blogger theme එක මාරු කරල අවුල් ආවද?
අගෝස්තු 10th, 2009
කලින් පෝස්ට් එකකින් blogger blog එකකට theme එකක් දාගන්න හැටි විස්තර කලානේ. මේ කියන්න යන අවුල් ටික නම් ටිකක් බහුලව දකින්න පුළුවන්.
1. theme එක මාරුකලාට පසු කමෙන්ට් යොදන්න බැරිවීම.
විසඳුම.
1. blogger Dashboard වෙත පිවිසෙන්න.
2. එහි අදාල බ්ලොග් එකට අදාලව ඊට යටින් ඇති settings වෙත පිවිසෙන්න.
3. comments tab එක click කරන්න.
4. එම tab එකේ පහලින් “Comment Form Placement” යටතේ මේ වගේ එකක් ඇති.
මේ අවුල එන්නෙ ගොඩක් වෙලාවට මෙතැන “ කියල ලබාදුන්නාම. ඒ නිසා full page හරි pop-up window හරි ලබාදෙන්න. එතකොට ගැටලුව නිරාකරණය වෙයි.
2. post එකක් සමඟ දිස්වෙන දිනය/වේලාව දිස්විය යුතු ස්ථානයේ undefined ලෙස දිස්වීම.(උදාහරණයක්)
විසඳුම
1. blogger Dashboard වෙත පිවිසෙන්න.
2. එහි අදාල බ්ලොග් එකට අදාලව ඊට යටින් ඇති layout වෙත පිවිසෙන්න.
3. blogposts කියල තියෙන කොටුවෙ පල්ලෙහා තියෙන edit link එක click කරන්න.
4. Post Page Options යටතේ තියෙන “at” කියල තියෙන තැන පෝස්ට් කරපු දිනය වෙලාව පෙන්නන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කර කර blog එකට ගිහින් බලන්න undefined යන්න නැතිවී post එකේ දිනය/ වේලාව පෙන්නන තුරු.
ප්‍රවර්ග: Uncategorized








දෙවනි ගැටළුවට මීට වඩා සරළ විසඳුමක් මං දන්නවා… ඩෑෂ් බෝඩ් එකේ Settings වලට ගිහින් Formatting tab එක සිලෙක්ට් කරලා එකේ Timestamp Post කියන එකෙන් Monday, August 10, 2009 විදිහ සිලෙක්ට් කරලා දුන්නාම මගෙ නම් හරි ගියා.. හැම එකටම හරියනවාද දන්නේ නෑ..
[Reply]
පහන් Reply:
අගෝස්තු 11th, 2009 at පෙ.ව. 7:50
ස්තුතියි කරුණු එකතු කිරීමට.
[Reply]
muthunayake Reply:
අගෝස්තු 12th, 2009 at පෙ.ව. 9:07
පහන් ගේ පොස්ට් එක නිසා බය නැතිවෙලා වැඩේ කලා. හොද පෙනුමක් ආව. ඔය ප්‍රශ්නය තිබුන උදාරගේ විදිහට වැඩේ ගොඩ
[Reply]
udara Reply:
අගෝස්තු 12th, 2009 at ප.ව. 6:38
වැඩේ ගොඩ නම් එච්චරයි මචෝ… මාත් ඔය ටෙම්ප්ලේට් මාරු කරන්න ගිහින් තමයි මේ ක්‍රමේ දැනගත්තේ…
[Reply]
බොහොම ස්තුතිය යාලුවා වැඩේ හරියටම හරි
[Reply]
බොහෝම ස්තූතියි පහන්. මං මේ දවස් වල theme එක මාරු කරල සෑහෙන දුකක් වින්දා…
[Reply]
අය්යාට පින්.
කියලා තිබ්බ ඒවා කරාම මගේ ගේම්ස් බ්ලොග් එක දැන් හොදට වැඩ
[Reply]