pen drive වෛරස නවත්වන්නේ ‍කොහොමද?

මේ මාතෘකාව ගැන සමීර කලින් ලියලා තිබුනත් මටත් හිතුනා මේ ගැනම ලියන්න මොතද තාමත් pen එක ‍දෙක්ලික් කරලා අරින අය අනන්තවත් ඉන්න නිසාත් ඒ ගැන අමතක වෙලා සමහර වෙලාවට දෙක්ලික් තරන නිසා. දැන් තියෙන වෛරස වල හැටියට එක ප්‍රතිවෛරස මෘදුකාංග මදි කියලත් වෙලාවකට හිතෙනවා (ඇයි ඉතිං එකක අහුවෙන වෛරසය තව එකක අහුවෙන්නෙ නෑ).ඒත් ඒක ප්‍රායෝගික නෑනෙ. ඉතිං මේකට ප්‍රායෝගික පිළියමක් විදියට මං පාවිච්චි කරන්නේ autorun eater කියලා පොඩි ක්‍රමලේඛයක්. ඒ ක්‍රමලේඛයෙන් pen එකේ autorun තියෙනවනම් ඒව මකලා උපස්ථ(backup)කරලා pen එකේ අන්තර්ගත අනතුරුදායක ගොනු පිලිබඳවත් දැනුවත් කරනවා.

තවත් කියනවා නම් වෛරස මගින් වෙනස් කරන registry entries මෙමගින් පහසුවෙන්ම නිවැරදි කර ගන්න පුලුවන්. තව දෙයක් තියෙනවා autorun eater කියන්නේ freeware එකක්. නොමිලේම මෙතනින් බාගන්න පුලුවන්. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන නළුවා කරගෙන තියෙන්නේ එළුවෙක්(එළුවා කුණු කන නිසා වෙන්න ඇති) ඉතින් මේ එළුවා පරිගනකය ආරම්භ කරන විට කෑ ගහනවා. මේක මටනම් මහා වදයක්. ඒක නවත්වන්න නම් ක්‍රමලේඛය තිබෙන ෆෝල්ඩරය ගොස් තිබෙන .wave ‍ගොනුව මැකීමෙන් පුළුවන්.

මෙම කාර්යයට මම කලින් පාවිච්චි කලේ cpe autorun killer කියලා ක්‍රමලේඛයක් ඒකත් හොඳයි ඒත් backup පහසුකම නැති නිසාත්, සමහර වෛරස හමුවේ අසරණ වෙන නිසාත් මම එය භාවිතය අත්හැරියා. ඒකත් නොමිලේ මෙතනින් බාගන්න පුලුවන්.

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

12 Comments »

 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin