නිදහස ලැබුවෙමු

මේ සතියේ Assignment දෙකක්ම තිබුන නිසා පහුගිය සතියම මහ එපා කරපු සතියක් උනා. ඒ නිසා අපි මේ Assignment දෙක ඉවර උන එක සමරමු, කියල යාළුවෝ කට්ටිය කතාඋනා කොහේ හරි යමු කියල. එතකොට වෙලාව හවස 6.30 ට විතර ඇති. ඒත් කොහේහරි යන්නත් ඕන මොකද ආයෙත් සෑහෙන කාලෙකට ආතල් ගන්න වෙන්නේ නෑ විභාගේ ළඟ නිසා. ඉතිං නිදහස් චතුරස්‍රය පැත්තේ ගිහින් පොඩි රවුමක් ඇවිදල නිදහසේ ඉඳල පොඩි අහිංසක ආතල් එකක් අරන් ආවා. ඇත්තටම මේ වගේ හැමදාම ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද කියල හිතනවා. දැන් ඉතිං ආයෙත් Assignment යුද්දේ.
මෙන්න එනකොට ගෙනාපු මතක සටහනක්


ඔය පිටිපස්සේ ලයිට් එළි පේන්නේ නිදහස් චතුරස්‍රයේ.

ශාකුන්තල තරහ වෙයිද දන්නේ නෑ මිනිහව එක්ක ගියේ නෑ කියල. මොනවා කරන්නද ඉතිං එයා කලින්ම යනවා නේ ගෙදර යන්න.

Related Posts
  1. ඕක දැක්කම මටත් අතීතය මතක් වුනා. විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ ඉඩ කඩ හම්බ වෙන්න ඉස්සරවෙලා මම නතරවෙලා හිටිය කොල්ලො ටිකක එක්ක චමරියක් දාගෙන නොම්මර 37 ටොරිංටන් මාවතේ. ඒ ගෙදරට බුලර්ස් පටුමග ඔස්සේ වුනත් යන්න පුලුවන්. රෑට අපිත් නිදහස් චතුරශ්‍රයට ගිහින් නොයෙක් දේවල් කරනව. ඩී. එස්. සේනානායක මහත්මයා විදියට ගොනාට ඇඳගෙන අත මිට මොලවගෙන කෑගහල කතා පවත්වනව. කවුරුත් නෑ කෑගහුවට ඇහෙන්න. දැන් එහෙම බැහැ නේ. ඒ කාලෙ කොච්චර හොඳද?

  2. අනේ බෑ මචෝ ගදර ඉඳල එන්න.. බෝඩිමක් හොයාගන්නව ඉක්මනට.. උඹල මං නැතුවත් යනවනෙ ආතල් ගන්න…

  3. මේ කාලෙ හොඳට විනෝදවෙන්න.ඉස්සරහට රැකියාවක් එහෙම හොයා ගත්තම මේ වගේ නිදහසක් හෙ‍යා ගන්නත් අමාරුයි.

  4. දකිද්දි ඇත්තටම දුක හිතෙනවා.. අපිට ආයේ ඔය වගේ කාලයක් එන්නේ නෑ.. අපි ඔරලෝසුව ඇතුලේයි රාජකාරි ඇතුලෙයි හිරවෙලා.!

  5. ෆොටෝ එක නම් පැහැදිලියි හොඳටෝම.

  6. අනේ මොනව කරන්නද කලුවර උනානේ. බලපු “මෝඩ ගඩොල් පින්තූර කඩෙන්” මොනවා හරි කරන්න පුලුවන්ද කියලා

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">