කලින් Dialog HSPA ගැන ලියපු පොස්ට් තුනට හොඳ ප්‍රතිචාර හම්බ උනා.(ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තුතියි) ඒවායෙන් එකක් කිසි ගින්නක් නැතුව තමන් ලිව්වා වගේ එළකිරි.com forum එකක paste කරපු software engineer අයියටත් මගේ පොස්ට් එකක් ගෙඩිය පිටින්ම අරගෙන dollar හොයපු මල්ලියාටත් ස්තුතියි. මගේ බ්ලොග් එකට publicity එකක් දාගන්න පසුබිම සකස් කලාට ස්තුතියි
. මගේ පොස්ට් කොපි කරලා කියල මට දැනුම් දීපු සුදාරක මල්ලිට විශේෂයෙන්ම ස්තුතියි. කොපි කරපු එක දැකල ඒ වෙනුවෙන් කතා කරපු හැමෝටමත් ස්තුතියි(සුදාරක,ඉන්ද්‍රනාම, චමිල, ශාකුන්තල, සහ එළකිරි.com forum සොයුරන්). හොඳ නිසානේ කොපි කරන්න ඇත්තේ. ඒත් කොපි කරනවා නම් එක්කෝ මාව දැනුවත් කරන්න නැත්තම් ගත්තු තැනට ලින්ක් එක දාල කොපි කරන්න. ඒත් මුල්‍යමය හෝ වෙනත් වාසි පරමාර්ථයෙන් කොපි කරන්න එපා කියල ඉල්ලා සිටිනවා.
ඔන්න දැන් ලියන්න ආපු දේ ලියන්න පටන් ගමු.
private ip අවුල
dialog HSPA ගැන සමහර කරුණු ටිකක් කියන්න මට අමතක වෙලා තිබුන නිසයි මේ සටහන ලියන්නේ. Dialog HSPA ගන්න හැමෝටම තියෙන්නේ private ip. වෙනත් අන්තර්ජාල සම්බන්දතාවලින් දෙනවා වගේ public ip දෙන්නේ නෑ(වෙනත් අන්තර්ජාල සේවා සපයන්නන් සියලු දෙනාම පාහේ dynamic,public ip ලබාදෙනවා). සරලව කිව්වොත් HSPA ජාලයම අන්තර්ජාලයේදි හදුනාගන්නේ එකම ip එකකින් හෝ දෙකකින්. මෙකෙන් වෙන අවාසිය තමයි rapidshare වගේ සයිට් වලින් බාගත කිරීමේදී ගැටළුමතුවීම. Dialog HSPA භාවිතා කරන එක් අයෙකු හරි rapidshare හා සම්බන්ධ වී සිටිනවා නම් වෙනත් අයෙකුට free user කෙනෙක් විදියකට කිසිවක් download කරන්න බෑ. ආරංචි හැටියට මේ ගැටළුව තියෙන්නේ ඩයලොග් වල විතරමයි.(airtel ගැන හරියට දන්නේ නෑ පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් airtel වල public ip දෙනවද නැද්ද කියල කියන්න.)
Torrent අවුල
dialogblogs.com වල indi කියල හාදයෙක් එයා හැමතිස්සෙම high speed torrent බානවා කියල පච කෙළියට dialog HSPA network එකේ torrent සඳහා සීමා පනවලයි තියෙන්නේ. ඒ නිසා හරියට torrent එකක් වත් download කරන්න බෑ. “no incoming connections, it could indicate a problem with your network configuration ” කියල error එකක් එනවා. මම වැඩියේ torrent පාවිච්චියක් නැති නිසා මටනම් එච්චර ගැටලුවක් නෑ.
අර usage බලාගන්න කියල දීපු mydialog එකත් අල පාත්තියක්. ඔන්න ගියමාසේ 14 වෙනිදා FUP පැන්නා connection එක slow උනා කියමු මෙන්න 15 උදේ බැලින්නම් ඒත් slow 16 ත් එහෙමයි ඔන්න 17 වෙනිදා දවල් වෙනකොට යන්තම් ෂේප් ගානට ආවා.(මාත් ඉතිං ආතල් එකේ download ටිකක් දැම්මා කොච්චර slow උනත් තාම reset උනේ නෑනේ කියල හිතල) මට තේරුන විදියට usage එක reset කලේ 17 දවල්. ඩයලොග් එක මට ෂුවර් හින්දා මම ගනං මිනුම් තියාගෙන ඉන්නේ. සතියකින් විතර මම mydialog log වෙලා බැලුවාම මෙන්න බොලේ වැඩක් තාම පෙන්නන්නේ ගියමාසේ stats ගත්තා Customer care එකට call එකක්. අපරාදේ කියන්න බෑ මගේ බිල වැඩිය යවන්නේ නැතුව ඉක්මනට ගත්තා. විස්තරේ කිව්වාම මෙයා කියනවා සර් තාම bill ගෙවපුවා enter කරල නෑ ඒවා enter කලාම usage එක update වෙයි කියල ඒකට දවසක් දෙකක් විතර යයි කිව්වා. මම ඇහුවාම කොහොමද බිල් ගෙවපු ඒවා enter කරන එක usage එක මනින එකට බලපාන්නේ කියල ආයෙත් ඉස්සෙල්ල උත්තරේම දුන්නා හරියට infinite for loop එකක් වගේ. අනේ මංදා මේ හතර බීරි කතාව කීප සැරයක්ම ඇහුවත් මගේ ළපටි මොළේට තේරුනේ නැති නිසා තවත් බිල යවා ගන්නේ නැතුව කතාවට break; එක තිබ්බා. ඔන්න කොහොම හරි මිනිහා කියපු විදියටම usage එක නම් දවස් දෙකකින් (එතකොට අළුත් billing cycle එකෙත් සතියක් විතර ගිහින්) update වෙලා තිබුනා. ඒත් මේගොල්ලෝ අමුතු සෙල්ලමක් දාලා කියල මට තේරුනේ usage එක 1.2GB කියල දැක්කම. reset උනේ 17 වෙනිදා ඉදං උනාට ගාන හදලා තියෙන්නේ 14 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ඉඳල.
Latency
තවත් මම දැකපු දෙයක් තමයි dialog HSPA වල latency එක ටිකක් වැඩියි. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න data එන්න පටන් ගන්න වෙලාව තෙක් කාලය round trip latency කියල හඳුන්වනවා.(අපේ කතාවට round trip latency විතරක් කතා කලාම ප්‍රමාණවත් මම හිතන්නේ ) connection එකක් හොඳ/නරක වෙන්න වේගය වගේම මේ latency ත් බලපානවා(speedtest වල ping කියල පෙන්නන්නේ round trip latency තමයි). සාමාන්‍යයෙන් HSPA වල latency එක වැඩියි. මේ ගැන ටෙක් කතාවලදී කතාබහක් ගියාවගේ මතකයි network gaming ගැන කතා කරද්දී. HSPA නම් ඉතිං network gaming වලට සොරිම තමා(වෙඩි තියල තත්පර දෙකතුනකට පස්සේ තමයි වදින්නේ
). ඒත් ඩයලොග් වල latency එක මොබිටෙල් වලට වඩා නම් වැඩියි වගේ. කොහොම උනත් පහුගිය දවස් ටිකේ dialog HSPA වල latency අඩුවෙලා වගේ කියල තේරුනා. ඒත් තාමත් මොබිටෙල්වලට වඩා ඩයලොග් වල latency එක වැඩියි.
මේ කාලිංග අයියට කරදර කරල ගත්තු ping test එකක්.
මොබිටෙල් HSPA
C:\Users\kalinga>ping yahoo.com
Pinging yahoo.com [206.190.60.37] with 32 bytes of data:
Reply from 206.190.60.37: bytes=32 time=340ms TTL=52
Reply from 206.190.60.37: bytes=32 time=317ms TTL=52
Reply from 206.190.60.37: bytes=32 time=333ms TTL=52
Reply from 206.190.60.37: bytes=32 time=331ms TTL=52
Ping statistics for 206.190.60.37:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 317ms, Maximum = 340ms, Average = 330ms
මෙන්න ඩයලොග් HSPA ping test එක
C:\Documents and Settings\Administrator>ping yahoo.com
Pinging yahoo.com [206.190.60.37] with 32 bytes of data:
Reply from 206.190.60.37: bytes=32 time=457ms TTL=47
Reply from 206.190.60.37: bytes=32 time=455ms TTL=47
Reply from 206.190.60.37: bytes=32 time=463ms TTL=47
Reply from 206.190.60.37: bytes=32 time=462ms TTL=47
Ping statistics for 206.190.60.37:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 455ms, Maximum = 463ms, Average = 459ms
average round trip time එක ඩයලොග් HSPA වල 129ms(459ms-330ms) කින් වැඩියි.(ළඟින්වත් යන්නේ නෑනේ.)



මොකද දන්නෙ නෑ DialogBlogs.com වල සමහර පෝස්ට් අතුරුදන් වෙලා තියෙන්නේ… මං හිතන්නෙ proxy එකකින් ගියොත් බලන්න පුළුවන් වෙයි? බිපෙසි
අර සුප්‍රසිද්ධ HSPA Open Thread එකේ comments ගොඩකුත් අඩු වෙලා.
@පහන්,
indiට බනින්න එපා ඕක ඔය මනුස්සයගෙ රස්සාව — Dialog වෙනුවෙන් කතා කිරීම.
@ ශාකුන්තල
indi ඇදගෙනම නාගත්තු “i am Happy with HSPA ” post එකේ HSPA ටැග් එක අයින් කරල දැන් හොයාගන්න අමාරුයි.
indiට බනිනවා නම් තවත් ගොඩක් දේවල් තියෙනවා මචං. අර 7.2Mbps කියල advertise කරන්නේ ඇයි කියල ඇහුවම අනිත් අය එහෙම කරන නිසා කියල වගේ මෝඩ උත්තර දෙන්නේ.
ඒක ඉතින් elakirilaගෙ හැටිනෙ. මගෙ ඒවත් ගොඩක් දානව එයාලගෙ වගේ. ගත්තෙ කොහෙන්ද මුකුත් නෑ.
මමත් ඔය ගැන කලින් දැම්ම්.
http://blog.malindaprasad.com/2008/12/14/%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B7%80%E0%B6%B1-dialog-mobile-broadband-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A
මම යාලුවෙක්ගෙDialog HSDPA එක අයින් කරන්න ගියහම මෙයාල කියනව තැන්පතුව දෙන්න බැලු. මම වැඩිපුර මාසෙකටත් එක්ක ගෙවල. ඒත් බැලු. මම ගෙවපුවත් ගානට update වෙලා නෑලු. ඒත් සතියකින් ගත්තහම මම අන්තිමට ගෙවපු ගන ඇවිත් තිබ්බෙ නෑලු. ඒත් දැන් බලද්දිත් ඒ ගෙවල තියෙන්නෙ ඒ ගානමතමා
@ මාලින්ද
ස්තුතියි ඒ ගැන කිව්වට.
මේක හරිම අසාධාරණයිනේ. මේ ගොල්ලෝ පළවෙනි මාසේ මාස දෙකකට අය කරන්නවා නේ. ඒ කියන්නේ මේ මාසේ බිල මේ මාසේ පටන් ගන්න කොටම අය කරගන්නවා. එහෙනම් ඕනෑම වෙලාවක deposit එක ගන්න පුළුවන් වෙන්න ඕන නේ. ඇයි වැඩිපුර මාසෙකටත් එක්ක ගෙවලනේ.
මගෙත් පරිවාස කාලේ ඉවර වේගෙනයි එන්නේ. මොඩම් එකත් unlocked
මෙයාලගෙ කොහොමත් අප්ඩේට් අවුල් තමා. ගෙවීමක් කලත් යාවත්කාලීන වෙන්න දවස් 4-5 ක් යනව. බිල සැකසෙන දවසකට දෙකකට කලින් යාවත්කාලීන වීම නවත්වල ආයෙ පටන් ගන්න ඊට දවස් දෙක තුනකට පසු. ඒ කියන්නෙ අප්ඩේට් වෙන්න හුගක්ම පරක්කු වෙන්න බිල් සැකසෙන කාලෙට. ඒ නිසා වෙන්න ඇති ඔය භාවිතය බලන්නත් බැරි. අනික අපි ගත්ත ඇමතුමක් උනත් බලාගන්න දවස් දෙක තුනක් ඉන්න වෙනව. ඒත් ඒ අතින් මොබිටෙල් හොදා. භාවිතය එහෙම පැයෙන් දෙකෙන් යාවත්කාලීන වෙනව. ගෙවීමක් කලත් ඒව ඔක්කොම බලාගන්න පුලුවන් එදාම.
Cron Job එකක් හරියට සෙට් කරගන්න බැරි ඩයලොග් එකේ මහ ලොකු නෙට්වර්ක් ඉංජිනියර්ලා… කෝ මේ indi?
මේ ලගදි DialogBlogs ගියා, දැන් එක Dialog එකේ Marketing site එකක් වගේ