ඔබේ e- mail ID එකෙන් mail යවන්නේ ඔබ විතරමද?

කවුරු හරි දැකල තියෙනවද mail account එකේ Spam/bulk folder එකේ තමන්ගෙ mail acount එකෙන් තමන්ටම එවපු mails ? ඒව තමන් විසින් යැව්වද කියල තමන් හොඳටම දන්නවානේ. දැකල නැති අය ඉන්නවා නම් මේ පින්තූරත් බලන්නකෝ.

mail account එකක් hack නොකර එම mail address එකෙන් ආව වගේ පේන්න mail යවන්න පුලුවන්. හරිම පහසුයි. උදාහරණයක් විදියට මගේ mail address එකෙන් එව්ව වගේ පේන්න වෙන‍ කෙනෙකුට mail එකක් යවන්න පුලුවන්. ඒ සඳහා අවශ්‍ය mail server එකක් විතරයි. ඔය වගේ mail යවන්න පහසුකම් ලබාදෙන වෙබ් අඩවි පවා පවා තියෙනවා. මේ අනතුරුරෙන් බේරෙන්න digital signature එකක් පාවිච්චි කරන්න පුලුවන්. digital signature කියන්නේ අපි අතින් sign කරනවා වගේ ඉලෙක්ට්‍රොනිකව sign කිරීමක් වගේ දෙයක්. digital signature එකෙන් mail එක ලබන්නාට සැක හැර දැනගන්න පුලුවන් mail එක එව්වේ mail account එක අයිතිකාරයාමයි කියල. ඒත් digital signature එකත් හදන්න බැරිකමක් නැති උනත් ටිකක් අපහසුයි. යවන mail එකකට digital signature එකතු කරන්න outlook express වල නම් tools –> digital sign ලබාදෙන්න. Thunderbird වල නම් security–> digitaly sign this massage ලබාදෙන්න. මේ හැරුනුවිට encrypt විශේෂාංගය පාවච්චි කරනත් පුලුවන් ආරක්ෂාකාරීව mail එකක් යවන්න. digital signature ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.

Related Posts
Leave a comment ?

12 Comments.

  1. ඕක දැනගත්තානම් උඹට කට වහගෙන ඉන්න බැරි වුනාද? දැන් වඳුරාට දැළි පිහිය හම්බ වුනා වගේ තියෙයි අපේ එවුන්ට

  2. මීට අමතරව සරල java ක්‍රම ලේඛන තියෙනවා.

  3. java වලට වුනත් හොඳ (ඒ කියන්නේ authentication බලන්නේ නැති)mail server එකක් අවශ්‍ය වෙනවා නේද?

  4. PHP නම් එක Line එකකින් පුළුවන්. ගොඩක් Servers Support කරනවා හැබැයි Full Headers බැලුවම හොයා ගන්න පුළුවන්.

  5. @ චරිත්
    මේවගේ තැනක ඔය වගේ දෙයක් ලියා පළකිරීම සුදුසු නොවන බවයි මගේ අදහස. මේ වගේ යවන email එකක් කෙනෙකු නොමඟ යවන්න හොඳටම ප්‍රමාණවත්. මමත් මේගැන මෙච්චර පරිස්සමෙන් කතා කලේ ඒකයි.

  6. අපි UCSC පළමුවසරේදී පරිගණක ජාලකරණය පිළිබඳ දේශන වලට සහභාගී වුණා. එහිදී ආචාර්යවරයාගෙන් ඔය සම්බන්ධව අප ඇසූ සමහර ප්‍රශ්න වලට ඔහු පිළිතුරු දුන්නේ මේ දැනුම වැරදි දේට යොදා නොගන්නා (be a ethical hacker) ලෙස විශේෂයෙන් අවවාද කිරීමෙන් පසුවයි.

    @චරිත්,
    ඕකට VB.NET අල්ලගෙන නහින්න ඕන නැහැ. හරිම සරල දෙයක්. නමුත් අපි අපේ බ්ලොග් වලින් ඔය ගැන ලිව්වෙ නැත්තෙ ප්‍රසිද්ධ තැන් වල ඕව කතා කිරීමෙන් වඳුරන්ට දැලිපිහි ලැබෙන නිසා.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් හිතූ පැතූ දේ ලැබෙන කප්රුකක් වගේ කියලා මේක. ඔය විධියට mail යවන්න IP එකක් සොයා ගැනීම පහසු නෑ. හිතෙන හිතෙන IP වලින් mail යවන්න බෑ.

  7. කොහෙන්ද නැට්ටක් පාගගෙන හැමෝම… java ද vb.net ද … code ඉඳන් ලියලා….. අපිනම් code දන්නේ නෑ.. අපි වගේ ගොඩේ අය ඕවා දන්නවැයැ… ඕවා දන්නේ ඉතින් කොල්ලුපිටියේ පොෂ් අයියලා තමයි….

    මේ මොන code එකෙන්වත් තමුන්ගේ බාප්පාගේ IP එකෙන් mail යවන්න බෑ කියලා දන්නේ නැද්ද? දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න ඔනේ …. නිකන් code ලියන්නේ නැතුව

  8. @ පහන්
    ඔබ කියන කථාවෙත් ඇත්තක් තියෙනව.එසේ නම් මෙය ඉවත් කර දමන්න.එමෙන්ම Outlook Express මගින්ද VB.NET භාවිතා කර යැවිය හැකි ක්‍රමයක් ඇති නමුත් මා එය සදහන් නොකලේ එය මීටත් වඩා පහසුවෙන් අන් අයව නොමග යැවිය හැකි නිසාය.

  9. මල්ලී වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් අඩුම ගානේ බලගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා…. post එක ලියපු එක්කෙනා ලියලා තියෙන්නේ vb.net වලින් mail යවන විදිය නෙවෙයිනේ….

    php වලින් එක ලයින් එකයි, java වලින් ලයින් කිහිපයයි, vb.net වලින් තව ලයින් ටිකයි …. දැන් බලන්නේ අඩුම ලයින් ගානෙන් mail යවන්න පුලුවන් මොන Language එකටද කියලා….
    ඔක්කොම කියලා ඉවර වෙලා කියනවා අත්හදා විතරක් බලපන් කියලා… නරියාට කුකුල්ලු බාර දීලා අනේ කන්නනම් එපා කිව්වලු… මෙ‍හෙමත් එවුන්

  10. @ ශාකුන්තල
    මෙය කල හැකි එකම ක්‍රමය මෙය නොවන බවද මීට වඩා පහසු ක්‍රම ඇති බවද පිලිගනිමි.එමෙන්ම “SmtpServer යන තැනට IP Address යෙදිය යුතුය” යන්න වැරදි බවත් එය mail server එකෙහි IP Address විය යුතු බවත් පිලිගනිමි.මෙසේ email යැවීමට IP එකක් සොයා ගැනීම අපහසු බවද පිලිගිනිමි.

  11. මෙයාට ඕන වෙලා තියෙන්නේ කොහෙන් හරි code එකක් පිටපත් කරගෙන ඇවිත් මෙතන අලවලා තමන් දන්න බව පෙන්නන්න.

  12. මේවා වලක්වන්න දැනට SPF (Sender Policy Framework) DomඅainKey වගේ දේවල් යොදාගන්න පුලුවන්, Yahoo, Google, Hotmail යන ඒවා DomainKey යොදාගන්නවා, මේමහින් Sender Spoofing වගේ දේවල් අවම කරගන්න පුලුවන්.

    http://en.wikipedia.org/wiki/Sender_Policy_Framework

    http://en.wikipedia.org/wiki/DomainKeys

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">