හවස් යාමේ දුටු
කඩුපුල් මල් පොහොට්ටුව පිපෙනා තුරු…
අන්ධකාරයේ මා…
බලාසිටිනෙමි
ඇසිල්ලෙන්
කඩුපුල් මල අතුරුදහන්ය…
සෙවීමෙන් ඵලක් නැතියි
සිත කියයි…
මම තවමත් අඳුරෙහිය
තවම අන්ධකාරයටම පෙම් කරමින්
සොයනෙමි හේතුවක්
සිතේ වේදනාවට…
ඵලක් නම් නැතිය
කෙතරම් සෙව්වත්…
නොමතිය හේතුවක්
දුක්වීමට තරම්
සතුටු වනු මිස
දෑස පිස දමා
එහෙත්….
නානාප්‍රකාර විදුලි එලි දෑසම නිලංකාර කලද
මේ අන්ධකාරය
මට හැර යන්නට…
තවත් බොහෝ කල් ගතවේවි


මචං බාලාපරාධ කරන්න එපා… ඔය කඩුපුල් මල සවුත්ලන්ඩ්ද නැත්තං සංඝමිත්තෙද?
@ ශාකුන්තල
මොන බාල අපරාධයක්ද යකෝ?
උඹේ compiler එක අවුල් වගේ
මචන් උඹ ඇත්ත දැන දැනත් මොනවද බං මේ කියවන්නේ
මම දවසක් කැම්පස් එකේදි ඔය කඩුපුල් මල පෙන්නුව නේද?
ආයෙත් නම් යන්නෑ ඒ පැත්ත පළාතේ(වාව ගන්න බෑ මචෝ).
මගේ කුළුදුල් නිකැලැල් කවි සිතුවිලි චාටර් කරල දාන්න එපා මචෝ. මෙහෙම ලිව්වම මාර සැහැල්ලුවක් දැනෙනව බං.
උඹේ ශබ්ද කෝෂය අනුව කියනවනම් “මට ආතල්”
තාමත් බැරි උනානෙ මේක නවත්තන්න. දැන් හොඳටම ඇති යාළුවා.ඔය ගැන හිතලා තව පලක් නැත.
දවසක අදුර මකාගෙන පුරහද පායාවී…
ලස්සනයි කවිය…
@ මලී
ස්තුතියි.
ඔය ශාකුන්තලයා කොටියා ඕකත් එක්ක කතා කරන්නේ පරිස්සමෙන්.
@ සිතිවිලි
ස්තුතියි.
ටෝච් එකක්වත් හොයගනින්…Flash light හොය හොය ඉඳලා වැඩක් නෑ…
බය වෙන්නෙපා කඩුපුල් පිපෙනවා
ටිකක් බලන් ඉන්න ඕන
අතඅරින්නෙපා පුතෝ….
නෑ අමල් පිපිල ඉවරයි ඒත්…..
@ ආගන්තුකයා
මට මේ කලුවර හොඳට හුරුයි. ටෝච් එලිවලට ඇස් නිලංකාර වෙනවා
@ ඉසුරු
මගෙන් කාටවත් කරදරයක් නැත් නම් මම මෙහෙම හිටියට කමක් නෑනේ?
උඹලගේ ගෙවල් පැත්තෙ නම් එන්නේ නෑ උඹේ කන්දොස්කිරියාව අහන්න.
මචං ඕවා ගනන් ගන්න එපා… හැම දේම වෙන්නේ හොඳට…. මටත් කලින් ඔය වගේ හිතිච්ච වෙලාවල් තිබුනා… ඒ කලින් පස්සෙන් ගිය ගෑණු ළමයි ගැන… ඒත දැන් හිතෙනවා ඒවා හරි ගියේ නැති එක හොඳයි කියලා…. මට මේ ගෑණු ළමයා මට ලැබිච්ච එකමයි හොඳ… මම හිතන්නේ දැන් ආදරෙන් ඉන්න හැමෝමටම එහෙම හිතෙනවා ඇති… (මම දන්නවා අපේ ආගන්තුකයාත් එහෙමයි)…
අනිවා…සිලියා….. බම්බුවා මට බ්ලොග් ලියන්න පුරුදු කලා… මම ඌට කවි ලියන්න පුරුදු කලා… සැඟවුන හැකියාව එලියට ආවා… කොහොමද ටිකිරි මොලේ…. හික් හික් හික්….
මචං මල අතුරුදහන් වෙලා නෑ.. අදුරෙ තියෙනවා…
ඒත් ඒමල දකින්න පුංචි ආලෝකයක් ඕන..
ඉස්සෙල්ල.. ආලෝකය හොයාගන්න..