අලුත් blogger template එකක් දාගන්නේ කොහොමද?

අප්‍රේල් 23rd, 2009

මේක පාඨක ඉල්ලීමක් අනුව ලියැවෙන පෝස්ට් එකක්.

මුලින්ම අලුත් template එකක් තෝරාගන්න. මේ සඳහා google search එකක උදව් ගන්න එහෙමත් නැත්තම් http://btemplates.com/, http://www.bloggerstyles.com/ වගේ අඩවියක් වෙත යන්න. template එක තෝරා ගැනීමේදී පහත කරුනු පිළිබඳ සැලකිලිමත් වෙන්න.
arrow ‍ Template එක ලස්සන ‍විය යුතුයි. එහෙත් උවමනාවට වඩා images තිබෙන template තෝරාගන්න එපා. images අඩුවීම බ්ලොග් එක load වීමට ගතවන කාලය අඩුකරගැනීමට උදව්වේවි.
arrow කියවීමට පහසු වර්ණ සංයෝජන සහිත විය යුතුය.
arrow ඔබේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය සමඟ template එක ගැලපේදැයි සංසන්දනය කර බලන්න.

බොහෝ සයිට් වලින් බාගත කරන්න පෙර preview බලන්න පහසුකම් සපයනවා එලෙස ලබාදෙන preview එකක් බලා template එක බාගත කරගන්න. දැන් http://www.blogger.com වෙත‍‍ ගොස් ඔබේ blogger account එකට ලොග් වෙන්න. layout ක්ලික් කරන්න.
ක්ලික් කර ඔබ පසුව යෙදු JavaScript widget ආදිය notepad එකකට කොපි කරගැනීමට page elements වල ඇත edit ක්ලික් කර copy කරගන්න. (අලුත් ‍template එක දැම්මාම පරණ widget සමහර ඒවා අයින් වෙනවා.)

widget backup කල පසු edit html ක්ලික් කරන්න.template එක මාරු කරගන්න ඕන නම් මුලින්ම කරන්න ඕනේ දැනට තිබෙන template එක සහ ඔබ මහන්සි වී එකතු කරගත් widget ආදිය backup කරගැනීමයි. uමේ සඳහා download full template click කරන්න.
දැන් මුලින් බාගත කරගත් Template එක browse ක්ලික් කර ලබාදී upload ක්ලික් කරන්න.
save template ක්ලික් කරන්න.
සමහර විට warning එකක් එයි widget අයින් වෙනවා කියලා. කලින් widget copy කරගත්ත නිසා ඒක නොසලකා හරින්න. smile දැන් වැඩේ හරි.දැන් තියෙන්නේ widget දාලා ලස්සන කරගන්නයි. කලින් කොපි කරගත්තු widget ටිකත් ආයෙත් දාගන්න.

Google Buzz

ප්‍රවර්ග: Tips, බ්ලොග් ලිවීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 5

  1. ගයන්ත

    අපි නම් ඉතින් Wordpress :)
    ඒකත් myblog.lk නිසා theme 3යි ;)

    [Reply]

  2. පහන්

    intense debate එකක් නිසා nayana ගෙයි බින්කුගෙයි comment දෙක අයින් උනා. සමාවෙන්න හො‍ඳේ.

    [Reply]

  3. -බිன்ku-

    ඒ comments ටික intense debate profile එකෙන් ගත්ත හැකි.

    [Reply]

  4. muthunayake

    මහා පුරශ්නයක් වෙලා තිබ්බ මේ හැව අරිල්ල ඔබතුමා නිසා කරගත්ත

    [Reply]

  5. පහන්

    අහන්නත් සතුටුයි. :)

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / අලුත් blogger template එකක් දාගන්නේ කොහොමද?