බස් එකේ යන ගමන් සිංහලෙන් බ්ලොග් ලියන හැටි

ටෙක්නිකල් බ්ලොග් එකක් කියල ලියන්න පටන් ගත්තට දැන් නම් වෙන වෙන දෙවල් තමයි ලියවෙන්නේ.
මීට කලින් ලියපු බ්ලොග් සටහන් 4 ම ලිව්වේ මම බස් එකේ යන ගමන්(හෙළ රස හෝටලය, අඳුරටම පෙම් කරමි,හිට් කවුන්ටරයක් කල හදියක්,මට නුඔ අමතක කරනු බැරී). මේ ලිපියත් එහෙමයි. ඒ‍ මෙහෙමයි….

මම කැම්පස් එන්නේ විජේරාමෙ ඉදලා. එක ගමනකට විනාඩි 45ක් විතර ගතවෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම
දවසකට පැය 1 1/2ක් විතර වෙලාවක් බස් වල ගමන් කරනවා. තව සති අන්තෙ ගෙදර ගියොත් යන්නයි එන්නයි දෙකටම පැය 8 ක් විතර යනවා(ගෙවල් ගාල්ලේ කරාපිටියේ). ඒ වෙලාවට යාළුවෙක්වත් නොහිටියොත් පුදුම කම්මැලියි. ඒ යනකොට වාඩිවෙන්න හම්බ උනොත් මම කරන්නේ phone එක අරගෙන මගේ බ්ලොග් සටහන draft SMS 1ක් විදියට save කරනවා. ඊට පස්සේ බෝඩිමට ආවම myphone explorer මෘදුකාංගයෙන් ඒක පරිගනකයට අරගන්නවා.(මගේ phone එක sony ericsson K750i වර්ගයේ එකක්) ඊට පස්සේ යුනිකේත එසැනින් පරිවර්තකයෙන් ඒක සිංහල කරලා. වැරදි අඩුපාඩු එහෙම හදලා. බ්ලොග් එකේ දානවා. කාලය ගොඩක් ඉතිරියි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ msg එක අග හරිය ලියනකොට මුල ලියපු ඒවා අමතක වෙලා තිබීම සහ අපි SMS ලියන භාෂාවේ සහ SINGLISH ආකාරයේ ඇති වෙනස්කම්. උදාහරණයක් විදියට අපි SMS වලදී “කැ” ලියන්නේ “ka” කියලනේ. ඒත් SINGLISH වලදී ඒක “kA” විදිහට ලියන්න වෙනවා. බ්ලොග් ලියන්න වෙලාව නෑ කියන අයට මේක විසඳුමක් වෙයි කියල හිතනවා.

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

11 Comments »

 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin