HSPA නම් dialogද mobitel ද නැත්තම් airtel ද ?

ඩයලොග් broadband ගැන මගේ අත්දැකීම් නම් හැමෝම දන්නවානේ. :D .  ඊ‍ට පස්සෙ සිම්පල් ප්ලෑන් එකට මාරු වුනත් ඒකත් හරිගියේ නෑ. දැන් නං prepaid broadband වලිනුයි වැඩ.( මටනං ලාබම ප්ලෑන් එක මේක වගේ :) ) දැනට තියෙන packages එකින් එක ගැන මම දන්න විස්තර කියන්නම්කෝ.

Dialog HSPA

Package Monthly Rental Free Data Usage Per Month Charge Per Additional MB
Small Rs. 50 75 MB Rs. 1
Medium Rs. 200 350 MB Rs. 1
Large Rs. 500 1 GB Rs. 1
Extra Large Rs. 1000 2 GB Rs. 1

මීට අමතරව unlimited කියල ඒගොල්ලො කියන මාසෙකට 2990/= 5GB package එක තියෙනව.(5GB සිට 6GB දක්වා වේගය 384Kbps සහ 6GB වලින් පසු 64Kbps) university student කෙනෙක්ට නම් 1490/= යි මාසෙකට.

උපුටා ගත්තේ.

ඉතා වැදගත්.

  • 3000ක තැන්පතුවක් ලබාගනී. මොඩමය පිටින් ගන්නවා නම් වැඩිපුර 1000ක්  අයවේ.
  • මාස 6ක කාලයක් පාවිච්ච් කරන්න එකඟ වෙලා ගත්තොත් Vodafone E220 Modem එක 5500කට දෙනව. (Network lock කරල.)
  • billing Cycle එක මාසයක 15 වෙනිදා සිට ඊළඟ මාසයේ 15 වෙනිදා දක්වා.
  • බිල් ගෙවීම සතියක් දෙකක් ප්‍රමාද වුවහොත් 2%ක දඩයක් ගෙවීමට සිදුවේ.
  • පළමු මාසයේ බිල වශයෙක් මාස දෙකක මුදල් අයකරගනී. connection එක disconnect කර මාසයකට පමණ පසුව එය නැවත ලබාදේ.
  • advertise කරන වේගය 1Mbps වූවද විශාල අඩුවැඩිවීම් දැකිය හැකිය.(250Kbps-2Mbps වගේ විශාල පරාසයක)
  • ආවරණ කලාප.
  • indoor signal නැති ප්‍රශනේ මම ගොඩක් අහල තියෙනව.
  • ටිකාක් විතර download කරන surfing වැඩියෙන් කරන කෙනෙකුට “unlimited” එක හොඳයි.  :D අනික් packages ගැන නම් මම පුද්ගලිකව සතුටු නැහැ.
  • Usage බලන ක්‍රමය ටිකක් අවුල්.  හරි හැටි update වෙන්නෙ නෑ. සමහර වෙලාවට අසාමාන්‍ය usage පෙන්නනව.

Airtel

Package Monthly Rental Free Data Usage Per Month Charge Per Additional MB advertised speed
300 Rs. 300 1GB Rs. 5 7.2Mbps
600 Rs. 600 3GB Rs. 5 7.2Mbps
unlimited Rs. 1500 unlimited Rs. 5 3.6Mbps

ඉතා වැදගත්.

  • connection fee- 500
  • no deposit
  • 7.2Mbps 3.6 Mbps කියල advertise කලාට මොකද 800Kbps විතර තමයි 300 package එකේ උපරිම ආවෙ. 2Mbps එන අයත් ඉන්නවලු 300,600 වල. 1500 package එකේ එන්නෙ  අනිත් ඒවාට වඩා අඩුවේගයක්.
  • ඩ‍යලොග් මෙන්ම වේගයේ විශාල අඩු වැඩිවීම් දකින්න පුළුවන්.
  • customer care එකට කතා කරල අහනව ඇරෙන්න usage බලන්න ක්‍රමයක් නැහැ. limit එක පැන්න ගමන් හෝස් ගාල බිල නගිනව (උදා:- 1GB සඳහා 300/= වුවද 1.5GB සඳහා 2800 /=ක් ගෙවීමට සිදුවේ)
  • billing cycle එක 8වෙනදා සිට ඊළඟ මාසයේ 8වෙනිදා දක්වා(මට මතක විදිහට)
  • signal ප්‍රශ‍්නෙකුත් තියෙනවානේ.

Mobitel

Post Paid Packages Zoom
490
Zoom
890
Zoom
2490
Subscription (Rs) 490/- 890/- 2490/-
Free Data Bundle 750 MB 2 GB 7 GB
Downlink Speed Up to 1 Mbps 1 Mbps 3.6 Mbps
Uplink Speed Up to 1 Mbps 1 Mbps 1.98 Mbps
Excess Usage Charge Rs. 5 for a block of 10 MBs
Connection Fee (Rs.) 500/- 500/- 500/-
Deposit (Rs.) 1,500/- 1,500/- 2,500/-

උපුටා ගත්තේ.

ඉතා වැදගත්.

  • connection fee 500යි.
  • deposit 1500යි.
  • ආවරණ කලාප.
  • 1Mbps package වල බොහෝ වෙලාවට advertise කල speed ආසන්නව හෝ ලැබෙනව.(මගේ අත්දැකීම අනුව). හැබැයි 1Mbps package වල 2Mbps speed නම් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.
  • 3.6Mbps package එකේ නම් 3.6Mps එනවා හොරයි. 2-2.8Mbps විතර තමයි.
  • surfing වලට නම් මොබිටෙල් තමා. :)
  • ‍ගන්නව නං ‍මලින්ත එක්කත් කතා කරල බලන්න. :D
  • download manager කෙනෙක්ට නම් එච්චර mobitel හරියන්නෙ නෑ. මොකද unlimited packages දෙන්නෙ නැති නිසා.

dialog, mobitel නම් prepaid broadband තියෙනව. පාවිච්චි කරල බලල හොඳයි නම් package එකකට මාරුවෙන එක තමයි හොඳම වැඩේ. මට නං මේ ‍එකෙක්වත් sure නැති නිසා prepaid broadband පාවිච්චි කරන්නෙ. :D   package එකක් ගන්නව කියන්නෙ කසාද බඳිනව වගේ වැඩක් නෙව. :D

මේ ඔක්කොම අස්සෙ ළඟදීම Tigo broadband දෙන්න හදනව කියල එහෙන් මෙහෙන් ඇහෙනව. බලමු බලමු. :D

Related Posts
Leave a comment ?

45 Comments.

  1. නියම post එක. හොඳ සන්සන්දනයක්.. මීට පස්සෙ අළුතින් ගන්න හදන කාට උනත් මම පෙන්නන්නෙ මේක :D

  2. පහන්ගෙ රසිකයෙක්

    හොඳ පෝස්ට් එකක්! නැවතත් ඔබ හරි මඟට වැටීම ගැන සතුටුයි! Keep it up!

    • මේ නිකමට අහන්නෙ ඔයාට හරි දුකයි නේ elakiriයට බනින‍කොට. ඔයා‍ලගේ සුරාංජ්ද මොකාද කියන එකාගෙ පාහර වැඩ මම අන්තිම පෝස්ට් එකට එකතු කලා. ඒක බලලම අපි කතාකරමුද?. :D . elakiri.com අනුන්ගේ බ්ලොග් කොපි කරන්නෙ admin දැනුවත්වම වීම හරිම කණගාටුදායකයි.

  3. එළ එළ.. HSDPA ගන්න ඉන්න කෙනෙක්ට refer කරන්න පුළුවන් ලිපියක්.. :)

    මම නම් කියන්නෙ වෙන Option නැත්නම් විතරක් HSDPA වලට යන්න කියලයි.
    HSDPA කියන්නෙ මහම මහ අල ප්ලෑන් එකක්… :(

  4. බොහොම ස්තුතියි! ඔක්කොම විස්තර එක තැනක. සංසන්දනයකට මරු!
    අපි නම් ඉතින් කසාද බැඳපු මිනිස්සු. :D බලමු, රට යන හැටියට තමයි දික්කසාද වෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ.

  5. Download කරන්නනං ඉතින් Telecom ADSL ම තමයි !

    මේ.. ඔය මොබිටෙල් පැකේජ අපේ Call SIM එකටම ඇක්ටිවේට් කරගන්න පුලුවන්ද දන්නෑ නේද?
    මොන මගුලක් හරි කරල මමත් දැං හොඳ කනෙක්ෂන් එකක් හොයාගන්න ඕනෙ. මේ පෝර්න් එක ගත්තෙ නෙට් යන්න බලාගෙනනෙ :D

  6. මම නම් ඉතින් ඔය වර්ග ඔක්කොම ටෙස්ට් කරල අන්තිමේට airtel unlimited එකට සෙට් වුනා.වෙන කරන්න දෙයක් නැති නිසා..ස්පීඩ් මොනව උනත් unlimited නෙ

  7. මමත් dialog prepaid එකක් ගන්න ඉන්නෙ.කොහොමද ඒක අවුලක් නැද්ද?

    • මට නං dialog broadband ගැන හොඳ අත්දැකීම් නෙවෙයි තියෙන්නෙ. :D මේ ඉන්න තැනේ වැරැද්ද ‍වෙන්නැති. කැම්පස් එක ළඟනේ. හැබැයි මම දැක්කා බ්ලොග් ‍පෝස්ට් දෙක තුනක් පිස්සු හැදෙන ස්ප්ඩ් ටෙස්ට් එක්ක. prepaid නෙව මේ දවස්වල නිකනුත් සිම් දෙන එකේ පාවිච්චි කරලම බලන්න. රුපියල් 20ක් වියදම් කරල තමන්ටම බලාගන්න පුළුවන් කොහොමද කියල. :)

  8. ලංකාවෙ අපිටනම් ඉතින් මොබිටෙල් තමයි :P

  9. හෆොයි මමත් මොබිටෙල් තමා පාවිච්චි කරන්නේ. දැනට නම් කිසිම අව්ලක් නෑ. පොඩ්ඩක් බිල තමා අව්ල. අන්තිම බිල 2750/= – 5.2GB වලට

  10. පහන්ගෙ රසිකයෙක්

    කලින් දාපු ප්‍රතිචාරෙ පළ වෙලා තිබුණ්නෑ.. ඒකයි නැවතත් දාන්නෙ..
    බොහොම සන්තෝෂයි ඔබෙන් නැවතත් හොඳ ලිපියක් දැකීම ගැන! Keep it up!
    වැරදි හදං ඉස්සරහට යන්න…

  11. මම නම් mobitel package එකක් කසාද බැදගෙන ඉන්නේ….ලගදි හිතන් ඉන්නේ දික්කසාද වෙලා dialog package එකක් ගෙදර ගේන්න…මේ ලිපියෙන් පස්සේ මට හිතෙන්නේ package කසාද නොබැද ඉන්න එක තමා හොද කියලා…. :D

  12. ඇත්තටම ඉතා අගනා ලිපියක්, මගේ භා‍විතාවන්ට අනුව මොබිටෙල් සම්බන්ධතාවෙන් ‍බොහෝ දුරට ඒකාකාරී වේගයන් ලැබෙනවා…නමුත් ඩයලොග් නම් විටින් විට වෙනස් වෙනවා….සමහර වෙලාවට ඉතාම අඩු වේගයන් තමා ලැබෙන්නේ….මොබිටෙල් හොඳයි…ඒත් සීමා රහිත පැකේජයක් නැති එක පාඩුයි…මම මේ ගැන මොබිටෙල් එකටත් ලිව්වා….ඒත් හොඳ ප්‍රතිචාරයක් නම් නෑ….බලමු බලමු

  13. I got Mobitel 890/=. Speed is perfect, but 2GB is not enough. Nice article. අරපරිස්සමෙන් පාවිච්චි කරන විදිය ගැන Blog Post එකක් ලියන්න. ඒක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා.

  14. මම නම් mobitel package එකක්..
    කිසිම අව්ලක් නෑ

    ලංකාවෙ අපිටනම් ඉතින් මොබිටෙල් තමයි ….

    Mobitel Best

  15. මමත් එයාටෙල් වලට මාරැවෙන්න හදන්නේ.තිබුනේ මොබිටෙල් Zoom
    890.දැන් ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ.හැම මාසේම බිල එනවා.නොගෙව්වොත් ලෙඩක් වැටෙයිද?

  16. Can any one please send me the settings to create the profile for Prepaid mobile broadband serivice in dialog.My phone model(ztef 852) doesnt support the settings they sent.And dialogcustomer care doesnt know the manual cofiguration settings.Therefore please tell me Apn and proxy address thank you all.

  17. මේක ලියපු පහන් සහෝදරයට ගොඩාක් ස්තූතියි.මමත් මේවගෙ වෙනස් කම් ගැන හොයලා බැලුවා,තියන අවුල තමයි මොන 1 තෝරා ගන්නවාද කියන 1.අන්තිමට මම හිතුවේ Mobitel වලට මාරු වෙන්න.පහන් කිව්වා වගේ speed 1 හොදයිලු අනිත් ඒවට වඩා…

    • මෙහෙමයි. මම mobitel වලට ලකුණු දෙන්නෙ වේගය පැත්තෙන්ම නෙවෙයි. ස්ථාවරබවට, මම කොහේ ගියත් 3g signal ලැබෙන එකට. dialog 1Mps connection එකක 2Mbps විතර සමහර ලැබෙන්න පුළුවන් උනත් mobitel වල 1Mbps connection එකක 1.5Mbps පනින්නෙම නැති තරම්. අනිත් කරුණ තමයි අන්තර්ජාල සබඳතාවයක ගුණාත්මක භාවයට වේගය ඇරෙන්න තවත් ගොඩක් කරුණු බලපානව. උදා:- latency, packet loss. මේව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මම කලින් ලියපු dialog ලිපි පෙළේ latency ගැන විස්තරයක් සහ mobitel , dialog සංසන්දනයක් දැම්මා.

  18. මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

  19. Need to have HSPA connection, only concerning speed and coverage. not considering cost of the connection. pls advice which would be the best?

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">