දැන් දැන් ගොඩක් දෙනා debit card මඟින් ගනුදෙනු කරනවා. බැරි වෙලාවත් කාඩ් එක නැති උනොත් මොකද වෙන්න පුළුවන්? මුදල් භාවිතය මීට වඩා ආරක්ෂිත නැද්ද?
බැංකුවලින් නම් අපිට කියන්නේ සල්ලිවලට වඩා ආරක්ෂිතයි කියල. ඒත්….
Debit card එකක් භාවිතා කරන ක්‍රියාදාමය ගැන පොඩ්ඩක් හිතල බලමු.
කඩේකට ගිහින් අපි මොනවා හරි අරගෙන මුදල් ගෙවන තැනට ගියා කියල හිතමු. බිල අතට ලැබුනට පස්සේ අපි අපේ credit හෝ debit කාඩ් එක දෙනවා. ඊට පස්සේ අපේ card එක cashier එයා ළඟතියෙන මැෂින් එකට දාලා අය කරගන්න ඕන ගාන සහ තවත් මොනවදෝ ඇතුලත් කරලා අපිට රිසිට් පතක් ලබාදෙනවා. එක් පිටපතක් අපිට අත්සන් කරන්න දීල එයා තියාගන්නවා. ඊට පස්සේ අපේ අත්සනත් එක්ක කාඩ් එකේ තියෙන අත්සනත් එක්ක සංසන්දනය කරලා බලනවා එහෙම බලලා අපිට රිසිට් පතක් ලබාදෙනවා. debit කාඩ් එකක් ATM යන්ත්‍රයක් හරහා භාවිතා කරද්දි Pin අංකයක් ඉල්ලා සිටියත් කඩයකින් බඩු ගන්න වෙලාවට නම් එහෙම pin අංකයක් ඉල්ලා සිටින්නේ නෑ.
දැන් අපි හිතමු අපේ debit card එක නැති උනා කියල හිතමු. ගොඩක් අය කරන මෝඩ වැඩක් තමයි card එකක් එක්කම Pin අංකයත් ලියා තැබීම. ඒවගේ චාන්ස් එකක් අහු උන හොරෙක් කරන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ
. හරි Pin එක හොරා අතට පත් උනේ නෑ කියමු මිනිහා ගාව තියෙන්නේ කාඩ් එක විතරයි පිටිපස්සේ අත්සන තියෙනවා ටිකක් පුරුදු උනා අත්සන ගැහුවා ඕන තරම් shopping කරන්න පුළුවන්.(කඩවල් වලින් බඩු ගන්න card එකේ pin number එක ඉල්ලන්නේ නෑනේ.)
මම දැකල තියෙන තවත්දෙයක් තමයි ඔය අත්සන සංසන්දනය කරන වැඩේ කවදාවත් හරියට සිද්ධවෙන්නේ නෑ. අයකැමියා කලබලේට ඕවා බලන්නේ නෑ. ඕන හොරෙක්ට ඕන හොර අත්සනක් දාලා බඩු ගන්න පුළුවන්. මේ ගොල්ලන්ටත් ඉතිං ගානක් නෑනේ මොකෝ අතින් පයින් යනවයැ.
card එක නැතිඋනොත් කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් බැංකුවට කතා කරලා කියන එක විතරයි. එතකොට ඒ ගොල්ලෝ අපේ account එක suspend කරලා දානවා. එතකොට නම් බයවෙන්න දෙයක් නෑ. ඒත් හදිස්සියේවත් card එක නැති උනාකියලා අපි දැනුවත්නැත්නම් හෝ අපි දැනුම් දෙන කොට ප්‍රමාද වැඩි නම් ඉතිං ඔබේ ගිණුමේ සල්ලි හොරෙකුට පූජා කලා කියලා හිතාගන්න. සල්ලි ගත්තු තැන් ආදිය නම් හොයා ගන්න පුළුවන් ඒත් ඊට වඩා එහා දෙයක් නම් කරන්න බෑ මම දන්න තරමින්. ඕන නම් පේනයක් බලන්න පුළුවන් .
බැංකුත් එච්චර ඕවා ගැන උනන්දුවක් දක්වන බවකුත් පේන්න නැහැ. (මා හොඳින් දන්නා හඳුනන කෙනෙකුගේ ගිණුම සම්පූර්ණයෙන්ම හිස්වුනු පසු බැංකුවෙන් ලැබුණු උපදෙස වූයේ පේනයක් බැලීමය)
දැන් දැන් debit හා credit card මගින් සිදුවෙන මූල්‍ය වංචා බහුලව සිදුවෙනවා. debit card කොපි කරගෙන මුදල් සොරකම් කල පුද්ගලයෙකු පිළිබඳව පසුගිය දිනයකද මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුනි.
ඔබගේ ගිණුම ආරක්ෂා කර ගැනීමට පහත ක්‍රියාමාර්ග වැදගත්වේ යැයි සිතමි.
- රහස්‍ය අංකය ලියා තැබීමෙන් වලකින්න. බැංකුවෙන් රහස්‍ය අංකය ලැබුනු ලියුමද විනාශ කර දමන්න.
- කාඩ්පත/රහස්‍ය අංකය තාවකාලිව හෝ අන්සතු කිරීමෙන් වලකින්න.
- ඔබ කාඩ්පතින් කරන ගණුදෙනුවල රිසිට් පත් සුරැකිව තබාගන්න. බැංකු පාස්පොත නිතර යාවත්කාලීන කරගෙන ඒවායේ සඳහන් මුදල් හුවමාරු වීම් රිසිට්පත් සමඟ සංසන්දනය කරන්න.
- කාඩ්පත අස්ථානගත ගතවුවහොත් හෝ සොරකම් කරල ලදහොත් හැකි ඉක්මනින් බැංකුව දැනුවත් කරන්න. ඔවුන් ඔබේ ගිණුම ආරක්ෂා කරගැනීමට නිසි ක්‍රියාමාර්ග ගනු ඇති.
Credit card සම්බන්ධයෙන් ඉදිරියේදී වෙනමම පෝස්ට් එකක ලියන්නම්.



ඔය දන්න හඳුනන කෙනාට බැංකුවෙන් සල්ලි දුන්න නේද අන්තිමට?
මම පාවිච්චි කරන්නේ සම්පත් X-SET කාඩ් එකක්. සරසවියෙන් එහෙම පොතක් ගනිද්දී මාර ප්‍රයෝජනවත්. හැබැයි මගෙන් නම්… PIN Card එකක ඉල්ලනවා කාඩ් එකෙන් ගෙවද්දී… අනිත්වායේ ඉල්ලන්නේ නැද්ද?
@ ඉසුරු
නැහැ සල්ලි දුන්නේ නෑ. ඒත් එයාගෙත් වැරැද්දක් තියෙනවා. (නිසි ආකාරයෙන් කටයුතු නොකිරීම.) ටිකක් මහන්සි උනානං සල්ලි ටික බැංකුවෙන් ගන්න තිබුනා. ගැටලුව තියෙන්නේ හිතවත්ම කෙනෙක්ම ඇරුණාම ඔවැනි ක්‍රියාමාර්ග පිළිබඳව බැංකුවෙන් නිසි දැනුවත් කිරීමක් සිදු නොකිරීම.
@ සුදාරක
Debit කාඩ් එකක් ප්‍රයෝජනවත් එකේ විවාදයක් නැහැ. ගෙදරින් එවන සල්ලි මම භාවිතා කරන්නෙත් debit card එකක් හරහා. කවදාවත් කඩවලින් බඩු ගනිද්දි නම් PIN අංකයක් ඉල්ලන්නේ නෑ මගෙන් නම්. බැංකුව අනුව වෙනස්වෙනවා ඇති. කාඩ්පත අයිති කරුගේ ජායාරූපයක්වත් තිබුනා නම් ගැටලුව ටිකක් අඩු කරගන්න තිබුනා කියලයි මට හිතෙන්නේ. සමහර බැංකුවල නම් එලෙස මුද්‍රණය කරලා තිබෙන කාඩ්පතුත් තියෙනවා. ඒත් හැම බැංකුවේම නෙවෙයි.
ඒක ඇත්ත. ගෙදරින් සල්ලි ගෙන්න ගන්න එහෙම ලේසියි. ඒත් මම පාසලෙන් විදේශ ගත උනහම සල්ලි මාරු කරන්න කරදරේ නිසා Debit කාඩ් එකක් ගත්ත. එයාල කීවෙ මේවගෙ කඩෙන් බඩු ගත්තත් pin ඉල්ලනව කියල. හැබැයි අරගෙන නම් නෑ. රටදි සල්ලි ගත්ත විතරයි.
හැබැයි සම්පත් බැංකුවෙ සමහර ATM වලින් අපේ රහස් අංකය වෙනස් කරගන්න පුලුවන්. මමනම් මට ලේසි එකක් දාගෙ ඉන්නෙ. ඒ බැංකුවෙ කාඩ් එකක්ම වෙන්න ඕනි නෑ
ඩෙබිට් කාඩ් වලදි pin based හා signature based විදියට වර්ග දෙකක් තියනවා. බොහොමයක් බැංකු මේ වර්ග දෙකම නිකුත් කරනවා පාරිභෝගිකයාගේ උවමනාව අනුව.
කාඩ් එක ගන්න application එකේ තියන විදියට ක්‍රියා කරල තියනව නම් තමන් විසින් නොකල ගනුදෙනු සඳහා මුදල් ආපසු ලබාදෙන්න බැංකුව බැඳිලා ඉන්නවා.
(Commercial Bank card centre එකේ වැඩකරන කෙනෙක් හැටියට මේ වගේ අවස්තා ඕන තරම් ප්‍රායෝගිකව දැකල තියනවා)
කඩවලින් බඩු ගනිද්දි signature එක නිවැරදිව පරීක්ෂා නොකලත්, වැරදි signature එකක් සඳහා මුදල් අදාල වෙළඳ ආයතනයට නොගෙවීමේ බලය බැංකු වලට තියනවා. (අදාල signature සහිත රිසිට් පත බැංකුව පරීක්ෂා කරන්නේ customer complain එකක් ලැබුනොත් විතරයි.) බැංකුව බැඳී සිටින්නේ කාඩ් පත නැතිවුනු බව බැංකුවට දැන්වූ පසු සිදුවූ ගනුදෙනු සඳහා මුදල් ලබා දීමට පමනි. ඊට පෙර සිදුවුන සියලුම ගණුදෙනු සඳහා කාඩ් පත් හිමියා වගකිව යුතුය.
@ රසික
මුලින්ම ඔබට ස්තුතිවන්න වෙනවා පැහැදිලි කිරීම සම්බන්ධයෙන්
මම මේ ගැන දැනං හිටියේ නෑ. බැංකුව මාව දැනුවත් කලෙත් නෑ. මගේ බැංකුව ගැන පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්. මටත් pin based ක්‍රමේකට ගියානං ආරක්ෂිතයි වගේ කෝකටත්.
මම කලින් කී උදාහරණයේ කාඩ්පත නැතිවී සති 2-3කට පස්සෙයි අයිතිකාරයා දන්නේ කාඩ්පත නැතිවෙලා කියලා. එතකොට එහෙනං එයාට කොහොමටවත් මුදල් ආපහු ගන්න බෑ එහෙම නේද?
“බැංකුව බැඳී සිටින්නේ කාඩ් පත නැතිවුනු බව බැංකුවට දැන්වූ පසු සිදුවූ ගනුදෙනු සඳහා මුදල් ලබා දීමට පමනි.”
“මම කලින් කී උදාහරණයේ කාඩ්පත නැතිවී සති 2-3කට පස්සෙයි අයිතිකාරයා දන්නේ කාඩ්පත නැතිවෙලා කියලා. එතකොට එහෙනං එයාට කොහොමටවත් මුදල් ආපහු ගන්න බෑ එහෙම නේද?”
නීත්‍යානුකූලව මෙතනදි බැංකුව නිදහස්. ඒත් ඕනම බැංකුවක් තම ගනුදෙනු කරුවන් රඳවා ගන්න තමන්ගෙ සීමාවට එහා වුනත් යන්න පසුබට වෙන්නෙ නැහැ. ඒක අවස්තාවෙන් අවස්තාවට වෙනස් වෙනවා.
තවත් දෙයක්, හැම බැංකුවක්ම pin based හා signature based යන වර්ග දෙකම නිකුත් කරන්නෙ නැහැ. බොහොමයක් වෙළඳ ආයතනත් pin based ක්‍රමයේ යන්ත්‍ර තියාගන්න කැමති නැහැ. මොකද ඒකෙන් වෙන තත්පර ගනනක හෝ ප්‍රමාදය පෝලිම් තියන ලොකු වෙළඳ ආයතන වලට ගැටලුවක් නිසා. pin based card එකක් අරගෙන signature based යන්ත්‍රයක් තියන ආයතනයකට (බොහොමයක් ආයතන මේ වගේ) ගියාට වැඩක් නැහැ.
@රසික- බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට. ඇත්තටම මට තියෙන්නේ PIN based එකක් නිසා මට සිද්ද වෙනවා හෙන වෙලාවක් පෝලිමේ බලාගෙන ඉන්න. මට හිතුනේ හැම Credit Card, Debit Card එකකටම මේ හෙනේ කියලයි
නැවත වතාවක් බොහොම ස්තූතියි
අපේ අය PIN එක අමතක කරගන්න හැටියට පෝලිමේ ඇවිත් PIN එක ගහන්නත් ගියොත් ඒ වෙළඳ ආයතනයට දෙවියන්ගෙම පිහිටයි. අපිට ආයෙත් පෝලිම් යුගයකට නිකන්ම යන්න පුලුවන්.
ලංකාවෙ PIN based Debit cards භාවිතය ඉතාමත් අවම මට්ටමක තියෙන්නෙ. වෙළඳ ආයතන මේවාට දක්වන අකමැත්ත මේවායෙ පැතිරීම අඩු වීමට ප්‍රධානම හේතුව.
රසික, මා මේ සම්බන්ධයෙන් මෙහිදි අත්දැකිම් තිබුණත් වැන්නක් ලංකාවේ තිබෙන බව වඩා තහවුරැ වුයේ ඔබ නිසා.
විදේශ ගත විමේදි අපේ ගිණුම් වලින් මුදල් ගැනිමේදි කෝමෂල්,සම්පත් හා මහජන ඉක්මනින් හා නිත්‍යාකුල සම්මත ක්‍රමයෙන් (නිතීවිරෝධි නොවී) බැහැරව සේවා දුන්නා එක්ක. ඒ ගැන මෙහිදි මා සදහන් කරන්න කැමැතියි.
May i knw d bst way 2 engag in ‘online purchasing’??? plz…
මේ අනාරක්ෂිත බව නිසාම සම්පත් බැංකුව (අනිත් බැංකු කොහොමද දන්නෙ නෑ) තමන්ගෙ ගනුදෙනු කරුවන්ට අස්වැසිල්ලක් දීල තියෙනවා. ඒ ගනුදෙනුවක් වුණ ගමන් ඒ බව මුදල් අගයත් සමග ගනුදෙනුකරුට දැනුම් දීමයි. ඒත් මේක අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මෙය එක්තරා අන්දමක අස්වැල්ලක් බව පිළිගන්න වෙනවා
PIN nethuwa fingerprint wage method 1k danna berida danne!! it will be more secure