විභාගේ ඉවරෝ

යාන්තම් ඇති මාස ගානක ඉඳං වද දීපු assignment, project, presentation, project defense, project report, විභාග අනං මනං එකී නොකී සේරම ඉවරවෙලා පොඩි නිවාඩුවක් ලැබුනා. තව assignment එකක් නම් තියෙනවා. ඒක නම් අවුලක් නෑ හිමිං සැරේ කරලා දානවා. තව පොඩි විභාගයක් කරන්නත් තියෙනවා. ඊයේ තමයි අන්තිම SAD project එකේ presentation එක තිබුනේ. ඇතුලට ගියේ බයෙන් වෙව්ල වෙව්ල අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි වෙයි කියල. හැබැයි අවුලක් උනේ නෑ. නාගන්නේ නැතුව presentation එක කරගත්තා.(ඔය ව‍ගේ අවස්තාවක් නම් හරිම දුර්ලභයි. මොකද ලෙක්චරස්ලා 10ක් 15 වටකරගෙන ප්‍රශ්න අහන්න ගත්තම කට උත්තර නැතිවෙන හින්දා.) දැන් නම් මාර නිදහසක් දැනෙන්නේ. පොඩි දුකකුත් තියෙනවා වැඩ කොච්චර තිබුනත් ඒ අස්සේ ගන්න ආතල් ගන්න බැරිවෙනවානේ. අදත් කැම්පස් ගියාට එහෙමම කියල කරන්න දෙයක් තිබුනේ නෑ. නිවාඩු කාලේ යන ට්‍රිප් එක ගැන කතා කරගන්නත් එක්කයි ගියේ. දැයට කිරුල බලන්න යන්නත් බැරි උනානේ තාම. බලමු හෙට පුළුවන් උනොත් යනවා. කාලෙකින් ගෙදර ගියෙත් නෑ ගෙදර යන්න පාරත් දැන් මතක නෑ වගේ. හෙට හරි අනිද්ද හරි ගෙදර යනවා.
විභාග අස්සේ ගොඩක් අය උදව් කලා. ‍උපුල්, කුෂාන්, චමිල කුප්පිවලින් සෑහෙන්න උදවු උනා. විභාගෙට විනාඩි 20ක් තියල කැටියා(“ආගන්තුකයා“) කියල දුන්න සමහර එව්වා වාසනාවට වගේ විභාගෙට ආව. සමහර විශයන් වල නම් මම ලියන්න ගිහින් පේපරේ අනුභව කරලයි නැවතුනේ.(බයේ බෑ repeat වෙයි කියල). බ්ලොග් ලියන එක ගැන කැම්පස් ‍එකේ කට්ටිය සෑහෙන්න උනන්දුයි. ‍ඉස්සරහට තවත් කීප දෙනෙක් එකතුවෙයි.

ඔය සේරම අස්සේ බල්ලෙක් බුරන සද්දෙකුත් ඇහුනා. බුරන්න ඇරල නිකම් හිටියා.


අනවශ්‍ය වෙබ් අඩවි වලට නොදැනුවත්ව හරි යන එක වලක්වගන්න block site addon එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් දැන් බ්ලොග් කියවනයේ ෆීඩ් ලිපිනය බලල බ්ලොග් එක ‍මොකද්ද කියල හිතා ගන්න අමාරු නිසා‍ මේ addon එක වැදගත්වෙයි කියල හිතනවා.

Related Posts
  1. අපට නම් ප්‍රසන්ටේෂන් කෙළැවිණි. නිවාඩු කාලෙ අපි කොහෙද බං ඇත්තටම යන්නෙ? මම ආවෙ නෑනෙ වට මේස සාකච්ඡාවට :(

  2. සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath

    අපිට නම් තව viva එකකුයි STAT ප්‍රශ්න පත්තරේකුයි දෙකක්ම තියනවා. STAT නම් කෙළවෙයි කියලට වඩා කෙළවයි කියල තමයි බය . repeat උනොත් නම් අයියෝ…………

    බල්ලෙක් බිරුවා නේද මටත් ඇහුනා. ගනන් ගන්න එපා බල්ලො බිරුවට කඳු කඩා පාත් වෙන්නෑනෙ….හික්

  3. කුෂාන් ඇස්. වන්නිආරච්චි

    හප්පේ… වචන වලින් පේනවා හිතේ තියෙන සැහැල්ලුව…

  4. කුෂාන් ඇස්. වන්නිආරච්චි

    හප්පේ…
    වචන වලින්ම පේන‍වා හිතේ තියෙන සැහැල්ලුව…

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">