ජාතියේ පියාට සලකන්නේ ඔහොමද?

ඊයේ අපි නිදහසක් ලැබුව නිසා හිතුන අපේ රටට නිදහස ලබා‍ දෙන්න මූලික වී කටයුතු කළ ජාතියේ පියා ලෙස සැලකෙන ගරු ඩී. එස්. සේනානායක මැතිතුමා ගැන අන්තර්ජාලයේ මොනවද තියෙන්නේ බලන්න. මුලන්ම ආවේ ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර.

ඒත් ඉතින් ගරු ඩී. එස්. සේනානායක මැතිතුමා ගැන කිසිම සටහනක් නෑ නිකම් අග්‍රාමාත්‍ය ලයිස්තුවේ නම තියෙනවා විතරයි. අඩුම ගානේ පින්තූරයක්වත් නෑ.

ගරු විජයානන්ද දහනායක මැතිතුමාගේ විස්තරයේ තියෙන්නේ “Dudley Senanayaka”කියල විතරයි. අනික් හැම අග්‍රාමාත්‍යවරයෙක්ගෙ ගැනම පොඩි හරි සටහනක් තිබුණ.

ඉංග්‍රිසි සංස්කරණයේ නම් කිසිම අග්‍රාමාත්‍යවරයෙක් ගැන විස්තර නෑ.

ලස්සන වැඩේ ඒක නෙවෙයි. ඉංග්‍රිසි සංස්කරණයේ ගරු ඩී. එස්. සේනානායක මැතිතුමා‍ගේ නම click කරාම “Hon. Ratnasiri Wickramanayake – 2005″ කියල එන එක.

Related Posts
  1. අපේ රටේ රාජ්‍ය ආයතන වල තොරතුරු තාක්ෂණය භාවිතය තවම ඉහල මට්ටමකට ඇවිත් නැහැ ‍සහෝ.. ඉතිං ඔය වගේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් තියනවාද? දුක් වෙනවා මිසක්

  2. චතුර වික්‍රමරත්න

    සිංහලෙන් නේද හෙව්වේ? ඉංග්‍රිසි විකිපීඩියා එකේ නම් ලිපියක් තිබුණා එතුමා ගැන. සිංහලෙන් හොයද්දි ඩී. එස්. නැතුව ඩී. ඇස්. කියල හෙව්වනම් තව දේවල් හොයාගන්න තිබ්බා.

  3. ඒ මොනාද… මාත් හොයලා බලන්න ඕනි…. අලුත් ලංකාවේ උසම ගොනනැගිල්ලට රාජ්‍ය අමාත්‍යාංශ ඔක්කම දානවලුනෙ… එතකොටවත් කාර්‍යක්ශමතාවයක් බලාපොරොත්තු වෙමු…

  4. @මලී, චතුර
    රාජ්‍ය අ‍ායතන වල තොරතුරු තාක්ෂණය භාවිතය තවම ඉහල මට්ටමකට ඇවිත් නැති බව ඇත්ත. ඒත් අනෙක් අග්‍රාමත්‍ය වරුන් ගැන විස්තර හොයන්න පුලුවන්නම් ඩී. ඇස්. මැතිතුමාගෙයි , විජයානන්ද දහනායක මැතිතුමාගේ විස්තර දාන්න බැරි උනේ ඇයි? රජයේ වගකිවයුතු වෙබ් අඩවියක් කටයුතු කරන්නේ මෙහෙමද?. පොඩි එකෙක් මේව දැක්කොත් හිතයි. ඔවුන් මේ රටට කිසිම වැඩක් කරල නෑ කියල.

  5. notification area එකේ තව ඉඩ තියෙනවද?

  6. රාජ්‍ය ආයතන ගැන කතා කරල වැඩක් නෑ, මොනවද හරියට තියෙන්නෙ,

    මොන ගොඩනැගිල්ලට ගෙනිචිචත් වැඩක් නෑ ඉන්න අයගෙ ආකල්ප(attitude) වෙනස් කරන්නෙ නැතිව.

  7. ආකල්ප වෙනස් කරන්න නම් අලුතෙන් ශ්රම බලකායක් රාජ්ය අංශයට ගන්න වෙයි… පරණ සමහර අය මේ ක්රමයට හැඩ ගැහිලා ඉවරයි… හැමෝටම හැඟීම නැත්නම් මේ කිසි දෙයක් කරන්න බෑ…

  8. උසම ගොනනැගිල්ලට රාජ්‍ය අමාත්‍යාංශ දැම්මාම මාසෙකට කුලිය කියක් ගෙවයිද දන්නේනැ. ගොඩනැගිල්ල වෙනස් උනාකියලා කාර්‍යක්ශමතාවය වැඩි වෙනවානම් එත් කමක් නැ.

  9. වැඩි දවසක් යන්න කලින් ඔයකියන ගොඩනැගිල්ලේ ලිෆ්ට් එක කැඩෙනවා. පඩිපෙල දවසින් දවස අලුත්වැඩියා කරන්න වෙයි ඉක්මනට ගෙවෙන නිසා.
    ඇයි ඉතිං වැඩක් කරගන්න ආවම අර තට්ටුවෙන් මේ තට්ටුවටම මේ තට්ටුවෙන් තව තට්ටුවකට යන්න කියයි. ඇයි ඉතිං හැමෝම බලන්නේ ඇඟ බේරගන්නනේ.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">