නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේ
නොවැම්බර් 6th, 2008
නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බ්ලොග් සටහන් කොපමණ තිබුනත් ඒ බොහෝ බ්ලොග් සටහන් කියවීමෙන් මා ගත් අදහස නම් ඒ සටහන් ලියන බොහෝ දෙනෙකු නිදහස් හා විවෘත මෘදුකාංග ගැන හරිහැටි නොදන්නා බවයි. නිදහස් හා විවෘත මෘදුකාංග ගැන හැමෝම කතාකලත් ඒවා පිලිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන්නේ අතලොස්සකට පමණයි. ශාකුන්තල නිදහස් හා විවෘත මෘදුකාංග වල බලපත්‍ර ගැන හොඳ බ්ලොග් සටහන් කිහිපයක් ලියාගෙන යනවා. ඒ නිසා බලපත්‍ර ගැන ශාකුන්තලට ලියන්න ඉතිරි කරලා මම නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැරදි මත කිහිපයක් නිවැරදි කරන්න මම අදහස් කලා. මෙහි දැක්වෙන්නේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන තිබෙන වැරදි මත කිහිපයක් සහ ඒවා පිළීබඳ නිවැරදි පැහැදිලි කිරීමයි.
1. විවෘත මෘදුකාංග වල පරිශීලකයන්ගෙ අවශ්‍යතාවයන් සොයාබලනව අඩුයි
විවෘත මෘදුකාංගවල මූලකේත ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන් වගේම ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය අනුව වෙනස් කර ගන්න පුලුවන්(තමන්ගේ අවශ්‍යතාවය ගැන තමන් නැතුව වෙන කවුද හරියටම දන්නේ). එහෙම කරල ඔබට අවශ්‍ය නම් අලෙවි කරන්න උනත් පුළුවන්. ඒත් එය GPL බලපත්‍රය සහිත මෘදුකාංගයක් නම් ඔබට මෘදුකාංගය සමග ඔබ වෙනස් කල මූල කේතත් ලබා දිය යුතු වෙනවා. එමෙන්ම එම මිලදී ගත් තැනැත්තා එම මූල කේත වෙනස් කර නැවත බෙදා හැරීම ඔබට නැවැත්විය නොහැකියි. මේකත් හොඳින් මතක තියා ගන්න ලිනක්ස් කියන්නේ ubuntu වත් fedora වත් mandriva වත් නෙවෙයි. තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධති 200 කට වැඩි ගණනක් තිබෙනවා. ඉතිං ඒ අතුරින් සොයා බලලා තමන්ට වඩාත් ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් තෝර ගන්න පුළුවන්.
2. නිදහස් හා විවෘත මෘදුකාංග නිර්මාණය වෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා පමණයි (කෙටියෙන්ම කියනවනම් නිදහස් හා විවෘත මෘදුකාංග = ලිනක්ස්)
නිදහස් හා විවෘත මෘදුකාංග ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලට වගේම windows සඳහාත් නිර්මාණය වෙනවා. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි Mozilla Firefox මෘදුකාංගය. මම හිතන හැටියට නම් මෙය දැනට තිබෙන හොඳම web browser එකක්. විවෘත මෘදුකාංග වල පරිශීලකයන්ගෙ අවෂ්‍යතාවයන් සොයාබලනව අඩුයි කියන එකටත් මේ මෘදුකාංගය හොඳ පිළිතුරක් වෙයි. (මේක බලන්න) firefox ලබාගත් සම්මාන ගැන දැනගන්න මෙතැන බලන්න
3. නිදහස් හා විවෘත මෘදුකාංග නිර්මාණය වෙන්නේ ලාභ ලැබීමේ අරමුණෙන් නෙවෙයි.
මෙහෙමයි මේකේ නම් දෙපැත්තක් තියෙනවා. ලාභ ලැබීමේ අරමුණක් නැතිව මෙන්ම ලාභ ලැබීමේ අරමුණක් ඇතිව නිදහස් හා විවෘත මෘදුකාංග නිර්මාණය කරන ආයතන තිබෙනවා. ලාභ ලබන අරමුණෙන් මෘදුකාංග ලියන(professional open-source companies ) අයට ඒ මෘදුකාංගයේ තිබෙන දෝෂ අඩුපාඩු ආදිය නිවැරදි කිරීම වෙනත් අයවිසින් කරන නිසා ඒගැන ඒතරම් වද වෙන්න ඕන වෙන්නේ නෑනේ. මොකද එම මෘදුකාංගයේ මූලකේත දිහා මුලු ලෝකයේම මෘදුකාංග නිර්මාණය කරන්නන් බලන් ඉඳලා ඒවා නිවැරදි කරන නිසා.(වාණිජ (proprietary) මෘදුකාංග නිර්මාණය කරන සමාගම් වලට මේ වාසිය නෑ නේද?) දැන් සමහරු බලනවා ඇති ලාභ ලබන අරමුණෙන් මෘදුකාංග ලියන අය මෙමගින් ලාභ ලබන්නේ කොහොමද කියලා.ඒක මෙහෙමයි වෙන්නේ මෘදුකාංගය අලෙවි කරනවා වෙනුවට ඔවුන් කරන්නේ එම මෘදුකාංග හා සම්බන්ධ වූ සේවාවන් ලබා දීමයි.(The business model of these companies tries “to offer open-source software with a free license, while using professional services, maintenance and support for these products to derive revenue.-උපුටා ගැනීම විකිපීඩියා). උදාහරණ විදියට Liferay, Inc., Red Hat, MySQL AB,සහ JBoss වගේ ආයතන ගන්න පුළුවන්.
4. නිදහස් හා විවෘත මෘදුකාංග, වාණිජ (proprietary) තරම් පහසුකම් දෙන්නේ නෑ.
ලෝකයේ වැඩියෙන්ම භාවිතාවන web server මෘදුකාංගය apache වීමම ඉහත මතය බොරු කරන බව ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වැටහෙනවා ඇති. ඔබ කියවන මේ බ්ලොග් සටහන ඔබට ලබාදෙන GFE/1.3 මෘදුකාංගය පවා apache මෘදුකාංගය පදනම් කරගෙන google ආයතනය විසින් නිපදවන ලද්දක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක් වීම අතිශයෙන්ම කණගාටුදායකය.(GFE යනු Google Front End යන්නයි). එවන්වූ මෘදුකාංගවල පිහිටෙන් බ්ලොග් සටහන් ලියන සමහරු නිදහස් හා විවෘත මෘදුකාංග පදනම් විරහිතව විවේචනය ඊටත් වඩා කණගාටුදායකය. තව gimp මෘදුකාංගය graphic නිර්මාණයකරණය සඳහා ඉතා හොඳ සහයක් ලබා දෙනවා.
5. නිදහස් හා විවෘත මෘදුකාංග පරිගනකයේ ස්ථාපනය අපහසුයි.
ස්ථාපනය කිරීම අපහසු මෘදුකාංග සියල්ලම නිදහස් හා විවෘත මෘදුකාංග නෙවෙයි නේද?. සමහර ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ස්ථාපනය අපහසු වුනත් මෘදුකාංග ස්ථාපනය පහසු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිත් තිබෙනවා.(උදා:- fedora වල rpm මගින් ස්ථාපනය). සමස්ථයක් වශයෙන් ගත්තම සමහර ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ස්ථාපනය අපහසු වුනත් ඒ දුර්වලතාත් දැන් නිවැරදි වෙමින් පවතින නිසා ප්‍රශ්නයක් නැහැ. නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නේ ලිනක්ස්වත් එහි ධාවනය කරන මෘදුකාංගත් පමණක් නොවන බවත් නැවත නැවතත් අවධාරණය කරමි. විවෘත මෘදුකාංග ස්තාපනය බොහොමයක් මෘදුකාංග වින්ඩෝස් මත පහසුවෙන් ස්ථාපනය කළ හැකියි. firefox,gimp (graphic නිර්මාණ කරන ජනප්‍රිය මෘදුකාංගයකි) වගේ මෘදුකාංග ඕනෑම කෙනෙකුට පහසුවෙන් ස්ථාපනය කරගත පුළුවන්.
6. ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නිපදවෙනුයේ නිදහස් හා විවෘත මෘදුකාංග පමණි.
මේකත් බොහොම අය වරද්ද ගත්තු තැනක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නිදහස් හා විවෘත මෘදුකාංග මෙන්ම වාණිජ (proprietary) මෘදුකාංගත් තිබෙනවා. උදාහරණයක් ලෙස nerolinux(nero මෘදුකාංගයේ ලිනක්ස් සංස්කරණය) ගන්න පුළුවන්.
ප්‍රවර්ග: මෘදුකාංග








නියමයි. සැක හැර දැනගන්න ඕනෙම කෙනෙක් ට පුලුවන්
[Reply]
පොඩි නිවැරදි කිරීමක්: JBoss දැන් තිබෙන්නේ RedHat ආයතනය යටතෙයි. පසුගිය වසරේ එම වෙනස සිදු වුනා.
තවත් එකක්. විවෘත මෘදුකාං ස්තාපනය අපහසු කියන්නේ කොහොමද? මොකද Firefox,OpenOffice, GIMP, VLC වැනි මෘදුකාංග වින්ඩෝස් මත පහසුවෙන් ස්ථාපනය කළ හැක.
වටිනා පැහැදිලි කිරීමක්!
[Reply]
@ ධනිෂ්ක
1.JBoss දැන් තිබෙන්නේ RedHat ඒ වැරැද්ද මම පිලි ගන්නවා.
2.ස්තාපනය අපහසුයි කියල මම කිව්වේ ලිනක්ස්වල ඒත් ඒක විවෘත මෘදුකාංග වලට වගේම ලිනක්ස්වල වාණිජ මෘදුකාංග වලටත් පොදු බව කියන්න අමතක උනා. විවෘත මෘදුකාං ස්තාපනය බොහොමයක් මෘදුකාංග වින්ඩෝස් මත පහසුවෙන් ස්ථාපනය කළ හැකියි කියල ඒක පැහැදිලි කරමි.
ධනිෂ්ක බොහොම ස්තුතියි
[Reply]
නියම වැඩක්. කාලීන අවෂ්‍යතාවයක්…
මොකද දැන් දැන් ගොඩක් දෙනෙක් නිදහස් හා විවෘත මෘදුකාංග වලට හුරැවන ප්‍රවනතාවයක් තිබෙන නිසා.
වැදගත් වන links කිහිපයක් වැඩිපුර දැම්ම නම් තවත් වටිනව.
ඊළග බ්ලොග් එකෙන් ඒක කරන්න.
ඔහොම යන්…….
[Reply]
මම ඇත්තම කියන්නම්… අර සිංහයො සතෙක් මරාගෙන රහ කර කර මස් කන කොට අහල පහල ඉන්න හයීනා, නරි වගේ සත්තු ඇවිත් ඔය අහු වෙන කටු, පොඩි කෑලි කනවා වගේ මමත් සමහර අදහස් ඔයගොල්ලගෙ සංවාද වලින් ලබා ගන්නව. ලබාගෙන ඒව කරන්න ගිහින් අමාරුවෙත් වැටෙනව. හිනා වෙන්න එපා, මම ඇත්ත කියන්නෙ. මගේ පරිගණක දැනුම යතුරු පුවරුවකටත්, ස්ක්‍රීන් එකටත් සීමා වූ දෙයක්. ඒත් මම සන්තෝසයි කොහොමහරි සටහන් කියවීම ගැන. මමත් වින්ඩෝස් ලයිව් රයිටර් වලින් බ්ලොග් එකක් ලියා ගත්තා, නමුත් අප්ලෝඩ් කරගන්න බැහැ !!!
[Reply]
තව තවත් විවෘත කේත මෘදුකාංග ගැන ආස හිතෙනවා. තව ලියන්න.
[Reply]
කවුරුත් එකතුවෙල ඉදිරියට ගෙනයායුතු කාර්යයක්. ජාතික වගකීමක්. ඔබට පිං!
[Reply]
ඉතා වටිනා ලිපියක් පහන්, දිගටම ලියන්න.
පුද්ගල පරිගණක මුදුකාංග සැලකූ විට සමහර වාණිජ මුදුකාංග ඉදිරියෙන් සිටියත්, අනෙක් සෑම තැනකම පාහේ විවෘත මූල මුදුකාංග ඉදිරියෙන් සිටිනවා නේද?
උදාහරණ විදිහට,
මෑත කාලයේ නිකුත් වූ සියළුම hollywood animated සිනමා නිකුත් කර ඇත්තේ ලිනක්ස් (යුනික්ස්වත් නෙවෙයි) clusters වලයි.
top500 super computers වලින් 400 පමණ ලිනක්ස් මතයි ධාවනය වන්නේ. (වින්ඩෝස් 3යි)
embedded systems අති බහුතරයක දුවන්නේ ලිනක්ස්යි.
වෙබ් සර්විසස් සහ සර්වර්ස් බහුතරය විවෘත කේත මුදුකාංග මතයි දුවන්නේ.
විවෘත කේත මුදුකාංග ප්‍රචලිත නොවීමට තවත් කරුණක් නේද මේ proprietary multimedia කේතක (codecs), proprietary device drivers, Digital Rights Management වගේ දේවල්?
හැබැයි මා නම් වාණිජ මුදුකාංග හෝ මෛක්‍රොසොෆ්ට් මුදුකාංග ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැකි තරම් විවෘත කේත මුදුකාංග භාවිතා කරනවා. බැරි තැන් වලදී වාණිජ මුදුකාංගත් භාවිතා කරනවා.
[Reply]
@ප්‍රසාන්
කරුණු එකතු කිරීමට බොහොම ස්තුතියි.
[Reply]
@සරත් ගුණතුංග මහත්මයා,
Mozilla Firefox සමග පාවිච්චි කරන්න පුළුවන් add-on එකක තිබෙනවා. නම ScribeFire. මම පාවිච්චි කරන්නෙ ඒක. පාවිච්චිය ඉතාම පහසුයි. මම Windows Live Writer නම් පාවිච්චි කරල නෑ.
තාක්ෂණිකව උදව්වක් අවශ්‍ය නම් මට email එකක් එවන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/1730
[Reply]
@ඩනිෂ්ක
පොඩි නිවැරදි කිරීමක්: JBoss දැන් තිබෙන්නේ RedHat ආයතනය යටතෙයි. පසුගිය වසරේ එම වෙනස සිදු වුනා.
JBoss වෙනමම brand එකක් විදියට වර්ගීකරණය කිරීම තුල කිසිම වැරැද්දක් නැහැ… මොකද JBoss යනු Red Hat මෙන්ම unique brand එකක්.. (එකම ආයතනයටායත් වූවාට).. උදා.. MySQL, Java ..
[Reply]
@ Tyronne W
මම ලිපියේ ලිව්වේ JBoss කියන්නේ වෙනම ආයතනයක් විදියට වර්ග කරලා.(brand එකක් විදියට වර්ග කරලා)
ලිපියේ මෙතැන බලන්න
“උදාහරණ විදියට Liferay, Inc., Red Hat, MySQL AB,සහ JBoss වගේ ආයතන ගන්න පුළුවන්. “
[Reply]
පහන් කාලෙකින් තමා ආයෙත් මෙතනට ආවේ..
අපෝ මොකටද සමාවක් ගන්නේ
මට පැටලුනාද මන්දා…
මම “ආයතන ගන්න පුළුවන්” කියන එක මත Brand එක ගැන ඔයා හිතේ තියන් ලියපු එක කල්පනාවට ආවේ නැ.
සමාවෙන්න, ඔයා irc ආපු වෙලාවේ මම පරිගණකය ලඟ හිටියේ නැ.
[Reply]
@TW ඔව් මචං Brand කතාව ඇත්තනේ, “ආයතන” කියන වචනේ නිසා පැටලුනේ
[Reply]