මෙන්න twitter spamming
වැඩි විස්තර ඕනෙ නැහැ මේක බලන්නකෝ. ටිකක් දිගයි.
. twitter කරන අයට නම් ගොඩක් වැදගත්වෙයි.
අද බුධාජීව කවදාවත් නැතිව twitter msg එකක් එවලා. gtalk තියෙද්දි මොකද මේ සංකීර්ණ ප්ලෑන් වලින් එන්නෙ කියල ඇහැව්වා.
me: බාධා කරනවට සොරි. මට twitter direct msg එකක් එවුවද?
budhajeewa: ආයිබෝන්.නෑ ඇයි ?
me: ඇහ්? මම මේල් එකක් එවන්නං. බලපං
budhajeewa: එලස්. සමහරවිට..
me: hey Pahan, i just created a poll: “What is your browser ?” you should vote: http://bit.ly/3DFgiE මේකයි ආවේ
budhajeewa: මම අර pollpegion ද මොකක්ද සයිට් එකකින් poll එකක් හැදුවා.. ඒකෙ votes ඒකෙන් මට vote කරපු අයගේ accounts වල නමින් ආවා.. ඒ වගේ එකක් වෙන්නැති
ආහ්.. ඒක තමයි වෙලා තියෙන්නේ. හැබැයි මම ඔහොම වෙන වෙනම direc messages යවන්න කියල නං දුන්නෙ නෑ
me: මගේ twitter පාස්වර්ඩ් එක යනවා මේකට vote කලොත්
budhajeewa: ඒ සයිට් එක පාවිච්චි කරන එක බයානකයි වගේ..
me: හ්ම්
budhajeewa: සොරි වෙන්නෝන.. මෙහෙම වෙයි කියල නං ඒ සයිට් එකේ තිබ්බෙ නෑ
me: හරි හරි ![]()
budhajeewa: ![]()
me: poll එකක් ඕන නං බ්ලොග් එකේ දාලා ලස්සනට කරන්න තිබ්බා
![]()
budhajeewa: නෑ නෑ.. මටත් ඔය සයිට් ජංජාලෙ රස්තියාදු ගහමිං ඉන්නකොට හම්බවුනේ.. නිකං ටෙස්ටිං පාරකටත් එක්ක poll එකක් හැදුවා. එච්චරයි.. දැං බලනකොට මටත් නොකියා ඒ සයිට් එක මගේ account එක පාව්චිචි කරලා නෙව
me: twitter acc එකද?
budhajeewa: යා
me: උඹටත් නොකියද ගේම දීල තියෙන්නෙ
budhajeewa: twitter support කරන site එකක්
ඒ වගේ.. මොකද මම direct message කරන්න කියල දුන්නෙ නෑ නෙ
me: මං නං twitter විතරයි ![]()
budhajeewa: දන්නැද්ද.. ඔය twitter වලින් ලොග් වෙන්න පුළුවං අනං මනං සයිට් දැං පඳුරකට ගැහුවත් විසිවෙනවා.. ඕකත් එයින් එකක්
me: ටිවීටරේ බලපං. වෝට් කරපු එවුන් vote කලා කියල tweet කරලා
budhajeewa: මෙන්න සයිට් එක http://pollpigeon.com/
me: ඕවත් ඒ සයිට් එකේ වැඩ වෙන්න ඕන
budhajeewa: ඒක නොවැ
me: යකෝ එක වින්නැහියයි එතැන. ![]()
budhajeewa: හික්ස්. මේක නිකං පිරමිඩයක් වගේ
me: සිරාවට
budhajeewa: වොට් කරපු එවුං මැසේජ් කරල තියෙන්නේ අනිත් එවුන්ටත් vote කරන්න. කියලා. මලලසේකර
me: උන්ගේ acc වලිනුත් direct msgs යනවද දන්නෑ
budhajeewa: පිස්සු හැදෙයි
me: පිස්සු හැදිල ආයෙත් හැදෙනවා
budhajeewa: ඒකනොවැ
me: මමයි මගේ යාළුවොයි බේරි ![]()
budhajeewa: කවුද දන්නෙ මෙහෙවු වින්නැහියක් වේවි කියල !. නිකං ගිහිං poll එක create කරල OK කලා !!! . තැංකූ වේවා මේ ගැන කිවුවට !
me: අමුත්තක් දැක්ක නිසයි ඇහුවෙ. මේ ගැන පෝස්ට් එකක් ලියන්නද?
budhajeewa: අන්න හරි, ඔයවගේ පිරමීඩ ක්‍රම වලට අහුවෙන්න එපා කියල ලියන්න
බයි ද වේ.. අපේ සයිට් ප්‍රමෝට් කරන්නත් හොඳ අයිඩියාර් එක. එකෙක් අල්ලගත්තොත් උගෙ ඔක්කොහ ෆ්‍රෙන්ඩ්ස්ලට ස්පෑම් වෙන ක්‍රමයක් !!! ![]()
me: ![]()
budhajeewa: ඔය සයිට් එක කෙලින්ම පාස්ව’ඩ් එක ඉල්ලන්නෙ නෑ.. Twitter Connect හරහා තමයි log වෙන්න තියෙන්නේ
me: ya, password එක යන්නෙ නැතුව ඇති ඒ වුනාට මුං අපි වගේ tweet කරනවනේ ![]()
budhajeewa: ඔවු ඒක බයානකයි.. මම වගේ පෙනී ඉඳිමින් ඔය msg එක එවුව වගේම, ඒ ගොල්ලොන ඕනම දෙයක් tweet කරන්න තිබ්බා !!!
විනාඩි 10කට පමණ පසු…
me: ඔන්න එනවා දැන් direct msg
budhajeewa: ඒ මොකක් කියලද ?
me: manushan: hey Pahan, i just voted “Firefox” on “What is your browser ?”
budhajeewa: හෆොයි !.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.




ඔන්න ඔහොමයි උනයි කියන්නෙ ! ලොල් !
මටත් ඔහොම Messages ආවනෙ…
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔය කියන අටමගලෙට දීපු Access, Revoke කලා..
තව, අපි නොදැනුවත්වම උං (http://twitter.com/pigeonPOLL) Followත් කරනවා.. (උං අපිව නෙමෙයි, අපි උංව)… ඒකත් අයිං කලා..
අඩේ ඒකත් එහෙමද?
ඔව් නේන්නං! ඔන්න අපිත් අයින් කළා
හ්ම්ම්ම්… Twitter පාස්වර්ඩ් එක ඉල්ලන සයිට් ගොඩක් තියෙනවා. ගොඩක් අය ඉතිං ඉල්ලපු ගමන් පාස්වර්ඩ් එක දෙනවා. මේ සයිට් එක දැන් නම් Twitter Oauth හරහා ලොග් වෙන්නෙ. ඒකෙනුත් කොහොම හරි උන්ට account එකට access දෙනවනෙ. මටත් ඕවා කරපු අයගෙන් Direct message ඇවිත් තියෙනවා. එහෙම යවනවා කියල කියන්නෙවත් නෑ. Twitter account එකට access දෙනකොට සයිට් එක විශ්වාසදායකද කියල පොඩ්ඩක් හොයල බලන්න පුරුදු උනොත් හොඳයි. සමහර සයිට් වලින් දවස ගානෙ වගේ tweets හිටන් දානවා උන්ව promote කරගන්න.
twitter account access විතරක් නෙවෙයි සමහරු gmail, yahoo,msn password හිටං දන්දෙනවා.
පොඩි ඌනපූරණයක්.
ඔය කෙහෙල්මල් සයිට් එකට ලොග් වෙන්න තිබ්බේ කෙලින්ම පාස්වඩ් දීලා නෙවෙයි. අර Facebook Connect වගේ තියන Twitter Auth හරහා.
මෙක මරු ආතල් එකක්නෙ දෙන්නේ
මදැයි ඔයිං බේරුනා. නොදී ඉදල ඉදල බුදා ට්වීට් කරනව මදිවට ඩිරෙක්ට් මැසේජ් හිට එවන්න ගත්තනේ.
මමත් අහු වුනා නොවැ.
ආ මෙන්න අනිත් බුවා. අපි එපා කිව්වාම මූ හිතල තියෙන්නෙ අපි විහිළු කරනව කියල.
අප්පේ මං නම් බේරුණා යාත්තම්, ඒකත් ඉතිං කට්ටිය ඩෝ ගාලා ඒකම හෑල්ල කියවන්න ගත්ත නිසායි. උදේ පාන්දර මගේ ෆෝන් ඒකට බුධාගෙන් හා මනුෂාන්ගෙන් මැජේස් ගොඩාරියක් ආවා Mobile Connect ඒකට DM එන නිසා.
තාම ටිවීටරය ආරක්ෂිත ක්‍රමවේද වලින් එතරම් ආරක්ෂිත නෑ ඉස්සර වෙස්පොතේ වගේම. ඒ නිසා කොකත් මීට වඩා පරිස්සම් වුණොත් හොඳයි.
මෙන්න මේ වගේ එකක් : http://www.darkreading.com/blog/archives/2009/06/microbloggers_w.html මේකට අපේ අරවින්ද අහු වෙලා තිබ්බානේ.
අප්පා මටත් ඕක උනා නේන්නම්. හැබැයි Direct message ගියේ නෑ. මමත් නොදැන Stats Update වෙනවා. මම කළේ Password වෙනස් කරපු එක විතරයි. ලෙඩේ සනීපයි.
සිරා නෙ!