Firefox ඉංග්‍රීසි සිංහල භාෂා පරිවර්තකය EnSiTip

කම්මැලිකමෙන් අන්තර්ජාලයේ අතරංමං වෙලා ඉන්නකොට… හම්බ උනා පොඩි ගැජට් කෑල්ලක්. ‍firefox add-on එකක්. පොඩි උනත් ඉගෙන ගන්න ඕනෑම කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් මම හිතන්නේ. අන්තර්ජාලය බල බල ඉන්නකොට අප්සෙට් වචනයක් ආව ගමන් ඒ වචනේ උඩ mouse එක ටිකක් වෙලා තියාගෙන ඉන්න විතරයි තියෙන්නේ. EnSiTip වචනේ සිංහල තේරුම හොයලා දෙනවා.

google සෙවුම් වලටත් support කරනවා. google සෙවුමේදී language පිළිබඳව සිංහල වෙබ් අඩවි සෙවීමට ඔබට අවශ්‍ය වූවා යැයි සිතමු. language යන්න google සෙවුමේ යතුරු ලියනය කර shift යතුර ඔබන්න එවිට ලැබෙන tip එකෙන් ඔබ සැබැවින්ම ඔබ සොයන අදහස තෝරා search click කරන්න.

මේ add-on එක තාම පර්යේෂණ අවධියේ තියෙන්නේ. වචන උච්චාරණය ලබා දීමට සැලසුම් කරල තිබුනත් තවම වැඩ කරන්නේ නෑ. ඉදිරියට ඒවා නිවැරදි වේවි. ඒ ඇරුනාම දැනට කියන්න තරම්ම වැරැද්දක් නෑ.
මේක නිර්මාණය කරල තියෙන්නේ UCSC (කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයන ආයතනය) හාෂා පර්යේෂණ ආයතනයේ (කියන්නත් ආඩම්බරයි)

ස්ථාපනය කර ගන්න මෙතැන බලන්න.
දායකත්වය දක්වපු අය බලන්න.මෙතැන බලන්න

Related Posts
  1. මමත් EnSiTip ස්ථාපනය කර ගත්තා. හැබැයි ඒකට ෆයර්ෆොක්ස් සාමාජිකත්වය ඕනේ. වැඩි දෙයක් නෑ. නොමිලේ එවලෙම ලියාපදිංචි වෙන්න පුළුවන්.

  2. ffසිංහල 3.0.3 එක්ක වැඩ කරන්නේ නෑනේ

  3. අමල්ගේ ප්‍රශ්නේ නිරාකරණය වුනා මම හිතන්නේ.

  4. ඔව් ඔව් බොහෝම ස්තූතියි

  5. හා… මමත් ඔතන හිටියා… කියන්න හැදුවා විතරයි… blog post එකක් දාන්න කියලා….

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">