝශ රහිතව පෙන්වීම   ඔවුනට පිළිතුරක් යැයි සිතමි.

තවදුරටත් මම අලුත් බ්ලොග් පෝස්ට් එකක් ලියූවිට recently updated යටතේ මගේ බ්ලොග් අඩවිය දිස්වීම වැලැක්විය හැකිනම් වැඩේ අතේ පත්තු නොවන ලෙසට ගෙන යාහැකි බව මගේ විශ්වාසයයි. ( තිර පිටපත ) මෙම සිංහල බ්ලොග් සංසදය විවේචනයෙන් අරුම පුදුම තාක්ෂණික දෝශ උරුම වූ එකම බ්ලොග්කරුවා මම නොවන වගද ආරංචි විය. :D

අවසාන වශයෙන්,

අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.

යන  ඉල්ලීම පිළිගෙන අතන මෙතැන කමෙන්ට් දැමීම නවතා මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කිරීම පිළිබඳ මාගේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමි.

Google Buzz

අන්තර්ජාල සේවා සපයන්නෙක් තෝරාගන්නේ කෙසේද? | broadband ගැන සරලව -2

මේකත් මම cplus සඟරාවට ලියපු ලිපියක්

අද ලිපියට ප්‍රවේශයක් ලබාගන්න latency කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න data එන්න පටන් ගන්න වෙලාව තෙක් කාලය round trip latency කියල හඳුන්වනවා. අපේ කතාබහට round trip latency ප්‍රමාණවත්.

අන්තර්ජාල සපයන්නෙක් තෝරා ගැනීමේදි පහත අනුපිළිවෙලට සලකා බැලීම සුදුසුම ක්‍රමයයි.
1. ADSL
2. රැහැන් රහිත ස්තාවර සබඳතා (wireless )
3. ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband)

ජංගම පුළුල් පරාස සබඳතාවක් (mobile broadband) නම් භාවිතා කරන්න යොමු විය යුත්තේ වෙනත් විකල්පයක් නොමැතිම තැන බවයි බොහෝ දෙනාගේ විශ්වාසය. ADSL සඳහා පළමු තැන දෙන්නට හේතුව උනේ බොහෝ ADSL සබඳතාවල ඇති ස්තාවර බව හා latency අතින් අඩුවීම . (මෙය අනිත් සබඳතාවලට සාපේක්ෂව බලා ගත් නිගමනයක්). අනිත් හේතුව ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) මත පැටවෙන බදු ප්‍රමාණය වැඩි වීම. 15%ක පමණ වැඩිපුර බද්දක් ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා අය කරනවා.
දැනට ADSL සඳහා සේවා සපයන්නෙකුට ඉන්නේ SLT පමණයි. wireless සබඳතා සඳහා lanka bell wimax, Dialog wimax තිබෙනවා. සබඳතා වර්ග දෙකේදීම බොහෝ පාරිභෝගිකයන්ට සේවා සපයන්නා ප්‍රචාරය කරන වේගයෙන් 80% – 90% ක් පමණ ලැබෙනවා.එහෙත් ප්‍රචාරය කරන අගය ඉක්මවා යන අවස්තා නම් ඉතාම දුර්ලභයි. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් අඩු නැතිව පාරිභෝගිකයාට ලබාදෙන අන්තර්ජාල සේවා සපයන්නන් ලංකාවේ නැති බව මතක තබා ගැනීම ඉතාම වැදගත්. මේ අනුව 80%ත් ඉතා හොඳ අගයක් හැටියට කියන්න පුළුවන්. එහෙත් ස්තාවර අන්තර්ජාල සබඳතාවයක ප්‍රචාරය කරන වේගය නොලැබේ නම් සේවා සපයන්නාට පැමිණිලි කිරීම ඉතාම වැදගත්. ඔබ ගෙවන මුදලට සරිලන සේවාවක් ඔබට ලැබිය යුතු බව මතක තබා ගන්න.
ඊඟළට අපි ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) ගැන කතාකරමු. ටිකක් නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න අමාරු ක්ෂේත්‍රයක්. හේතුව ඉක්මනින් වෙනස්වන සුළුවීම. ජංගම පුළුල් පරාස සබඳතා සඳහා සීමාරහිත සබඳතා අඩුවීමත් එක්තරා විශේෂත්වයක්. මේ දුර්වලතා දෙකටම හේතුව දී ඇති අවස්තාවක එක් සම්ප්‍රේෂණ කුළුනක් සමඟ සම්බන්ද වී සිටින පාරිභෝගිය සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබෙන සේවාවේ ගුණාත්මක බව තීරණය වීම සහ මේවායේ සේවා සපයන ජංගම දුරකතන සමාගම් දත්ත සම්ප්‍රේෂණයට වඩා හඬ සම්ප්‍රේෂණයට(voice calls transmission) ප්‍රමුඛත්වය ලබාදී තිබිම.
ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා දැනට සේවා සපයන්නන් 3දෙනෙක් ඉන්නවා. ඩයලොග්, මොබිටෙල් සහ එයාටෙල්. ඇතැම් විට ළඟදීම මොවුන් අතරට තවත් සේවා සපයන්නෙක් ළඟදීම එකතු වේවි. mobile broadband සබඳතාවයක් මිලදී ගන්න පෙර අනිවාර්යෙන්ම පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න.
1. සිග්නල් ප්‍රමාණය.
2. ඔබේ අසල්වැසියෙකු ජංගම පුළුල් පරාස සබඳතා භාවිතා කරනවා නම් ඔහු එහි සේවා ගුණාත්මක භාවය පිළිබඳව සෑහීමකට පත්වනවාද?
3. ඔබ සිටින්නේ ළඟම සම්ප්‍රේෂණ කුළුනෙන් කොපමණ දුරකින්ද?(කිලෝමීටරයකට වඩා වැඩිදුරකින් සිටිනවා නම් එය එතරම් සුභ ලකුණක් නෙවෙයි)
4. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් නොව ඇත්ත වශයෙන්ම ලැබෙන වේගයන්.(ඇතැම්විට ඇත්ත වේගය ප්‍රකාශිත අගයෙන් 10%කටත් අඩු අගයක් විය හැකියි)
5. සීමාරහිත mobile broadband පැකේජ අඩුයි. එම නිසා මෙහිදී ඔබ මුදල්ගෙවන්නේ ඔබ භාවිතා කරන දත්ත ප්‍රමාණයට. ඔබගේ දත්ත භාවිතාව මැන බැලීමට නිශ්චිත, විශ්වාසදායී ක්‍රමවේදයන් සේවා සපයන්නා ලබාදෙනවාදැයි සොයා බලන්න.(ඩයලොග් හා මොබිටෙල් අන්තර්ජාලය ඔස්සේ දත්ත භාවිතාව පිළිබඳ විස්තර ලබාදෙන අතර එයාටෙල් සඳහා එසේ දැනගැනීමේ එකම ක්‍රමය පාරිභෝගික සේවාව ඇමතීම පමණයි.)
6. ඔබ නිතර ගමනාගමනයේ යෙදෙමින් මෙම සබඳතාව භාවිතා කරනවා නම් ඒ ඒ ප්‍රදේශ වලින් බහුතරයක ඉහත කී අවශ්‍යතා 5 සපුරාලනවාද?

Google Buzz
 

Page optimized by WP Minify WordPress Plugin