දැන් සිංහල වෙබ් අවකාශයේ සැරිසරන්න ඇඩ්මින්ගේ ගනං බලන්න ඕනේ නෑ.

සිංහල යුනිකේත භා‍විතාවේ පොඩි පොඩි ගැටළු‍ තියෙනවනේ admin බලය නැතිව යුනිකේත දාගන්න බැරි එක වගේ දේවල්. කැෆේ එකකට වගේ ගියොත් මාරලෙඩක් සිංහල වෙබ් පිටු කියවන්න බෑ. cry ගොඩක් රැකියා ස්ථාන වල‍ත් ඉතිං යුනිකේත දාලාදෙන්නේ නෑනේ admin. cry
මේ සඳහා විසඳුමක් දසුන් සමීර ටික කලකට කලින් හඳුන්වා දුන්‍නානේ. ඒත් ඒ ක්‍රමයේ ප්‍රායෝගික ගැටළුවක් වන font install කරගන්න ගැටළුවට පිළියමක් මගේ බ්ලොග් ස‍ටහනකින් පසුව හඳුන්වා ‍දුන්නා. මේ ක්‍රමයේ තිබුනු තවත් ප්‍රායෝගික දුෂ්කරතාවයක් මඟහැරලා පරිගනක භාවිතයේ ආධුනිකයෙකුට උනත් ඉතා පහසුවෙන් භාවිතා කල හැකි අන්දමේ portable firefox එකක් මම නිර්මාණය කලා. බාගත කරගන්න මේ සබැඳිය වෙත යන්න.(to download sinhala unicode enabled firefox portable click here)
1. බාගත කල file එක extract කරගන්න.
extract the downloaded file

2. “click here to install Unicode” shortcut එක double click කරන්න.
Double Click on the shortcut named “Click here to install Unicode”.

3. දැන් ඔබට FirefoxPortable.exe double ක්ලික් කිරීමෙන් සිංහල වෙබ් අවකාශයට පිවිසිය හැකියි. cool
now you can browse sinhala unicode web sites by double clicking FirefoxPortable.exe.

වැඩි විස්තර සඳහා read_me කියවන්න.
for more information read the read_me file

ඇඩ්මින්ගේ සංකීර්ණ ප්ලෑන්වලට හිරවෙලා ඉන්නේ මොකටද? මෙච්චර සිම්පල් ප්ලෑන් තියෙද්දි. smile

තාම මේක වැඩිය test කරලා බලන්න බැරි උනා. යුනිකෝඩ් නැති machine එකක් හොයාගන්න හරි අමාරු නිසා. අන්තිමට මගේ ලැප් එකේ unicode අයින් කරලයි test කලේ. ඒනිසා මේක beta එකක් කියලා හිතාගන්නකෝ. biggrin

ආරංචියේ හැටියට මේක windows xp sp1 පාවිච්චි කරන අයටත් භාවිතා කරන්න පුළුවන්ලු.(දසුන්ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක දැක්කා.). ඔන්න මම කට්ටියට ලේසි වෙන්න සිංහල බ්ලොග් කියවනයයි එසැනින් පරිවර්තකයයි එකතු කලා පිටු සළකුණුවලට. එසැනින් පරිවර්තකය බාවිතා කරලා මොනව හරි සිංහලෙන් ලියාගන්න උනත් පුළුවන්නේ එතකොට. smile

[Update ]

සිංහල සමඟින් Firefox portable 3.5

Related Posts
Leave a comment ?

13 Comments.

  1. අඩේ ‍මේක සිරා! එළ එළ! හොඳ හොයාගැනීමක් (සිරා කිව්වාට පාවිච්චි කරලා බැලුවේ නෑ, Concept එක එළ!)

  2. මම නං යුනිකෝඩ් අයිං කරන්නෙ නෑ කපලා මූදේ දානව කිව්වත්. මොකද අපාහු වතාවක් ස්ථාපනය කරද්දි සමහර මෘදුකාංග එක්ක ගැටළු ඇති වෙන්න පුළුවන් නිසා. ඒ අතින් උඹ මාර කැපකිරීමක් නෙ කරල තියෙන්නෙ.. (මට සාපේක්ෂව) හික්. :D

    වැඩේ එළ… මොකද හිටපු ගමන් කැෆේ අස්සෙ රිංගන්න වෙනව මටත්.

  3. සිරාවටම? ඇත්තටම? මාත් කරලා බලන්න ඔනේ. මේකේ අර PortableAppz වල වගේ add-on එව්වත් රැකෙනවා නේද? මේක හොඳා ඉස්කොලේට ගිහින් බිලොග් බල බල කාලේ ගෙවන්න ;) ස්තුතියි අයියේ! මම හෙට try කරලා බලන්නම්.

  4. පොඩි අවුලක්…
    ගම්පහ town එකේ තියෙන සිරාම cafe එක 100%ම Linux වලින් දුවන්නෙ… ;)

  5. @ගයන්ත,
    එහෙනං මරුනෙ. :)

  6. ගයන්ත මචෝ, උඹ ගම්පහද? කොහේ කැෆේ එකක්ද? මම දන්න පොරක් හිටියා ලිනක්ස් වලින් දුවන් කැෆේ ගැන ප්ලෑන් එකක් ගහපු.

  7. බොහොම පිං

    ඒක නෙමෙයි. කොහෙද අර කැෆේ එක තියෙන්නෙ ??, මල් තියල වඳින්න එපැයි. හොයාගෙන යන්න ඕනෙ

  8. @සුදාරක
    ස්තුතියි
    @ බින්කු
    ඔව් ඔව් දාපු addon ටිකත් යන යන තැන අරන් යන්න පුළුවන්.
    @ශාකුන්තල
    දැන් මම windows 7 වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒනිසා XP unicode වැඩ නොකලත් එච්චර අව්ලක් නෑ.
    @ බින්කු
    ඔව් ඔව් test කරලා බලලා කියන්න හොඳ නරක.
    @ගයන්ත
    ‍ඒකත් සිම්පල් ප්ලෑන් එකක්නේ.
    @ගයාන් කල්හාර
    ස්තුතියි.

  9. මම මේ වෙලාවේ පාවිච්චි කරන්නෙත් මේ ක්‍රමේ තම යි. දැන්
    මම ඉන්නෙ විශ්වවිද්‍යාල පරිගණක විද්‍යාගාරේ.

  10. කොල්ලා වැඩ කාරයා. ඔහොම යන් ඔහොම යන්

  11. මේකේ පොඩි පොඩි අඩුපාඩු ‍ටිකක් තියෙනවා. ඒව හදපු අලුත් version එකක් ළඟදීම එනවා.

  12. @ අරවින්ද
    එල එල

    @ අමල්
    මේක කරපු හැටි ගැන විස්තරේ තියෙනවා readme එකේ. එච්චර දෙයක් කලේ නෑ.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">