Dialog HSPA DNS අවුල් හදාගනිමු.

Dialog HSPA භාවිතා කරන ගොඩක් අයට තියෙනවානේ ගොඩක් සයිට් වලට යන්න බැරි ලෙඩක්. ගොඩක් වෙලාවට එන error එකේ DNS settings වල අව්ලක් නිසා එන ලෙඩක් වෙන්න පුළුවන් කියලත් කියනවා firefox. මේ ලෙඩේ මඟහරවගන්න openDNS පාවිච්චි කරන්න කාලිංග අයියා කියල තිබ්බා එයාගේ බ්ලොග් සටහනක. (මේ ගැන සවිස්තරව කේෂාන්ගේ බ්ලොග් සටහනේත් තියෙනවා දැක්කා.) අද මම HSPA එකෙන් net යනකොට බැලින්නම් google,gmail,blogger, facebook හැරුනාම වෙනත් කිසිම site එකකට යන්න බෑ. cry “oops this link apears to be broken” කියලා එනවා. මගේ bookmarks ක්ලික් කරාමත් ඒකම තමයි එන්නේ. හොයල බැලින්නම් මගේ DNS settings reset වෙලා. මේ reset වෙන වැඩේ කලිනුත් වුන දෙයක්.(සමහරවිට mobile partner එකෙන් ඒවා reset කරනවා ඇති.) වැඩ නොකරන කොටනේ අපි හොයලා බලන්නේ. මේකට පිළියමක් හොයන ගමන් mobile partner ටිකක් අත පත ගාලා බැලුවා. එතකොට ‍පොඩි අදහසක් ආවා.
mobile partner වෙත ගොස් Tools menu එක ක්ලික් කර Options තෝරන්න.
ලැබෙන සංවාද කොටුවේ profile management යන්න ක්ලික් කරන්න. ඉන්පසු එහි ඇති New බොත්තම ක්ලික් කරන්න.


profile name එක සඳහා කැමති නමක් ලබා දෙන්න.(dialogDNS යයි සිතමු)
APN සඳහා static යන්න තෝරා www.dialogsl.com ලෙස ලබා‍දෙන්න.
advanced බොත්තම ක්ලික් කරන්න

DNS settings සඳහා….

primary DNS සඳහා 208.67.222.222
secondary DNS සඳහා 208.67.220.220 ද ලබා‍ දෙන්න.
OK බොත්තම ක්ලික් කරන්න.

ඉන්පසු තිබෙන සංවාද කොටුවේ Save බොත්තම ක්ලික් කර ඉන්පසු OK බොත්තම ක්ලික් කරන්න.

අන්තර්ජාල සම්බන්ධතාව ය විසන්ධි කර නැවත profile name යටතේ dialogDNS යන්න තෝරා connect බොත්තම ක්ලික් කරන්න.
smile

මගේ යාලුවා ඉසුරු කතාකරලා තිබ්බ මේගොල්ලොන්ට මේ ‍පාර නම් පිලිගත්තලු ඒ‍ ගොල්ලො නෙට්වර්ක් එකේ අව්ලක් තියෙනවා කියලා. ඒකම මදැයි වෙනද වගේ පච හලන්නේ නැතිව මේ පෝය දවසෙත්. biggrin

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 Comments »

 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin