කාලෙකට පස්සේ නැවතත් HSPA කතාවක් සහ daily delight usage බලන හැටි

හුඟ කාලෙකින් බ්ලොග් එක ලියන්න බැරි උනා. විභාගෙත් ළඟ නිසා වැඩ ටිකක් වැඩියි. 2nd year project එකේ වැඩ හිරවෙලා තියෙන්නේ. ගිය සතියේ වැඩේ  ඉවර කරලා client ළඟට ගියාම ආයෙත් තව තව requirements දුන්නනේ. විභාගෙත් ළඟයි පාඩම් කරන්නේ කොහොමද project ඉවර නැතිව. මොනව කරන්නද ඉතිං client negative feedback එකක් දුන්නොත් අපේ මහන්සිය සේරම වතුරේ. :(

ඩයලොග් HSPA එක අතෑරල දාලා airtel 300/= එකක් ගත්තා test කරන්න වගේ. කරාපිටියේ airtel store එකේ අක්කගෙන් මේකෙ ඇත්ත speed එක කීයක් විතර එනවද ඇහුවාම 7.2Mbps කියල කිව්ව. මට බකස් ගාල හිනාවෙන්න ගියත් අමාරුවෙන් ඒක තදකරගත්ත. ඔය‍ගොල්ලන් 7.2 දෙන හැටි අපි දන්නව කිව්ව. :D කරාපිටියට නං 3G සිග්නල් නෑ කිව්ව. ගෙදර ගිහින් බැලින්නං මෙන්න 3G තියෙනව. කොහෙන් ආවම මට මොකෝ මේක වැඩ නං.  රුපියල් 500යිනේ connection fee එක. ඒ අතින් නං සෑහෙන්න ලාබයි. ඩයලොග් ‍වගේ 3000ක් deposit කරල පළවෙනි මාසෙට මාස දෙකක ඒව අයකරගන්න සංකීර්ණ ප්ලෑන් නං නෑ.  මගේ advance payment එකට චෙක් එකක් තැපෑලෙන්  එවනව කිව්වට සති දෙකක් ගත උනත් තාම එවල නෑ. ඔය ගැන වෙනම පොස්ට් එකක් දාන්නයි මම ඉන්නේ. මට මේ මාසේ ඩයලොග් කනෙක්ෂන් අයින් කරන්න ඕන නං මම ලබන මාසේ බිලත් ගෙවන්න ඕන. ඊට පස්සේ ඒක ආයෙත් refund කරනව. කුනුහරුප මතක් වෙනව මේගොල්ලන්ගෙ කෝලම් වලට. airtel ගොඩක් ලාභ උනත්  කනෙක්ෂන් එක නං එච්චරම හොඳ නෑ.  නිතරම disconnect වෙනව.

ඒක වැඩ නැති වෙලාවක mobitel 3g daily delight පාවිච්චි කරන්න ගන්න අරගෙන activate කලාම මෙන්න මේක වැඩ නෑ. කලිං නං වැඩ කලානේ ඒ නිසා ගත්ත customer care එකට call එකක්. පළවෙනි එක්කෙනා මගේ nokia 1110 GPRS settings මගේ phone එක එවන්න  හැදුවත් දෙවැනියට කතාකරපු එක්කෙනා නං සිද්ධිය මේකයි කියල ටක් ගාල තේරුම් ගත්ත. (ඔන්න මං ආයෙත් මගේ phone එක අහවල් ව‍ර්ගෙ කියල කිව්ව. දැන් ඉතිං phone එක ගැන කිව්ව කියල අර අනුන්ගෙ වැරදි හොයන එක්කෙනා කමෙන්ට් හැටහුටාහමාරයි තවත් එකහමාරකුයි දාලා අලුත් පොස්ට් එකකත් දායි. පරණ phone එක දන් දීලා ගත්තු එකාගේ දෙමාපියන්ට පින් දිදි ඉන්නෙ). දෙවැනියත් GPRS active කලා කිව්ව.  ඒත් කොහෙද මේක තාම වැඩ නෑ. daily delight එතේ සල්ලි නිකම්ම මොබිටෙල් එකට පූජා කලා කියල හිතාගත්ත. හත් අට පාරක්ම කතා කලත් වැඩෙ නං තාමත් කෙරුනෙ නෑ. මොනව උනත් mobitel customer care එකේ පොඩ්ඩක් විතර improvement එකක් තියෙනව.:) (වැඩේ තාමත් නොකෙරුන එක වෙනම කතාවක්) ඉස්සර තරම් ගොං කතා කියන්නෑ :D .  මම මොබිටෙල් daily delight වලින්ම දුවන්න හිතාගෙනත් ඒක අතෑරල දැම්මෙ ඒකේ data usage එක බලන්න හරි ක්‍රමයක් නැති නිසා. ඒක ඉවරවෙලා phone එකේ සල්ලි සේරම කැපිල යනකල් දන්නෙ නෑ. MSG එකක් නං ‍එනව තමා ඒක එනකොට සමහරවෙලාවට පෙරහැර ගිහින් .

අලුත් ආරංචියක් තියෙනව දැන් #170# ඩයල් කරල mobitel 3G daily delight usage බලන්න පුලුවන්. MSG එකකිනුත් බලන්න තිබ්බ නං හොඳයි. මොඩම් පාවිච්චි කරන අපි වගේ අයට හුලං නේ නැත්තං.

ඩයලොග් වල speeds වල සෑහෙන්න වැඩිවීමක් පහුගිය කාලෙ දැක්ක. අලුත් IP pool එකක් ‍එහෙම අරගෙන dialog වැඩට බැහැල වගේ. මෙන්න speedtest එකක්

මේ ව‍ගේ කිහිපයක්ම මට කැම්පස් එකේ දී ගන්න ලැබුන.(ඉස්සර dialogblog වල බැනල බැනල කමෙන්ට් දාපු කාලෙ තරං නම් ඩයලොග් HSPA දැන් නරක නෑ. unstable ගතිය නං තාම තියෙනව) ඒත් මේ පල්ලෙහා තියෙන speed test එක වගේ connection එකකුත් තියෙද්දි මොකටද මාසෙට 2000ක් ‍වියදම් කරන්නෙ.

Related Posts
Leave a comment ?

21 Comments.

  1. ඇති යාන්තං තුන් ගොල්ලොම බැණුම ඇහුවේ නෑ කලිං වගේ! ඉස්සරහටත් ආයිත් බැණුම් නො අහන්න ෂේප් වෙයි.

    මේ තුත්ගොල්ලෝම පහන් ඇතුලුව දොස් දෙවාලේ තියන තර්ජනකරුවන් ප්‍රශණයක් වෙලා කතා කරොත් අවුස්සා ගන්නේ නැති ෂේප් කරන නියෝගයක් එක්ක ලිසට් එකක් දෙන්න කියලා කිව්වාද දන්නේ නෑ. ;)

  2. Dialog Connection එක disconnect කරන්න කලින් ආයිත් ඊලඟ මාසේ rental එකත් ගෙවන්න ඕනේද??(අම්මට සිරි!xx බල්ලෝ)එතකොට ඒකටත් Vat+Msl+Nbt+etc….. එකතු වෙනවද? එතකොට කලින් ගෙව්ව එකට මොකද වෙන්නේ??

    LEARN එක මේක අස්සේ ඔබන්න එපො…..නොදන්න අය හිතයි දැන් ලන්කාවේ තව අලුත් ISP කෙනෙක් ඉන්නවා;එයගෙ speed එක පට්ට කියලා හි හි!

  3. airtel300 ප්ලෑන් එකට කොයි තරම් දත්ත ප්‍රමාණයක් භාවිතා කරන්න ලෑබෙනවද

  4. kit broadband, daily delight වලට වඩා ලාභ නැද්ද?

  5. අනේ ඔවු. ඩයලොග් එකේ මාත් මාසෙක වැඩිපුර බිලක් ගෙවලයි අයින් කලේ

    හැබැයි 3G delight එකේ භා‍විතය බලාගන්න තියන එකනම් මරු. ඒත් ක්‍රමේ තමා අවුල. මොඩම් තියද්දි

  6. මොබිටෙල් මේ මාසේ ගිය මාසේ මගේ බිල 3000 පැනලා මම බැළුවේ නොගෙවම මාරැවෙන්න.ලෙඩක් වැටෙයිද දන්නැහැනේ.
    හුලංටෙල් වලට මාරැවෙලා බලන්න ඔනේ.එක ලිමිට් එක කොච්චරද?

  7. Dont even think of buying airtel 300 or 600.they charge 0.5 cents for an additional 1kb( although TRC approved charges are 0.05cents per KB).so for additional 1gb you will have to pay more than Rs 5000/=.I had to pay 9300 for additional 1.4GBs..

    Their unlimited connection is good…

  8. මට නම් ඩයලොග් පැකේජ් ගැන එක්ස්පීරියන්ස් තියෙන නිසා සහ වැඩිපුර ගෙවූ මුදල් ගන්න හොද කට්ටක් කන්න වෙන නිසා අන්තිම මාස දෙකේ රෙන්ටල් එක ගෙවන්නෙ නැතිව හිටියා. :P පස්සෙ මේල් එකක් දාල ඩිස්කනෙක්ට් කලා, කොහොම හරි වැඩිපුර ගෙවල තිබුනෙ රු 300 ක් පමණ.

    • මාත් ගෙව්වෙ නෑ. අන්තිමට 5000ක් විතර ගෙවන්න තිබ්බ.(ඊ‍ළඟ මාසෙ බිලත් එක්ක ) Disconnect කරන්න ගියාම ඔක්කොම නොගෙව disconnect කරන්න බෑ කිව්ව. යාන්තම් මුලින් දීපු 3000ක් නං අඩු කරගත්ත ලබන මාසෙ බිල් එක නං ගෙවන්නම කිව්ව. :D . මොනවා කරන්නද මේගොල්ලන්ට අපි සලකනව හොඳ වැඩියි මං හිතන්නෙ. ඒකයි කරේ නඟින්නෙ. පොල්ලක් තිබ්බ නං කිසි කරදරයක් නෑ. :D

  9. mobitel 3g weekly delight වලට අර #170# code එක වැඩ නෑනේ :(

  10. Modem එකෙන් USSD‍ කෝඩ් යවන්න පුලුවන්. ඒක‍ට Mobile Data Monitoring Application භාවිතා කරන්න. ඒකෙන් භාවිතය බලාගන්න පුලුවන් 3G Daily Delight වල
    හැබැයි #170# වෙනුව‍ට *170# භාවිතා කරන්න

  11. මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">