මොබිටෙල් Customer Care වෙනුවට Self care නාඩගම්

පෙබරවාරි 16 වෙනිදා මොබිටෙල් ගාස්තු අඩු කිරීමක් කලා හැමෝටම මතක ඇති. ඉතිං ඔන්න මාත් ඉතිං ලාභ නිසා ඒකත් activate කරගෙන selfcare menu එකට ගිහින් any 8 deactivate කරල දැම්මා. currently you dont have any 8 feature වගේ එකකුත් ආවා. ඔන්න ඉතිං මම හිතා‍ඉන්නේ දවසගානේ කීයක්වත් කැපෙන්නේ නැතුව ඇති කියල එත් ගිය සතියේ තාත්තගේ උපහාර සිම් එක මට ලැබුණු නිසා prepaid සිම් එකෙන් calls ගත්තේම නෑ. ;) .ඒත් ගිය සතියේ 50 දාපු reload එකට වෙච්ච දෙයක් නෑ. ඊළඟ දවසේ බැලින්නම් රුපියල් 3 කුත් සත ගානක් කැපිලා. උපහාරෙ නැත්තම් ඉතිං රුපියල් 3 ගානක් නෑ කැළණිපාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. ;) දවස ගානේ රුපියල් තුන තුන කැපිලා 50 වාෂ්ප වෙලා. ආයෙත් selfcare ගිහින් ආයෙත් any8 deactivate කලා. ආයෙත් ඒවගේ reply එකක් ආවා. ඔන්න 0712755777 customer care එකට ඩයල් කලා. ඔන්න ඉතිං හැමදාම වගේ බලෙන් අස්සවන වෙළඳ දැන්වීම ඉවරවෙලා අරක ඔබන්න මේක ‍ඔබන්න කියල අක්කා කියාගෙන කියාගෙන යනවා. ඒත් customer care agent කෙනෙක්ට කතා කරන්න ඔබන්න ඕන මොකද්ද කියල කියන්නේ නෑ. හපෝ දැන් ඔන්න මට මැවිලා පේනවා mobitel customer care center එකකට ගිහින් චාටර් වෙවී ඉඳලා පැය භාගයක් විතර එතන ඉන්න agent කෙනෙක්ට සින්කෝන් එක අවබෝධ කරවලා වරුවක්ම විනාස කරගෙන මේක හදාගන්න හැටි. කෝකටත් any8 activate/deactivate වගේ එකක් කරන්න මොකද්ද අංකයක් කිව්වා ඒක ඔබලා confirm කලා. ඔන්න ඊළඟ දවසේ බැලින්නම් වැඩේ හරි. :)

Related Posts
Leave a comment ?

12 Comments.

  1. කොහොම හරි වැඩේ කෙරිලනේ..ඒ මදැයි‍

  2. හික් හික්!!

    දැන් අපි ඒගොල්ලන්ගෙන් මුකුත් අහන්නෙ නෑ කියල එයාලම දන්නවා. CCS එක තියෙන්නෙ කම්මැලි වෙලාවට ඩයල් කරන්න. ඒකනෙ “ඔබගේ අදහස් සඳහා අංක 7 ඔබන්න” කියල කියන්නෙ… ;)

  3. ඔය කියන කතාව ඇත්ත තමා.Mobitel එකේ customer care contact කරන්න option එකක් නෑ තමා.මටත් ඔක කලින් වුනා.දැන් නම් කතා කරන් නෑ ccs වැරදිලාවත්.එච්චරටම අරහං.Mmmm…

  4. @ මලී
    වැඩේ කෙරුනට මදි. ආයෙත් ලෙඩක් ආවොත් customer care එකට කතා කරන්න බෑ.

    @ ගයන්ත
    “ඔබගේ අදහස් සඳහා අංක 7 ඔබන්න” කියල එකක් එන්නේ නෑනේ.

    @ Niranjan
    මටත් අරහං බං ඒත් කතා කරන්නේ ආසා‍වට නෙවෙයිනේ අවුලක් උනාමනේ.

  5. 0712755777 කොල් කරලා ,ඔබගේ අදහස් සදහා අංක 7 ඩයල් කරාම එස්.එම්.එස් වලින් 01.ද පා.සේ. නි සදහා 0 ඩයල් කලානම් පහසුවෙන්ම පාරිබෝගික සේවාවට සම්බන්ද වෙන්න පුලුවන්…..

  6. @ නුවන්
    මම මේ දැනුත් බැලුවා අංක 7 ගැන කියන්නෙවත් නෑනේ.

  7. ඕක activate ක‍රනන එස් එම් එස් එකක් යවන්න තියෙනවා මෙන්න මෙහෙම. ccs කතා නොක‍රම වැඩේ ක‍රන්න පුලුවන්.
    Any8act#දුරකතන අන්ක 1 #දුරකතන අන්ක 2#
    … ඔය විදිහට අටම ගහලා 7678 ට යැව්වාම හ‍රි.
    කොහොම හරි වැඩේ ගොඩනෙ දැන්.. ;)

  8. Phan aiiya,In smart connections. Dial 141 and press 3 and 1 and 7 slowly.then you will get to cs.

  9. @Anonymous
    ස්තුතියි තොරතුරට
    මම ඔය කියපු විදියට ගියාම විනාඩි 3ක වැඩක් නැති දේවල් ගොඩක් දේවල් අහගෙන ඉඳලා ඉදලා (SMART ගාස්තු, විශේෂ වරප්‍රසාද වැනි දෑ)ඔබ කියපු ඔය අංක එබුවාම අන්තිමට CS සමඟ සම්බන්ද වෙන්න ලැබුනා. කොහොම උනත් අන්තිමට අංක 7 ඔබන්න කියපු තැන තිබුනේ “නව සම්බන්ධතා ලබාගැනීමට අංක 7 ඔබන්න කියල” customer care එක තවත් එපා කරවන්න දාපු සෙල්ලමක් කියලයි මට නම් හිතෙන්නේ

  10. Its ok pahan aiiya,and happy to help you as well.But however.they take the call immediately when connected to customer care.Its some improvement.

  11. you dont need to hear these recordings for 3 minits.just dial that number 7 when you dial 3 after you call 141.dont wait until they says dial 7 for new connections.

  12. මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

    SLT BroadBand- 512 KB – RS: 2200/=
    My Speed Test

    http://www.speedtest.net/result/779511999.png

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">