ආයුබෝවන්!

ඔක්තෝබර් 28th, 2008

ආයුබෝවන්

මේ මගේ පළමු බ්ලොග් සටහන නොවුනත් තාමත් මට බ්ලොග් ලියන එක නම් තාමත් අලුත් දෙයක්. මුලින්ම ස්තුති කරන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සමීර ශාකුන්තල (එහෙම කිව්වට කැම්පස් එකේ නම් එයා දන්නේ වෙන නමකින්) එයා තමයි බ්ලොග් ලියන්න උදවු කලේ මේ බ්ලොග් එක වගේම මගේ කලින් බ්ලොග් ලියන්නත් එයා ගොඩක් උදවු කලා.‍ කෙටියෙන්ම සමීර(සමීර කියන එක මටත් නිකං හුරු නෑ වගේ) නැත්නම් මම සිංහලෙන් තියා කඩ්ඩෙන්වත් බ්ලොග් එකක් ලියන එකක් නෑ.

ශාකුන්තල වගේම මාත් UCSC(කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අධ්‍යයන ආයතනය) දෙවන වසර ශිෂ්‍යයෙක් (BICT). වැඩ නම් අනන්තවත් තිබුනත් මේ වගේ දෙයකට වෙලාව හදා ගන්න පුළුවන් වෙයි කියලා හිතමු.

කලින් කඩ්ඩෙන් බ්ලොග් ලියපු මට සිංහලෙන් බ්ලොග් ලියන්න බැරි හේතුව උනේ සිංහල යතුරු ලියනය අපහසු නිසා. කොහොම උනත් ඒවා ඉස්සරහට හරියයි කියල හිතමු. මෙච්චර අමාරුවෙන් බ්ලොග් එක සිංහලෙන්ම ලිව්වේ කඩ්ඩෙන් ලිව්වම කව්රුත්ම බලන්නෙ නැති නිසා.(මේකට එහෙම වෙන එකක් නෑ කියල හිතමු)

ඉතින් සිංහල බ්ලොග් ලියන/කියවන හැමෝටම ආරාධනා කරනවා මගේ දිනපොත කියවන්න.

Google Buzz

ප්‍රවර්ග: වල් පල්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 9

  1. කාලිංග

    සිංහල බ්ලොග් කරනයට සාදරයෙන් පිලිගන්නවා….

    [Reply]

  2. අරවින්ද චන්ද්‍රපද්ම

    ආයුබෝවන් !
    සාදරයෙන් පිළිගන්නවා !!

    [Reply]

  3. Supun Sudaraka

    නියමයි! ‍සිංහල බ්ලොග් අවකාශයට සාද‍රයෙන් පිළිගනු ලබනවා!

    [Reply]

  4. තිලිණ

    ඔහොම යාන් !

    [Reply]

  5. ශාකුන්තල

    මචාං..! ඔය ඉන්නෙ කියවන්න අය!!

    [Reply]

  6. මරණය

    එහෙනම් ජය වේවා

    [Reply]

  7. dilanrf

    ජය වේවා…..!

    [Reply]

  8. නිලන්ත පියසිරි

    ලියන්න ලියන්න කොල්ලෝ. අප ඉන්නවා බලන්න.

    [Reply]

  9. පහන්

    දිරිමත් කල සැමට ස්තුතියි.

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / ආයුබෝවන්!