Dialog prepaid broadband-මීටරේට අහු නොවී mail check කළෙමි
යාන්තමට හෙම්බිරිස්සාවක් තියාගෙන ආගන්තුකයා ඇතුළු අපි අටදෙනෙක් සල්ලි දාලා හිම කිරිම (
ඒ කිව්වෙ ice-cream)ලීටරයක්ම කෑමේ ප්‍රතිඵලයක් විදියට ලෙඩ උනා. ඊට පස්සෙ දවසෙම හොඳ රස්තියාදුවක් ගහල එනකොට රෑ 8යි වෙලාව. ඒකට හරියන්න දවස් දෙකතුනකටම බෝඩිමෙන් එලියටවත් බහින්න බැරිවෙන්න තෑග්ග හම්බ උනා.
කම්මැලිකමෙන් බෝඩිමේ ඉන්නකොට නිකං හම්බවෙච්ච dialog සිම් එක මතක් උනා. නිකං කිව්වට මොකද reload එකකුත් ඇඟේ ගහලයි දුන්නෙ. රුපියල් 20 එකත් active කරගත්තා. නිකං ඉන්න එකේ බ්ලොග් ටිකවත් කියවන්න හිතුවා. dialog prepaid broadband වල address bar එකේ මොකක් ගැහුවත් මුලින්ම අපිව එක්කගෙන යන්නෙ ඒගොල්ලන්ගෙ login page එකකට. ඔය page එකේ අපිට එවපු username password ගහලා log වුනාමයි අපිට වෙනත් සයිට් වලට යන්න පුළුවන් වෙන්නෙ. වැරදිලා හරි අපි අතින් login වුනාට පස්සෙ එන logout page එක close උනොත් logoutවෙන එක manually කරන්න වෙනවා. එහෙම manually logout නොකලොත් අපි දන්නෙම නැතිව අපේ usage එක යනවා.
ඉතිං login/logout වැඩේ මම chrome ට බාරදීලා firefox වලින් බ්ලොග් ටික open කරගෙන ගියා. ඔය අතරේ gmail log වෙලා ඉන්දරේ එක්ක පොඩි චැටක් දාගෙන හිටියා. usage එක බේරගන්න logout උනා. මොනව කරන්නත් තියෙන්නෙ පැය භාගයයි නෙව. ඒක ඉවර වුනාම net ගිහින් හමාරයි. logout උනාට මොකද ඉන්දරේගෙ chat message එනවා. ඊටපස්සෙ mail account එක පුරාම ඇවිදල නොකියවපු email ඔක්කොම කියෙව්ව කිසිම අවුලක් නැතිව(පින්තූර අන්තර්ගතයන් ඇති email ඇතුළුව.) වැඩේ තවත් නැගල ගියේ අවුලක් නැතුව attachment බාගත කරන්නත් පුළුවන් කියල දැනගත්තාමයි. මේ විදියෙට මීටරේට අහුනොවී වැඩ කරගන්න පුළුවන් වෙන සයිට් එකක් නං අහුඋනේ නෑ. gmail වලට විතරමයි හරිගියේ.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.




https තියන ඕනම සයිට් එකකට යන්න පොතේ හැටියට වැඩ කරන්න ඕනා.
මම gmail connect වෙලා හිටියෙ http වලින්. chat යන්නෙ https ද දන්නෑ. අනේ මංදා එතකොට කොහොමද attachment බාගන්න පුළුවන් වෙන්නෙ.
උඹේ කමෙන්ට් එකෙන් බොහොම වැදගත් ඉඟියක් ලැබුනා
GMail විතරක් ඉන්න තිබ්බම මදිද දවසක් කන්න ? GMail Chat එකත් එන නිසා චැටක් දාගෙන ඉන්න පුළුවන් නෙ.
දැනට අවුරුද්දකට විතරකලින් මම SLTnet Prepaid Dial-Up Internet පාවිච්චි කරනකොට SLT CityLink CDMA එකෙන්, ඒකත් හිටපු ගමන් සල්ලි කැපෙන්නෙ නැතුව යනවා. එතකොටත් හිටු කියලා නෙට් යතෑකි – වේගේ අමතක කළොත්.
ඔව් ඉතිං dialup එකකින් හිටු කියල නෙට් යන්න නම් වේගේ අමතක කරන්නම වෙනවා.
.
ෂිහ් මොබිටෙල් වල ඔහොම වෙන්නෙ නෑනෙ….
මොබිටෙල් එහෙම දුන්න කාලයක් තිබ්බා.
ඕක හිම කිරම වල වැරැද්ද නෙමෙයි. මගේ හෙම්බිස්සාව උම්බට බෝ වුනා. හොර වැඩ කරලා තවත් වැඩි වෙයිද දන්නෙ නෑ.. හික්..
හොර වැඩ??? අඩේ මම හොරකම් කරන්නෙ blog post එකකත් දාලා.
narakamath na
[tharaha wenna epa mama me inne apiit eke. sinhala na mama gedara giya gaman meka edit karala sinhalein dannam]
අවුලක් නෑ.
හරි මල්ලි ඔයාට දැනේන සතුට මැනගන්න මීටරයක් අල්ලගන්නත් බලන්න
හොරා
මම අවංක හොරෙක්. මම හොරකම් කරන්නෙ blog post එකකුත් දාලා.
macho mama dawasak net giya 8 Gb withara download kala eka unge system eke awlak mata sathiyata 1 k ho 2 parak aniwa oya chance eka enawa mare maru