ඔක්තෝබර් 28වෙනිදාට “Pahan’s Diary| පහන්ගේ දින සටහන්” ට අවුරුද්දකි.

ඔක්තෝබර් 24th, 2009

image credit:http://www.area-56.de

image credit:http://www.area-56.de

මුලින්ම මම ක‍ඩ්ඩෙන් පොඩියට බ්ලොග් එකක් ලියාගෙන ගියාට ඒවා මෙච්චර කට්ට කාගෙන ලියපුවා නෙවෙයි. ඒ නිසා මම සිරාවටම බ්ලොග්කරණය පටන්ගත්ත දවස 2008 ඔක්තෝබර් 28 කිව්වට වැරැද්දක් නෑ. එදා ඉඳල අදවෙන කල් මේ බ්ලොග් පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තියෙනවා. හොඳ ප්‍රතිචාරම විතරක් නෙවෙයි හොඳ මඩ පාරවල් ටිකකුත් කන්න ලැබුනා. :D .

බ්ලොග් එකට තිබ්බ ප්‍රතිචාර දැකලා තවත් අපේ  බැචාලත් බ්ලොග් ලියන්න ආවා. ඔවුන් ගැනත් ගොඩක් ආඩම්බරයි.

අවුරුද්දක බ්ලොග් කෙරුවාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා. ‍බ්ලොග් කිය‍වීමෙන් නම් මම හිතන විදියෙ නම් සෑහෙන්න වෙනසක් උනා.(මගේ වටේ ඉන්න උන් නම් දන්නවා. :D ). ඉස්සර තාක්ෂනික විෂයන්ම විතරක් කියව කියව හිටපු මම වෙනත් බ්ලොග් වලටත් ටික ටික එබෙන්න පුරුදු උනා.

මගේ අතින් වැරදි උනා. මම නෑ කියන්නෙ නෑ. එහෙම වැරද්දක් උන අවස්ථාවක මම සමාවගත්තෙ සමහරු මට පො**යා කියද්දි. ඒත් මම එහෙම කලේ මගේ හෘද සාක්ෂිය කියපු නිසාමයි. බ්ලොග්කරණයට මාව ගෙනාව අයත් ‍මේ මොහොතෙ මට අමතක කරන්න බැරි උනත් ඔවුන් කියන විදියට බ්ලොග් ලියන්න මම සූදානම් නැති නිසා දරුණු සිත් රිදවීම් එක්ක ඔවුන් එක්ක ඇයි හොඳයිකම් නවත්වන්න සිද්ධ උනා.

මම ආසම බ්ලොග් මගේ බ්ලොග් ලිපි ටිකක් මෙතන තියෙනවා.

ඔය HSPA බ්ලොග් ලිපි ටිකට නම් සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. මඩත් නොලැබුණා නෙවෙයි. බ්ලොග්කරණයේ ආනුභාවයෙන් කවදාවත් නොහිතපු විදියෙ අවස්ථාවන්ට මඟපෑඳුනා. :) තවමත් ඒවා ලැබෙනවා. අලුත් යාළු‍වෝ ගොඩක් අඳුරගන්න අවස්ථාව ලැබුනා. එක එක විදියෙ පුද්ගලයින් අඳුරගත්තා. ඔන්ලයින් යාළු උන සමහර අය තාම හැබැහින් දැකල නෑ. (බ්ලොග්කරුවන්ගෙ හමුවෙදි බලාගමුකෝ :)   ) . බ්ලොග් ලිවිල්ල කොච්චර සැරට වැදුනද කිව්වොත් සමහර හරක් පට්ටි අයිති කාරයෝ මගේ photo එක ආයෙ සකස්කරන්න තර්ජනය කරන්න තරමටම දුරදිග ගියා.

මීට අමතරව සිංහල බ්ලොග්කරණයේදි හා බ්ලොග් කියවීමේදී admin බලය නැතිව යුනිකේත පාවිච්චි කිරීමට නොහැකි ගැටළුවට යම්තාක් දුරට හරි ප්‍රායෝගික විසඳුමක් ලබාදෙන්නත් මට පුළුවං උනා. ඉදිරියේදී ඒක තවදුරටත් දියුණු කරන්න බලාපොරොත්තුවෙනවා.

මුලින් bloggerට පින් සිද්ධවෙන්න බ්ලොග් ලිව්ව මම පස්සෙ මගේම කියල domain ‍එකකට එන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.

අවුරුද්දක් තිස්සේ මේ බ්ලොග් එක ලියන්න උදව් කරපු, උදැල්ල දාපු, කියවපු, මාව විවේචනය කරපු, මට බැන්න, මාව අගය කරපු කරපු/නොකරපු, මට හොරෙන් හරි මගේ බ්ලොග් එක කියවපු අය හැමෝටම ස්තුතිවන්ත වෙනවා. (හොරෙන් කියවන අය??? ඔව් ඔව්  එහෙම අයත් ඉන්නවා ;)   )

Google Buzz

ප්‍රවර්ග: බ්ලොග් ලිවීම

ටැග:, , ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 48

  1. Wolveriŋe™

    අඩේ ඔන්න පිස්සෙක්ගෙන් මුල්ම සුබ පැතුම !!

    දිගටම ලියමු අපි නිතරම මේකට ගොඩ වෙනවා

    [Reply]

    පහන් Reply:

    ආ ඒකට මොකෝ. අපි හැමෝටම ටික ටික පිස්සු තියෙනවා . :D
    නිතර ගොඩවෙනවා කියල අහන්නත් සතුටුයි.
    ස්තුතියි

    [Reply]

  2. කල්ප

    එළ එළ අයියෙ. බොහොම සන්තෝසයි.
    දිගටම ලියන්න.

    සුභ පැතුම් !

    [Reply]

    පහන් Reply:

    ස්තුතියි.

    [Reply]

  3. මනුශාන්

    එළ එළ සුබ පැතුම් අයියේ දිගටම කරගෙන යන්න

    [Reply]

    පහන් Reply:

    අනිවාර්යෙන්ම දිගටම ලියනවා. ස්තුතියි

    [Reply]

  4. ඉන්දරේ

    ආ එල එල !
    මෙන්න අපෙන් සුබ පැතුම්…. :P

    [Reply]

    පහන් Reply:

    තැන්කු. :)

    [Reply]

  5. Wolveriŋe™

    අහ් අමතක උනා පොඩි ඉල්ලීමක් තියේ වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් ලියන අයට පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් පුලුවන් නම් දෙන්න ඉස්සරහට [ඔය අවතරේ මාරු කරනව වගේ] :P

    [Reply]

    පහන් Reply:

    අනිවා. මචං. අවතාරෙ මාරුකරන්න මෙතැනට ගිහින් register වෙන්න http://en.gravatar.com/

    [Reply]

    Wolveriŋe™ Reply:

    අහ් හරි රෙජිස්ටර් උනා

    [Reply]

    ඉන්දරේ Reply:

    අවතාරෙ මාරු කරන්න http://www.gravatar.com එකට ගිහින් පිංතූරයක් දාන්න.

    [Reply]

    Wolveriŋe™ Reply:

    අඩේ මම එහෙම කරා ඒත් මාරු වෙලා නැහැනේ :(

    [Reply]

  6. -බිன்ku-

    සුභ පැතුම් මිත්‍රය! තව තවත් අගනා ලිපි ලියන්නට ලැබෙන්නැයි පතනවා!!

    [Reply]

    පහන් Reply:

    බෙහොම ස්තුතියි .

    [Reply]

  7. පිටස්තරයා

    එළ එළ…

    දිගටම ලියා ගෙන ලියා ගෙන ලියා ගෙන ලියා ගෙන යන්නත් කැළණියේ පැත්තේ රවුම් ගහන්නත් සුභ පැතුම් ;)

    [Reply]

    පහන් Reply:

    ලියමි ලියමි. කැළණියෙ නේ? හැමදාම යන්න බෑනේ. ෂිහ්

    [Reply]

  8. රවින්ද

    සුභ පැතුම් කිව්ව. මට දීපු ගුරුහරු කම් වලටත් බොහොම ස්තූතියි. මාත් ළඟ ළඟම එනවා අර්ධ ශතකයට.

    කැළණිය පැත්තෙ ????? ආ මම හෙට 2.30 එනවා. ඒ නිසා ඒකෙ එන්න එපා. :D

    [Reply]

    පහන් Reply:

    අපි එන්නෙ 2.30 නෙවෙයි. :D . කෝකටත් මට කලින් කියපං. ;)

    [Reply]

  9. Chathura W

    සුභ පැතුම් කොල්ලෝ… දැන් බර්ත්ඩේ දෙකම අල්ලලා දීපන් පාටියක් :D

    [Reply]

    පහන් Reply:

    රිම් එකෙන් බං දුවන්නෙ.

    [Reply]

  10. Chanuka Wattegama

    Congratulations. I wish you the best.

    [Reply]

    පහන් Reply:

    thank you, thank you very much.

    [Reply]

  11. සුපුන් සුදාරක

    එළ එළ!! මෙන්න අපෙනුත් සුබ පැතුම්! :)

    [Reply]

    පහන් Reply:

    තැන්කු. තැන්කු

    [Reply]

  12. KaniRockz

    අපෙන් සුභ පැතුම් අයියේ… දිගටම ලියමු…

    [Reply]

    පහන් Reply:

    දිගටම ලියනවෝ. ස්තුතියි.

    [Reply]

  13. Keshan

    ela… ela… wish you all the best ayye, mama me engrisi akuren liyanne Ubuntu waladi Google Chrome wala unicode awlak nisa puluwannam eekatath wisadumak dennakoooo…..

    [Reply]

    පහන් Reply:

    thank you. thank you. unicode කිව්ව නේද? ළඟදීම එළවැඩක් එනවා. එතකල් ඉවසලා ඉන්න. ;)

    [Reply]

  14. සියදෝරිස්

    ඕන් අපෙනුත් සුභ පැතුම්. ආයු බෝ වේවා…

    [Reply]

    පහන් Reply:

    ස්තුතියි. :)

    [Reply]

  15. Tilantha

    සුභ පැතුම්!

    [Reply]

    පහන් Reply:

    ස්තුතියි මචං.

    [Reply]

  16. kasun

    congratulations !! machan

    [Reply]

    පහන් Reply:

    thanks machan.

    [Reply]

  17. Thilina

    එළ එළ… සුභ පැතුම්, දිගටම ලියමු.

    [Reply]

    පහන් Reply:

    අනිවා. දිගටම ලියනවා. කොහේ යන්නද අටව ගත්ත ඩොමේන් එක දාලා. :D

    [Reply]

  18. ගයන්ත

    ජය-ශ්‍රී කිවුවා…
    ඔහොම යං.. එළකිරි… :)

    [Reply]

  19. තමීර

    දැනුයි මේක දැක්කෙ. සුබ පැතුම්!
    මුලින්ම මම සිංහල බ්ලොග් එක්ක විදියට බුක්මාක් කරගත්තෙ මේ පහන්ගේ දින සටහන් තමයි. මේකත් ඊට පස්සෙ දැකපු තවත් බ්ලොග් කීපෙකුත් දැකල තමයි මාත් බ්ලොග්කරණෙට පිවිසුණේ. බොහොම ස්තුතියි!
    ඔහොම දිගටම යා!

    [Reply]

  20. dilanrf

    සුභ පැතුම් මචන් , දිගටම ලියමු :)

    [Reply]

  21. කරුමක්කාරයා

    සුභ පැතුම් මචන්! ඔහොම යන් ඔහොම යන්

    [Reply]

  22. පහන්

    @ ගයන්ත
    ස්තුතියි.

    @තමීර
    ඒකත් එහෙමද? අහන්ත් සතුටුයි. :)

    @dilanrf
    ස්තුතියි මචං

    @කරුමක්කාරයා
    ස්තුතියි මචං

    [Reply]

  23. ධනික | Dhanika

    සුභපැතුම්!
    අදයි මේක දැක්කෙ, සුභපතන්න ප්‍රමාද වෙච්ච එක ගැන කණගාටුයි!

    [Reply]

  24. ඉන්දරේ

    නිකං ඉන්න එකේ ආයෙමත් සුබ පතන්න හිතුනා. :D
    (උඹ දන්නවනේ හේතුව?? :P )

    [Reply]

  25. ගයාන් තාරක

    මගෙනුත් සුභ පැතුම්!
    දිගටම ලියන්න.

    [Reply]

  26. අකිල

    අද තමයි මේක දැක්කේ එළ එළ ඔහොම යං HSPA වැඩේට නම් පිං සිද්ධ වෙනව මුලින්ම බ්ලොග් පොස්ට් එකකට කියල කියෙව්වෙ ඔය HSPA කතාව තමා :)

    [Reply]

  27. පහන්

    @ධනික
    අයියෝ ගානක් නෑ. :)
    @ඉන්දරේ
    ඉස්පෑම් කරලා දානව ඊළඟ පාර. :P
    @අකිල
    HSPA ගැන නං සෑහෙන්න ලිව්වනෙ. දැන් HSPA ගැන ලියන්න කම්මැලියි. :(

    [Reply]

  28. පහන්

    @ ගයාන් තාරක
    ස්තුතියි.

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / ඔක්තෝබර් 28වෙනිදාට “Pahan’s Diary| පහන්ගේ දින සටහන්” ට අවුරුද්දකි.