Dialog FUP = Unfair User Policy

මේ මාතෘකාව ගැන කලින් මම බ්ලොග් එකේ ලිව්වත් මේක ගැන ටිකක් සවිස්තරාත්මකව ලියල තියන්න හිතුවා.

The FUP is designed to ensure that the service received by the vast majority of our customers is not negatively impacted because of extremely heavy usage by a very small minority of customers.

dialog කියන විදියට නං FUP එකක් දාලා තියෙන්නේ HSPA භාවිතා කරන්නන් සුළුතරයක අධික භාවිතාව නිසා අනිත් බහුතර පාරභෝගිකයන් ලබන සේවාව කෙරෙහි ඍණාත්මකව ඇතිවන බලපෑම ඉවත් කිරීමටයි.

Dialog billing Cycle එක වැටෙන්නේ මාසෙක 15 වෙනිදා. 10-15 වෙනිදා කාලය අතරතුර හැමෝම තමුන්ගේ කනෙක්ෂන් ‍එකේ 5GB ඉවර කරල දාන්න මොනව හරි download කරනවා. 5GB පාවිච්චි කලාම වේගය 384Kbps කට අඩුවෙනවා. 6GB පාවිච්චි ක‍ලාම 64Kbps.(එතකොට නං broadband කියන්න නිකං ලැජ්ජයි වගේ Dialup තමා සුදුසුම වචනේ.  :D )5GB limit එක පැන්නම අවශ්‍ය නම් මාසයේ ඉතිරි දින සියල්ලම රු.100 බැගින් ගෙවා වේගය අඩු නොකල ලෙස නැවත භාවිතා කරන්න පුළුවන්. මාසෙකට 5GB ත් මදි උන කෙනෙක් රු.100 ගානේ ගෙවල පොඩි පොඩි ඩවුන්ලෝඩ් දායි කියල නම් හිතන්න අමාරුයි. ;)

උදාහරණයක් විදියට දවස් 25 ක් තුල 5GB කෙනෙක් ඉවරකරගෙන ඉතිර දින සඳහා 100 බැගින් ගෙවල කනෙක්ෂන්‍ එක පරණ speed එකෙන්ම තියාගත්තා කියල හිතමු.  (university package එක භාවිතා කරන කෙනෙක් කියල හිතමු.)ඒ දින 5 ඇතුලත සීමාවක් රහිතව ඩවුන්ලොඩ් කරන්න ලැබෙන නිසා  එක දවසකට 1GB එක ගානේ දවස් 5ට 5GB ඩවුන්ලොඩ් කලා හිතමු.  ඒසඳහා ඔහු ගෙවන මුදල  1500+500=2000ක් වෙනවා. එතකොට සම්පුර්ණයෙන් ඔහු 10GB භාවිතා කරලා 2000කට ඒ කියන්නේ 1MB සඳහා සත දෙකයි.

5GB විතරක් පාවිච්චි කල කෙනෙක් ඉන්නව  කියල හිතමු. ඔහු 1500ක් ගෙවනවා 5GB සඳහා. එකකොට 1MB සඳහා ඔහු ශත තුනක් ගෙවලා තියෙනවා.

dialog කියන අර බහුතරයට සාධාරනේ ඉෂ්ට වෙලාද? මේක Fair user policy එකක්ද? නැත්තම් Unfair User Policy එකක්ද?

මේක  ගැන තව පැත්තකින් හිතලා බලමු. HSPA bandwidth එක shared bandwidth එකක්.

උදාහරණයකට එක් HSPA tower එකකට ලැබෙන bandwidth එක ඒ අවට connect වෙලා ඉන්න userලා අතරේ බෙදීයනවා. 10දෙනෙක් connect වෙලා ඉන්නවා නම් කනුවේ bandwidth එක 10Mbps නම් එය 1Mbps බැගින් ඒ දසදෙනා අතරෙ බෙදීයනවා. ඔය කනෙක්ෂන් එක තියෙන 20 දෙනෙක් ඔය අවට ඉන්නවා කියල හිතමු.

ඔන්න 10 දෙනෙක් 5GB පනින්නේ නැති අය(A කාණ්ඩය කියල ගමු), 10 දෙනෙක් 5GB ඉක්මවනව( B කාණ්ඩය කියල ගමු). B කාණ්ඩයෙන්  5 දෙනෙක් 100ගානේ දීලා කනෙක්ෂන්‍ එක පරණ speed එකෙන්ම තියාගන්නවා.(B1 කාණ්ඩය) ඉතිරි පස්දෙනා එහෙමම ඉන්නවා.(B2 කාණ්ඩය)

billing cycle එකක මුල් කාලය සලකමු

B කාණ්ඩයේ ඉන්නේ අධික භාවිතා කරන්නන් නිසා නිතරම කනෙක්ට් වෙලා ඉන්නවා කියල  සහ A කාණ්‍ඩයේ ඉන්නේ අඩුව‍ශයෙන් භාවිතා කරන්නන් නිසා වරින් වර සලකනු ලබන වෙලාවක 5දෙනෙක් පමණ  connect වෙලා ඉන්නවා කියල උපකල්පනය කලොත් එක් අයෙකුට ලැබෙන මධ්‍යයන වේගය 10Mbps/15= 666Kbps ක් වෙනවා.

දැන් billing cycle එකක අවසාන සතිය ගැන හිතමු.

B1 කණ්ඩයේ වැඩ නවතින්නේ නෑ 100 ගෙවපු නිසා. A කාණ්ඩය මාසය මුල වැඩිය කනෙක්ෂන් එක භාවිතාකලේ නැති නිසා 5GB ඉවර කරන්න film වගේ මොනව හරි download කරනවා. දැන් ඒ 10දෙනාත් එකතුවෙනවා. B2 පස්දෙනාටත් තවමත් 384Kbps එනවා ඒ නිසා ඒ ගොල්ලත් එකතුවෙනවා. එතකොට  එක් අයෙකුට ලැබෙන මධ්‍යයන වේගය අනිවාර්යෙන්ම 666Kbps ට වඩා අඩුයි.

dialog කියන අර බහුතරයට සාධාරනේ ඉෂ්ට වෙලාද? මේක Fair user policy එකක්ද? නැත්තම් Unfair User Policy එකක්ද?

මේ සෙල්ලමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මාසේ අන්තිම හරියට යනකොට කනෙක්ෂන් එක කාටවත් භාවිතා කරන්න බැරි විදියට congestions සිද්ද වෙන එකයි.

මම මේ ගැන lirnasia විසින් මෙහෙය වූ  broadband seminar එකේදී ප්‍රශ්න කලා. dialog නියෝජිතයාගෙන් මුලින් හරි පිළිතුරක් නොලැබුනත් පස්සේ මම ආයෙත් පැහැදිලි කලාම ඔහු එකඟ උනා මා කියන දෙය සමඟ.( lirnasia workshop එක ගැන හා seminar එක ගැන පෝස්ට් එකක් ළඟදීම දාන්නං)

මේ මාසෙන් පස්සේ මම Dialog  HSPA ගැන ලියන එකක් නෑ. Dialog HSPA ට සමුදෙන්න හිතුවා. මම මාස 7ක් මේ කනෙක්ෂන් එක භාවිතා කලා මාස 6කම බිල හරියටම වෙලාවට ගෙවල තියෙනවා අවසාන මාසයේ කනෙක්ෂන් එක අතහරින්න හිතල බිල නොගෙව ඉදල ආයෙත් ගෙව්වේ workshop එකට හොඳ කරුනු ටිකක් එකතු කරගන්න. ;) ඕනෑවටත් වඩා දේවල් හම්බ උනා සති දෙකක් ඇතුලත. :D කොහොම උනත් මම සතියක් පහුවෙලා බිල්‍ ගෙව්වට 2%ක දඩේකුත් අය කරගෙන. ඒවා නං සේරම තිතට නූලට සිද්ධ වෙනවා. ‍තාම deposit ඉල්ලන්න නම් ගියේ නෑ අර සමහරුන්ට උනා කියනවා වගේ deposit නොගෙව හිටියොත් නම් තවත් පෝස්ට් එකක් ලියන්න වෙයි. :D   dialog ට පින් සිද්ද වෙන්න මට ලාබෙට මොඩම් එකකුත් හම්බ උනා. :) දැන් ‍ඒ මොඩම් එකත් එක්ක වෙන service provider කෙනෙක්ට මාරුවෙනවා.

Related Posts
  1. එළම කිරි! ඒත් ඉතිං අපේ මෝඩ කමට අපි අසු වුණෙමු. :(

  2. Good observation. Two things.

    1. From which point the speed of Group B2 is reduced? Can they do it from the tower? My guess is they do it somewhere beyond the tower. So their speed to tower remains the same.

    2. “උදාහරණයකට එක් HSPA tower එකකට ලැබෙන bandwidth එක ඒ අවට connect වෙලා ඉන්න userලා අතරේ බෙදීයනවා. 10දෙනෙක් connect වෙලා ඉන්නවා නම් කනුවේ bandwidth එක 10Mbps නම් එය 1Mbps බැගින් ඒ දසදෙනා අතරෙ බෙදීයනවා.”

    Yes, the bandwidth drops but *not proportionately*. This is the difference between a water line and a digital network. In other words, if 10 Mbps is shared between 10 users each get less than 10 Mbps, but not necessary one tenth of it. Depending on the applications they use sometimes it can be as high as 7-8 Mbps.

    I have requested Dialog to abolish so called ‘Fair’ usage policy. The longer they keep it more the unsatisfied customers they breed.

  3. @චානුක වත්තේගම

    1. From which point the speed of Group B2 is reduced? Can they do it from the tower? My guess is they do it somewhere beyond the tower. So their speed to tower remains the same.

    But if they are downloading somewhere around 384Kbps then the remaining tower bandwidth is shared among others isn’t it?

    Yes, the bandwidth drops but *not proportionately*. This is the difference between a water line and a digital network. In other words, if 10 Mbps is shared between 10 users each get less than 10 Mbps, but not necessary one tenth of it. Depending on the applications they use sometimes it can be as high as 7-8 Mbps.

    Yes. That’s true. And I agree with you. I assumed that here to ease the explanation.

    the worst case is the disappointed customer is the one who didn’t reach 5GB limit. Not the “download manager” :D . So he probably leave dialog.

  4. හරි හරි ඩයලොග් හරි නැහැ කියමුකෝ.දැන් ඉලගට යන්න බලාපොරොත්තු වෙන්නේ මොකකට යන්නද?

  5. @සසික
    broadband package එකක් ගන්න එක ගැන තාම හරියට හිතුවේ නෑ. airtel සිග්නල් ප්‍රශ්නේ සහ දැන් දැන් airtel slow (විශේෂයෙන් රාත්‍රිකාලයට) කියල කට්ටිය බනින නිසා airtel ගන්න අදහස අත්හැරියා.කෝකටත් airtel test පාරක් දාලා බලන්නයි ඉන්නේ. ගෙදරට airtel HSPA සිග්නලු නැහැ. Mobitel නම් signal හොඳට තියෙනවා. දැනට mobitel 3G daily delight ටික දවසක් පාවිච්චි කරලා බලලා හොඳ නම් 2GB zoom 890 package එකක් වගේ ගන්නවා. කලිනුත් dialog වැඩ නැති වෙලාවට mobitel 3G daily delight පාවිච්චි කරලා තියෙනවා.

  6. Mobitel ganna malli….

    No 1 Mobile Broadband connection in Sri Lanka…

    Athdekeemenui kiyanne…

  7. උඹේ මේ ඩයලොග් කතා දැං ඇතිවෙලා බං තියෙන්නෙ

  8. Nothing is unlimited. FUP must be there to safeguard the bandwidth. Not in Srilanka even in UK the same thing applies. TRC has given approval for FUP on fixed broadband

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">