pen drive එකෙන් Linux දාන්න

ubuntu karmic koala සහ fedora 12 දෙකම එලියට දැම්මේ ළඟඳී හින්දා අපේ ලිනක්ස් කට්ටියට උදව්වක් වෙයි කියලයි මේක දාන්නේ.  අලුත් distro එකක් ට්‍රයි කරන්න හිතුනාම මම මේ ළඟක් වෙනකල්ම කලේ එක්කෝ CD/DVD එකක් write කරන එක නැත්තං virtual machine එකකට දාගන්න එක. virtual machine එකක් හොඳටම දුවවන්න තරම් ram එකක් නම් මගේ ගාව නැහැ. තියෙන 1GB එකත් මම දෙන වධ ඉවසාගෙන ඉන්නෙ හරි අමාරුවෙන්. ඒනිසා පොඩි distro එකක් ඇරුනාම virtual machine එකක ට්‍රයි කරල බලන්නෙ නෑ.  ඒත් දැන්නම් කරන්නේ iso එකෙන් pen drive එකක් හදාගෙන ඒකෙන් install කරන එක.

pen එකෙට fedora12 ISO එකක් දාගෙන fedora 12 install කරන්න විනාඩි 10ක්වත් ගියේ නෑ. install වෙන වෙලාවෙත් මම අන්තර්ජාලෙ පාවිච්චි කර කර හිටියා.

කරන්නෙ මෙහෙමයි….

මුලින්ම pen එකේ data backup කරගන්න.

දැනට ඇති මෙහෙයුම් පද්ධතිය windows නම්.

ගිහිල්ලා live usb creator tool එක බාගන්න. extract කරලා run කරන්න.

fedora Live CD හදන්න යන අයට නම් මේකෙනුත් පුළුවනි. pen එක live එකක් විදියටම පාවිච්චි කරන්න අමුතු අමුතු වැඩ කෑලි ටිකකුත් දෙනවා.

දැනට ඇති මෙහෙයුම් පද්ධතිය ubuntu නම්.

terminal එකක
sudo apt-get install usb-creator
ලෙස ලබාදෙන්න.

දැනට ඇති මෙහෙයුම් පද්ධතිය ‍fedora නම්.

terminal එකක
su -c 'yum -y install liveusb-creator'
ලෙස ලබාදෙන්න.

ඊට පස්සේ terminal එකක.

liveusb-creator

ලෙස ලබාදුන්නාම එන liveusb creator එකෙන් වැඩේ කරගන්න පුළුවන්.

මේ හැම මෙහෙයුම් පද්ධතියකම live usb creator එක run කරන්න කලින්  pen drive එක ගහල mount කරල තියෙන්න ඕන.


Related Posts
Leave a comment ?

15 Comments.

  1. හන්තාන සමඟ නම් live usb creator tool එක දෙනවා කෙලින්ම :)

  2. මගේ ලැපේ DVD ROM එකටත් බඩු හම්බෙලා. මාත් දැම්මේ ඔහොම තමා. ලඟදි කියවපු ආටිකල් එකක තිබ්බේ තව ටික කාලෙකින් DVD ROM නැති පරිගණක එයි කියල. මේවා තියනකොට එහෙම නොවී තියෙයි ද :D
    තව ISO එක HDD එකට මවුන්ට් කරලා කරන ක්‍රමයකුත් තියනවා නේද? UNetbootin වලින්. මම එකන් තමා USB එක හදාගත්තේ.

  3. මේක (usb-creator-gtk) Ubuntu 9.10 එක්කත් පෙරනිමියෙන් එනවා වගේ නේද? මම දැන් install කරන්න ගියාමයි දැක්කේ මේක දැනටමත් තියෙනව බව. හැබැයි menu වල නෑ.

    UNetBootin නම් මම එක පාරක් උත්සාහ කරල බැලුවා Windows මතදී, වැඩ කලේ නං නැත.

  4. USB boot නොතිබ්බ නම් dvd rom එක කැඩිච්ච මගේ ලැප වගේ තව දාස්ගාණක් ලැප් එක තැන පල්වේවි! කොහොමත් මේ ක්‍රමෙන් cd එකට වැඩිය කීප ගුණයක් වේගෙන් ඉන්ස්ටල් වෙන නිසා cdrom එක වැඩ කළත් usb එකක් හදාගෙන තියාන ඉන්න එක නුවණට හුරුයි.

  5. මාත් කලා විනාඩි 4න් හාවා දැම්මා
    එළස්

  6. @ Tissa

    It is possible to boot windows from a USB drive
    For my netbook I did

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">