ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (2 කොටස)
******ඉවත් කරන ලදී******
indoor signals නැති ප්‍රශ්නෙත් ගොඩක් අයට තියෙනවා. ගමේ ආවම signal(සිග්නල් කිව්වේ දත්බෙහෙත් නෙවෙයි හොඳේ) අරගන්න මොඩම් එක ජනේලෙන් එලියෙන් තියන්න ඕන. කොහොම උනත් ගමේ ඇවිත් මොඩම් එක එලියට දාන්න ඕන. කොහේ ගියත් කනෙක්ෂන් එක නම් මේ හොදටම හරිම unstable HSDPA සිග්නල් තියෙනවෙලාවටත් එකපාරටම disconnect වෙනවා. සමහර දවස්වලට කනෙක්ට් වෙන්නම බෑ. පහුගිය දවසක 120KB attachment එකක් එක්ක mail එකක් යවාගන්න පැය 5ක් උත්සහ කරලත් බැරි උනා. ඔය දවසේ අන්තිමට phone(අනේ අපිට blackberry ගන්න සල්ලි නෑ තියෙන්නේ sony ericson K750i එකක්) එක පරිගනකයට සම්බන්ධ කරල Mobitel GPRS වලින් ගිහින් තමා වැඩේ කරගත්තේ. slow නම් තමයි. ඒත් කොහොම හරි වැඩේ උනා විනාඩි 5න් (ඩයලොග් broadband වලට වඩා Mobitel GPRS speed ද මංදා). Unstable 7.2Mbps කනෙක්ෂන් එකකට වඩා stable GPRS කනෙක්ෂන් එකක් හොඳයි මටනම්. එක දවසක් assignment Upload කරන්න deadline එකට පැයක් හමාරක් තියල ඩයලොග් නෙට්වර්ක් ඩවුන්. backup කනෙක්ෂන් එක නොතිබුනා නම් මම අනාතයි එදා. රුපියල් 8500ක් මුලින් දීල තව මාසෙකටත් 2000(විශ්ව විද්‍යාල සිසුවෙක් නොවන කෙනෙකු නම් මුලින් 11500ක් ගෙවා මසකට රු.4000ක් පමණ ) ගානේ දීල තවත් කනෙක්ෂන් එකක් ගන්න ඕන මේක වැඩ නැතිවෙලාවට වැඩ කරන්න. මේ ගත්තු screen capture වලින් කිහිපයක් විතරයි.
තවත් අලයක් තියෙනවානේ සමහර සයිට් වලට යන්න බෑ. වෙනත් කනෙක්ෂන් වලින් යන්න පුළුවන් උනාට ඩයලොග් කනෙක්ෂන් එකෙන් යන්න බෑ. ඒගොල්ලන්ට සයිට් එකේ නම කියල සතියකින් දෙකකින් තමා ඒගොල්ල ඒක හදලා දාන්නේ.
http://www.gsmarena.com
http://www.keepvid.com
http://www.locallanguages.lk/
http://www.siyabas.lk
http://www.last.fm/
පහුගිය කාලේ යන්න බැරි උන සයිට් කිහිපයක්. අප භාවිතා කල යුතු/නොකල යුතු වෙබ් අඩවි තෝරා දිය යුත්තේ Dialog Telekom ද? ළඟදීම ඩයලොග් broadband භාවිතා කරන්නන්ට http://www.mobitel.lk , http://www.airtel.lk පිවිසීම අවහිර කලහොත් පුදුම විය යුතු නැත.
කොච්චර කතා කලත් අන්තිමට ඩයලොග් එක කල එක් වැරැද්දක් ඒගොල්ලෝ පිළිගත්ත. දැන් advertise කරන්නේ 1Mbps කියලා(ඒකත් දීගන්න බෑනේ මේගොල්ලන්ට. තාම බොරුව කරන්නේ). ඒත් දැන් ගොඩක් දෙනා කනෙක්ෂන් එක අරගත්තට පස්සේ වේගය 1Mbps කියල වෙනස් කරන එක හරිද?. සමාගමකට customer satisfaction එක ඉතා වැදගත්. මේවගේ බොරු කියල කීදවසක් පාරිභෝගිකයන් රවට්ටන්නද? දැනටත් එකා දෙන්නා Dialog HSPDA අතහරින්න පටන් අරන්. ඒත් කනෙක්ෂන් එක ගන්නකොට මාස හයක් පාවිච්චි කරන්න එකඟ වෙලයි මේක ගත්තේ ඒ නිසා මේක අතහරින්නත් බෑ. මොඩම් එකත් අඩුවට දුන්නට නෙට්වර්ක් ලොක් කරලනේ දෙන්නේ කනෙක්ෂන් එක අතහරිනවා නම් මොඩම් එකෙන් වැඩක් නැතිවෙනවා.
මෙච්චර වෙලා බැන්න එකේ මේ Dialog HSDPA නිසා වෙච්ච හොඳ කියන්නම් දැන්.
මුලින්ම විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් සහන මිලට HSDPA පැකේජයක් ලබාදීම වෙනුවෙන් අපේ ස්තුතිය පළකල යුතුය. විශ්ව විද්‍යාල සිසුන් බොහොමයකට ADSL ලබාගත නොහැකි නිසා මෙය ඉතා හොඳින් ඔව්න්ගේ target market එක වෙත ගියේය. දැන් මීට වඩා මිලෙන් අඩු HSPA පැකේජ දැන් තිබුණද මුලින්ම මෙවැනි සහනයක් ලබාදුන්නේ ඩයලොග් සමාගමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සෙසු අන්තර්ජාල සේවා සපයන්නන්ද මිල අඩු කිරීම් කලහ. ලංකාවේ HSPA/HSDPA සම්බන්ධතා මිලගනන් අඩු කිරීමේ ගෞරවය ඩයලොග් වෙත හිමි විය යුතුය. මෙය SLT මිල ගනන් අඩු කිරීමටද වක්‍රාකාරයෙන් හෝ බලපෑ බව මගේ හැඟිමයි. කොහොම උනත් දැන් කැම්පස් එකක් ගාව කෙනෙකුට නම් Dialog HSDPA පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.( ආරංචියේ හැටියට මොරටුවේ තත්වය සෑහෙන්න දරුණුයි).
කොහොම උනත් 7.2 Mbps එක 1Mbps කියල වෙනස් කරපු එකෙන් නම් එක හොඳක් උනා. ඒගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.




බුදු අයියේ!
Dialog එකට මේ මාසෙ බනින්නෙ නැතුව පුළුවන් තරම් ඩවුන්ලෝඩ් කරගන්න.
මේ මාසෙ ඒගොල්ලන්ගෙ FUP Meter අපසෙට් ගහල…
http://gayantha.gns.googlepages.com/hspa200.jpg
@ ගයන්ත
FUP මීටරේ අප්සැට් නම් සද්ද නැතුව ඉන්නවානේ හලෝ මගේ 5GB ඉවරවෙලා දැන් Slow වෙලා ඉන්නේ. ඔය මොබයිල් පාට්නර් එකේ පෙන්නන Data Usage දත්ත වැරදියි. මොබයිල් පාට්නර් ඩිස්කනෙක්ට් නොකර Shut Down කලොත් ඒ session එකේ දත්ත මැකීයනවා. ඔයවගේ speed එකක් නම් කනෙක්ෂන් එක ගත්තු මුල්දවස්වල විතරයි දැක්කේ. ගාල්ලෙදි speed එක ටිකක් සතුටුදායකයි.(indoor සිග්නල් නැති නිසා මොඩම් එක ජනේලෙන් එළියේ තියෙන්නේ
) ඒත් කොළඹදී නම් අල පාත්තියක්. කොහොමත් මේ කනෙක්ෂන් එක තව ටික දවසයි පාවිච්චි කරන්නේ(මාස හය ඉවරවෙන්න ළඟයි)
මෙයාලා ප්‍රතිපත්ති වෙනස් කරනව නම් අපිත් වෙනස් වෙමු. අසාධාරණ වෙළඳ අපක්‍රම වලට අහුවෙන සාධාරණ පාරිභෝගිකයො වෙන්න අපට ඕන නැහැ. E220 unlock කරමු. මම නම් තව මාස දෙකකින් අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒ විතරක් නෙවෙයි, දන්න හැමෝටම ඒක unlock කරල දෙනවා.
@ ශාකුන්තල
දැනටමත් මගේ යාළුවෙක් ඔය වැඩේ පටං අරන්.
සමාවෙන්න පොඩි වැරදීමක් උනා මගේ අතින් HSDPA කියන්නේ HSPA වල එක් ප්‍රභේදයක්.(HSUPA යනුවෙන් තවත් ප්‍රහේදයක් ඇත) ඉතිං HSPA කියා advertise කිරීමේ වැරැද්දක් නෑ. ඔන්න article එක වෙනස් කලා.
@ගයන්ත
ඒගොල්ලන්ගේ FUP මීටරේ අප්සෙට් ගහල නෙවෙයි අපිට පොඩි වාසියක් ලැබිල. 5GB වෙනුවට දැන් 6GB පාවිච්චි කරන්න පුළුවන්.
http://pahanucsc.blogspot.com/2009/02/hspa-72-mbps-clumsy-marketing-3_12.html
මම HSPA එක අරන් (අදට හරියටම) සති දෙකයි
http://gayantha.gns.googlepages.com/dum20090213.jpg
මේන් බාපු හැටි.
PS: EK එකේ දැම්මෙත් මේකම තමයි හොඳේ…
@ ගයන්ත
උඹට මොකක් හරි වාසනාවක් පෑදිලා වගේ. මගේ නම් නෙට් slow වෙලානේ සෑහෙන්න. ඩයලොග් එකේ උන් දැක්කොත් ඕක හදලා දාවි සද්ද නැතුව හිටපිය.