මේ මාතෘකාව ගැන සමීර කලින් ලියලා තිබුනත් මටත් හිතුනා මේ ගැනම ලියන්න මොතද තාමත් pen එක දෙක්ලික් කරලා අරින අය අනන්තවත් ඉන්න නිසාත් ඒ ගැන අමතක වෙලා සමහර වෙලාවට දෙක්ලික් තරන නිසා. දැන් තියෙන වෛරස වල හැටියට එක ප්‍රතිවෛරස මෘදුකාංග මදි කියලත් වෙලාවකට හිතෙනවා (ඇයි ඉතිං එකක අහුවෙන වෛරසය තව එකක අහුවෙන්නෙ නෑ).ඒත් ඒක ප්‍රායෝගික නෑනෙ. ඉතිං මේකට ප්‍රායෝගික පිළියමක් විදියට මං පාවිච්චි කරන්නේ autorun eater කියලා පොඩි ක්‍රමලේඛයක්. ඒ ක්‍රමලේඛයෙන් pen එකේ autorun තියෙනවනම් ඒව මකලා උපස්ථ(backup)කරලා pen එකේ අන්තර්ගත අනතුරුදායක ගොනු පිලිබඳවත් දැනුවත් කරනවා.
තවත් කියනවා නම් වෛරස මගින් වෙනස් කරන registry entries මෙමගින් පහසුවෙන්ම නිවැරදි කර ගන්න පුලුවන්. තව දෙයක් තියෙනවා autorun eater කියන්නේ freeware එකක්. නොමිලේම මෙතනින් බාගන්න පුලුවන්. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන නළුවා කරගෙන තියෙන්නේ එළුවෙක්(එළුවා කුණු කන නිසා වෙන්න ඇති) ඉතින් මේ එළුවා පරිගනකය ආරම්භ කරන විට කෑ ගහනවා. මේක මටනම් මහා වදයක්. ඒක නවත්වන්න නම් ක්‍රමලේඛය තිබෙන ෆෝල්ඩරය ගොස් තිබෙන .wave ගොනුව මැකීමෙන් පුළුවන්.
මෙම කාර්යයට මම කලින් පාවිච්චි කලේ cpe autorun killer කියලා ක්‍රමලේඛයක් ඒකත් හොඳයි ඒත් backup පහසුකම නැති නිසාත්, සමහර වෛරස හමුවේ අසරණ වෙන නිසාත් මම එය භාවිතය අත්හැරියා. ඒකත් නොමිලේ මෙතනින් බාගන්න පුලුවන්.



දෙවෙනි සටහන නේද? ඔහොම යං ඔහොම යං…
> දැන් තියෙන වෛරස වල හැටියට එක ප්‍රතිවෛරස ක්‍රමලේඛයක් මදි කියලත් හිතෙනවා
ඒක නම් හරියට හරි. හැබැයි ප්‍රතිවයිරස මෘදුකාංග එකකට වඩා දාගන්න එපා. එතකොට එකක් හිතන්නෙ අනෙක වයිරස් එකක් කියල. අවසානයේ ප්‍රතිවයිරස මෘදුකාංග දෙක අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්.
මං එහෙම කිව්වෙ නිකං. ප්‍රතිවයිරස මෘදුකාංග එකකට වඩා පරිගනකයක දුවවනව නම් ඒ පරිගනකයෙන් වෙන වැඩක් නම් ගන්න බැරිවෙයි.
ආ සමීර කිව්වම මතක් උනේ සමහර ප්‍රතිවයිරස මෘදුකාංග මේ ක්‍රමලේඛ වෛරස විදියටත් හඳුනා ගන්නවා.
එළ එළ මචං….. තවත් අපේම සිංහල බ්ලොග් එකක් මේ විදියට එලි දැක්කා කියන්නේ අනාගතය පැහැදිලියි කියන එක
දිගටම ලියන්න. ජයවේවා!
පෙරෙදා නම් අපි ඔයාගේ ගම්පලාතේ ආවා පොඩි වැඩකට.
autorun.inf මඟින් ක්‍රියාත්මක වන වෛරස්වලින් බේරෙන්න පුළුවන් ලේසි ම විදිහ තමයි Pen Drive Icon මත “දෙක්ලික්” නොකර Folder Tree View එක හරහා පෙන් එකට ඇතුළු වෙන එක. ඊට පස්සේ autorun එක කියවලා බලලා එමඟින් ක්‍රියාත්මක කරන exe ගොනුවත් autorun.inf එකත් දෙක ම මකලා දානවා.
අරවින්ද වෙත,
ඔබ කියන කතාව එක්ක මම තරමක් දුරට එකඟ වෙනවා. ඒත් ඒ ක්‍රමය එච්චර ප්‍රායෝගික නෑ කියලයි මම නං හිතන්නේ. මොකද අපි හැමෝටම අමතක වීම් වෙන්න පුළුවන්නේ. බැරිවෙලාවත් එහෙම අමතක වීමක් වෙලා වෛරසයක් ඇතුල් උනොත් ඒක හදාගන්න මහන්සි වෙන්න වෙනවා නේ. පොඩි පොඩි අමතක වීම් නිසා නිකං මොකටද දුක් විඳින්නේ?.(අඬුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද?)
පහන් කියන්නේ ඇත්ත මටත් කොච්චර කිව්වත් ඕක අමතක වෙනව… මම දගෙන තියෙන්නෙ මුලින් කියපු අඪුව.. එක 2 පාරක් click කරපු ගමන් ක්ෂනිකව install වෙනවා..
පහන් කියන්නේ ඇත්ත මටත් කොච්චර කිව්වත් ඕක අමතක වෙනව… මම දගෙන තියෙන්නෙ මුලින් කියපු අඪුව.. එක 2 පාරක් click කරපු ගමන් ක්ෂනිකව install වෙනවා..
Ela Machan
සමහර ඒවා explorer වලින් ගිහින් ඔපන් කරත් execute වෙනවනෙ !!
autorun eater ඒවා බලාගන්නවනෙ. නැත්තම්. explore ගිහින් වම්පැත්තෙ tree එකෙන් ගියානං execute වෙන්නෙ නැහැ