කැලැන්ඩර් අවුරුද්දේ ලියන පළමුවෙනි බ්ලොග් සටහන නිසා ” සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!” කියලම පටන් ගන්නම්.
torrent මගින් files download කරන හැටි ගැන හැමෝම දන්නව ඇති. torrent මගින් file එකක් download කරන්න යන කාලය අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් imageshack.us torrent drive මඟින් සපයනවා. මුලින්ම imageshack මගින් අපිට අවශ්‍ය file එක හෝ කිහිපය download කරගෙන පසුව අපිට සාමාන්‍ය විදියට ඒවා බාගත කරගන්න දෙනවා. ඒ ගැනත් බොහෝ දෙනෙක් දන්නවා ඇති. ඒක් දැන් දැන් free user කෙනෙකුට නම් file එකක් තමාගේ torrent drive එක වෙත torrents එකතු කරගන්න නොහැකි තත්වයක් උදාවෙලා.
මේක මඟහරවගෙන යන්තම් torrent එකක් දාගන්න විදියක් මට හම්බ උනා. මම නම් ඉතිං බොහොම කලාතුරකින් තමයි torrent එකක් දාන්නේ. ඒත් ඉතිං කලාතුරකින් හරි දාන torrent එක වැඩ නොකළාම අප්සට් නිසා google ට කියල මේ ක්‍රමේ හොයාගත්තේ.
imageshack වලට ගිහිල්ලා download කරන්න අවශ්‍ය file එක ලබා දුන් පසු page එක refresh කර කර හිටියාම බොහෝ වෙලාවට torrent එක add වෙනවා. ඒත් මේක හරි වදයක් නිසා පහත ක්‍රමය වඩා ප්‍රයෝජනවත් වේවි. ඒ වැඩේ අපි කරනවා වෙනුවට අපේ වෙබ් ගවේෂකයාටම භාර දෙමු.
firefox addon එකක් තියෙනවා reload every කියල. මුලින්ම ඒක firefox වලට එකතු කරගන්න ඊට පස්සේ imageshack වලට ගිහිල්ලා download කරන්න අවශ්‍ය file එක ලබා දෙන්න. ඊට පස්සේ හරි torrent එක start නොවුනොත් එන page එක right click කර reload every–>enable ලෙස ලබාදෙන්න. එවිට මෙම පිටුව තත්පර 10න් 10ට refresh වනු ඇති. අවශ්‍ය නම් මේ කාලය එහා මෙහා කරගන්නත් පුළුවන් මම නම් දෙන්නේ තත්පර 3න් 3ට refresh වෙන්න. reload every–>custom ලෙස ලබාදෙන්න. මෙසේ කිහිපවාරයක් reload වූ පසු ඔබේ torrent එක imageshack සඳහා එකතු වී තියේවී.
අවසානයේදී මේකෙන් මට තේරිච්ච දේ තමයි image shack වල එහි නිර්මාපකයන් කියන ආකාරයේ shared pool එකක් නොමැති බවයි. මම සමහර විට වැරදි වෙන්න පුළුවන්. ඒත් මේ මට හිතෙන දේ. image shack වල download එකක් torrent එකක් add කරගන්න බැරි වෙන්නේ shared pool එකේ ඉඩ මදි උනාම නෙවෙයි නිකම් අහඹුලෙස තෝරාගන්නා torrents එකතු කිරීම වලක්වනවා.
මේ සටහනෙන් පස්සේ කාලෙකට ආයෙත් බ්ලොග් සටහනක් ලියන්න වෙන එකක් නෑ විභාගේ ළඟ නිසා. ඒ නිසා විරාමයකින් පසු නැවත හමුවෙමු.



‘Reload every’ is an in-built feature of Maxthon.
mmm cool i got to know abt imageshack from my BF. however, didn’t knw abt the reload thing in firefox..thanks for the help..by
Now im using it. thanks a lot for the tip. yes, as you say, “image shack වල download එකක් torrent එකක් add කරගන්න බැරි වෙන්නේ shared pool එකේ ඉඩ මදි උනාම නෙවෙයි නිකම් අහඹුලෙස තෝරාගන්නා torrents එකතු කිරීම වලක්වනව”
මට මෙ ලගදි තව වැඩක් උනා. හැම ඩව්න්ලෝඩ් එකක්ම ෆ්‍රී ඩව්න්ලෝඩ් මැනේජෙර් එකෙන් වෙනන තමා මම සෙටින්ග්ස් හදල තියෙන්නෙ. එත් ඊයෙ IMAGESHACK ඉදලා චිත්‍රපටියක් බාන්න බැලුවම HTML FILE එකක් විතරක් ඩොව්න්ලොඅඩ් උනා. අනේ මන්ද ඇය් කියල. ඒක මට බාන්න උනේ ෆ්‍රී ඩව්න්ලෝඩ් මැනේජෙර් නැතුව නිකන්.
@deeps
you are welcome
මම free download manager පාවිච්චි කරන්නේ නෑ ඒ නිසා හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. ඒත් මේ වගේ ගැටළු මතුවෙන්නේ download manager එක හා browser එක අතර හරිහැටි integration නොවුනාම.
free download Manager වෙනුවට firefox වල addon එක DownThemAll පාවිච්චි කරල බලන්න අනිවාර්යයෙන්ම ගැටළුව නිරාකරනය වේවි.
GPRS/3G/ HSDPA වගේ connection එකක් පාවිච්චි කරනවනම් Reload Every පාවිච්චි කරන්න කලින් කරන්න වැඩ දෙකක් තියෙනව.
1. AdBlockPlus Firefox AddOn එක ස්ථාපනය කරගන්න.
2. Firefox Options/ Preferences වලින් Block Images සක්‍රිය කරන්න.
එතකොට අපේ වැඩේ වේගවත් වෙනවා. ආර්ථිකය අතිනුත් වාසියි.