ඇඩ්මින් ගනං බලන්නෙ තැතුව යුනිකෝඩ් පාවිච්චි කරමුද?
හෝව් හෝව්. මේ ආයෙත් qsFOX ගැන ලියන්න හදනවා නෙවෙයි. qsFOX විසඳුමක් වෙන්නෙ firefox වලට විතරයිනෙ. වෙන application එක්ක සිංහල unicode හදාගන්නෙ කොහොමද?
කරන්නෙ මෙහෙමයි…. මුලින්ම unicode වැඩ කරන මැෂින් එකකින් usp10.dll එක කොපි කරගන්න. ඊට පස්සෙ ඇඩ්මින් බලය නැති මැෂින් එකේ අපිට වැඩ කරන්න ඕන application එකේ exe එක තියෙන තැනට ඒක copy කරන්න. කොපි කරන්න permissions නැති තැනක් නම් ඒ folder එක පිටින්ම වෙන තැනකට කොපි කරලා උත්සහ කරල බලන්න. නැත්තම් portable apps වලින් portable application එකක් download කරගෙන ඒකෙ exe එක තියෙන තැනට usp10.dll එක copy කරන්න. දැන් ඔබ සිංහල යුනිකෝඩ් සඳහා අවශ්‍ය rendering engine එක ස්තාපනය කරගෙන අවසන්. දැන් කරන්න තියෙන්නෙ font install කරන වැඩේ. ඇඩ්මින් බලය නැතුව යුනිකෝඩ් හැටි ගැන කලින් මෙතන ලිව්වා. ඒ විදියට අවශ්‍ය unicode fonts ස්තාපනය කරගන්න.මේ font වැඩ් කරන්න පොඩ් tool එකකුත් තියෙනවා. එක තමයි මම මගේ portable firefox එක්ක පාවිච්චි කලේ. මෙතැනින් ඒක බාගන්න.
මම කලේ මෙහෙමයි. register_font කියලා directory එකක් හැදුවා. ඒකට අර tool එකයි අවශ්‍ය fonts ටිකයි දාලා bat file එකක් ලිව්වා. මෙහෙම.
pause
cd Sinhala_Unicode_Enabled_FF_Portable(3.5)[www.pahans.com]
cd RegisterFont
RegisterFont.exe add iskpota.ttf DinaminaUniWebfont11.new.ttf FM-MalithiUW46.ttf kandyunicode.ttf
echo Sinhala Unicode Font Registering Process Completed
pause
දැන් නම් කම්මැලියි. දවස් ගානකින් හරියට නිදාගත්තෙ නෑ.
ඒ නිසා මෙතැනින් එහාට වැඩ ටික මම ඔබේ නිර්මාණශීලිත්වයට බාර කරනවා.
.
එහෙම කියල බේරිලා ගන්නත් හරි නෑ වගේ . පොඩි tip එකක් දෙන්නම්. යුනිකෝඩ් දාලා portable app එකක් හදනවා නම් winrar වල SFX වගේ දේවල් වලින් ලේසියෙන්ම සෑහෙන්න වැඩ ගන්න පුළුවන්.
.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.




නියමයි, ට්‍රයි එකක් දාන්නම්.
මරු වගේ !!!
ස්තුතියි
Sinhala registered in the unicode database is incomplete and incorrect This was proposed by Andy Daniel. SLSI registered it as the standard. Sinhala is not compatible across all platforms. Only partial characters are registered and given values.
Now Michele is proposing old sinhala “illakam” digits to unicode data base,
What are our professors are doing in the well.
Donald Gaminitillake
lets us change the standard
ela machan…
/නිශාන්ත