ටෙලිෆෝන් කතා

නොවැම්බර් 7th, 2009

හුඟ කාලෙකින් ආයෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුනා. :) මේ පාර ටිකක් වෙනස් එකක්, ටෙලිෆෝන් ගැන ලියන්න හිතුනා.

ඔන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝනය හොයාගත්තලු 1876( හොයාගත්තෙ මෙයා උනාට හැංගුවෙ කව්ද කියල දන්නෙ නෑ. :D ) . ටෙලිෆෝනය නිපදවන්න බෙල් විතරක් නෙවෙයි වෙනත් අයත් උත්සහ කරල තියෙනව Elisha Gray කියල හාදයෙක් බෙල්ට දෙවැනි වෙලා තියෙන්නෙ පැය ගණනකින්.

මුලින්ම ආපු ටෙලි‍ෆෝන් ඇවිත් තියෙන්නෙ යුගල වශයෙන්. ඒ කිව්වෙ මට අල්ලපු ගෙදර කෙනා එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන්න ඕන නං ටෙලි‍ෆෝන් ‍එකක් අපේ ගෙදර තියාගෙන අනිත් ටෙලි‍ෆෝන් එක එහා ගෙදරට දීලා ඒ දෙක වයර් එකකින් සම්බන්ද කරන්නත් ඕන.  මට‍ ගෙවල් 10කට කතා කරන්න නං වයර් 10ක් අදින්න ඕන.  අවුරුද්දක් යනකොට නගර වයර් වලින්ම වැහිලා යන තරම් මහ විනාසයක් උනාලු. :D
(පල්ලෙහා a පින්තූරය බලන්න )
කොහොමහරි 1878 වෙනකොට බෙල්ට මේ අවුල තේරිලා විසඳුමක් හඳුන්වලා දුන්නලු Bell Telephone කියල කොම්පැනියකුත් හදාගෙන. ඒ switching office කියල අතරමැදියෙක් යොදාගන්නා ක්‍රමයක්.
(පල්ලෙහා b පින්තූරය බලන්න )
ඒත් ටික දවසකින් නගර අතරෙ ඇමතුම් හුවමාරු කරගන්න ඕන උනාලු එතකොට ආයෙ ගැටළුවක් ආවා ආයෙත් අර පරණ විදියට රට සේරම වයර් අදින්න වෙනවා . මොකද තියෙන්නෙ එක switching office එකයිනෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට switching office කිහිපයක් යොදාගෙන switching office අතරෙ විතරක් වයර් මඟින් සම්බන්ධ කලා.
(පල්ලෙහා c පින්තූරය බලන්න )
ඒත් මේ වෙනකල්ම switching office වැඩකලේ manually. ඒ කියන්නෙ කාට හරිකෝල් එකක් ගන්න ඕනැ උනාම මුලින්ම switching office එ‍කත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍ය පුද්ගලයාව සම්බන්ධ කරන්න කියල ඉල්ලා සිටින්න ඕ‍න.  දැන් තියෙනවා වගේ automatic switching system එකක් මුලින්ම හොයාගෙන තියෙන්නෙ මිනීපෙට්ටි බිස්නස් කරපු කෙනෙක්. ඒක ගැනත් මාර ලස්සන කතාවක් තියෙනව. මේ පෝස්ට් එක දිග වැඩි නිසා ඒක ඊළඟ පෝස්ට් ඒ කතාව ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්.

ඊළඟ කොටස කියවන්න මෙතැන කොටන්න

මූලාශ්‍රය:

Computer Networks, Fourth Edition
By Andrew S. Tanenbaum

Publisher : Prentice Hall
Pub Date : March 17, 2003
ISBN : 0-13-066102-3
Google Buzz

ප්‍රවර්ග: ටෙලිෆෝන් කතා

ටැග: ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 10

  1. udara

    චමත් සර් ගේ lecture එක මතක් උනා :D

    [Reply]

  2. ගයාන් තාරක

    පැය බාගයක් ඉඳල කියෙව්වේ. හැබයි නියම ඉතිහාස කතාව. කතාවේ ඊළඟ ටික දානකං බලං ඉන්නවා.

    [Reply]

  3. කණිෂ්ක

    ඉතුරු ටික කියවනකන් ඉවසිල්ලක් නෑ :D

    [Reply]

  4. මගේ ටෝක්ස්

    මටනම් තාමත් විකාරයි පාරවල් වල තියන ටෙලිෆෝන් වයර් ගොඩ දැක්කම :( (පිලිවෙලකට ඇදල නෑනේ) කතාවේ ඊළඟ ටිකත් දාන්න :D

    [Reply]

  5. දිනුෂ්ක උදාර ( රොකියා )

    හැකිතාත් ඉක්මනින් කතාවෙ ඉතුරු හරියත් දන්න.

    [Reply]

  6. ~බිன்ku~

    හිතුවටත් වඩා Interesting Topic එකක් නේද? :)

    [Reply]

  7. බුධාජීව

    වැදගත් ලිපියක්. ඉතිරි එකත් දැන්ම කියවනවා!

    [Reply]

  8. පහන්

    @ udara
    මම කැමතිම ලෙක්චරර් කෙනෙක්.
    @ ගයාන් තාරක
    බලමු මොනව හරි කරන්න. දැනට අනං මනං ගැජට් ටිකක් අඩු කලා.
    @ මගේ ටෝක්ස්
    ඔය a පින්තුරෙ නම් මීටවඩා පිළිවෙලකට අඳින්න බෑ. :D

    @ all
    කතාවෙ ඉතුරු ටික දැම්මා. මෙතැන කොටලා කියවන්න පුළුවං.

    [Reply]

  9. ගයන්ත

    හප්පට සිරි.. දැංනෙ දැක්කෙ.. :)

    මම මේ දෙවෙනි කොට‍සෙන් මේකට පැන්නෙ.. :x

    [Reply]

  10. පහන්

    @ මගේ ටෝක්ස්
    අයියෝ මම හිතුවෙ ඔයා , ඔය පින්තූරෙ පිලිවෙලකට ඇඳල නෑ කිව්වා කියල. :) .

    ඇත්ත තමා කතාව. ඒ ගොල්ලො බලන්නෙ කොහොම හරි වැඩේ කරන්න මිසක් පිළිවෙලකට කරන්න නෙවෙයිනෙ

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / ටෙලිෆෝන් කතා