අඹ යහළුවන් ඕනෑකර තිබේ

ඔබ පොරක් නොවීම අත්‍යාවශයය.
ඒ මම පොරක් නොවන නිසාය.
මම පොරක් යැයි ඔබ සිතන්නේ නම් ඔබ පොරක් නොවේ.
සියල්ල සාපේක්ෂය.
මට පොරක් වීමට අවශ්‍ය නැත.
එහෙත් ඊර්ෂ්‍යාකාරයෝ නුරුස්සන්නෙක්මි.

විභාගයක් අත ලග තිබියදී බ්ලැක්මේල් කරමින් දින ගනන් ඇදී යන නපුංසක ගොන් පාට් නොදමන,
තමන් සිටින වලෙන් ගොඩ ඒමට උදවු කලවිට යහළුවාද එම වලට දමා ගැනීමට මාන නොබලන,
පිටස්තරයන් ඉදිරියේ යහළුවන්ට අපහාස කර කාලකන්නි සතුටක් නොලබන (උපහාසය ඉතා හොඳින් හඳුනමි),
වචන දෙකක තුනක් වැයවන උපන්දින සුබ පැතුමකට වඩා පාටියක් ගැනීම වඩා වැදගත් ලෙස නොසලකන,
“මචන් පොඩි උදව්වක් කරපන්” යැයි ළඟට කතාකර අමුතිත්ත කුණුහරුපයෙන් සංග්‍රහ කිරීමක් නම් විහිළුවක් ලෙස සැලකිය හැකි නමුත් “අනේ මෙහෙමත් බූරුවෙක්” යන සිතිවිල්ල සිතේ ඇතිකර නොගත්,
මම පටන් ගත් සංවාදයකට මැදින් පැන “උඹ මැදින් පැනල කෑව බං ඒක” යැයි නොකියන,
වැරදෙනකම් බලා සිට “උඹ නම් මහ බූරුවෙක්”,”උඹ මන්ද බුද්ධිකයෙක් බං” යැයි කීව ද කම් නැත ඒත් මම නැති තැන එසේ විවේචනය නොකරන…

අඹ යහළුවන් ඕනෑ කර තිබේ.

අනුන්ගේ credits වලින් මට ඇති ඵලක් නැත.
මට ලැබිය යුතු credits මටම නොලැබෙන්නේ වුවද කම් නැත.
එහෙත් මට ලැ‍බෙන credits දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නේ නම් ඔබ සුදුසු නැත.

Related Posts
Leave a comment ?

17 Comments.

  1. චතුර වික්‍රමරත්න

    මොකද බන් මේ??? මොකද උනේ?

  2. මොකද්ද ඒකේ තේරුම? ඇත්තටම මොකද්ද වුණේ අයියේ? මොකක් වුණත් පහු බහින්න එපා, කල්‍යාණ මිතුරන් සොයා ගන්න අමාරුයි තමා.

  3. මුහම්මද් හසන්

    ඕකටනේ කියලා තියෙන්නෙ…
    ‘සමාජය විසයි, තනියම සැපයි’
    මොනවා උනත් සැලෙන්න එපා.. නැට්ට පිටින් අලි මැරෙන කොට ඔව්වා මොනවද අප්පා..

    හුඟක් අයගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්.. යහලුවන්ගේ උනත් එහෙමයි. ඕන දෙයක් අතේ දුරින් තබාගැනීම ශරිර සෞඛ්‍යට වගේම නුවනටත් හුරු…

    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත, යහළුකම් උවත්.

  4. මොකක් හරි ලොකු සීන් එකක් වගේ !

    සැලෙන්න එපා.

  5. නිලන්ත පියසිරි

    කිසි දෙයක් ගණන් ගන්න එපා කොල්ලෝ. හිත හැදෙන්න මොකක් හරි අළුත් වැඩක් කරන්න.

  6. “ඔබ අවට සිටින හැම දෙනම – තමන්ගේ හිස් අවුල් කරගෙන
    එහි දොස් ඔබට පවරන විට,
    ඔබට තම හිස අවුල් නොකරගෙන සිටිය හැකි නම්

    අවට සැම දෙනම – ඔබව සැක කරන විට
    ඔබට,
    තමා ගැන විශ්වාස කළ හැකි නම්
    ඔබට එසේ කිරිමෙන් වෙහෙසට පත් නොවී
    බලාපොරොත්තුවෙන් සිටිය හැකි නම්

    අනුන් ඔබ ගැන බොරු කියන විට,
    ඔබට බොරු නොකියා සිටිය හැකි නම්

    අනුන් ඔබට වෛර කරද්දී,
    වෛර නොකර සිටිමට ඔබට හැකි නම්

    එහෙත්,
    අවැසි පමණට වඩා හොඳ බවක්වත්
    ප්‍රඥ්ඥාවන්ත බවක්වත්
    නොපෙන්වා සිටිය හැකි නම්

    සිහින දැකීමට හැකි වුවත්,
    සිහින ඔබේ ස්වාමියා – නොකරගෙන සිටිය හැකි නම්

    ඔබට සිතිය හැකි නමුත්,
    චින්තනය ඔබේ – පරමාර්ථය නොකර ගැනීමට හැකි නම්

    ජය පරාජය දෙකට මුහුණ දී
    ඒ ප්‍රතිරෑපක බොරුකාරයින් දෙදෙනාටම
    එකසේ මුහුණ දිය හැකි නම්

    ඔබ කියු සත්‍යය – දුර්ජනයින් විසින් විකෘතිකොට
    මෝඩයන් හසුකර ගන්නා – උගුලක් ලෙස යෙදුවැයි
    අසා දරා සිටීමට හැකි නම්

    ඔබ මුළු දිවියම ගතකර ගොඩනැගූ දේ
    කැඩී සුණු විසුණුවී ගිය විට,
    පහත් වී නැවතත් ගෙවීගිය මෙවලම්වලින් වලින් පවා නැවත
    තැනීමට ඔබට හැකි නම්

    ඔබ දිනු සියලු දෑ එක ගොඩකට ගසා
    එක ඔට්ටුවකට තබා පැරදී,
    නැවත මුල සිට ඇරඹීමට හැකි නම්
    ඒ පාඩුව ගැන වචන මාත්‍රයක්වත්
    නොදොඩා සිටීමට හැකි නම්

    ඒවායේ ශක්තිය හීනවී ගොස්
    ‘සිටුව,නැවත වැඩ කරව්’ යැයි
    කීමට පමණක් ඉතිරිව ඇති ශක්තියෙන්
    තමාගේ හදවතට,
    ස්නායුවලට හා බල නහර වලට අණ දීමට ඔබට හැකි නම්

    ‘රුඳී සිටුවයි’ කීමට වඩා ශක්තියක්
    ඔබ තුළ ඉතිරිවී නැතිවුවද,
    වැඩ ඉසව්වේ රැඳී සිටීමට ඔබට හැකි නම්

    තමාට වඩා පහළින් සිටින – ජනයා සමඟ ඇසුරු කළත්
    තමන්ගේ උසස් ගති – කෙළෙසා නොගෙන සිටීමට හැකි නම්

    රජුන් සමඟ උරහිස් හැප්පුවත්
    සාමාන්‍ය ගති නැති නොකරගෙන – සිටින්නට හැකි නම්

    සතුරකුටවත් හිතැති මිතුරෙකුටවත්
    ඔබට, හානියක් කිරීමට නොහැකි නම්

    සියලු දෙනාම ඔබ ගැන බලාපොරොත්තු තැබුවත්
    කිසිවෙක් ඕනෑවට වඩ එසේ නොකරන්නේ නම්

    සමාව නොදෙන සෑම මිනිත්තුවකම
    තප්පර හැටක දිවිල්ලෙන් ඔබට පිරවිය හැකි නම්

    මේ මුලු පොළව හා එහි ඇති සියල්ල ඔබගේය
    ඒ මතුද නොව, මාගේ පුත
    නුඹ මිනිසෙකි.” — IF (Rudyard Kipling)

    දිග වැඩි නම් මකලා දාන්න.
    ගොඩක් වේලාවට මම නම් හිතහදා ගන්නේ ඔය විදියට හිතලා. නැතිනම් ‍මේ ජීවිතේ මහ දුක් ගොඩක් වෙනවා. කො‍හොම වුනත් ගනන් ගන්න එපා,

  7. ලැබුනොත් මටත් කියන්න.. ඒත් ඔයා කවදාවත් කියන එකක් නෑ..!

  8. ado nikan loku seen danna epa harida, sinhala bari nisa mehema gahanne,blog liwwata pora venna.porathvaya labenne ibemai.aththatama eke athi deyak na,

  9. බම්බුවා ලෙඩක් දාගෙන වගේ… මම උඹේ අඹ යාලුවෙක් නොවුනත් උඹට මූණට අම්බානක බැනලා ඇති “තොට ඉක්මනට කරන්න බැරිද යකෝ” මාත් එක්ක කිරීම කියන්නේ බැනුම් ඇහීමක් තමා.. බනින්නෙ බොරුවටනේ මචං…. ඇත්තටම මොකද වුනේ….

  10. @ආගන්තුකයා
    උඹ මේ අහක යන තොප්පියක් දාගන්න හදනවා.

    @Anonymous
    උඹට සිංහල බැරි බව නම් පේනවා. compiler එක හොඳටම අප්සෙට් වගේ. මම කිව්වද බ්ලොග් ලිව්වට පොරක් වෙනවා කියලා?
    “මට පොරක් වීමට අවශ්‍ය නැත.
    මම පොරක් යැයි ඔබ සිතන්නේ නම් ඔබ පොරක් නොවේ.”

    පොරත්වය ගැන උඹ මෙහෙම කතා කරන්නේ උඹ මහලොකු පොරක් වෙන්න ඇති.
    “porathvaya labenne ibemai.aththatama eke athi deyak na,”
    හරි උඹ පොර. අපි බූරුවෝනේ

  11. මචෝ උඹත් මාර ඉල්ලීම් නේ ඉල්ලන්නෙ.වෙන කවුරැවත් නෙවෙයි තමන්ගෙ අඹ යාළුවා තමන්ම තමයි.අනිත් අය බොහෝ වෙලාවට අඹගහට එන වවුලෝ වගේ.වවුලොත් එක්ක ඉන්නකොට පොඩ්ඩක් එල්ලිලා ඉන්න පුරැදු වෙයන්.
    හොදම දේ තමයි පුළුවන් නම් තමන් විදියට හිතන කෙනෙක් හොයාගන්න ට්‍රයි කරපන් විශේෂයෙන් අඹ යෙහෙලියක්.(මටත් තාම නෑ බං)
    අර කතාවට නම් මම එකග නෑ.උඹත් පොරක් වෙන්න ඕන.අපි කවුරැත් එක එක විදියේ පොරවල් වෙන්න ඕනමයි…!

  12. @ gangster
    උඹ හරි මචං. මට මෙච්චර කාලයක් ගියානේ ඕක තේරුම් ගන්න.

  13. “තම හිසට තම අතම‍ය සෙවනැල්ල”
    අප බොහෝ දෙනෙකුට ජීවිතයේ එක් වරක් හෝ අවබෝධ වූ / වන සත්‍යක් තමයි මෙය. හැකිතාක් අවම සබඳතා සමග ජීවත් වීම‍ට පුරුදු වෙන්න. නිදහස් ජීවිතයකට පහසුම මග එයයි.

  14. Is there any online application form for this post that I can fill out?

  15. උඹට මේ බ්ලොග් එක නිසා වෙන අපහාස ගැන මගේ කනගාටුව…

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">