සිංහල විකිපීඩියාවට දායක වෙමුද?

සිංහල විකිපීඩියාවට තවම තිබෙන්නේ ලිපි 2500ක් පමණයි ඒත් ඉංග්‍රීසි විකිපීඩියාවට 3,100,000 ක් පමණ තියෙනවා. ‍විකිපීඩියාව කියන්නේ ලොව වැඩිම ගණනක් පිවිසෙන වෙබ් අඩවියක්.  ඔය සිංහල 2500 අතරේ බාගෙට ලියපුවත් තියෙනවා. ඒ අයට දොස් කියනවා නෙවෙයි ඒත් විකිපීඩියාවෙ සිංහල අන්තර්ගතයට මීට වඩා දෙයක් අපිට කල හැකි බවයි ‍මගේ විශ්වාසය. විශේෂයෙන්ම බ්ලොග්කරුවන්ට සිංහලෙන් ටයිප් කිරීම වගේ දේවල් අලුත් දේවල් නොවෙන නිසා විකියට දායක වෙන්න එච්චර අමාරු නැහැ. මම මේ බණ කිව්වට මමත් මුලින්ම විකිපීඩියාවට දායක උනේ ගිය මාසෙ. ඒත් දැන් දිගටම පුළු පුළුවන් විදියට මොනව හරි ලියන්න අදහස් කරනවා. මුලින්ම විකිපීඩියාවට මුලින්ම ලියපු ලිපිය මෙතැන තියෙනවා. වැරදි නම් අනන්තවත් ඇති. දන්න අය ඉන්නවා නම් ‍ඒ වැරදි හදන්න කියලත් ඉල්ලා සිටිනවා.

පුධාන වශයෙන් ලියන විදියෙ වෙනස් කම් තියෙනවා. බ්ලොග් එක තමන්ගෙ අඩවිය, තමන්ට හිතුනු දෙයක් ලියන්න පුළුවන්. ඒත් විකියෙදී ඊට වඩා වගකීමෙන් කටයුතු කල යුතු වෙනවා. විකිපීඩියාවෙ සම්මත නීති රීති වලට අනුකූලව ලිවිය යුතුවෙනවා. වචන භාවිතයේදී වචන මාලාවකට(glossary) එකකට අනුකූලව ලියන්න පුළුවන් නම් හොඳයි. මේක එක වචන මාලාවක්.

හැමෝම පුළු පුළුවන් විදියට දායක උනොත් මේ ලිපි ගණන වැඩි කරගන්න පුළුවනි.

කොතැනින්ද අපි පටන්ගන්නේ?

මුලින්ම ඔබ විකිපීඩියාවේ register විය යුතුයි.

ලියන්න ඉස්සෙල්ලා ටිකක් විකියට පුරුදු වෙන්න sandbox එකේ මොනවහරි ලියලා පුරුදුවෙන්න.

ලියද්දි වදන් සකස්( formatting) කරන්න මේ වගේ පොඩි පොඩි ‍‍දේවල් ටිකක් මුලින් දැනගත යුතු වෙනවා.  මට කලින් අය ලියපුවා බලලා මම සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන්.

මෙහෙමයි ලියන්නේ….

ඇල අකුරු ලිවීම ”වදන්”

තද පාට අකුරු ”’වදන්”’

ඇල හා තද පාට අකුරු ””’වදන්””’

ලින්ක් භාවිතය තවත් විකිපීඩියා පිටුවක් ලින්ක් කිරීම

[[ලිපියේ නම]]
[[ලිපියේ නම|පෙන්විය යුතු වදන් පෙළ]]

වෙනත් වෙබ් අඩවියකට ලින්ක් කිරීම

[http://www.example.org පෙන්විය යුතු වදන් පෙළ]

තවදුරටත් උදව් මෙන්න මෙතැන තියෙනවා.

Related Posts
Leave a comment ?

13 Comments.

  1. මාත් ටිකක් ටිකක් ලිපි වල වැරදි නම් හදනව, පූර්ණකාලීනව නම් වැඩේට බහින්න වෙලාවක් හම්බුනේ නෑ..

  2. ඔව් මේකට සිංහල බ්ලොග්කරුවන්ගේ සහයෝගය අනිවාර්යයෙන් ලැබිය යුතුයි. එක පිටුවක් පරිවර්තනය කරන බ්ලොග් ලිපියක් ලියනව වගේ ලේසි කටයුත්තක් නෙවෙයි. හැබැයි මේ ලිපිය කියෙව්වම වැඩේට තිබුණ ආසාව ආයිත් මතුවුණා.
    මාතෘකාව මතු කළාට ස්තුතියි!

    • ඔව් ඇත්ත. ටිකක් අමාරු වැඩක්. හැබැයි ඒ වැඩෙන් තව කෙනෙකුට උදව් කරනවා වගේම අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තමන් හොඳට දන්න තවදුරටත් ඉගෙන ගන්න ආස විශයක් තෝරගෙන ලියන්න පුළුවන් නම් හොඳයි.

  3. මම නම් කලින්ම ලියන්න ගත්තා. ඒත් දැන් වැඩ වැඩි නිසා ලියන්න උනේ නෑ. මම මුලින්ම ලියපු එක http://kpgtharaka.blogspot.com/2009/03/blog-post_13.html

  4. කට්ටියම පුළු-පුළුවන් හැටියට දන්න දේවල් මේකට ලියලා දායක වෙන්න.

  5. විකිපිඩියාවට වැඩි දෙනෙක් ලියන්න යන්නෙ නැති හේතුවත් Wiki ක්‍රමයේ මේ text format කිරීමට දාන්න ඕනෙ සෙල්ලං ටික තමා. හැබැයි අපතයන්ගෙන් ආටිකල් ටික බේරිලා තියෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.

    කාටහරි මේ ක්‍රමය අමාරුයි කියලා හිතෙනවනම් විසඳුම් දෙකක් තියෙනවා.
    1. මේ දිනවල Wikipedia එකේ beta එකක් ටෙස්ට් කරමින් යනවා. account එකක් තියෙනවනම් beta එකේ රස බලන්න පුලුවනි. අන්න ඒ beta version එකේ තියෙන Editor එක හොඳ GUI එකක් තියෙන එකක්.

    2. ග්‍රීස්-වඳුරා (Grease-monkey) සඳහා Wikipedia editor script එකක් තිබුනා Userscripts වල. ඒක දාගත්තාම GUI editor එකක් ලැබෙනවා.

    මමත් කාලෙකට කලින් එකක් ලිව්වා. තව කීපයක්වත් ලියන්න ඕනෙ ඉඩ ලැබුනු වෙලාවක.

  6. ඇත්තටම හොද අදහසක් මේ ලිපිය දැක්කම මටත් ආසා හිතුනා වැඩේට, න‍රකම නෑ බලමු ටිකක් උත්සාහ ක‍රලා…..

  7. මමත් මේකට ලිපියක් ලියල තියෙනව. නමුත් ඒක බාගෙට ලිව්වෙ. ලියන්න වෙලාව තමා ප්‍රශ්නෙ, අනික අපි ලියන ලිපි වල නිරවද්‍යතාවය පිළිබඳව ගැටළු නැගෙන්න පුළුවන් සමහරෙකුට, ඒ නිසා ලියන එක හරියට ලියන්න ඕනෙ.

  8. ඔයාලා දන්න ටිකක් ඒකට දාන්න
    දන්නෙම නැතුව ඒ‍කෙ තියෙන ලිපි වැඩි වෙනවා….

  9. මේක කාලීන අවශ්‍යතාවයක්. මේ ගැන සටහන් කල එක ලොකු දෙයක්. සිංහල විකිපීඩියාව මීට වඩා දියුණු කිරීම අ‍පි කාගෙත් යුතුකමක්.

  10. ඉන්ටෝ ඉන්ටෝ මේ විභාගෙ කියන මල කරුමෙ ඉවර වෙනකම්……
    ඇකඩමික් නොවන ඕන වැඩකට මමත් ඉන්නවා.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">