qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි.
දෙසැම්බර් 11th, 2009
පහුගිය කාලේ මම හදපු ඇඩ්මින් බලය නැතිව සිංහල යුනිකෝඩ් වැඩකරන portable Firefox එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය මේකෙ download කරන්න ලින්ක් එකක් ඒ අයගේ සයිට් වලින් ලබාදීලත් තිබුනා. මුලින්ම ඒ අයට ස්තුතිවන්ත වෙන්න ඕන. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ වෙනකල් downloads 1300 ඉක්මවල තියෙනවා. මොනව උනත් unicode දාපු portable Firefox වල අඩුපාඩු කීපයක්ම තිබුනා.
1. .net framework එක නොමැති නම් manually fonts install කරගන්න සිදුවීම.
2. type කරන්න විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්න පහසුකමක් නැති නිසා එසැනින් පරිවර්ථකය පාවිච්චි කරන්න සිදු වීම. විජේසේකර හුරුවූ ගොඩක් අයට මේක ගැටළුවක් උනා.
3. portable firefox එකක් pen drive එකේ අරං ගියත් ආයෙත් ඒ මැෂින් එකට ආයෙත් fonts install කරන්න ඕන. restart කරන්න උනත් කතාව මේකමයි. ආයෙ fonts install කරන්න ඕන.
4. admin account එක්ක හරියට වැඩ කරන්නේ නැහැ.
මේ අඩුපාඩු නිවැරදි කරන්න හිත හිත ඉන්න කොට මේක Firefox extension එකකට ගන්න පුළුවං වෙයි කියල හිතුනා. මේ ගමන්ම Firefox extension එකක හරි, realtime විදියට හරි විජේසේකර layout එක හදන වැඩෙත් හිතේ කොනක තිබ්බා. එතකොට මම වැඩ පටන් ගත්තා විතරයි. එසැනින් පරිවර්තකයට බාස් වැඩ දිදී ඉන්නකොට ඉසුරුට (මම උසස් පෙල කරන කාලෙ මාත් එක්ක එකට පාඩම් කරපු) කැම්පස් එකේ project එකක් කරන්න අයිඩියාවක් ඉල්ලුවා මගෙන්. මිනිහට දුන්නා නම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියල හොඳටෝම දන්න නිසා problem domain එක, requirement එහෙම විස්තර කරලා portable Firefox වලට ආපු ප්‍රතිචාර ටිකකුත් විස්තර කලා. project proposal එකට අනුමැතිය ලැබෙනත් ඉස්සෙල්ලා ඉඳංම ඉසුරු පොඩියට වැඩ පටන් ගත්තා. මම development පැත්තෙන් නං මේකට දක්වපු දායකත්වය 0 යි. මම කලේ අදහස් දීපු එක සහ ටෙස්ටිං පැත්ත.
portable sinhala unicode firefox එක්ක තිබුණු අවුල් සියල්ලම වගේ qsFOX සමඟින් විසඳෙනවා.
qsFOX වැඩ කෑලි.
1. qsfox මඟින් සිංහල යුනිකේත භාවිතයට පරිගනකයේ යුනිකේත ස්තාපිතව තිබීම අනවශ්‍යයයි. firefox තිබ්බාම ඒ හොඳටෝම ඇති. admin බලය අනවශ්‍යයයි.
2. fonts install වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා.
3. විජේසේකර යතුරු පුවරුවෙන්ම යතුරු ලියනය කරන්න පුළුවන්.
4. විජේසේකර පුරුදු නැති අයට විජේසේකර පුරුදුවෙන්න පොඩි කීබෝඩ් layout එකක් තියෙනවා. විජේසේකර පුරුදුවෙන අයට මේක අත්වැලක් වෙයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න. යුනිකෝඩ් තිබ්බට කමක් නෑ. ![]()
5. සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප්කිරීමටද සහාය දැක්වීම. එසැනින් පරිවර්ථකය වගේ copy, paste කර කර ලියන්න ඕන නැහැ.
http://qsfox.mozdev.org වෙත පිවිසීමෙන් ඔබට qsFOX ගැන අලුත් ආරංචි දැන ගන්න පුළුවන්.
හ්ම්. දැන් කතා ඇති. බාගෙනම බලන්න. ඔබගේ වටිනා bandwidth එකෙන් 1Mb වත් කැප කරන්න වෙන්නෙ නෑ. තව මොනව හරි වෙනස් වෙන්න ඕන නම් isudana[at]gmail.comට හෝ pahan[at]pahans.comට කියන්න.
මෙන්න අපේ logo එක. qsFOX download කරන්න මෙතැනින්. භාවිතයට උදව් ගන්න මෙතැනට යන්න.
UPDATE : qsFOX පිළිබවඳව එහි developer ඉසුරු උදානගේ බ්ලොග් සටහන : About qsFOX – by its developer- Isuru Udana. http://mytecheye.blogspot.com/2009/12/qsfox.html
ප්‍රවර්ග: Firefox, portable FF, qsFOX, unicode









ආ මේකනං මරුම මරු වැඩක් !
එලම කිරි !
ගෙදර මැෂින් වල නං යුනිකෝඩ් තියෙනවනෙ. ආයෙ කැම්පස් ගිය ගමන් ටෙස්ට් කරල බලන්නං.
[Reply]
නියමයි… ගොඩක් අයට සෑහෙන්න ප්‍රයෝජනයක් වෙන වැඩක්… උඹටයි developer ටයි සුභ පැතුම්…
මොකෝ source code එක තාම available නැත්තේ?
[Reply]
Isuru Reply:
දෙසැම්බර් 11th, 2009 at ප.ව. 11:05
ඒක මගේ final demo1 ඉවර උනාම දාන්නම්.
[Reply]
ෂා.. නියමයි..
මේක මැක් (මේ දවස් වල පොඩි මැක් පිස්සුවක් ගහල තියෙන්නේ
) වලටත් තිබ්බ නම් ගොඩම තමයි.. මොකද වින්ඩොස් වලට වගෙ නෙමෙයි, මේකෙ සිංහල ටයිප් කරන්න කිසිම ටූල් එකක් නෑනෙ.. (Real Time Converter එක use කරන්නෙ)..
“qsFOX is not available for MacOSX”
Mac Version එකකුත් ලඟදීම හදත්වා…
[Reply]
Isuru Reply:
දෙසැම්බර් 12th, 2009 at පෙ.ව. 8:14
මැක් ගෑන දන්නෙ නැති නිසයි මම ඒක හැදුවෙ නැත්තෙ. මාව මැක් ගැන දැනුවත් කළොත් ඉක්මනට කරල දෙන්න පුලුවන් වෙයි.
[Reply]
මේක නම් නියම වැඩක්. සුභ පැතුම්! මේකට තව ප්‍රචාරයක් දුන්න නම් වඩා හොඳයි.
[Reply]
මේ අලුත් වැඩේට මගෙනුත් සුභපැතුම්!
මේ ගැන වැඩිදුර තොරතුරු සහිතව මමත් ලිපියක් පළ කලා. මෙන්න ඒකට සබැඳුම:
http://dhanikauom.blogspot.com/2009/12/qsfox.html
[Reply]
පහන් Reply:
දෙසැම්බර් 11th, 2009 at ප.ව. 11:18
post එක දිග වැඩි උනාම කියවන්න කම්මැලි හිතෙන නිසයි. install කරගත්තාම අපිව අරගෙන යන page එකෙයි වැඩි විස්තර තියෙන නිසා වැඩිය ලිව්වෙ නෑ. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
[Reply]
නියම වැඩක් මචන්. දැන්න service pack මොකද්ද කියලා අහන්න ඕනෙ නැති වෙයි ලින්ක් එකක් දෙන්න කලින්.
දැන් කිටියා කියන්නේ මේකට බම්බු ඇඩෝන් එක කියලා :p
ෆයර්ෆොක්ස් addon page එකට තාම දැම්මේ නැද්ද?
[Reply]
පහන් Reply:
දෙසැම්බර් 12th, 2009 at පෙ.ව. 9:20
https://addons.mozilla.org/en-US/firefox/addon/53146
තාම experimental add-on ගනයටයි වැටිල තියෙන්නෙ. ඒ නිසා tools–>addons ගිහින් search කලාට එන්නෙ නෑ.
[Reply]
MAxAAAAAAAAA machan
[Reply]
එල එල නියම වැඩක්…… ගොඩක් ස්තූතියි. ඉදිරියටත් කරගෙන යන්න සුභපතනවා
[Reply]
නියමයි මචන් උඹටයි ඉසුරුටයි සුභපැතුම්…..maxxa…!!! :-bd
[Reply]
ඉතාම වටිනා වැඩක්, මේකේ වටිනාකම අපි කවුරුත් උපකල්පන කරනවාටත් වඩා වැඩියි.
අනිත් අතට යුනිකේත තිබුණාට කොච්චරක් අය කොටා ගන්න බැරිව අඩුවෙන් බිලොග් ලියන අය ඉන්නවාද. ඒ අයත් ඉතාමත්ම වැදගත් වෙවි.
පහනුයි ඉසුරුයි කරලා තියෙන්නේ එසේ මෙසේ පොඩි වැඩක් නෙමේ හැබැයි. සුභම සුභ පැතුම්.
(දැඩ් අවශ්‍යතාවයක් නොමැති වුණත් හැකි නම් විතරක් මැක්වලටත් බැලුවොත් ඒක නම් ලොකු වෙනසක්. ඒත් දැනට ඒතරම්ම කලබල වෙන්ඩ ඕන නෑ, හිමින් සැරේ බලමුකෝ.)
[Reply]
මේ වැඩේනම් එල..
යුනිකේත ප්‍රචලිත කරන්න පුළුවන් ඉතාම සාර්ථක ක්‍රමයක්.
තැංකූ වේවා ඔබ දෙපලටම…
ජය වේවා!!!!
[Reply]
වැඩේ අගෙයි !
[Reply]
එළ එළ.., නියම වැඩක්..
[Reply]
හොඳ වැඩක්. සුභ පැතුම් මගෙනුත්.
මමත් IE වලට යුනිකෝඩ් ඇතුලත් කරල පොඩි වැඩක් කලා. ඒක නිකන් අත්හදා බැලීමක් විතරයි. ඒකත් ඇඩ්මින් බල රහිතව සිංහල යුනිකෝඩ් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක බලන්න.
http://sinhalenapi.blogspot.com/2009/11/blog-post_30.html
[Reply]
එලම තමා මචෝ. නියම වැඩක්.
[Reply]
මගෙන් උණුසුම් සුභ පැතුම් !!! තව තව මෙවැනි අළුත් නිර්මාණ කිරීමට නව අදහස් පහළ වේවා !!! දායකවූ සියළු දෙනාට හද පිරි ප්‍රණාමය !!!
[Reply]
ඕක මම කලෙ මගේ level3 project 1 විදියට. final demo එකෙන් පස්සෙ source code 1 release කරන්න මම හිතන් ඉන්නෙ. ඕන කෙනෙක්ට source1 release කරනකම්ම ඉන්න ඕන නෑ. xpi 1 extract කරල බලන්න.:) just simple as that. bugs එහෙමත් ඇති. එවත් දන්වා එවන්න.
පුළුවන්නම් addon1 ගැන comments http://qsfox.mozdev.org/comments.html හි හෝ https://addons.mozilla.org/en-US/firefox/addon/53146 හි කරන්න. එක මගේ demo1 ගොඩ දාන්න උදව්වක් වේවි.
[Reply]
සුභ පැතුම්.
සිංහල භාවිතා කරන්න කැමති, නමුත් අවස්ථාව නැති අයට මේ ගැන දැනුවත් කරමු.
[Reply]
[...] හෝව්. මේ ආයෙත් qsFOX ගැන ලියන්න හදනවා නෙවෙයි. qsFOX විසඳුමක් [...]
මේක නම් හුඟාක් වටිනවා..බොහොම ස්තූතියි..
[Reply]
නියම වැඩක්! Thanks a lot!
[Reply]
.සිංහල ව්‍යාප්ත කිරීමේ අරමුනින් ඔබගේ සටහන උපුටා ගත්තා වෙනත් තැනකට පුරුක සහිතව.එය වරදක් නම් දැනුම් දෙන්න
[Reply]
පහන් Reply:
දෙසැම්බර් 12th, 2009 at ප.ව. 10:06
පුරුක තිබෙන නිසා වරදක් නැහැ.
[Reply]
හොඳ නිර්මාණයක් බිහි වෙන්න හොඳ අදහසක් තියෙන්න ඕන.. ඒවගේම අදහසක් නිකන් තිබුනට මදි, කවුරු හරි ඒක ක්‍රියාවට නංවන්න ඕන..
මම හිතනව මේ ඇඩොන් එකේ ලින්ක් එකක් අපේ සංසදේ වෙබ් අඩවියටත් යයි කියල.
මොනව උනත් කරල තියෙන්නෙ හොඳ වැඩක් ඉසුරු,පහන් දෙදෙනාටම මගෙ උනුසුම් සුබ පැතුම්..
[Reply]
mandriva linux වගේ සිංහල කියවන්න පුළුවන් ඒත් ටයිප් කරන්න බැරි linux distros පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් qsFOX දාගෙන බලන්න. මමත් test කරලා බැලුවෙ නැහැ. ඒ නිසා හරිගියොත් අනිත් අයටත් කියන්න.
[Reply]
great work.!

thanx.
[Reply]
qsFOX පිළිබවඳව එහි developer ඉසුරු උදානගේ බ්ලොග් සටහන : About qsFOX – by its developer- Isuru Udana. http://mytecheye.blogspot.com/2009/12/qsfox.html
[Reply]
වැඩේ හරි.. අම්මෝ… දෙයියෝ දැක්ක වගේ (මැක් වල) විජේස්කර කීබෝඩ් එකක් දැක්කහම..
තැංකූ.. තැංකූ.. තැංකූ.. තැංකූ..
[Reply]
[...] ප්‍රතිචාරයක් ලබාදෙන්න [...]
[...] ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට [...]
this is work on winxp SP1;
thanx
[Reply]