qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් ….

qsFOX ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට version එකක් හදන්න කියලා ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබුනා. ඒ ඉල්ලීම පිළිඅරගෙන දැන් ඔන්න qsChrome  වැඩ පටන් අරන්තියෙන්නෙ. තාම qsFOX තරම් නම් දියුණු නෑ වැඩ පටන් ගත්තා විතරනේ. මේකෙ Developing කලේ මම. ආරම්භයේදී ඉසුරු ගොඩක් උදව්කලා(අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නෙව :D ). conwitter chrome extension එක හදපු සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ.

qsChrome ‍අපේ software Localization Group Project එකේ කොටසක් විදියට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නෙ. කණ්ඩායමේ අනික් සාමාජිකයොත් අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. (ඒ ගැන පස්සෙ කියන්නම්.).

ආරම්භක පියවර විදියට මම singlish keyboard එක (එසැනින් පරිවර්ථකයේ ආකාරය) implement කලා. ඉදිරියේදි විජේසේකර යතුරු පුවරුවත් unicode install වෙන කොටසත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු  ගොඩක් ඇති. තාම වැඩ පටන්ගත්ත විතරයිනෙ.  qschrome ඉදිරි දියුණුව සඳහා ඔබගේ වටිනා අදහසුත් බලා‍පොරොත්තු වෙනවා.

Chrome Extension වල වාසිය තමයි automatically Update වීම. browser Restart කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් 50Kb ක් විතරක් වැය කරලා qsChrome දාගන්න. වැඩේට තත්පර 10ක් යයි වැඩිම උනොත්. :) බාගත කරගන්න මෙතැන click කරන්න.

icon_128

Related Posts
Leave a comment ?

74 Comments.

  1. එල එල සහෝදරයා… නියම වැඩක්… ඔහොම යං :D

  2. එල එල නියම වැඩක්…… ගොඩක් ස්තූතියි.
    සුභපතනවා

  3. දැනට මං එතරම් Chrome භාවිතා නොකරාට මේ කාර්්‍යය ගැන අවංකවම සතුටු වෙනවා. සුභම සුභ පැතුම් ඔයාලා කට්ටියට!!!

  4. ඔය තියෙන්නේ…. මේ වගේ වැඩනේ වෙන්න ඕනේ. සියළුම වැඩ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා…..

  5. එලකිරි, ඕක ක්‍රෝම්වලට එන්නෙ කවදද කියල අහන්නමයි හිටියෙ. නියමයි!

  6. ආ.. ඔය තියෙන්නෙ.. :P එල වැඩක්.. ක්‍රෝම් පාවිච්චි නොකලට මොකද දාගෙන බලන්න හිතෙනව :P

  7. ෂා මරු වැඩක්නෙ ඔය එක සිරා එකක් වෙන්න ඕනි..

  8. මමත් සුභ පතනව සාර්ථක වෙන්න කියල …

  9. ෂා මරු වැඩක්නෙ ඔය group එක සිරා එකක් වෙන්න ඕනි..

  10. සුපිරියි පහන්… මම වගේ ගිනිහිවලා එපා වුණු අයට ලොකු උදව්වක්. ස්තූතියි නැවතත්!

  11. මමත් සිංහල ඇර අනිත් වැඩ වලට chrome පාවිච්චි කරන්නේ. Firefox වල memory management වල ලොකු අවුලක් තියනවා. stuck වෙන්න බලනවා ලිනක්ස් වල පවා. Chrome වල සිංහල අවුලට මොනවා හරි කරනවානම් ලොකු දෙයක්.

  12. මචං මෙික බීටා වර්ශන් එකට පස්සේ ආපු ඒවාට වැඩකරන්නේ නෑනෙ.ඒවටත් හදපංකො වැඩෙි නමි සිරා.

  13. Chrome වලටත් qs හදන එක නං ඇතත්ටම කාලීන අවශ්‍යතාවයක්. (මටත් දැං firefox අතෑරලා Chrome පාවිච්චි කරන්න හිතිල තියෙන්නෙ..)
    එල මචං…

  14. Chathura W,රොයිලි,~බිன்ku~,DilanRF,දක්ෂිණ,තමීර,කණිෂ්ක,kaviranga,Sara,බුධාජීව,ධනික,රවින්ද,C0dE | කෝඩ්,imesh,isuru,ඉන්දරේ,Dar[K],Sandun Rathnayake,දර්ශන,faucon_noir,
    මාව දිරිමත් කලාට ස්තුතියි

  15. ඈති යාන්තම්.මේක එනකම් තමයි මම ඈගිලි ගැන ගැන හිටියෙ. බොහෝම ස්තුතියි.

  16. මට අහම්බෙන් හමු උනත්, මේක මං හොය හොයා හිටිය අවශ්‍යම දෙයක්. දැන් මගේ ෆේස්බුක් පේජ් එකත් සිංහල කලා. මෙවන් නිර්මාණයක් කළාට ගොඩක් පින්. විජේසේකර කී බෝඩ් එකට අප්ඩේට් එකක් හදන්න පුලුවන්නම් ලොකු උදව්වක් …..!

  17. කව්රුහරි windows 7 වලට හරියන යුනිcode දෙන්න මෙන්න මෙහෙමයි ටයිප් වෙන්නෙ
    යුනිෙකා්ඩ් ෙදන්න

  18. සචින්ද්‍ර දිල්හාර

    නියම වෑඩක්……. සුභ පතුම්!!!

  19. ඒළම කිරි. qsFox තරමටම දියුණු කරන්න සුභ පතනවා

  20. නියමයි වැඩේ නම්. මන් මේක හොය හොය හිටියේ.

  21. එළම එළ කිරි වැඩක්.නියමයි…..

  22. Good work. But seems some thing wrong in my setup. Though I select singlish still appear English letters only.. Is there some thing else I have to configure?

  23. click on the extension icon and select the ” සිංglsih ” option.
    thanks very much for the feedback.

  24. නියමයි නේ..
    අද තමයි මම මේ ලිපිය දැක්කේ..

  25. අගයකළ යුතුයි.හදපිරි සුභාශින්සන.

  26. වැඩ කරන්නේ නැහැනේ ක්‍රොම් වලට… :(

  27. හා හා මම හොය හොයා හිටියේ මේක..
    ගොඩාක් ස්තූතියි මේක හදපු කෙනාට..

  28. අයියේ… මම මේක ඩවුන්ලෝඩ් කරලා ක්‍රෝම් වලට දැම්මා… මගේ මැසිමෙ මේ ඇඩොන් එකේ පොඩි පහේ අවුලක් පේනවා… මම “අම්ම මට ආදරෙයි” කියලා ටයිප් කලොත්… “අම්ම්අඅ ම්අට්අ අඅද්අර්එය්ඉ” මේ විදියට තමා එන්නේ… මම හිතන්නෙ මේක මැසිමෙ ස්පීඩ් එක නිසා වෙන දෙයක්… එක කී එකක් ප්‍රෙස් කරලා අනිත් එක ප්‍රෙස් කරන්න කලින් ඒ කී එකට අදාල අකුර රෙන්ඩර් වෙනව ඇති… ඒ නිසා අපි ඒ අකුරට පස්සෙ ගහන අකුර එක්ක කලින් අකුර කම්බයින්ඩ් වෙන්නෙ නෑ. මේකට, අපි දෙන ඉන්පුට් එක ප්‍රොසෙස් වෙන්න කලින් පොඩි ඩිලේ එකක් දුන්නොත් හරි යාවි… එතකොට ටිකක් දිගට ලියන්න වෙන වචන, අකුරු වලට මේ ප්‍රශ්ණය එන්නෙ නැති වෙයි… ගොඩාක් හොඳ වැඩක් අයියේ… තව තවත් දියුණු කරන්න සුභ පතනවා…

  29. නියමයි වැඩම තමා. මෙකෙ අකුරු තියන හැටි ඩැනගන්න පුලුවන්නම් ගොඩක් හොඩයි.

  30. නියමයි.දෑන් ෆිරෙෆොx අවුල් වගේ. මමත් ච්‍රොමෙ වලට මාරු උනා.

  31. singlish on කරල gmail වලින් සින්හලෙන් mail එකක් type කරන්න බෑ.

  32. සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ? බැරිම නම් ඉතින් අමතක කරපන්

    වැඩේ නම් එළ!

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">