LIRNEasia broadband වැඩමුළුවේ අත්දැකීම්

broadband සබඳතාවල ගුණාත්මක භාවය ගැන කතාබහකල LIRNEasia සම්මන්ත්‍රණය පහුගිය දවසක IESL හිදී පැවැත්වුනා. මීට සමගාමීව “Mobile Broadband Quality of Service Experience” ගැන වැඩමුළුවකුත් Taj Samudra හෝටලයේදී පැවැත්වුනා. මේවා පැවැත්වෙලා ටිකක් කල් උනත් මේ ගැන ලියන්න තරම් වෙලාවක් මට තිබ්බ නැති නිසා ලියන්න බැරිඋනා. සමාසික විභාගෙත් එන්න එන්නම ළං වෙනවා. project වල වැඩ ගොඩ ගැහිලා.

සම්මන්ත්‍රණය

සම්මන්ත්‍රණය පැවැත්වුනේ broadband සේවා සපයන්නන්, පර්යේෂකයන් සහ broadband භාවිතාකරන්නන්ගේ  සහභාගීත්වය ඇතිව. මේහිදී සේවා සපයන්නන් මුහුණපාන ගැටලු, ආසියාව හා ලෝකයේ broadband සබඳතා මිල ගනන්, වෙළඳ ප්‍රචාරණය  සහ පාරිභෝගික අපේ broadband අත්දැකීම් ගැනත් කතාඋනා.(ටිකක් ආවේගශීලී වෙච්ච අයත් හිටියා තමන් ගෙවන දේට සරිලන සේවාවක් ලැබෙන්නේ නැත්තම් ටිකක් ආවේගශීලී වෙන එක අසාධාරණ නැහැ මම හිතන්නේ)  කොහොම උනත් ගොඩක් අයට හොඳ අවස්තාවක් උනා broadband  සේවා සපයන්නන්ට කෙලින්ම තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න. ඩයලොග් FUP ගැන මම දරණ මතය ගැනත් මෙහිදී මම කතාකලා. බැක්අප් එකට ශාකුන්තලත් ආවා. තව බ්ලොග් ලියන කිහිප දෙනෙකුත් ඇවිත් හිටියා. ඉස්සර dialogblogs.com ලියපු indi ත් ඇවිත් හිටියා.(මෑන්ස් එක්ක බ්ලොග් වල ගහගත්තට සුහදව කතාකලා :)   ).  කෙහෙලිය (ලින්ක් එක හරිද මංදා.)එහෙමත් ඇවිත් හිටියා.

වැඩමුළුව

වැඩමුළුව නම් සාමාන්‍ය මහජනතාවට විවෘත උනේ නැහැ. පැවැත්වුනේ taj samudra හෝටලයේදී. මට ආරාධනා ලැබුනේ LIRNEasia හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ කළමනාකාර සහ Broadband විශේෂඥ  චානුක වත්තෙගම මහතා‍ගෙනුයි. ගොඩාක් දුරට mobile broad testing ගැන, ඒවායේ තාක්ෂණික පැත්ත, mobile broadband තාක්ෂණයන් ගැන කතාකලා.(කතා කරපු ගොඩක් දේවල් දැන් අමතක වෙලා ඒ ගැන සමාවෙන්න :( ). කොහොම උනත් කාලිංග අයියාට සහ මට ලංකාවේ mobile broadband ගැන හොඳ හඬක් නඟන්න පුළුවන් උනා.( මම කියපු ගොඩක් දේවල් සාක්ෂිත් එක්කයි කිව්වේ :D මේ වැඩමුළුව නිසාම ඩයලොග්ට සමු නොදී හිටියා සාක්ෂි එකතු කරගන්න. :) )

සමස්ථයක් විදියට මට මේක අමතක නොවන අත්දැකීමක්.  වැඩමුළුවට සහභාගී උන අනිත් අය බැලුවාම මම නිකම් ගලිවරයන් මැද අඟුටු මිට්ටෙක් වගේ දැනුනා. :D . මම ලියපු බ්ලොග් සටහන් වලින් මෙච්චර දෙයක් වෙයි කියල කවදාවත් හිතුනේ නෑ.  මේ අවස්ථාව ලබාදීපු LIRNEasia ආයතනයටත් චානුක වත්තෙගම මහතාටත් ස්තුතිවන්ත වෙනවා.

Related Posts
  1. පහන්.. ඒ ඔබද? හඳුනාගෙන කතා කරන්නට ඉස්පාසුවක් ලැබුනේ නෑ නේ එදා!පිංතූර දැකලා තිබුන නිසා ශාකුන්තලව නම් හොයා ගත්තා අහම්බෙන්. පස්සෙ දවසක කට්ටියම නැවතත් මුණ ගැහෙන්න ලැබුනොත් නියමයි.

  2. @කෙහෙලිය
    කාලිංග අයියවත් ඉස්‍ඉස්සෙල්ලාම හැබැහින් දැක්කේ එදා තමයි. මම ඩයලොග් නියෝජිතයත් එක්ක කතා කරන්න ගියපු නිසා කෙහෙළියව මඟහැරුනා.

  3. අපරාදෙනෙ…. මට පන්ති නිසා එනට බැරිඋනානෙ.

  4. අපොයි මටත් තියේ dialog broadband ඒකක් චික් අන්තිමයි

    speed eaka anthimai

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">