ටෙක්නිකල් බ්ලොග් එකක් කියල ලියන්න පටන් ගත්තට දැන් නම් වෙන වෙන දෙවල් තමයි ලියවෙන්නේ.
මීට කලින් ලියපු බ්ලොග් සටහන් 4 ම ලිව්වේ මම බස් එකේ යන ගමන්(හෙළ රස හෝටලය, අඳුරටම පෙම් කරමි,හිට් කවුන්ටරයක් කල හදියක්,මට නුඔ අමතක කරනු බැරී). මේ ලිපියත් එහෙමයි. ඒ මෙහෙමයි….
මම කැම්පස් එන්නේ විජේරාමෙ ඉදලා. එක ගමනකට විනාඩි 45ක් විතර ගතවෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම
දවසකට පැය 1 1/2ක් විතර වෙලාවක් බස් වල ගමන් කරනවා. තව සති අන්තෙ ගෙදර ගියොත් යන්නයි එන්නයි දෙකටම පැය 8 ක් විතර යනවා(ගෙවල් ගාල්ලේ කරාපිටියේ). ඒ වෙලාවට යාළුවෙක්වත් නොහිටියොත් පුදුම කම්මැලියි. ඒ යනකොට වාඩිවෙන්න හම්බ උනොත් මම කරන්නේ phone එක අරගෙන මගේ බ්ලොග් සටහන draft SMS 1ක් විදියට save කරනවා. ඊට පස්සේ බෝඩිමට ආවම myphone explorer මෘදුකාංගයෙන් ඒක පරිගනකයට අරගන්නවා.(මගේ phone එක sony ericsson K750i වර්ගයේ එකක්) ඊට පස්සේ යුනිකේත එසැනින් පරිවර්තකයෙන් ඒක සිංහල කරලා. වැරදි අඩුපාඩු එහෙම හදලා. බ්ලොග් එකේ දානවා. කාලය ගොඩක් ඉතිරියි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ msg එක අග හරිය ලියනකොට මුල ලියපු ඒවා අමතක වෙලා තිබීම සහ අපි SMS ලියන භාෂාවේ සහ SINGLISH ආකාරයේ ඇති වෙනස්කම්. උදාහරණයක් විදියට අපි SMS වලදී “කැ” ලියන්නේ “ka” කියලනේ. ඒත් SINGLISH වලදී ඒක “kA” විදිහට ලියන්න වෙනවා. බ්ලොග් ලියන්න වෙලාව නෑ කියන අයට මේක විසඳුමක් වෙයි කියල හිතනවා.



හික් මමත් ඉන්නෙ විජේරාමෙ
මමත් ලියපු සටහන් බොහොමයක්ම වැඩට යන එන ගමනේදි ලියපුවා.එක නිසා වෙනම කාලයක් වෙන් කරගන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
ඔච්චර දක්ෂ ලමයි ඉන්න බව අහන්නත් සන්තෝසයි. විජේරාමෙ කියන්නෙ කොහේද?
@ සරත් ගුණතුංග
අම්මෝ ඔච්චර වර්ණනා කරන්න එපා මට නිකම් ලැජ්ජයි වගේ.
විජේරාමෙ කිව්වේ හයිලෙවල් පාරේ නුගේගොඩත් මහරගමත් මැද තියෙන විජේරාමේ. තවත් විජේරාමයක් තියෙනව BMICH කිට්ටුව එහේ නෙවෙයි.
ආ… මේ විජේරාමෙද? මාත් හැමදාම ඔය පැත්තෙන් යනවා
මචෝ ඔච්චර දඟලන්න දෙයක් නෑ. ඕක Gmail account එකේ draft එකක් විධියට save කළානං MyPhone Explorer ඕන නෑ.
මම ඉන්නෙත් මහරගම, නාවින්න හරියෙ, කම්මැලිනම් කතාකරමු නිකං ඉන්න වෙලාවට. මගෙත් ගම අම්බලංගොඩ
ඇත්තටම දැන් K750 එක මාර ප්‍රසිද්ද වෙලා. දකින දකින හැමතැනම K750. මටත් තියෙන්නේ ඕකම තමා. හරිම පහසු ජංගම දුරකථනයක්.
ඔයාට තවත් වැඩක් කරන්න පුලුවං. blogger එක G-Mail එක්ක configure කරගන්න පුලුවං. ඊට පස්සේ ජංගම දුරකථනයෙන් go@blogger.com වලට mail කරපු ගමන්ම, blog එකේ පෙන්නනවා. වැරදි බලන්න තමා බැරි.
දිලූප…
@ දිලූප
ඒත් සිංහලෙන් ලිපි ලියන්න ඔය කියන විදිය හරියන්නේ නෑ නේද?
නිකමට බස් එකේ යනකොට Tute එකක් බලපන් අපි වගේ… විභාගෙට තව දවස් කීයද…
@ ආගන්තුකයා
පහුගිය දවස්වල නම් ඒක තමයි කලේ. assignment 2ක් නිසා විඳපු දුකක්. ඔව් ඔව් විභාගෙටත් පාඩම් කරන්න ඕන.