Hack කරන්න ගොස් Crack වෙන්න කැමතිද?

ශාකුන්තල‍ගේ විනෝදාංශයක්නේ Hacking ගැන ඉගෙන ගන්න එක. ඊයේ මට http://www.hackingservices.org/library/ සයිට් එක පෙන්නල කිව්ව hack කරන්න මේ DVD එක තිබුනනම් නියමයි කියල. මමත් ඉතිං ගිහින් බැලුවා.
Basic Knowledge Pack කියල එකක් ගැන විස්තර වගයක් තිබුන. email accounts(All the major e-mail providers), social networking websites (myspace,hi5,bebo,facebook and others) and
basic website hacking (online portals and forums running the most popular CMS and forum systems i.e. sites running on Joomla, phpbb ,SMF and others) අම්මෝ බලාගෙන ගියාම ඔය කියන Software එකේ කරන්න බැරි දෙයක් නෑ හැමදේම hack කරන්න පුළුවන්. සිතූ පැතූදේ ලබාදෙන කප්රුකක් වගේ. ඒ තියෙන විශේෂාංගවලට අමතරව Customer’s individual needs අනුවත් Software හදල දෙනවලු. පිස්සු හැදෙනවානේ ඉතින් ඕන කෙනෙකුට. (ඒ DVD එක ගන්න යූරෝ 290 ක් වියදම් කරන්න ඕන.) ඒත් බැලුවා තිබුන video එකත්. ඒකේ තිබුන yahoo mail account එකක් hack කරන විදිය ඔය කියන Basic Knowledge Pack එක භාවිතා කරලා.
මුලින්ම hack කරන්න ඕන mail account ID එක software tool එකට දාල encrypt කරපු password එක හොයාගන්නවා. ඊට පස්සේ ආයෙත් decode කියල button එකක් click කරල encrypt තරපු code එක decode කරනවා. එතකොට mail account password එක තිරයේ දිස් වෙනවා. බැලු බැල්මට හරි සරලයි ඇත්ත ව‍ගේ නේද? video එකත් බලන්නකෝ

සාමාන්‍යයෙන් software එකක් හදන්නේ user ට අඩුම clicks ගානකින් කාර්යය නිම කරන්න පුලුවන් විදියට. ඒත් ඇයි මේ software එකේ encript/decript කියල පියවරක් දාල තියෙන්නේ. ඒ සඳහා user ගේ මැදිමත් වීම අනවශ්‍යයයි . එක click එකේ වැ‍ඩේට click දෙකක් අවශ්‍ය ඇයි? මේ පියවර දාල තියෙන්නේ බලන කෙනාට විශ්වාසය ඇති කරවන්න. කෙටියෙන්ම මේක මහා ප්‍රෝඩාවක්. (අච්චර වැඩ දන්න ශාකුන්තලයටත් අහු උනේ නෑනේ)
තව විස්තර බලන්න forum එක පැත්තේ යන්න බැලුවත් forum එක විවෘත software එක සල්ලි දීල ගත්තු අයට විතරයි. සාමාන්‍යයෙන් software එකක feedback එකක් අනිවාර්යෙන්ම තවත් කෙනෙකුට ඒ software එක ගන්න හරි නොගන්න හරි බලපානවා. ඒත් ඒ ‍feedback ගැන දැන ගන්න තියෙන අවස්ථාවත් මෙම වෙබ් අඩවියේ නෑ.

mail account එකක් hack කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒත් network එකක අනිත් පුද්ගලයින් mail account එක access කරන වේලාවක වෙනත් පරිගනකයක සිට ඒවා බැලීම කිරීමට අපහසු දෙයක් නෙවෙයි. ඒත් මේ විදියට mail account එකක password එකක් හොයනවා කියන්නේ අතිශය අමාරු කාර්යයක්. (සමහර විට මාස ගනන් අවුරුදු ගනන් යනවා ඒත් hack කරන්න බැරි කමකුත් නෑ මම අහල තියෙන විදියට). mail account එකේ සැබෑ අයිතිකාරයා වරින් වර password එක වෙනස් කරනවා නම් වැඩේ තවත් දුෂ්කර වෙනවා.

මම විශ්ව විද්‍යාල පළමු වසරේ ඉගෙනගන්නකොට මට අහම්බෙන් වගේ ලැබුණා yahoo mail hack කරන්න පුලුවන් කියන ලිපියක් එකේ විදියට නම් අපේ yahoo password එක mail address එකකට යවනවා.(එකේ තිබුන විදියට ඒ mail එක yahoo server එකෙන් කියවල ප්‍රතිචාර ලබා දෙනවා). ඒ mail එකෙන් yahoo mail server එක රවට්ටනවලු. එහෙම රවට්ටල අපට අවශ්‍ය account එකේ password එක ගන්න පුළුවන්ලු. හික් හික් :D ඒත් ඇත්තටම වෙන්නේ අපේ mail account password එක වෙන කෙනෙකු අතට පත්වෙනවා කියන එකයි. අපේ password එක වෙන කෙනෙකුට ලබාදෙනවා කියන්නේ???පොඩ්ඩක් හිතල බලන්නකෝ ඒකේ භයානක කම ගැන. විශ්වාස දන්න අඳුනන කෙනෙක් නම් තව කමක් නෑ කියමු. තමන්නොදන්න කවදාවත් දැකලවත් නැති hacker කෙනෙකුට තමන්ගේ mail account password දුන්නොත් මොනව නොකරයිද? මමත් ඕක try කරල බැලුව අලුත් yahoo account එකක් හදලා. ‍මාස දෙකතුනක් ගියත් password එකක් නම් ආවේ නෑ. මේකත් මහා ප්‍රෝඩාවක්. ඇත්තටම මමත් මේකට රැවටුනා කිව්වොත් හරි ඒත් මම ඒ සඳහා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න පරිස්සම් උනා.

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

23 Comments »

 
  • ඩනිෂ්ක පවසන්නේ:

    As noted in the third edition of The New Hacker’s Dictionary (M.I.T. Press, 1996), Eric S. Raymond’s compilation of computer-related jargon, a hacker is “a person who enjoys exploring the details of programmable systems and how to stretch their capabilities, as opposed to most users, who prefer to learn only the minimum necessary.” The text also notes the original definition of the word: “someone who makes furniture with an ax.”

    Over the years, the term “hacker” came to be used to refer to people who used their knowledge of computers to break into other people’s systems to steal data and passwords and wreak havoc.

    Old-time hackers who do not condone such behavior refer to these intruders as crackers, but that usage has not gained wide recognition.

  • පහන් පවසන්නේ:

    @ ‍ඩනිෂ්ක
    ස්තුතියි මතක් කලාට
    hacker කෙනෙක් කියන්නේ තම විනෝදය පිණිස හා තම දැනුම වර්ධනයට විතරක් පරිගනක පද්ධති සදහා ඇතුලුවන ආදී දේ කරන්නෙක්. එහෙත් cracker කියන්නේ විනාශකාරී අරමුනු වෙනුවෙන් තම බුද්ධිය වෙහෙසවන්නෙක්. මම මේ ලිපිය ලිව්වේ ගොඩක් hackerලා ඉලක්ක කරලා මොකද අපි ගොඩක් දෙනා කැමතියි නේ hacking වලට.

    “තමන්නොදන්න කවදාවත් දැකලවත් නැති hacker කෙනෙකුට තමන්ගේ mail account password දුන්නොත් මොනව නොකරයිද?”
    මෙම කොටසේ hacker යන්න cracker යනුවෙන් වෙනස් විය යුතුයි
    ඩනිෂ්ක අයියා නැවතත් ස්තුතියි.

  • මම මචන් පවසන්නේ:

    @ ශකුන්තල
    ඇත්ත මම ඒගැන වැඩිය හිතුවෙ නැහැ ඔන්න මම මකලා දැම්මා.

  • පවසන්නේ:

    “Hack කරන්න ගොස් Hack වෙන්න කැමතිද” කියල වෙනස් කරමු.
    අපෝ මතක් කරන්න එප මෙයාල ගැන මේ දවස් වල අපේ වැඩ ඩබල් කරලා තියෙන්නේ.
    අහු උනොත් එහෙම උන් ඇවිල්ල සයිට් එකෙ මුල පිටුවට දාන කඩුවකින්ම කොටනවා

  • පහන් පවසන්නේ:

    “Hack කරන්න ගොස් අමාරුවේ වැටෙන්න කැමතිද” කියන එක
    “Hack කරන්න ගිහින් Crack වෙන්න කැමතිද?”
    කියල වෙනස් කලා

  • ශාකුන්තල පවසන්නේ:

    @මම මචන්,
    ඔන්න මාත් මැකුවා. :D

  • සරත් ගුණතුංග පවසන්නේ:

    අනේ පුතේ…………….. හිරේ යන වැඩක් ඕක

  • පහන් පවසන්නේ:

    @ සරත් ගුණතුංග
    කාටද මාමේ හිරේ යන වැඩක් කිව්වේ?? ශාකුන්තලටද?

  • ශාකුන්තල පවසන්නේ:

    නීතිය පැත්තෙන් බැලුවොත් hacking නීති විරෝධී වෙන්න හෝ නොවෙන්න පුළුවන් කරන වැඩේ ස්වභාවය අනුව. හැබැයි cracking නීති විරෝධීයි. ඔය email hacking කියන වැඩේ ඇත්තටම අයත් වෙන්නෙ cracking වලට. දඬුවම් ලැබිය හැකි වරදක්.
    මේ කොයිකත් දැනගෙන ඉන්න ඕන. මොකද හොරෙක් අල්ලන්න පුළුවන් හොරෙක් හිතන විධියට හිතන්න ඉගෙනගත්තොත් විතරයි. (මම කියන්නෙ cyber forensics වලට අදාලව)

    • Wathsala පවසන්නේ:

      According to definition any form of Hacking is legal (Hackers respect local laws). If you are talking about any illegal hacking then that is cracking. Cracking is illegal. Cyber forensics is done in Cyber forensic labs, those are not connected to the Internet. Public infrastructure cannot be used for learning tasks; in some places even an unsolicited port scan is illegal. Attempting things on public infrastructure is cracking and that is illegal in most part of the world. Hackers are respectable people they are clever programmers and they have diverse interests not only in cyber forensics but in many other areas. There are hackers who modify ECUs of vehicles, some make small rockets and UAVs for fun, there are hackers who try to modify their own set – top box, etc. Hackers who are interested in forensics are not real hackers any more they are just paid programmers working for big companies to fix problems in their software (this is the case with FOSS as well). Rest of the folks who thinks hacking has something related to security exploits only are identified as script kiddies.

  • ඩනිෂ්ක පවසන්නේ:

    තමාට අයත් නොවන විද්‍යුත් තැපැලක් කිය වීමත් වැරද්දක්.

  • සරත් ගුණතුංග පවසන්නේ:

    සාමාන්‍යයෙන් hack කරන ඕන කෙනෙකුට

  • පහන් පවසන්නේ:

    @ සරත් මහත්මයා
    වෙද මාමේ අපි හොඳ ළමයි අපි නරක වැඩ කරන්නේ නෑ.
    මම දන්න තරමින් පිටරවල hacking උගන්වන විශ්ව විද්‍යාල පවා තියෙනවා මෙහේ නැති උනාට

  • Anonymous පවසන්නේ:

    පාස්වර්ඩ් හැක් කරන්න තියන ලේසිම ක්‍රමය තමයි අනිත් කෙනාගෙ දුර්වල කම් වලින් ප්‍රයෝජන ගැනීම. පොඩි තාක්ෂනික දැනුමක් විතරයි ඕන වෙන්නෙ.

    නොමිලේ මොනවහරි දෙනව කියල ගූගල් හරි යාහු හරි පාස්වර්ඩ් එක ගහන්න, ඒහා සමාන ලොගින් බොක්ස් එකක් දුන්නම හුග දෙනෙක් දෙපාරක් හිතන්නෙ නැතිව පාස්වර්ඩ් දෙනව. සේවා සපයන්නා දෙන API බාවිතා කරන ඒක රියල් ටයිම් වැලිඩේට් කරන්න හැදුවනම් විෂ්වාසය වඩාත් තහවුරු වෙනව.

    තවත් ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි එකම පාස්වර්ඩ් එක හැම තැනදීම පාවිච්චි කිරීම. අපි සැබෑ ජීවිතේදි හොදින් දන්න අයගෙ පාස්වර්ඩ් හොයාගන්න එක හරිම ලේසියි. ඒ අපි ඔවුන් හිතන පතන වැඩ කරන විදිහ හොදින් දන්න නිසයි.

    තව දෙයක්, තමන්ගෙ ගෑනු ලමයගෙ මේල් එකටනම් හොරෙන් ලොග් වෙන්න එපා. අන්තිමට රන්ඩු වෙලා කලකිරීමෙන් තමයි නවතින්න වෙන්නෙ. හුග දෙනෙකුට තියෙන්නෙ හරිම දෙබිඩි ජීවිත. මේල් එකවුන්ට් බැලුවම මිනිස්සුන්ව එපාවෙනව :(

  • සරත් ගුණතුංග පවසන්නේ:

    මම දන්නව ඔයගොල්ල එහෙම නරක ලමයි නෙවෙයි, මම අවවාදයක් දුන්නෙ වැඩිහිටියක් හැටියට.

  • ආගන්තුකයා පවසන්නේ:

    අවුලක් නෑ වෙද මාමේ මාමා ඉන්නකම් අපි නොමග යන්නේ නැතිවෙයි… නොමග ගිහින් අඬු කඩා ගත්තාම එහෙත් ටිකක් වුනත් ගන්න පුලුවන්නේ ( විහිළුවක් )දැන් හමෝම සරත් මහත්තයට කියන්නේ වෙද මාමා කියලා ඔන්න…. මම නම් ඕවට නෑ…………..

  • තිලිණ පවසන්නේ:

    මමත් හුගක්‌ සිංහල ලිපි වල දැකල තියෙනවා hacking/cracking වචන වැරදියට පාවිච්චි කරන තැන්. (මේ ලිපිය ගැන නෙවෙයි කිව්වෙ). gmail hacks සදහන් වූවොත් එයින් බොහෝ විට අදහස්‌ කරන්නේ වෙන අයෙකුගේ gmail account එකට ඇතුල් වීම නොව, තමන්ගේම gmail එක තවත් නම්‍යශීලී සහ පහසු ලෙස සකස්‌කරගතහැකි ක්‍රම ගැනයි.

  • vpsupun පවසන්නේ:

    පහන් මල්ලී,
    පිටරට නෙවේ. අපේ රටේ, අපේ විශ්ව විද්‍යාලයේත් දැන් hacking උගන්නනවා. ඒකට හැබැයි කියන්නේ හැබැයි cryptography කියලා. hacking ම නෙවෙයි. hacking කරන්නේ කොහොමද?, ඒවායින් ගැලවෙන්නේ කොහොමද? ඒවායේ තියන න්‍යායික පැත්ත, කියන කරුණු තමා ඒකේ උගන්නනනේ.
    ඉතිං ඒ විෂය හරියට කරන්න නම් hacking කරන්නම ඹ්න. මම නම් යාලුවන්ගේ gmail, facebook accounts එහෙම ආක්‍රමණය කරල තියනවා. ඒවා මල්ලි කිව්වා වගේ ලේසි නෑ තමා. ඒත් න්‍යායික කරුණු හරියට ඉගෙන ගෙන, ප්‍රායෝගික අභ්‍යාස මහන්සි වෙලා කරන‍ව නම්, hacking කියන්නේ මහ ලොකු දේවලුත් නෙමේ.
    ඒවාට tools එහෙමත් සෑහෙන්න තියන‍වා. ඒවා පාවිච්චි කරන්නත් දැනුම ඕන. මොකද ඒවා ගොඩාක් ලස්සන GUI තියන, user friendly ඒවා නෙවෙයි. මහන්සි වෙනවා නම් ඔන කෙනෙකුට hacker කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් කවදාවත් HACKER කියන නමට අගෟරව වෙන විදියේ වැඩ නම් කරන්න එපා. අන්තිමට තරුණ කාලේ හිර කූඩුවෙ තමා ගත කරන්න වෙන්නේ. අපේ cryptography විෂයේ පලමු පාඩම තමා ඒක. crypto හරියට ඉගන ගන්න ඉගන ගන්න අපේ කිසිම යාලුවෙක් ඒ දේවල් වැරදි විදියට පාවිච්චි කරන්නේ නෑ.
    ලබන සතියේ අපට assignment එකක් තියන‍වා. ඒකේ කරන්න තියෙන්නේ අ‍පේ sir දෙන site එක hack කරල පෙන්නන එක. ඉතිං මේ දවස් වල අපි පණ ඇරගෙන hack කරන්න පුරුදු වෙනවා. ඒත් තාම කිසිම ලමයෙක් ඒ දැණුම වැරදි විදියට පාවිච්චි කරන්නේ නෑ.
    අනික අද තාක්ෂණය ගොඩාක් දියුණුයි. නරක hackers ලා අල්ලා ගන්න එකත් එච්චර අමාරු නෑ. ඒ වගේම ඒවාට නීති පවා සම්පාදනය වෙලා තියෙන්නේ. අද කාලේ නරක hacker ලා HACK කරන‍වාට වඩා මහන්සි වෙනවා, පොලීසියෙන් ගැලවිලා ඉන්න. ලංකාවෙ අයට ඒවා අල්ලන්න බෑ කියල හිතන්න වත් එපා. පරිගණක අපරාධ කරුවන් අල්ලන්න Ethical Hackers ලා ලංකාවේ දැං ඉන්නවා. අල්ලාත් තියනවා.
    ඉතිං hack කරන්න, ඒවා ඉගන ගන්න, ආසා අයට ඒවා ඉගන ගන්න පුලුවන්. ඒවාට ඔනෑ තරම් e-books, tools අන්තර්ජාලයේ තියනවා. හැබැයි ඒවායින් වැරදි වැඩ කරලා, පහන් මල්ලී කිව්වා වගේ “Hack කරන්න ගොස් Crack වෙන්න ” නම් එපා.

    ‘සුපුන් අයියා’.

  • පහන් පවසන්නේ:

    අනේ සමාවෙන්න නොදැන කළ ප්‍රකාශයට. බොහොම ස්තුතියි සුපුන් අයියේ අදහස් දැක්වීම‍ට.
    හ්ම් එහෙනම් අපිත් ලබන අවුරුද්දේ නිල වශයෙන් hacking ඉගෙන ගන්නවා. නියමයි නියමයි. මේ ලබාගන්නා දැනුම අන්‍යයන්ගේ යහපත සඳහාම මිස අයහපතට නොයොදවමි.

  • ශාකුන්තල පවසන්නේ:

    අපූරුයි නොවැ. UCSC අවුරුදු එකහමාරක් ඉඳලත් මම ඒක දන්නෙ නැහැනේ… Crypto තරම් ආතල් විෂයයක් ලෝකේ තවත් නැතුව ඇති… ඒ ගැන හදාරන්න අපේ විශ්වවිද්‍යාලය facilitate කරන බව මම කලින් දැනගෙන හිටියෙ නැහැ.

    පහන් දීපු ප්‍රතිඥාව මමත් දෙන්නම්…

    මේ ලබා ගන්නා දැනුම ලොවේ යහපත පිණිස මිස අයහපත සඳහා නොයොදවමි.

  • Angelo පවසන්නේ:

    hack karana aka godak amarui….but virus walin hari trojan walin hack karanda puluwan…vb6 or .net walin hadanda puluwan….net walin godak puluwn..but user wa andanda ona…

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin