ඊයේ පොස්ට් එකෙන් admin බලය නැතිව වෙබ් ගවේශනය සඳහා යුනිකේත සමඟ Firefox portable ස්තාපනය කරගන්නා පහසු ක්‍රමයක් හඳුන්වා දුන්නා.(මේකේ අඩුපාඩු තියෙනවා කියලත් ආරංචි උනා.) මෙය ස්තාපනය තවත් පහසු කරනු සඳහා එය SFX එකක් වශයෙන් ඉදිරිපත් කරන්න මම හිතුවා. අඩුපාඩුත් නිවැරදි කලා. මෙහි සියලු ක්‍රියාවලියන් ඉබේම සිදුවෙනවා. අපිට තියෙන්නේ exe file එක double click කර අවශ්‍ය පරිදි ස්තාපනය වියයුතු ස්ථානයක් ලබාදීම පමණයි. readme කියව කියවවත් ඉන්න ඕන නෑ.(ඒ වුනාට කියවන්න හොඳේ
) අවාසියකට තියෙන්නේ customize කරගන්න අමාරු එක. customize කරගන්න ක්‍රමයක් ඊළඟ පොස්ට් එකකින් කියලා දෙන්නම්. මෙතැනින් අලුත් version එක ගන්න.
test කිරීමෙන් හා නව අදහස් ලබාදීමෙන් සහයවූ බින්කු මල්ලිට මගේ ස්තුතිය.

සිංහල සමඟින් Firefox portable නවතම සංස්කරණය
Related Posts
Leave a comment ?



එළ එළ, මාත් මේ ඔකට පින් සිද්ධ වෙන්ඩ ඉස්කොලේ ඉඳන් බලනවා සිංහලෙන්. අපි යං ඉස්සරහට. සංකීරණ ලොක්කෝට බෑ ඔන්න අපිව නවතන්න…
ජයවේවා! තව දවස් දෙකතුනකින් තව Version එකක් හඳුන්වාදෙන්න ලැබේවා!
පහන්ගෙන් තවත් සිත් පහන් කරවන වැඩක්. එළ එළ.. ඔහොම යං මචෝ…
නියමයි කික්ම තමා…. එල එල කොල්ලො
මේ සටහනට මුලින්ම එක්කල සබැඳියේ ඇති file එක වැරදි සංස්කරනයක එකක් බව මම දුටුවේ පසුවයි. සිදුවී ප්‍රමාද දෝෂය ගැන බලවත් කණගාටුව. දැන් නිවැරිදි ගොනුව upload කලා.
මම කලින් එක අපේ ලැබ් එකේ දාන්න හැදුවා (ලැබ් එකේ සිංහල කිට් එක දාලා නෑ, මලිති යුනිකෝඩ් අකුර විතරයි දාලා තියෙන්නේ)
අර ෆොන්ට් රෙජිස්ටර් ටූල් එක නං වැඩ කලේ නෑ. ඒත් ඒ මැෂිමේ යුනිකෝඩ් අකුරක් තිබුණු නිසා හොඳට රෙන්ඩර් වෙමින් වැඩ කලා. මම අකුරු නැති වෙන මැෂිමකට දැම්මට සිංහල බලාගන්න බැරිඋනා.
මම මේ වර්ෂන් එකත් දාලා බලන්නම්කෝ.
ආහ්, හදිස්සියට අමතක උනා නෙව කියන්න. සමාවෙන්න.
එලකිරි වැඩක් මචං. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මට අත්‍යාවශ්‍යයි. අපේ ලැබ් එකේදි බ්ලොග් කියවන්න.
කොහොම ස්තූති කරන්නද මංදා…
@ප්‍රවීන්
කලිං version එකේ font register අව්ලක් තිබිලා නිවැරදි කලා. අලුත් එක ට්‍රයිකරල බලන්න.
.net frame work ඉල්ලලා අඩන අලයක් තියෙනවා වගේ. ඒකත් හදාගන්න බලමු.
UCSC කොල්ලෙක්ගෙ තව එළකිරි වැඩක්.
කමෝන් පහන් අයියා……..
මචෝ උඹට පින් සිද්ධ වෙන්න එයත් දැන් මගේ බ්ලොග් එක කියවනවා. එල කිරි වැඩක් මචෝ. කලිං කමෙන්ට් එක වැරදි තැන දැම්මේ සමාවෙයං.
නියමයි පහන්!!, හොද වැඩක්
@ බින්කු
අහන්නත් සතුටුයි. හැබැයි වැඩ පාඩු කරගන්නවා එහෙම නෙවෙයි.
@ සුදාරක
ස්තුතියි. මේ version එක නම් කරදරයක් නැතිව වැඩකරනවා වගේ.
@ ශාකුන්තල
හික්.
@ අමිල පැතුම්
ස්තුතියි.
@ ප්‍රවීන්
අලුත් version එක try කරලා බලන්න.
හ්ම්. අහන්නත් සතුටුයි.
@ සුසිත
මේකේ ගෞරවයෙන් කොටසක් දසුන්ටත් යන්න ඕනේ.
@ උන්මත්තක
ෂාහ් එලකිරිනේ.
@ Dil
ස්තුතියි.
බොහොම ස්තුතියි. කැලණිය කැම්පස් එකේ ලැබ් එකේ මම මේක පරීක්ෂා කරලා බලන්නම්.
මේකේ ෆොන්ට් Install වෙන්නේ ෆොන්ට් එක ෆොන්ට් ෆෝල්ඩර් එකට කොපි වෙලා නෙමෙයි නේද ? (කැම්පස් ලැබ් එකේ පරිගණකවලට ෆොන්ට් ඒ ක්‍රමේට දාන්න බෑ.)
මේක වැඩ කරන්න .net frmwrks ඕනෙ ද.
@ අරවින්ද
font එක fonts folder එකට කොපි වීමක් සිදුවෙන්නේ නෑ. fonts copy කරන්න නම් admin බලය ඕනෑ වෙනවනේ නැත්තම් මගේ කලින් පෝස්ට් එකක තිබ්බ විදියට කරන්නත් පුළුවන්. හැබැයි ටිකක් වෙලා යන කරදර වැඩක් නේ ඕක.
මෙහි සිදුවන්නේ තාවකාලික font register වීමක් විතරයි.මේක extract කරන කොට හාඩ් එකේ කොහේට හරි කොපි කරල හිටියනම් හොඳයි.
මේක වැඩ කරන්න .net frmwrk නම් ඕන. අන්න ඒකයි අනිත් අවුලකට තියෙන්නේ. වෙලාවක් ලැබුනු හැටියේ ඒකටත් පිළියමක් යොදන්නම්.
එල. මම මේ දැන් ඒක බානව. ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. බොහොම පිං උදව්වට.