
image credit:http://www.area-56.de
මුලින්ම මම කඩ්ඩෙන් පොඩියට බ්ලොග් එකක් ලියාගෙන ගියාට ඒවා මෙච්චර කට්ට කාගෙන ලියපුවා නෙවෙයි. ඒ නිසා මම සිරාවටම බ්ලොග්කරණය පටන්ගත්ත දවස 2008 ඔක්තෝබර් 28 කිව්වට වැරැද්දක් නෑ. එදා ඉඳල අදවෙන කල් මේ බ්ලොග් පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තියෙනවා. හොඳ ප්‍රතිචාරම විතරක් නෙවෙයි හොඳ මඩ පාරවල් ටිකකුත් කන්න ලැබුනා.
.
බ්ලොග් එකට තිබ්බ ප්‍රතිචාර දැකලා තවත් අපේ බැචාලත් බ්ලොග් ලියන්න ආවා. ඔවුන් ගැනත් ගොඩක් ආඩම්බරයි.
අවුරුද්දක බ්ලොග් කෙරුවාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා. බ්ලොග් කියවීමෙන් නම් මම හිතන විදියෙ නම් සෑහෙන්න වෙනසක් උනා.(මගේ වටේ ඉන්න උන් නම් දන්නවා.
). ඉස්සර තාක්ෂනික විෂයන්ම විතරක් කියව කියව හිටපු මම වෙනත් බ්ලොග් වලටත් ටික ටික එබෙන්න පුරුදු උනා.
මගේ අතින් වැරදි උනා. මම නෑ කියන්නෙ නෑ. එහෙම වැරද්දක් උන අවස්ථාවක මම සමාවගත්තෙ සමහරු මට පො**යා කියද්දි. ඒත් මම එහෙම කලේ මගේ හෘද සාක්ෂිය කියපු නිසාමයි. බ්ලොග්කරණයට මාව ගෙනාව අයත් මේ මොහොතෙ මට අමතක කරන්න බැරි උනත් ඔවුන් කියන විදියට බ්ලොග් ලියන්න මම සූදානම් නැති නිසා දරුණු සිත් රිදවීම් එක්ක ඔවුන් එක්ක ඇයි හොඳයිකම් නවත්වන්න සිද්ධ උනා.
මම ආසම බ්ලොග් මගේ බ්ලොග් ලිපි ටිකක් මෙතන තියෙනවා.
- ජනේලයක් වෙනුවෙන් ගෙදර මාරු කිරීම
- නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේ
- HSPA ගැන ලියූ ලිපිපෙළ
- සිංහල සමඟින් Firefox portable 3.5
ඔය HSPA බ්ලොග් ලිපි ටිකට නම් සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. මඩත් නොලැබුණා නෙවෙයි. බ්ලොග්කරණයේ ආනුභාවයෙන් කවදාවත් නොහිතපු විදියෙ අවස්ථාවන්ට මඟපෑඳුනා.
තවමත් ඒවා ලැබෙනවා. අලුත් යාළුවෝ ගොඩක් අඳුරගන්න අවස්ථාව ලැබුනා. එක එක විදියෙ පුද්ගලයින් අඳුරගත්තා. ඔන්ලයින් යාළු උන සමහර අය තාම හැබැහින් දැකල නෑ. (බ්ලොග්කරුවන්ගෙ හමුවෙදි බලාගමුකෝ
) . බ්ලොග් ලිවිල්ල කොච්චර සැරට වැදුනද කිව්වොත් සමහර හරක් පට්ටි අයිති කාරයෝ මගේ photo එක ආයෙ සකස්කරන්න තර්ජනය කරන්න තරමටම දුරදිග ගියා.
මීට අමතරව සිංහල බ්ලොග්කරණයේදි හා බ්ලොග් කියවීමේදී admin බලය නැතිව යුනිකේත පාවිච්චි කිරීමට නොහැකි ගැටළුවට යම්තාක් දුරට හරි ප්‍රායෝගික විසඳුමක් ලබාදෙන්නත් මට පුළුවං උනා. ඉදිරියේදී ඒක තවදුරටත් දියුණු කරන්න බලාපොරොත්තුවෙනවා.
මුලින් bloggerට පින් සිද්ධවෙන්න බ්ලොග් ලිව්ව මම පස්සෙ මගේම කියල domain එකකට එන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.
අවුරුද්දක් තිස්සේ මේ බ්ලොග් එක ලියන්න උදව් කරපු, උදැල්ල දාපු, කියවපු, මාව විවේචනය කරපු, මට බැන්න, මාව අගය කරපු කරපු/නොකරපු, මට හොරෙන් හරි මගේ බ්ලොග් එක කියවපු අය හැමෝටම ස්තුතිවන්ත වෙනවා. (හොරෙන් කියවන අය??? ඔව් ඔව් එහෙම අයත් ඉන්නවා
)



අඩේ ඔන්න පිස්සෙක්ගෙන් මුල්ම සුබ පැතුම !!
දිගටම ලියමු අපි නිතරම මේකට ගොඩ වෙනවා
ආ ඒකට මොකෝ. අපි හැමෝටම ටික ටික පිස්සු තියෙනවා .
නිතර ගොඩවෙනවා කියල අහන්නත් සතුටුයි.
ස්තුතියි
එළ එළ අයියෙ. බොහොම සන්තෝසයි.
දිගටම ලියන්න.
සුභ පැතුම් !
ස්තුතියි.
එළ එළ සුබ පැතුම් අයියේ දිගටම කරගෙන යන්න
අනිවාර්යෙන්ම දිගටම ලියනවා. ස්තුතියි
ආ එල එල !
මෙන්න අපෙන් සුබ පැතුම්….
තැන්කු.
අහ් අමතක උනා පොඩි ඉල්ලීමක් තියේ වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් ලියන අයට පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් පුලුවන් නම් දෙන්න ඉස්සරහට [ඔය අවතරේ මාරු කරනව වගේ]
අනිවා. මචං. අවතාරෙ මාරුකරන්න මෙතැනට ගිහින් register වෙන්න http://en.gravatar.com/
අහ් හරි රෙජිස්ටර් උනා
අවතාරෙ මාරු කරන්න http://www.gravatar.com එකට ගිහින් පිංතූරයක් දාන්න.
අඩේ මම එහෙම කරා ඒත් මාරු වෙලා නැහැනේ
සුභ පැතුම් මිත්‍රය! තව තවත් අගනා ලිපි ලියන්නට ලැබෙන්නැයි පතනවා!!
බෙහොම ස්තුතියි .
එළ එළ…
දිගටම ලියා ගෙන ලියා ගෙන ලියා ගෙන ලියා ගෙන යන්නත් කැළණියේ පැත්තේ රවුම් ගහන්නත් සුභ පැතුම්
ලියමි ලියමි. කැළණියෙ නේ? හැමදාම යන්න බෑනේ. ෂිහ්
සුභ පැතුම් කිව්ව. මට දීපු ගුරුහරු කම් වලටත් බොහොම ස්තූතියි. මාත් ළඟ ළඟම එනවා අර්ධ ශතකයට.
කැළණිය පැත්තෙ ????? ආ මම හෙට 2.30 එනවා. ඒ නිසා ඒකෙ එන්න එපා.
අපි එන්නෙ 2.30 නෙවෙයි.
. කෝකටත් මට කලින් කියපං.
සුභ පැතුම් කොල්ලෝ… දැන් බර්ත්ඩේ දෙකම අල්ලලා දීපන් පාටියක්
රිම් එකෙන් බං දුවන්නෙ.
Congratulations. I wish you the best.
thank you, thank you very much.
එළ එළ!! මෙන්න අපෙනුත් සුබ පැතුම්!
තැන්කු. තැන්කු
අපෙන් සුභ පැතුම් අයියේ… දිගටම ලියමු…
දිගටම ලියනවෝ. ස්තුතියි.
ela… ela… wish you all the best ayye, mama me engrisi akuren liyanne Ubuntu waladi Google Chrome wala unicode awlak nisa puluwannam eekatath wisadumak dennakoooo…..
thank you. thank you. unicode කිව්ව නේද? ළඟදීම එළවැඩක් එනවා. එතකල් ඉවසලා ඉන්න.
ඕන් අපෙනුත් සුභ පැතුම්. ආයු බෝ වේවා…
ස්තුතියි.
සුභ පැතුම්!
ස්තුතියි මචං.
congratulations !! machan
thanks machan.
එළ එළ… සුභ පැතුම්, දිගටම ලියමු.
අනිවා. දිගටම ලියනවා. කොහේ යන්නද අටව ගත්ත ඩොමේන් එක දාලා.
ජය-ශ්‍රී කිවුවා…
ඔහොම යං.. එළකිරි…
දැනුයි මේක දැක්කෙ. සුබ පැතුම්!
මුලින්ම මම සිංහල බ්ලොග් එක්ක විදියට බුක්මාක් කරගත්තෙ මේ පහන්ගේ දින සටහන් තමයි. මේකත් ඊට පස්සෙ දැකපු තවත් බ්ලොග් කීපෙකුත් දැකල තමයි මාත් බ්ලොග්කරණෙට පිවිසුණේ. බොහොම ස්තුතියි!
ඔහොම දිගටම යා!
සුභ පැතුම් මචන් , දිගටම ලියමු
සුභ පැතුම් මචන්! ඔහොම යන් ඔහොම යන්
@ ගයන්ත
ස්තුතියි.
@තමීර
ඒකත් එහෙමද? අහන්ත් සතුටුයි.
@dilanrf
ස්තුතියි මචං
@කරුමක්කාරයා
ස්තුතියි මචං
සුභපැතුම්!
අදයි මේක දැක්කෙ, සුභපතන්න ප්‍රමාද වෙච්ච එක ගැන කණගාටුයි!
නිකං ඉන්න එකේ ආයෙමත් සුබ පතන්න හිතුනා.
)
(උඹ දන්නවනේ හේතුව??
මගෙනුත් සුභ පැතුම්!
දිගටම ලියන්න.
අද තමයි මේක දැක්කේ එළ එළ ඔහොම යං HSPA වැඩේට නම් පිං සිද්ධ වෙනව මුලින්ම බ්ලොග් පොස්ට් එකකට කියල කියෙව්වෙ ඔය HSPA කතාව තමා
@ධනික

අයියෝ ගානක් නෑ.
@ඉන්දරේ
ඉස්පෑම් කරලා දානව ඊළඟ පාර.
@අකිල
HSPA ගැන නං සෑහෙන්න ලිව්වනෙ. දැන් HSPA ගැන ලියන්න කම්මැලියි.
@ ගයාන් තාරක
ස්තුතියි.