මොබිටෙල් Daily Delight හා මොබිටෙල් Broadband පටලැවිල්ල

ඊයේ දාපු බ්ලොග් පොස්ට් එකට ක්‍රිෂාන්ගෙන් ලැබුණ ප්‍රතිචාරයක තිබුනා Daily Delight ගැන දීර්ඝ විස්තරයක්. ඒක කියවල ඉවරවෙලා මට ආපු ප්‍රශ්නයක් ගැන තමයි මේ සටහන ලියැවෙන්නේ

දැනට මොබිටෙල් සමාගමේ සියලුම Broadband package එකකම වගේ 1MB සඳහා රුපියලක් හෝ ඊට ආසන්න මුදලක් අය කරනවා. ඒත් Daily Delight 50 සඳහා අයවෙන්නේ 100MB සඳහා රු 50ක් විතරයි.(1MB සඳහා ශත 50යි) මුළු මා‍සෙම Daily Delight විදියට HSPA 3GB පාවිච්චි කලත් වැය වන්නේ රු 1500ක් විතරයි. සහ එදින ඇතුලත පාවිච්චි කරන්න 100 minutes of M2M video calls 100 M2M SMS ලබාදෙනවා HSPA වේගයත් 1Mbps.(මූලාශ්‍රය http://www.mobitel.lk/prepaid/3g_delight.html)
Daily Delight 25 සඳහා අයවෙන්නේ 50MB සඳහා රු 25ක් විතරයි.
ඒත් මොබිටෙල් Broadband Zoom 1024 package පාවිච්චි කරන කෙනෙකුට 1.5GB සඳහා රු.1500 ක් වැය කරන්න වෙනවා.(downlink වේගය 1MBps)Zoom 512 package (downlink වේගය 512MBps)සඳහාත් කතාව වැඩි වෙනසක් නෑ( මූලාශ්‍රය http://mobitel.lk/broadband/offers.html)

මොබිටෙල් Daily Delight හා මොබිටෙල් Broadband package අතර ඇති තවත් වෙනස්කමක් තමයි Daily Delight දෛනිකව Activate කල යුතුවීම. Daily Delight මගින් 100MB ට වඩා දිනකට පාවිච්චි කරනවා නම් අයකිරීම් සැරයි.(1KB සඳහා ශත 1=1MB සඳහා රු10).

ම‍ට හිතෙන විදියට නම් මොබිටෙල් Broadband package පාවිච්චි කරන අයට අසාධාරණයක් වෙලා වගේ. නැත්නම් මොබිටෙල්ට වැරදිලාද එහෙමත් නැත්නම් HSPA package අයකිරීම් අඩු කරල Dialog HSPA එක්ක තරඟ කරන්නද හදන්නේ?

Related Posts
  1. මං මේ ගැන මොබිටෙල් එකෙන් අහලා බැලුවා. ඒගොල්ලෝ කියන විදියට මේ මාසය ඇතුළත postpaid මිළ ගණන් අඩු කෙරෙනවලු.

  2. මං හිතුවා. ඒත් Dialog Broadband අරගෙන අමාරුවේ වැටුනදෝ කියල හිතෙනවා.

  3. පහන්,මොබිටෙල් මෙකෙන් ගොඩක් බලන්නෙ පෙර ගෙවුම් පාරිබොගිකයො වෙනුවෙන්. අපි ගොඩක් අය mobile එකෙන් නෙට් යනවනෙ.ඉටින් කොහෙහරි යනකොට වුනත් 3G phone එකෙන් නෙට් යන්න පුලුවන්.එක ගොඩාක් වටිනව. HSPA සපොර්ට් කරන phone1k ටියෙනම් තවත් ලෙසි.බලන්නකො, DAta විතරක් නෙවි,අපිට Callsගන්නත් පුලුවන්.
    එක හරියට “සියලු රස සමගින් වගේ”
    ස්පීඩ් එකෙත් කිසිම අවුලක් නෙහෙ.මොබිටෙල් නියම packege1k ඩුන්න. මම මෙකෙ ලියන්නෙත් මගෙ mobile+Mobitel එක 3G හරහ ලෑප් එකට connect කරල..

  4. @ ක්‍රිෂාන්
    ඔබේ කතාව හරි ඒත් පසුගෙවුම් පාරිභෝගිකයිනුත් මොබිටෙල් සමාගමට අවශ්‍යයි නේද? මට හිතෙන විදිය‍ට පසු ගෙවුම් පාරිභෝගිකයට වැඩිය පෙර ගෙවුම් පාරිභොගිකයා ඉක්මනට සමාගම හැරයන්න පුළුවන්. ඒ නිසා මීට වඩා ඔව්න් ගැන හිතන්න ඕන.(මමත් පෙරගෙවුම් පාරිභෝගිකයෙක්). මම කියන්නේ නෑ ගාස්තු පහල දාපු එක වැරදියි කියල. මම කියන්නේ හැමෝටම ඒ සහනය ලබා දුන්නනම් හොඳයි කියල.

  5. කොහොමටත් පසු ගෙවුම් පාරිභෝගිකයන් ගැන සිතන්නෙ පෙර ගෙවුම් පාරිභෝගිකයන් ගැන සිතල.
    මොකද පසු ගෙවුම් සම්බන්ධතා ඇති අය වැඩිය ගාන ගැන බලනව අඩුයි. අනික බොහෝ අය ගෙවන්න ඕනි මුදල් ප්‍රමාණය දන්නෙ බිල ආවට පස්සෙ නෙ.

  6. @har
    ගෙවුම් පාරිභෝගිකයට වැඩිය පෙර ගෙවුම් පාරිභොගිකයා ඉක්මනට සමාගම හැරයන්න පුළුවන්. මොකද ඩිපොසිට් නෑ.
    මම පාවිච්චි කරන Dialog broadband සම්බන්ධතාවගේ මුලින් 3000 Deposit එකක් තියන්න ඕන මුල් මාසයේ බිලට තවත් මාසෙක ගාස්තු අයවෙනවා(හරියට මාසෙ මුලම මාසෙටම ගෙවුව වගේ) 4500 ක හිඟ මුදල් තිබ්බොත් සම්බන්ධ තාවය විසන්ධි කරනවා. සම්බන්ධතාවය හැර යනවා නම් අර මුලින් දීපු 3000 ලබා දෙනවා.
    මගේ 1490+ VAT ක බිල මම පාවිච්චි කළත් නොකලත් ගෙවන්න ඕන. අනිවාර්යයෙන්ම ඒක සමාගමට ලැබෙනවා. පෙර ගෙවුම් වගේ අස්ථාවර බවක් නෑ

  7. ඉතින් මේ මොබිටෙල් 3G පාවිච්චි කරන්න HSPA මොඩම් එකක් ඔනිනෙ. කොහෙන්ද ඒකක් ගන්න පුලුවන්??? කීයක් විතර වේද??

    දිනිදු
    dinindu.udara@hotmail.com

  8. @දිනිඳු උදාර
    මොබිටෙල් 3G පාවිච්චි කරන්න 3G modem එකක්ම අවශ්‍ය නෑ. 3G phone එකක් තිබුණත් හරි.HSPA මොඩම් එකක් mobitel එකෙන් ගන්නවා නම් 15,700 ක් විතර වෙනවා මොබිටෙල් එකේ නම්(http://eshopping.mobitel.lk/phones/ බලන්න)

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">