unlimited කියල දුන්නට 5GB පැන්නට පස්සේ FUP ද මොකද්ද එකක් දමා ගෙන එකපාරටම කනෙක්ෂන් එක Slow වෙනවා. ඒ අය කිව්වේ නම් 384Kbps වලට අඩුවෙනව කියල ඒත් ඇත්තටම ආවේ 40Kbps විතර ඇයි එච්චර අඩු කියල ඇහුවම මාර උත්තරයක්නේ දුන්නේ. 7.2Mbps වලට ඇත්තටම එන්නේ 800 Kbps නම් 384Kbps වලට දෙන්නේ 40 Kbps ලු.( (800Kbps/7.2Mbps)*384Kbps = ආසන්න වශයෙන් 40Kbps ) Dial up එකකත් එනවනේ 56 Kbps. ඒකියන්නේ 5GB පැන්නට පස්සේ HSDPA එක Dialup එකක් ගානට වැටෙනවා.(5GB පැන්නේ නැති උනත් සමහර දවසට 7.2Mbps ඔහොම තමා). 5GB පැන්නට පස්සේ තත්වේ ඕක නම් 6GB පැන්නට පස්සේ වෙන දේ ගැන කතා කරල වැඩක් නෑනේ. හරියට බැලුවොත් Unlimited කියල විකුණුවට ඇත්තටම දෙන්නේ 5GB කනෙක්ෂන් එකක්.
මම අන්තිම බ්ලොග් පොස්ට් එකේදී කිව්වා 7.2Mbps කියපු එක 1Mbps කරපු එකෙන් අපිට උන වාසියක් ගැන. වාසිය වෙන්නේ මෙහෙමයි.
(800Kbps/1Mbps)*384Kbps = ආසන්න වශයෙන් 300Kbps
ඉතිං දැන් 5GB limit එක පැන්නම වෙනදට වැඩිය වේගයක් ලබන්න පුළුවන්. ඒත් මෙතැනත් පොඩි අවුලක් තියෙනවා ඒක තමයි මොවුන්ගේ billing Cycle එක වැටෙන්නේ මාසෙක 15 වෙනිදා නිසා 10-15 වෙනිදා කාලය අතරතුර හැමෝම තමුන්ගේ කනෙක්ෂන් එකේ 5GB ඉවර කරල දාන්න මොනව හරි download කරනවා. තත්වය තවත් දරුණු වෙන්නේ 5GB limit එක පැන්නම අවශ්‍ය නම් මාසයේ ඉතිරි දින සියල්ලම රු.100 බැගින් ගෙවා වේගය අඩු නොකල ලෙස නැවත භාවිතා කරන්න ලැබීමයි. මාසෙකට 5GB ත් මදි උන කෙනෙක් රු.100 ගානේ ගෙවල පොඩි පොඩි ඩවුන්ලෝඩ් දායි කියල නම් හිතන්න අමාරුයි. අවසාන ප්‍රතිඵලය වෙන්නේ කනෙක්ෂන් එක කාටවත් භාවිතා කරන්න බැරි විදියට congestion එකක් සිද්ද වෙන එකයි.
මෙච්චර කලක් යනකල්ම අපි කොච්චර Data use කරාද කියලවත් බලන්න ක්‍රමයක් තිබුනේ නෑ. මොඩම් එක සමඟ එන Mobile partner කියල පොඩි මෘදුකාංගයක් තිබුනට එකෙත් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඩයලොග් එක මනින්නේ මාසෙක 15 සිට ඊළඟ මාසයේ 15 දක්වා උනත් Mobile partner මනින්නේ මාසෙක 1 සිට ඊළඟ මාසයේ 1 වෙනිදා දක්වා. තවත් තියෙන අඩුපාඩුවක් නම් Data Usage එක පෙන්නන්නේ තමන් භාවිතා කරන පරිගනකයේ කොච්චර භාවිතා කලාද යන්න මිසක් මාසෙකට කොච්චර භාවිතා කලාද කියන එක නෙවෙයි. ලිනක්ස් users ලාට usage එක බලන්න ක්‍රමයක් නෑ. කනේක්ෂන් එන Slow තමන් 5GB limit එක පැන්න නිසාද නැත්තම් network අවුලක් නිසාද කියල හිතාගන්න අමාරුයි. දැන්නම් මේකට පිළියමක් යොදලා තිබුනත් මේක සාර්තකද කියල පොඩි ගැටළුවක් තියෙනවා. මේ ගැන කතාකරන්න තාම වේලාසන වැඩියි කියල මම හිතන්නේ ඒ නිසා ඒ ගැන කතා කරන එක පසුවට ඉතිරි කරනවා.



යූසේජ් බලන්න du meter දාගන්න. මොකද ඒකෙ මාසේ 15 ඉන්දන් පටන්ගන්න විදිහට හදාගන්න පුලුවන්
අනේ මගේ එකේනම් gsmarena.com වැඩ. ඒත් ඔයා කියන බොහෝ දේවල් ඇත්ත. මෙයාලගෙ කුරුණෑගලත් HSDPA තිබ්බට ඒක මොබිටෙල් වගේ දුර යන්නෙ නෑ. නගර සීමාවෙ වත් හරි නෑ. කිලෝමීටරයක් විතර දුර ගියහම EDGE තමා.
හැබැයි මේ අතින් මොබිටෙල් මරු. අපේ ගෙර ටවුමෙ ඉන්දන් 4-5km වගේ දුරින් තියෙන්නෙ. සිග්නල් එන්නෙ මේ අවට කුලුනු වලින් මිසක් කුරුණැලගලින් නෙවේ. ඒත් සම්බන්ධ කලාම ස්වයංක්‍රියව කුරුනෑගලට මාරු වෙනව.
ඒ කියන්නෙ HSDPA වලට. කුරුනෑගල ඉන්දල හිටල නෙට් විසන්දි උනාට මොබිටෙල්නම් මරු
@මාලින්ද
Du meter කියන්නේ free දෙන එකක් නෙවෙයිනේ.(trial එකක් නම් දෙනවා) අනික ලිනක්ස් users ලාට ඕව පාවිච්චි කරන්න බෑනේ.
gsmarena.com දැන්නම් වැඩ ඒත් වැඩ නොකරපු කාලයක් තිබුනා.
ඔයවගේ සයිට් ගැන මෙතැනට කියන්න පුළුවන්
http://www.dialogblogs.com/2008/12/hspa-site-access-open-thread/
දැන් අපි භාවිතා කරන වින්ඩෝස් නියම ඒවාද….. ඔෆිස්….
ඒවගේ තමා DU meter එකටත් ක්රුක් තියනව. හොයාගන්න අමාරුනම් මෙතනින් බා ගන්න. මේක මම මගෙ පහසුවට අප්ලෝඩ් කල එකක්;
malindaprasad.googlepages.com
හැබැයි මගෙ යාලුව ඩයලොග් එක අරන් දැන් මාස ක් විතර ඇති. ගත්ත ගමන් ගියෙත් gsmarena. සාමාන්යෙන් සතියකට සැරයක් විතර එයා ඒ පැත්තෙ යනව
@ මලින්ද
මල්ලි ඔය ක්‍රැක් කෙරුවාව නීති විරොධීයි.
gsmarena සයිට් එකට යන්න බැරි ප්‍රශ්නයක් තිබුනා ඒක මට විතරක් තිබුන එකක් නෙවෙයි.
සමාවෙන්න ඕනි. මාසයක් නෙවේ. මාස 3ක්.
අයියෝ….. නීතිනම් විරෝධී තමා. ඒත් ඉතින් දැනට භාවිතා කරන ඒවගෙන් කීයෙන් කීයද නීත්‍යානු කූල.
මුලින්ම වින්ඩෝස්, ඔෆිස් ඇඩෝබි සියුට්, කොරල්, ගේම්, හැම එකම ඔරිජිනල් හොරකොපිනෙ.
මේ…. අයිය භාවිතා කරන්නෙ සල්ලි ගෙවලද?
@ මාලින්ද
ඔව්
වින්ඩොස් XP SP2 original කොපි එකක් භාවිතා කරමි.(මගේ ලැප්ටොප් එකත් එක්ක ලැබුන එකක් )
office ගන්න සල්ලි Open Office භාවිතා කරනවා
මම graphic designing කරන්නේ නෑ.(අවශ්‍ය උනොත් GIMP භාවිතා කරනවා)
මම ගේම් ගහන්නෙත් නෑනේ.
PHP IDE එකක් විදියට නොමිලේ දෙන Netbeans පාවිච්චි කරනවා. Anti virus විදියට AVAST නොමිලේ දෙන සංස්කරණයක් භාවිතා කරනවා.
rational rose විදියට Argo UML භාවිතා කරනවා.
ඩයලොග් ගැටලුව නම් කාටත් පොදුයි මමත් මෙ ලඟදී යාලුවෙක් එක්ක ඩයලොග් HSPA එකක් ගන්න ගියා… තාම අර කියපු පැකේජයා දෙනවා… නීති විරෝදී කතාවෙදි මම කරන්නෙ නෑ කියලා ශේප් වෙන්න බෑනෙ… අනිවා පහනුත් නීති විරෝධී වැඩසටහන් භාවිතා නොකර ඉඳලා නෑනේ… … ඒ අතින් පිටකොටුවෙ වෙලෙන්දෝ අපිට කරන්නේ සෑහෙන සේවයක්…
@ පහන් (13 February 2009 15:07)
අයියා Genuine මෘදුකාංග දාගෙන Programming side එකෙන්මයි වගේ වැඩ.
අපිට නම් ඔහොම ධාර්මික ජීවිතයක් ගතකරන්න අමාරුයි.
Windows & Office නම් Genuine. ඒත් ඒ පින Photoshop දාපු ගමන් ඉවරයිනෙ
@ ආගන්තුකයා
මම භාවිතා නොකර ඉඳලා නම් නෑ. ඒක උඹ උනත් හොඳට දන්නවානේ. වැරදි වෙනවා ඒත් ඒවා වැරදියි කියල දැනගත්තම නිවැරදි කරගන්න බලන්න ඕන. අඩුම ගානේ උත්සහවත් කරන්න ඕන.
@ ගයන්ත
යාළුවා ඔබ කියන එක හරියටම හරි.
"Windows & Office නම් Genuine. ඒත් ඒ පින Photoshop දාපු ගමන් ඉවරයිනෙ
"
එහෙම කියල windows & Office ත් හොර කොපි දාගන්න එක හරිද?
මාගේ Acer laptop එක සමග Windows Vista Home Premium Genuine එකක් ලැබුනි. මම ඒ Partition එක Format කර UBUNTU දා ගතිමි. හික්ස්
@ පහන්
නෑ නෑ අයියේ!
එවුවා ඔරිජිනල්… (Win & Office)
@ ගයන්ත
හෑබෑට?
මල්ලි එහෙනම් ධාර්මිකයි වගේ
හික්
ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (4වන කොටස)