සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා

සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් ‍domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.)  එතකොට කොහොමද සිංහල ‍domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා  දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.

උදාහරණයක් විදියට මම  පහන්.com කියල domain එකක්  අටවගත්ත කියල හිතමු. මම පහන්.com browser එකේ type කලාම මගේ පරිගනකයේ web browser එකේ තිබෙන punicode converter එකෙන් මේක ASCII අකුරු බවට පරිවර්ථනය කරලා දෙනවා. දැන් මේක xn--r0cf2cza.com කියල වෙනස් වෙනවා. ඇත්තටම අපි යන්නේ පහන්.com නෙවෙයි xn--r0cf2cza.com. ඔය මුල් අකුරු හතරෙන්(xn--)තමා දැනගන්නේ මේක තියෙන්නෙ unicode වලින් කියල. මෙතැන ක්ලික් කරලම බලන්නකෝ. IE6 වල නම් මේක වැඩ නෑ. (පුදුම වෙන්න දෙයක් නෑ.  :D ) වැඩ නෑ කියල මම අදහස් කලේ පහන්.com කියන එක ASCII වලට පරිවර්ථනය වෙන එක. කොහොමත් පහන්.com කියල domain එකක් නෑනෙ.

මේ විදිහටම දැනට තියෙන .lk ට අමතරව ccTLD දෙකක් හදුන්වල දීල කියල අරංචියි. .ලංකා සහ .இலங்கை කියල.(ඔය දෙමළ එක නං ෂුවර් නෑ හරිද කියල නෙට් එකෙන් හොයල දැම්මෙ. :D ) විස්තරේ බලන්න google කරල http://www.idns.lk/ ගියත් සයිට් එක වැඩ නෑ වගේ.මේ වැඩේ සාර්ථක වෙයිද කියල නම් සැකයක් තියෙනවා. මොකද ලංකාවේ අන්තර් ජාල භාවිතා කරන්නන් අතරින් 2/3ක් ම යුනිකෝඩ් කියල එකක් අහලවත් නෑ.  ඒ නිසා බර ගානක් දීලා හෙන කට්ටකුත් කාගෙන .ලංකා ගනියිද?


අලුත් වැඩක් පටන් ගත්තා. ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන අයගේ එකමුතුවක්. අපේ මලින්ත ලොක්කා තමා මේකට මූලික උනේ.

අරමුණ: අන්තර්ජාල සේවාව හා භාවිතය පිලිබඳව ඔබේ අත්දැකීම්, අදහස් බෙදාහදාගැනීමටත්, මුහුණපාන ගැටලු ඉදිරිපත් කිරීමටත්, ඒවාට උපදෙස් ලබාගැනීම/ලබාදීම. වැඩේ නැගල ගියොත් ISP ලට ‍සද්දයක් දාන්නත් බැරිවෙන එකක් නෑ. :D

සිතා බලන්න, ඔබට ලැබිය යුතු සේවාව ලැබෙනවාද කියා !

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

30 Comments »

 
  • තමීර පවසන්නේ:

    ඔව්, තාම වැඩිදෙනෙකුට converter එකක් නැතුව සිංහල ගහන්නවත් බැරිකොට ඩොමේන් එකටත් සිංහල ගනීද? අනික ඔය යුනිකෝඩ් ඩොමේන් වෙන රටවල එහෙමට පාවිච්චි වෙන්නෙත් නැහැ නේද?

    • පහන් පවසන්නේ:

      ඔව් කතාව ඇත්ත. මම දන්න තරමින් මේක ළඟකදී හදුන්වල දීපු එකක් ඒ නිසා අනිත් රටවල් ගැන කියන්න අමාරුයි. ඒත් කොහොමද පහන්.com අරගෙන ඒකත් pahans.com වලට redirect කරව ගත්තොත්?. පොඩි ගතියකුත් තියෙනව ව‍‍‍ගේ :) . රුපියල් 50 කට වගේ දුන්නොත් විතරක් ගන්නව :D . දැන් ගනං වල හැටියට ccTLD එකක් ගන්න සල්ලි වලින් TLD’s හතක් පහක් විතර ගන්න පුළුවන්. ඒක ගන්නත් මොරටුවටම බඩගාන්න ඕන. හපෝ මතක් කරන්නෙපා

  • ඉන්දරේ පවසන්නේ:

    මට නං හිතෙන්නෙ ඔය .ලංකා ඩොමේන් මහ විකාරයක් කියල. ප්‍රායෝගික නෑ නේද? ඕක මේ කවුරුහරි සීතල කාමරේක ඉඳං සිහින මවන පොරකගේ අයිඩියාවක් වෙන්නැති.

    කරනවනං කරන්න ඔයිට වඩා වැඩ තියෙනවනෙ.

    • ගයන්ත පවසන්නේ:

      හ්ම්ම්!! ඒකම තමයි මටත් හිතුනෙ..

    • කරනවනං කරන්න ඔයිට වඩා වැඩ තියෙනවනෙ.
      ඇත්ත ඉන්දරේ, තව කොච්චර නම් දේ තියෙනවාද?
      කාටත් උදව්වක් විදිහට තව කරන්න තියෙන ඒවා දහයක් විතරයි, ඒව කරන විදිහයි කියන්නකොත

      • ඉන්දරේ පවසන්නේ:

        මැම්බර් මහත්තයෝ,
        .ලංකා ඩොමේන් එක කරන්න කලින් කරන්න වැඩ 10ක් මෙන්න. මේවා කරන විදිය ඔබතුමා හා ඒ මට්ටමේ ඉන්න අයට කියල දෙන එක මගේ වැඩේ නෙමෙයි. මම උපදේශක කෙනෙක් නෙමෙයිනේ.

        1. ලංකාවෙ සියලු පාසල් සිසුන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න වැඩ කරන්න
        2. පාසල් සිසුන්ට පරිගණක පහසුකම් වැඩිපුර දෙන්න වැඩ කරන්න.
        3. රාජකීය විද්‍යාලෙ ලමයි කොම්පියුටර් වැඩකාරයො වෙන්නයි, රාජාංගනේ ඉස්කෝලෙ ලමයි පරිගණක ගැන මෙලෝ දෙයක් නොදැන ඉන්නයි හේතුව හිතලා බලලා ඒක විසඳන්න උත්සාහ කරන්න.
        4. රටේ ඕනෑම පුරවැසියෙකුට පහසුවෙන් අන්තර්ජාල පහසුකම් ගන්න පුලුවන් වෙන්න වැඩ සලස්වන්න.
        5. අන්තර්ජාල පහසුකම් වල ගුණාත්මක භාවය ඉහල නංවන්න උත්සාහ කරන්න.
        6. රාජ්‍ය සේවා අන්තර්ජාලය හරහා ඉටුකරගන්න පුලුවන් ක්‍රම වැඩි දියුනු කරන්න. අඩුගානේ තොරතුරු ලබාගන්න වත්.
        7. යුනිකෝඩ් අකුරින් හැදිච්චි ඩොමේන් එකක් දෙන්න කලින් ලංකාවෙ පරිගණක වල සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කරන්න උත්සාහ කරන්න. දන්නවද ලංකාවෙ මිනිස්සුන්ගෙන් කීයෙන් කීදෙනාද යුනිකෝඩ් ගැන දන්නෙ කියලා? මේව නිකං නෙමෙයි කියන්නෙ අපි සමීක්ෂණ කරලා හොයාගත්තුවා.
        8. තමන්ගේ වියදමින් කාලය කැපකරමින් යුනිකෝඩ් වල වැරදි හරිගස්සන, ප්‍රචලිත කරන මිනිස්සුන්ට/පරිගණක ක්ෂෙත්‍රයට වැඩක් කරන මිනිස්සුන්ට ඒ වැඩකටයුතු වලට රජයෙන් අනුග්‍රහය දෙන්න.
        9. .ලංකා කියල ඩොමේන් එකක් දෙන්න කලින් .lk ඩොමේන් එක ලේසියෙන් ගන්න පුලුවන් විදියක් හදන්න. දන්නවද .lk ඩොමේන් එකක් ගන්න NIC එකට කොච්චර වඳින්න ඕනෙද කියල? තමන්ගෙ රටේ නමින් ඩොමේන් එකක් ලේසියෙන් ගන්න බැරි නම් මොකටද ඒක?
        10. 2009 තොරතුරු තාක්ෂණ (හා ඉංග්‍රීසි) වසර කියල නේද නම් කලේ? eAsia පැවැත්වීම හැර මොනවද වෙන තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා මේ වසරෙ කෙරුනෙ කියල නිවාඩු පාඩු වෙලාවක තේ එකක් බිබී කල්පනා කරන්න.

  • ගයන්ත පවසන්නේ:

    එතකොට සුද්දෙක්ට ඔය සයිට් එකකට යන්න උනොත්? යුන්කෝඩ් නැත් (install කරල නැති) ලංකාවෙම කෙනෙක්ට සයිට් එකකට යන්න උනොත්?? ;)

    අපිට වීන සයිට් එකකට යන්න උනොත්? :D

  • බුධාජීව පවසන්නේ:

    තාක්‍ෂණික අතින් ඉස්සරහට යනව කියන්නේ සීමිත පිරිසකට පමණක් විවර වුනු දේවල් කර යන එක නෙවෙයි.

    “අපේම” යතුරු ලියන ක්‍රම, “අපේම” මෙහෙයුම් පද්ධති, “අපේම” මෘදුකාංග විතරක් නෙවෙයි “අපේම” පරිගණක කියන්නේ නිකං පිස්සු විකාර විතරයි. අපි නිෂ්පානයක් කරන්න ඕනේ ඕනම රටක අයට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදියට මිස අපිට පමණක් සීමා වෙන්න නෙමේ.

  • Thilina පවසන්නේ:

    මේක නං සිරාම විහිළුවක්, තොරතුරු තාක්ෂණ වසර වෙනුවෙන් තවත් කොමඩියක්. :P ෂුවර් එකට මේකට කොහෙන් හරි රජතුමා ගෑවිලා ඇති.

  • Buwek පවසන්නේ:

    Firefox can’t find the server at http://www.xn--r0cf2cza.com. :P

    meka machan maaara wihiluwak! sthuthi wenna one machan ape ungema wihilu pennala denawata!

  • ඔය කියන වැඩේ තාක්‍ෂණ පැත්ත පොඩ්ඩකට අමතක කරල හිතල බැලුවොත් මට හිතෙනවා සිද්ධ විය යුතු දෙයක් කියල. යමකට හුරු වුනාම ඒකම තමා ඉතින් හරි. අළුත් දෙයක් ඕනෙ නෑ. යුනිකෝඩ් ආව දවස්වලත් ඔහොමමනේ කීවේ. මට මතකයි ෆයර් ෆොක්ස් සිංහලෙන් ආවහම කට්ටිය කිව්වා ‘අපෝ මේ මොකක්ද? පූර්ණය වෙනවා! ඊයා මොකක්ද අනේ ඒ.‘ එහෙමයි අපේ ෆොෂ් කට්ටිය කියන්නේ. (FOSS නොමේ) ඒ ගොල්ලො ඉංග්‍රීසි කප්පිත්තෝනෙ. ඇයි අපට තේරෙන භාෂාවෙනුත් ඔක්කොම තිබුනොත් මොකද වෙන්නේ. සිංහල ඉකේයියා නම්, මාර විහිළුවක් මචං නම්, සිරා විහිළුවක් නම්,මහා විකාරයක් නම්, ඉතින් තමන්ගේ ප්‍රියතම භාෂාවෙන්ම වැඩේ කරගන්න. ඉංග්‍රීසි නිසා අන්තර්ජාලය විතරක් නෙමේ පරිගණකයත් අත ඇරල ඉන්න කට්ටියට මේකෙන් සිදුවන සේවය ගැන හිතල බලන්න.

    • පහන් පවසන්නේ:

      ප්‍රශ්නෙ මේක ප්‍රායෝගිකද කියන එක. තාක්ෂණික දුර්වලතා නිසාමයි මේක විහිළුවක් වෙලාතියෙන්නෙ. ඒත් මීට වඩා හරියන පිළියමකුත් නැහැ. මම කියන්නෙ මේක නොවිය යුතු දෙයක් ‍කියල නෙවෙයි මේවගේ දේකට තාම ලංකාව සූදානම් නෑ කියල. සුද්දා කම්පියු‍ටර් හදනකොට හැදුවෙ ඒකට ඉංග්‍රීසි විතරක් දැම්මාම විතරක් ඇති කියල හිතල. ඒකයි පස්සෙ යුනිකෝඩ් ගේන්න උනේ. ‍domain වලටත් මේ කතාව එහෙමමයි. මුල ඉඳලම ASCII වෙනුවට unicode භාවිතා කලානම් මෙහෙම දෙයක් නොවෙන්න ඉඩ තිබුනා. අනිත් එක ලංකාවෙ ccTLD සේවාව ගැන නම් කවුරුවත් පැහැදීමකින් කතා කරන්නෙ නැහැ.
      යුනිකෝඩ් ආවත් බොහෝ දෙනා තාමත් කරන්නේ පරණ සිංහල ASCII fonts දාගෙන ටයිප් කරන එක. තාම ලංකාවෙ online පත්තර 1යි තියෙන්නෙ ‍unicode වලින්(මම දන්න තරමින්). මම කියන්නෙ මේක නොවිය යුතු දෙයක් ‍කියල නෙවෙයි මේවගේ දේකට තාම ලංකාව සූදානම් නෑ කියල. ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනව. තියෙන ඔක්කොම සිංහල unicode fonts ගාන අතේ ඇඟිලි වලින් කියන්න පුළුවන්. ඔයා ඔය කියන කට්ටියට මුලින් යුනිකෝඩ් හුරු කරවන්න ඕන. එහෙම දැනුවත් කිරීමක්වත් තියෙනවද?. පරිගනක පාවිච්චි කරන අයවත් යුනිකෝඩ් ගැන දන්නෙ නැතිකොට කව්ද පරිගනකයක් අලුතෙන් පාවිච්චි කරන අයට පරිගනකයේ සිංහල හඳුන්වලා දෙන්නේ.? http://www.nic.lk/ මේ තියෙන්නෙ nic වෙබ් සයිට් එක. ඒකටවත් සිංහල සංස්කරණයක් නැහැ. සිංහලෙන් google search එකක් දැම්මත් එන්නෙ සිංහල බ්ලොග් කිහිපයක්.

    • ඉන්දරේ පවසන්නේ:

      මේ වැඩේ නරකක් නෙමේ. නමුත් මීට කලින් කරන්න තව වැඩ තියෙනවා.

      යුනිකෝඩ් ගැන ලංකාවෙ දන්නෙ කීයෙන් කී දෙනාද? හැම මැෂිමකම යුනිකෝඩ් නෑ නේද? එතකොට එහෙම මැෂිමකින් මේ ඩොමේන් එකට යන්න මාර කට්ටක් කන්න ඕනෙ නේද?

      http://www.nic.lk සයිට් එක ගොඩක් වෙලාවට වැඩ කරන්නෙත් නෑ. ඒ සයිට් එක දෙකේ පංතියේ ලමයෙක් හදපු එකක් වගේ. domain registrar කෙනෙක්ගේ සයිට් එකක තිබිය යුතු කිසිදු පහසුකමක් ඒකෙ නෑ.

      රටේ මොකක්හරි දෙයක් ගැන විස්තර (කෝච්චි යන වෙලාව, අගනුවර කාර්යාල තියෙන තැන්,….) හොයාගන්න ඕනෙ වෙච්ච කෙනෙකුට ඒකට හරිහමන් සයිට් එකක් තියෙනවද? සිංහලෙන් නෙමෙයි අඩුගානෙ කඩ්ඩෙන්වත්?

      ඔන්න ඕවා තමයි මුලින් කෙරෙන්න ඕනෙ. නැතුව මේ සිංහලෙන් ඩොමේන් දෙන එක වගේ සමයං වැඩ නෙමෙයි. මේ ප්‍රොජෙක්ට් එකේ බජට් එක කීයක් විතර වෙනවද දන්නෑ නේද? :P

    • -බිன்ku- පවසන්නේ:

      සිංහල Firefox හා මාදුකාංශ දේශානුකරණයේ දෙපැත්තක් තියෙනවා. මොකක් කියන්නත් අදාල මැෂිමේ සිංහල යුනිකේතය පිහිටුවලා තියෙන්න ඕනේ, ඒත් ඔබතුමාම පොඩ්ඩක් කොම්පුටර් තියෙන ගමක් අරං බැලුවොත් පෙනෙවි ඒ මැෂින් වලිනුත් හතරෙන් කාලක් විතර තමා යාත්තං හරි යුනිකේත තියෙන්නේ.

      මේ යුනිකේත තියෙන අයගෙනුත් කියෙන් කිදෙනාද සිංහල කොටන්නේ? එකෙනුත් වැඩි දෙනෙක් සම්මත් යතුරු පුවරුවෙන් නෙමේ භාවිතා කරන්නේ.

      විහිළුවක් නොව මේ වැඩක නැති ක්‍රියාවලියට යොදන ප්‍රාග්ධනය හා ශ්‍රමය යොදවන්න පුළුවන් වඩා යෝග්‍ය සේවා වලට. අනික පඩි දෙන්නේ නිකං රටේ සල්ලි වැඩි වෙලා නෙමෙයිනේ.

  • harshana පවසන්නේ:

    සිංහල ඩොමෙයින් නාම පිළිබදව නම් මම එතරම් සතුටු තත්වයක නෑ, මන්ද කාලිංග.com යන්න නම් මෙය ගැටළුවක් නෑ කියා මම සිතනව, නමුත් කාලිංග ඒ ඩොමෙයින් එක ගත්තට පස්සෙ මමත් ගත්ත හර්ෂණ.Net කියන එක. එහිදී මට නම් සිතුනේ හර්ෂණ යන්න හර්ශණ, හර්ෂන, හර්ශන වැනි ලෙස ලිවිය හැකි නිසා මගේ හිතට මේ වැඩේ එතරම් ඇල්ලුවේ නෑ. :)

  • කණිෂ්ක පවසන්නේ:

    හැබැයි ඉතින් සිංහල වචනෙට අදාල ASCII value එක තියෙන domain එක අරන් තියා ගත්තට පා‍ඩු නෑ වගේ….

  • තාක්‍ෂණය කියන්නේ පහල වුණ දෙයක් නෙමේ. මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක්. ඒනිසා තාක්‍ෂණය ගැන ඔය තරම් බය වෙන්න එපා. මේ ලෝකේ තවත් මිනිසෙක් කරපු දෙයක් අපිට කරන්න බැරි වෙන්නේ ඇයි? ඔය තරම් පහලට වැටෙන්න එපා. තාක්‍ෂනය තියෙනවාද, ප්‍රාග්ධණය තියෙනවාද, ලංකාව සූදානම් ද, පිළිවෙ හරිද, ඊළඟට කරන්න ඔනේ මේකද, ඔක්කොම දන්නවාද, … ඕවත් ප්‍රශ්නද? ප්‍රශ්න තමා; ඒත් ගැටළු නෙමේ. හනමිටි කාරයෝ වෙන් එපා මල්ලිලා. අළුතින් හිතන්න. අළුත් විදිහට හිතන්න. ලොකුවට හිතන්න. Think big!. ලෝකය කඩාගෙන බිඳගෙන යද්දී පස්සෙන් දුවන්න හිතන් එපා. ඒ ගොල්ලත් එක්කම දුවන්න විදිහක් හිතන්න. ඔයාල කියන සේරම තාක්‍ෂණික ප්‍රශ්න. ඔයාලට ඒවාට විසඳුම් තේරෙන්නේ නැත්නම් ගැටළුවක් කර ගන්න එපා. තේරෙන කෙනෙක් ලවා කර ගනිමු. අනික ඔයාල තාම ඉගෙන ගන්න අයනේ. මම හරි නේද? ආ.. ඒකනේ. ඇත්තටම ඉගෙන ගන්නා ගමන් මේ වගේ ප්‍රාෙයාගික සිද්ධීන් අධ්‍යනය කරන එක තමා කරන්න ඕනෙ. එතකොට තමා ඉගෙනීම සම්පූර්ණ වෙන්නේ. හැබැයි පුතෝ දන්න ටිකට කොටු වෙන්න එපා. තව කොච්චර දේවල් තියෙනවාද අපි නොදන්න. කොටු පැන පැන ඉන්නේ නැතුව කොටුවෙන් පැන ගෙන එන්න ලෝකය දකින්න.
    “ඔය punicode වැඩේ තවම ලෝකෙ අනිත් රටවල් කරල නෑ. හැම රටක්ම වගේ දැන් තමන්ගේ භාෂාවට අදාලව පරීක්‍ෂණ කරගෙන යනවා. අපේ රටෙත් තවම පවතින්නේ පරීක්‍ෂණ මට්ටමේ.“ මේ මම දැන ගත්තු දේවල්. බලමු මොකද වෙන්නේ කියල.

    • බුධාජීව පවසන්නේ:

      මොන මගුලක්ද මේ කියන්නේ? අපි කියන්නේ තාක්‍ෂණික ප්‍රශ්න වලට අපිට විසඳුම් තේරෙන්නේ නෑ කියල නෙවෙයි. මේ කරන්න යන වැඩේ තියන නිරර්ථකභාවය ගැන.

    • පහන් පවසන්නේ:

      ලංකාවට යු‍න්කෝඩ් හදුන්වලා දීලා අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒත් අපේ අය තාම පරණ ASCII දාගෙන සිංහල ටයිප් කරනවා. පොඩ්ඩක් computer type setting කරන තැනකට ගිහින් බලන්න. punicode එක්ක වැඩ කරන්න යුනිකෝඩ් හොඳින් වැඩ කරන්න ඕන. ගයන්ත කිව්වා වගේ සුද්දෙකුට මේ සයිට් එකකට යන්න උනොත් මිනිහටත් යුනිකෝඩ් දාගන්න කියන්න වෙයිද? .com එකක් රුපියල් 900යි. ඒත් ලංකාවෙ ccTLD එකක් අඩුම ගානෙ රු.3000ක් වෙනවා. ඒකට හරියන්නම සේවාව http://groups.google.com/group/sinhala-unicode/browse_thread/thread/a386efad4199ba0b/1c59ff56bc3562f6?#1c59ff56bc3562f6 ඔය ලින්ක් එක පොඩ්ඩක් බලන්නකෝ.

    • ඉන්දරේ පවසන්නේ:

      අනිත් රටවල් මේ වැඩේ නොකරන්න මොකක්හරි හේතුවක් ඇති නේද? (මෙහෙම ලෝකල් ලැංවේජ් එකකින් ඩොමේන් එක දැම්මාම සමහරුන්ට සයිට් එකට එන්න බැරිවීම?, ටයිප් කිරීමේ ප්‍රශ්ණ නිසා) අන්න ඒ නිසා තමයි අපිත් කියන්නේ මේක තේරුමක් නැති වැඩක් කියලා.

      මතක තියාගන්න, මේ වැඩේට කලින් අපේ රටේ පරිගණක දියුනු කරන්න කරන්න තව වැඩ තියෙනවා.

      හණමිටි කාරයෝ කියල ලේබල් ගහන්න නම් එපා. අපිටත් ඹ්නෙ මේ දූපත දියුනු වෙනව දකින්න තමා. නමුත් අනවශ්‍ය දේවල් අවශ්‍ය නෑ. ඒකයි මේ කියන්නේ.

    • පිටස්තරයා පවසන්නේ:

      මෙතන අවුල තියෙන්නේ මේ කරන වැඩෙන් අපි තවත් ලෝකෙන් තනි වෙන එක කියලා මට හිතෙන්නේ.

      ඇත්තටම තාක්ෂණික කරුණු නැතුවට ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ඒක තේරෙයි.

  • namal wickramasinghe පවසන්නේ:

    ඕනවට වඩා සිංහල යොදා ගන්න ගියහමත් වැඩ පොඩ්ඩක් අවුල් වෙනවා නේද….

  • පහන් පවසන්නේ:

    මටත් වෙන වැඩ නැති නිසා ඔන්න ඔය වගේ ඩොමේන් එකක් හැදුවා. :D

    http://පහන්.co.cc/

  • මංජුල නදීක පවසන්නේ:

    මේක කරන්න පුළුවන් දෙයක් මේකට කියන්නේ IDNS කියලා

    මේක ICANN එකේ Project එකක්
    ICANN කියන්නේ ලෝකේ පුරා තියෙන domain manage කරන ආයතනය. අපි සල්ලි දීල ගන්න හැම එකකින්ම මෙයාලට සත ගානක් යනවා
    http://www.icann.org/
    මේකට ගිහින් බලන්න
    http://blog.icann.org/category/idns/

  • මංජුල නදීක පවසන්නේ:

    හැබැයි මේවා අපේ ලොක්කන්ගේ වචන විතරයි වැඩ නෑ

  • වසන්ත පවසන්නේ:

    සියු ගැනත් සිංහල හා දම්ළ වෙබ් වසම් නාම ගැනත් බොහෝ ලියවිලා ඇති නිසා පිළිතුරක් ලියන්න හිතුනා.
    සියු වලටත් 2000 වසරේ සිට 2007 වෙනකන් බොහෝ අය නොයෙක් දේ කිව්වා. දැන් එය පොදු දෙයක් වෙලා. රාජ්‍ය අංශයේ පරිගණකවලින් 60% පමණ දැන් සියුවලින් පමණයි වැඩ කරන්නේ. ළඟදී අනුමත වුන ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය මගිනුත් මෙය අනියවාර්ය වුනා. http://www.icta.lk/index.php/en/e-governement-policy
    ඒ වගේ සිංහල වසම් නාමත් කල් යන කොට අල්ලලා යයි. දැන් වැඩ කරන දේශීය වෙබ් වසම් කිහිපයක් මෙතැන තියෙනවා. http://www.idns.lk/index.php/Current_events
    ඉන්දරේ අහලා තිබුනා සියළු රාජ්‍ය ආයතන ගැන දැන ගන්න තැනක්. මෙතැනින් එය ඉටු වෙයි ද බලන්න. වෙබ්.තොරතුරු.රජය.ලංකා
    අන්තර්ජාලයෙන් ලබා දෙන රාජ්‍ය සේවයකුත් ආරම්භ කළා. ඒ සඳහා http://www.srilanka.lk හරි http://www.lk ගිහින් රජය යටතේ ඇති වාහන ආදායම් බලපත්‍ර සේවාව බලන්න. එය භාවිතා කළ අයගේ ප්‍රතිචාර ගැන සංවාද සංසදයත් http://www.srilanka.lk/si_LK/web/guest/3;jsessionid=47213F94411934EBD3D5E6C85F68E00A
    බලන්න.
    ස්තුතියි!
    වසන්ත

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin