සිංහල සමඟින් Firefox portable 3.5

ජූලි 9th, 2009

කලින් firefox 3 සඳහා මම නිර්මාණය කල යුනිකේත සමඟ Firefox portable එක අප්‍රේල් 1 වෙනිදා සිට මේ වෙනතුරු download  276 ක්  කරල තියෙනවා. මාස 2කට 276ක් නරකමත් නෑ. :) . මාත් එක්ක තරහ අයත් මේක පාවිච්චි කරනව කියල දැනගන්න ලැබුනා. ;) . හා හා කමක් නෑ ඒකට මොකෝ. :)

Firefox 3.5 ඇවිත් ටිකක් කල් උනාට එක එක වැඩ නිසා සිංහල යුනිකේත එකතු කල portable firefox 3.5 හදන වැඩේ ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න හොඳේ. මේ පාර test කරන වැඩේ හරියට බැරි උනා. යුනිකෝඩ් නැති මැෂිමක් නෑනේ හොයාගන්න බෙහෙතකටවත් :) . අතපසුවීමක් උනොත් සමාවෙන්න. මේපාර ඉස්සෙල්ල තිබ්බ ඉස්කෝලෙ පොත font එක ‍විතරක් නෙවෙයි මලිති,දිනමින, කපුටා කියන fonts ටිකත් register වෙන විදියට සැකසුවා.

ඔන්න එහෙනං මෙතැනින් ගන්න. මේපාරත් අන්තිම මොහොතේ හරිම අමාරුවෙන් බින්කුවාව අල්ලගෙන testing කෙරෙව්වා. වැරදි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. පරණ version එක ඕන අය   මෙතැනින් ගන්න.

pen drive එකකට දාලා යන යන තැන අරන් යනව නං Register_unicode_fonts.bat එක run කරලම Firefox open කරන්න.

ආ‍ මේක ගොඩාක් වැදගත්, admin බලය තියෙනව නං මේක දාන්න එපා. admin account එකකට දැම්මොත් අවුල් යන්න ඉඩතියෙනව. ඇඩ්මින් තියෙනව නං කම්මැලි නැතුව යුනිකේත දාගන්න හොදේ.(‍ඒක වැරදීමක් නෙවෙයි මං හිතලමයි කලේ හො‍ඳේ ;) )

විභාගේ/අභාගේත් ළඟයි. :( මම යනවා පාඩම් කරන්න. ටටා. :D

පසුව ලියමි : Unicode font register වුනේ නැත්තම් මේ ක්‍රමය අනුගමනය කරන්න. (කොටින්ම කිව්වොත් ඕක වැඩ නොකලොත් අතන මෙතන screenshots දාන්නෙ නැතිව :D )ටිකක් දිග වැඩි හින්දයි font register කරන්න tool එකක් යොදා ගත්තේ.

important: if you still cant read sinhala after using this tool try install fonts manually. to install fonts without admin privileges please follow this guide.

Google Buzz

ප්‍රවර්ග: portable FF

ටැග:, , ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 31

  1. -බිன்ku-

    බොහෝම සතුටුයි Firefox 3.5හි නවතම දියුණු කිරීම් එක්ක අපි ඉදිරියට ගෙනාවට තුතියි! දැනටමත් මේ 200 ගාණට වඩා පිරිසට මෙහි වාසිය විදිනු නිසැකයි!

    [Reply]

    -බිன்ku- Reply:

    ඒ වගේම අපේ මේ Sinhala Enabled Firefox ඒකටත් නිවහනක් දෙමු නේද?

    Firefox 3.0 භාගන්න අවස්ථාව එහෙමම තියන්න Add-on Issues නිසා.

    [Reply]

    පහන් Reply:

    ස්තුතියි මතක් කලාට. මේ පොස්ට් එකේම ඒකටත් අවස්තාවක් දුන්නා.
    නිවහනක් දෙන්න?? හ්ම් බලමු බලමු. ස්තුතියි යෝජනාවට.

    [Reply]

  2. ප්‍රවීන් ඉන්ද්‍රනාම

    ආ.. නියමයි නියමයි… :)
    දැන්ම බාගන්න ඕනේ. මටත් මේක සෑහෙන්න ප්‍රයෝජනවත් ලැබ් එකේදි.
    [තරහ කට්ටියත් ඔන්න ඔහේ පාවිච්චි කරපු දෙන්, උඹේ නම ම නෙ යන්නේ. අර බ්ලොග් වලත් ලියල තියෙන්නේ !]

    [Reply]

  3. අනූ

    හානේ.. හරි සෝක් මම ඔය පෝටබල් වැඩ කෑලි වලට හරි ආසයි.. අපි ඉතිං ස්ථිර පදිංචියක් නැති මිනිස්සුනෙ.. මේක මරු.. බොහෝම ස්තූතියි.. අර බිංකු කිව්ව වගේ මේකටත් ගෙයක් හදල දුන්න නං හොඳයි තමා.

    [Reply]

  4. LazyOwl

    Hey,
    Nice work bro.I always had this “ඔලුව ජපන් කද ජර්මන් සිංහල අකුරු” problem. Pls. explain what’s potable mean. Is that mean can I run it in my USB without installing it. If so, that would be gR8. Thanks again,mate.

    LazyOwl

    [Reply]

    පහන් Reply:

    ya. you dont have to install just keep it on ur usb. run the Register_unicode_fonts.bat before you use it in a new machine. but dont use this software on a administrator account. thanks for the comment.

    pen drive එකකට දාලා යන යන තැන අරන් යනව නං Register_unicode_fonts.bat එක run කරලම Firefox open කරන්න.

    [Reply]

  5. LazyOwl

    You are welcome. I’m sure many guys,like me, will find this is extremely useful.And thanks for the speedy reply.

    Everything is working great, there is only one minor hiccup.I deleted my standard firefox, which was my default browser.I tried all the registry edit things. But for the life of me, I couldn’t make this the default browser. Not a major crisis, but I have some key-board shortcuts to web pages, which will open in the default browser.Now I have no choice other than use Micro$$oft. You don’t have to answer this, I’m just hoping a answer from someone else who is free. Wish you all the best in your exams.

    LazyOwl

    [Reply]

  6. randeera

    නියමයි අයියා .ජය වේවා

    [Reply]

  7. ධනික

    එල එල… මං ඕකෙ පරණ version එක අපේ ලැබ් එකෙන් දෙතුන් පාරක්ම බෑව මුලින් වැ‍ඩේ හරි ගියෙ නැති නිසා.. පස්සෙනෙ අර proxy කතන්දරේ දැනගත්තෙ.. :)
    අයියෙ ඔය portable version එකට EnSiTip වගේ add-ons දාගන්න බැරිද?

    [Reply]

    පහන් Reply:

    මොකද බැරි. pen එකට extract/install කරගෙන වැඩ කරන්න ඉස්සෙල්ලා Register_unicode_fonts.bat එක run කරන්න. ඊටපස්සේ Firefox open කරන්න. :) . ඊටපස්සේ ඕනෑ එකක් දාගන්න. :) . හැබැයි machine එක restart කලොත් ආයෙත් Register_unicode_fonts.bat එක run කරන්න.

    [Reply]

    ප්‍රවීන් ඉන්ද්‍රනාම Reply:

    ඔව් ඔව්..
    මම ඕකට DownThemAll දාගෙන තමා ලැබ් එකේ බාන්නේ :)

    [Reply]

  8. änthräX

    එල එල, හොද වෑඩක්. ජය වෙවා.. අර ගෙයක් හදලා දෙන එක ගෑන ආපහු පාරක් හිතන්න.

    [Reply]

  9. patha

    එල එල………..

    [Reply]

  10. ශාකුන්තල

    ඔන්න මාත් දාගත්ත හොඳේ :D

    මගේ බ්ලොග් එකේ තියෙන ලින්ක් එකත් අප්ඩේට් කරන්ඩ ඕන.

    [Reply]

    පහන් Reply:

    හොඳායි මචාං. ස්තුතියි මචෝ.

    [Reply]

  11. කරුමක්කාරයා

    ජය වෙවා මචන් එලම කිරි වැඩක්.. මාත් බාගත කරගත්තා..

    [Reply]

  12. ano

    oyala hithnawada me sinhalen wadakaram\na eka hari yai kiyala.poddak hithala balanna.dan hama dema english kohomath thawa 50 yrs walin mulu lokema ehema thama.lankawe culter ekak tibbada kiyla natiwei.oyalage articles niyamai.but oyala english walin karanawanam mewe godak aya balai.nothing privet here okey

    [Reply]

    පහන් Reply:

    සිංහලෙන් තිබෙන ලිපියක් කියවන්න ‍බැරි වෙලාවකට මේ Firefox එක උදව්වක් වෙයි කියල හිතනවා. අන්තර්ජාලයේ ඉංග්‍රීසි වගේම සිංහලත් තියෙන්න ඕන. හැමෝම ඔහොම හිතුවොත් නං තව අවුරුදු 50 ක් නෙවෙයි අවුරුදු දෙකක් යනකොටම සිංහල කතාකරන කෙනෙක් හොයාගන්න බැරිවෙයි. English වලින් ලියනවට වැඩිය මම සිංහලෙන් ලියන්නයි මම ආස. අන්තර්ජාලයේ ඕන තරම් ඉංග්‍රිසි ලිපි තියෙනවා සිංහල ලිපිවල තමයි අඩුවක් තියෙන්නේ. ඉස්සරහට english බ්ලොග් එකක් ලියන්න අදහසක් තියෙනවා බලමු.

    [Reply]

  13. cha_sl

    අපේ ඇඩ්මින් හොද එකා…
    කිව්ව ගමන් යුනිකෝර්ඩ් දාල දෙනව…
    ඒත් හැමදාම එකක් කොම්පියුටරේ ඉදගන්න ලැබෙන්නෙ නැ.
    මොක්ටද ඌට කරදර කරන්නෙ.. ,.
    මමත් දැන් මාසයක් විතර ඉදල ඔකෙන් තමයි වැඩ.

    අපි අතර මතගැටුමක් උනාට අපි තරහ නෑ ;)

    [Reply]

    පහන් Reply:

    එල එල අවුලක් ආවොත් කියන්න පුළුවන් විදිහකට හදල දාන්නම්. තරහා නැත්තං කමක් නෑ. මතගැටුම ආයේ වෙලාවක පටං ගමු. :D

    [Reply]

  14. හිරාන්

    මැටි පාන් චන්දරේ කියල කිව්වට වැඩ කිඩත් දන්නවා වගේ… හොඳා හොඳා!

    [Reply]

  15. කණිෂ්ක

    මේකෙ පොඩි අවුලක් තියෙනව, පරන XP vresion වල Unicode font register වෙන්නෙ නෑ.. .net framework version එක පරනයි කියනව.. ඉතින් ආයෙ .net ‍framework දාන්න adminගෙ ගනන් බලන්න ඕන…

    [Reply]

  16. පහන්

    Unicode font register වුනේ නැත්තම් මේ ක්‍රමය අනුගමනය කරන්න. ටිකක් දිග වැඩි හින්දයි font register කරන්න tool එකක් යොදා ගත්තේ.
    ගොඩක් ස්තුතියි කණිෂ්ක මේක ගැන ඇහුවට.

    [Reply]

  17. කල්ප පැතුම්

    මේ ලිපිය දැම්ම කාලෙම දැක්කට දැන් තමයි ඒකෙ වැදගත්කම තේරෙන්නෙ. ඒ කාලෙ ගෙදර. දැන් කැම්පස්.

    බොහොම ස්තුතියි පහන් අයියෙ.

    [Reply]

    පහන් Reply:

    එල. :)

    [Reply]

  18. සහන්

    ඇඩ්මින් හිටියත් කමක් නෑ කියල මේක හදල දෙන්න බැරිද?

    [Reply]

    පහන් Reply:

    දැන් එහෙම හදලයි. තියෙන්නේ

    [Reply]

  19. Nalin

    ammo Athi yanthan :) apiit eke koheda sinhala :P kamak nane mehema dammata

    me mamath ape code maaya ekka IE ekata jilmart seen ekak dala sinhala enable kara :)

    [Reply]

  20. pdj kusumsiri

    ok….ok….good

    [Reply]

  21. තරිඳු

    බොහොම ස්තූතියි. අපේ ලැබ් වල අවුලක් නැතුව යුනිකෝඩ් පාවිච්චි කරනවා මේ නිසා.

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / සිංහල සමඟින් Firefox portable 3.5