අනේ ඇයි කොමා අපිට මෙහෙම කරන්නේ?

කොච්චර වැඩ තිබුණත්, විභාගයක් අතළඟ උනත්, මේ සටහන ලියන්නේ විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ඇතිවූ කළකිරීම නිසාය.

2008 උසස්පෙළ විභාග ප්‍රතිපල නිකුත් කරනවා කියල news වලට කියන්න පටන් ගත්තේ ඊයේ නැත්තම් පෙරේදා. එතැන් පටන් හැම ප්‍රවෘත්ති විකාශයක වගේ මේක ප්‍රවෘතියක් වෙලා හැබැයි ප්‍රතිපල නම් නිකුත් කරන පාටක් නෑ වගේ. ඒ‍ වෙලාවේ ඉඳල ගෙදරින් විනාඩි 5න් 5ට call කරනවා මල්ලිගේ results බලන්න කියල. මටත් දැන් එපාවෙලා ඉන්නේ. මේ දැන් ප්‍රවෘත්තිවලටත් කියල results නිකුත් කරා කියල ඒත් internet එකේ නම් නෑ.

මේ සෙල්ලම හැමපාරකම වගේ සිද්ධවෙන දෙයක් නිසා පොඩි සැකයකුත් තියෙනවා ඇයි මෙහෙම කරන්නේ කියල. හැබැයි ඉතිං එකපාරටම ප්‍රතිපල දැම්මම කිසි අගයක් නෑ තමයි. කොමාට පැය 1/2න් 1/2 රූපවාහි‍නියේ මූණ දාගන්නත් බැරිවෙනවානේ. තව අපේ ජංගම දුරකතන සේවා සපයන්නටත් සෑහෙන්න වාසි ඇති. ඇයි ඉතිං සැරින් සැරේ SMS කරලා බලනවානේ. රුපියල් දෙක ගානේ කී දාහක් SMS කරනවා ඇද්ද?. ප්‍රතිපල දාල ඉවරවෙලා TV එකේ කිව්ව නම් මොකද වෙන්නේ? කාටවත් ඒකේ අගයක් නැතිවෙනවා. කවුරුවත් SMS එකකට වඩා යවන්නේ නැතිවෙනවා. ඇයි තව මේ වගේ දෙයකට ඇරෙන්න පැත්ත පළාතේ කවුරුවත් එන්නේ නැති site එකට මුළු ලංකාවම සතියක් විතර ඇහැ ගහගෙන. Site එකේ ඔය Ad දෙක තුනකුත් තියෙන්නේ ඒවා බලන්නත් කවුරු හරි ඉන්න ඕන නේ. හිතල බලනකොට සාධාරණ සැකයක් ඇතිවෙනවා කොමා ගැන.

මම උසස්පෙළ විභාගේ කරපු අවුරුදු දෙකේත්(2005,2006) ඔහොම තමයි ප්‍රතිපල නිකුත් කලේ දවස් දෙකකට විතර කලින් results දානවා කියල internet ගිහින් බලල බලල හෙම්බත් වෙලා ඔය මඟුළ ආපුවෙලාවක බලනවා කියල අත්තැරල දාපුවෙලාවක results දාලා තිබුනේ. සාමාන්‍යපෙළ නම් මොනව උනාද කියල මට මතක නෑ. විභාග ප්‍රතිපල නිකුත් කරන කාලෙටනම් වගකිවයුත්තන්ගේ මවුපියන් සෑහෙන්න බැනුම් අහනවා ඇති. මොනව කරන්නද ඉතිං අවුරුදු 13 ක් වෙච්ච මහන්සියේ ප්‍රතිපල බලාගන්න ‍ගොඩක් අය ආසයිනේ. අනිත් එක ඒ දරුවෝ හදා වඩා ගත්ත දෙමවුපියෝ බලාපොරොත්තු පොදි බැඳගෙන ආසාවෙන් බලන් ඉන්නවා. ඒ දවස්වල ගෙදර internet තිබුනේ නැති නිසා යාළුවෙක්ගේ ගෙදර ගිහින්, http://www.doenets.lk/ පිටුව refresh කර කර හිටපු හැටි තාමත් අදවගේ මතකයි.මේ වෙලාවෙත් මල්ලිගේ ප්‍රතිපල බලන්න refresh කර කර ඉන්නේ අම්මට කිව්වා ප්‍රතිපල ආපුවෙලාවක බලලා call කරන්නම් කියලා.

2005 MCQ එකක් නිසා ළමයි ගොඩක් අසරණ උනා. යනඑනමං නැතිඋනා. chemistry ආයෙත් ලියන්න බෑ කියල විභාගේ අත්හරින්න සූදානම් වෙච්ච අය ගොඩක් හිටියා. මටනම් ඉතිං අවුලක් උනේ නෑ මොකද මම කිසිදෙයක් එච්චර ගනං ගන්නේ නැති නිසා සහ කොහොමත් මම නැවතත් විභාගයට සූදානම් වෙමින් සිටි නිසා. ඒත් මුලින් රසායන විද්‍යාවට තිබුණු S එක වෙනස්වෙලා C එකක් ආවා. මම දන්න හැමෝගෙම වගේ ප්‍රතිපල වැඩි උනා. island rank එක දහස් ගණන් වලින් වැඩි උනා. මාතර දිස්ත්‍රික්කයෙත් කතාව මේහා සමානයි. සමහර පළාත් වල නම් ප්‍රතිපල අඩු උනා කියල ආරංචි උනා.(කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධානයි). අන්තිම කොහොම හරි ගාල්ලේ මුල් ප්‍රතිපල වලින් 30ක් වත් engineering යන්න බැරි පාටක් ‍තිබුනේ ඒත් දෙවැනි පාර ඇත්ත ප්‍රතිපල ආවම 80ක් විතර සුදුසුකම් ලබලා. ඒවැරද්ද කලින්ම නිවැරදි කරල කාටවත් අසාධාරණයක් නොවෙන්න කතාව අවසන් කරන්න තිබුනත් ඒක විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කරගන්නා cutoff marks එනකම්ම පල්වෙවී තිබුණු නිසා හැමොටම සාධාරණය ඉෂ්ඨ කරන්න බැරිඋනා.(මේ මගේ මතයයි)කොහොමහරි අන්තිමට විශ්ව විද්‍යාලවලට වැඩියෙන් සිසුන් ගත්තා තිබෙන පහසුකම් ප්‍රමාණවත් නොවුණත්. පහසුකම් ලබාදෙන්න ප්‍රතිපාදන ලබා දුන්න කියල නම් කිව්වා තමයි. ඒත් ඇයි එහෙනම් හැමදාම විශ්ව විද්‍යාලවලට ඒවගේ ප්‍රතිපාදන ලබාදීල වැඩි වැඩියෙන් සිසුන් ඇතුලත් කරගන්න බැරි? OMR යොදාගෙන ලකුණු කල අනෙක් විභාග ප්‍රතිපල ගැනත්(2005 යනු OMR යොදාගෙන පිළිතුරුපත්‍ර ලකුණු කල ප්‍රථම අවුරුද්ද නොවේ) කෙනෙකුට සැකයක් ඇති වෙනවනම් ඒකේ පුදුමයක් නෑ.

මේසැරේ OL ගණිත පේපර් එකකත් පිස්සුවක් කෙළියා හැමෝම එකතුවෙලා. අන්තිමට ගණිතය ආයෙත් තියෙනවලු. පළවෙනි ගනං පේපර් ‍එකෙන් සිද්ධඋන මානසික පසුබෑමත් එක්ක තවත් පේපර් එකක් ලියන්න පුළුවන්ද? ඒ ඇතිවුණු ඍණ මානසිකත්වය හදන්නේ කව්ද? මේකත් හරියට මයික් ටයිසන් එක්ක පොඩි එකෙක් බොක්සිං තර‍ඟෙකට තියල පොඩි එකාට පූර්ව දැනුම් දීමක්වත් නැතුව. ටයිසන් ඉතිං පොඩි එකාට මදි නොකියන්න නෙලනවා කාලෙකට නැඟිටගන්නත් බැරි වෙන්නම. පැරදුනාම පොඩි එකාට ආයෙත් සූදානම් වෙලා එන්න කියල ටයිසන්ම දාල ආයෙත් ගස්සනවා වගේ වැඩක් නේ. මේකෙන් සිසුන්ට වැටුණ කොමාව තිතක් නෙවෙයි කියල හිතල දැනට හිත හදාගමු.

මෙහෙම ගියොත් මහන්සිවෙලා ගන්න උසස් පෙළ සහතිකයත් වැඩක් නැතිවෙයි. විභාග දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය හැමෝගේම හිත්වලින් මැකිල යන නිසා. තව ටික දවසක් උසස්‍ පෙළ සහතිකේ පෙන්නුවම කියයි මේ සහතිකේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු එකක් නිසා අපිට පිළිගන්න බෑ කියල. අපේ 2005 විභාග ජරමරේ වෙලාවේ, අපිට උගන්නපු ගුරුවරයෙක් මෙහෙම කිව්වා “ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් රාජ්‍ය ආයතනයකට තිබුනේ විභාග දෙපාර්තමේන්තුව විතරයි. හැබැයි දැන් ඒකත් ගන්න දෙයක් නෑ ” කියල.

හැබැයි කොමසාරිස් තුමෝ මේක මතක ‍තියාගන්න ඔබතුමාල‍ගේ බොක්සිං පාරවල්වලින් බැට කන්නේ රටේ අනාගතය බාරගන්න දරු දැරියන් විතරක් නෙවෙයි දහදුක් විඳල ඒ දරුවෝ ලොකුමහත් කරපු දෙමව්පියොත් ඉන්නවා කියල ‍හොඳට මතක තියාගන්න. මේගොල්ලන්ට පඩි ගෙවන්නේ ඔවුන් ගෙවන බදු වලින් නෙවෙයිද මන්දා.

රටේ අනාගතය භාර ගන්න සිසු පරපුරට තෙරුවන් සරණයි.

Related Posts
  1. සුපුන් සුදාරක

    විභාග දෙපාර්ත‍මේන්තුව දැන් එන්න එන්නම අල වෙනවා. ඒ ගැන ඉතින් කතා… කරන්නත් අප්පිරියයි. දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි කරන්න තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුව වහලා දාලා, එතැන කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවක් පටන්ගන්න එකයි. මටත් ආරන්චි විදිහට ඉස්සර තිබ්බ විශ්වාසවන්තම ආයතනය, හරිම ක්‍රමවත් ආයතනයක්ලු විභාග දෙපාර්තමේන්තුව. ඒකට දැන්! අනේ කාලේ වනේ වාසේ කිව්වාලු… කොහොමහරි මම අලුත් බිස්නස් එකක් පටන් ඇරගන්නයි ඉන්නේ. ඒ… ලණු, කඹ, වස විකිණීම. එතකොට මට පුළුවන් මේ විභාග ලියලා ඉවරවෙච්ච දවසටයි, ප්‍රතිඵල ආපු දවසටයි හොඳ ගානක් හොයාගන්න. නැද්ද මං අහන්නේ? මම වෙබ් අඩවියකුත් විවෘත කරන්නයි ඉන්නේ එතකොට අන්තර්ජාලයෙන්ම ඇනවුම් කරතෑකි නෙව… ;)

  2. චතුර වික්‍රමරත්න

    අන්න දැන් නම් ඇත්තටම දාලා. . .

  3. @ සුදාරක
    විභාග දෙපාර්තමේන්තුවේ එක්ක සෙට් වෙලාම business එක කරමු. results එන ඇත්ත කාල වකවානු ගැන හරියටම දැන ගන්න පුළුවන්වෙයි. විභාග දෙපාර්තමේන්තුවේ site එකේ පැත්තකින් මල්ලිගේ බිස්නස් එකේ ඇඩ් එකකුත් දාමු. :D

  4. සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath

    මෑත අතීතයේ අපි හැමෝම මේ කට්ට කෑවනේ.
    මේ වෙබ් අඩවියේ ඩයලොග් වෙළඳ දැන්වීම් කීපයකුත් තියනවා. වෙබ් අඩවියෙන් ප්‍රතිපල දෙන්න කලින් ඩයලොග්ලා ජංගම දුරකතන වලින් sms හරහා ප්‍රතිපලත් දෙනවා.මේ සිදුවීම් එකිනෙකට සම්බන්ධද මන්දා….
    මට තව ආරංචියක් හම්බ උනා යාළුවෙක්ගෙන් උගෙ නංගි කෙනෙක්ට අන්තර්ජාලයෙන් බලපු ප්‍රතිපලය එකක්ලු පාසලෙන් බලාපු ප්‍රතිපලය තව එකක්ලු…..

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">