ටෙලිෆෝන් කතා 2 කොටස

නොවැම්බර් 7th, 2009

කට්ටිය නොඉවසිල්ලෙන් කතාවෙ ඉතුරු කොටස දැනගන්න බලාගෙන ඉන්නවා කියපු නිසා දෙවැනි කොටසත් ඉක්මනට ලියන්න හිතුවා. 1 කොටස කියෙව්වෙ නැති අය මෙතැන කොටන්න.

මිනීපෙට්ටි සාප්පු කාරයෙක් කිව්වට එයා undertaker කෙනෙක්. ඒ කිව්වෙ අවමංගල්‍ය අධ්‍යක්ෂක කෙනෙක්. නමින් Almon B. Strowger. ‍ටෙලිෆෝනය හොයාගෙන ටික කාලෙකින් කවුරුහරි මිය පරලොව ගියාම ටෙලිෆෝනය අරගෙන switching office එකේ ඉන්න operator ගෙන් ඉල්ලනවා නගරයේ undertaker කෙනෙක්ට තමාව සම්බන්ධ කරන ලෙස.  මේ කියන නගරයටම අවමංගල අධ්‍යක්ෂකලා දෙන්නයිලු හිටියේ.  අවාසනාවට හෝ වාසනාවට අනික් අවමංගල අධ්‍යක්ෂකගේ නෝනා ලු නගරයේ telephone operator.  (සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගෑනියෙක් ඉන්නවා කියන්නෙ ඔන්න ඕක තමා. :D )

Strowgerට අන්තිමට ඔප්ෂන්ස් දෙකයි ඉතිරි උනේ.

1.  automatic telephone switching උපකරණයක් නිපදවීම.

2. බිස්නස් එකෙන් ඉවත් වීම.

Strowger තෝරගත්තෙ පළවෙනි ඔප්ෂන් එක.  :) . මෙහෙම හොයාගත්තු උපකරණය අවුරුදු 100කට ආසන්න කාලයක්  Strowger gear නමින් ලෝකය පුරාම භාවිතා කලාලු.

Google Buzz

ප්‍රවර්ග: ටෙලිෆෝන් කතා, වල් පල්

ටැග: ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 15

  1. කණිෂ්ක

    හික් :D මරු සීන් එක :D

    [Reply]

  2. ඉන්දරේ

    බිස්නස් සීන් එකක්නේ තිබිලා තියෙන්නේ ! :D
    බලාගෙන ගියාම ඒ ව්‍යාපාරික තරඟෙන් අපිට තමා වාසි වෙලා තියෙන්නේ.

    [Reply]

  3. ගයාන් තාරක

    වැරදිලාවත් දෙවනි එක තෝරගත්ත නම් මාර වැඩේ තමයි වෙන්නේ. වෙලාවට පලවෙනි එක කලේ. නියමයි. ගොඩක් ස්තූතියි පහන් මේක දැම්මට.

    [Reply]

  4. බුධාජීව

    අවමංග්‍ය අධ්‍යක්‍ෂකලාට අපි මීට වඩා සලකන්න ඕන. උන් නැත්තං ටෙලිෆෝනුත් නෑ, ජංජාලෙත් නෑ! අවමංගල්‍ය අධ්‍යක්‍ෂකලාට ජය වේවා! වැඩි වැඩියෙන් බිස්නස් ලැබේවා!! :P

    සිරාවට, අවමංගල්‍ය අධ්‍යක්‍ෂකලා කරන බිස්නස් එක මොකක්ද? :O

    [Reply]

    පහන් Reply:

    මිනිය ඇරෙන්න අවමංගල්‍යයෙට අවශ්‍ය හැමදේම සපයලා අවමංගල්‍ය උත්සව සංවිධානය.

    [Reply]

    ~බිன்ku~ Reply:

    අපොයි එහෙම වුණා නම් මුළු ලෝකයම මැරෙවි උන් හැරෙන්න. ;)

    වැඩියෙන් බිස්නස් ලැබීම = මරණ වැඩි වීම

    වැඩියෙන් බිස්නස් ලැබීම = සේවා ගාස්තුව වැඩි වීම

    එනයින්,
    සේවා ගාස්තුව වැඩි වීම = (බිල්පත දැක මිය ගිය අයගේ සමීපතයන්ට හෘදබාධක ඇති වී) මරණ වැඩි වීම

    ;)

    [Reply]

    පහන් Reply:

    ඇඩ්වටයිසින් නැතිව කරන්න පුලුවං බිස්නස් එකක්. customer satisfaction එක ගැන එච්චර වද වෙන්න දෙයක් නෑ. :D

    [Reply]

  5. ගයන්ත

    හ‍ෆොයි… :D

    [Reply]

  6. මගේ ටෝක්ස්

    මේකේ 3 වෙනි කතාවත් ලියන්න (අපේ රටේ ටෙලිෆෝන් කතා);)
    ගෙවන මුදලට සරිලන සේවාවක් නොසපයන අපේ රටේ චාටර් සන්නාවේදනය :(

    [Reply]

    පහන් Reply:

    ‍සේවාව නං හොඳ නෑ තමයි. හැබැයි අපේ ර‍ටේ සන්නිවේදන ගාස්තු නං අනිත් රටවල් වලට සාපේක්ෂව අඩුයි. මොන දේ ගනං ගියත් ‍සන්නිවේදන නං ගනං අඩුවෙනව මිසක් වැඩි වීමක් නෑ. :D

    [Reply]

  7. මනුශාන්

    එළ එළ
    මේ………..
    ඒක නෙමෙ දැන් කතාව ඉවරද ?

    [Reply]

    පහන් Reply:

    ඉවරමත් නෑ. තම ‍ඔය වගේ පොඩි පොඩි කතා ටිකක් දාන්නයි හිතා ඉන්නෙ.

    [Reply]

  8. malee_msg

    ලිපි දෙකම දැන් තමා බැලුවේ.. නියමනේ.. බලාගෙන ගියාම පිරිමි දෙන්නගෙම සාර්ථකත්වයට හේතුව එකම ගෑණු කෙනෙක්!

    [Reply]

  9. සසික නානායක්කාර

    කොහොමද දැනුත් අපි කොල් එකක් ගද්දි මුලින්නම මිනි පෙට්ටි සාප්පුවට කොල් කරන්න උනානම්.මම නම් කැමති ඒ විදියට.හොද වේලාවට ඒ ගැනි ඒ විදියට තිරනය කලේ…

    [Reply]

  10. Thilina

    කතා දෙකම කියෙව්වේ දැන්…, එළ කතාව :)

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / ටෙලිෆෝන් කතා 2 කොටස