සියලු සිංහල මෘදුකාංග එකම තැනකට – sinhalasoftware.com

දැන් දැන් වැඩි වැඩියෙන් සිංහල මෘදුකාංග(software ) සහ ප්ලගීන(plugins)බි‍හිවෙන්න පටන් අරගෙන. ඒත් අපි සමහර වෙලාවට දන්නෙවත් නෑ මෙහෙම එකක් තියෙනවා කියල. නැත්තම් software එකක් තියෙනවා කියලා දන්නවා ඒත් බාගත කරගන්න (download) යන්න ඕන කොතැනටද කියලා අපි දන්නෙ නෑ. :( . මේ ගැටලුවට පිළියමක් විදියටයි sinhalasoftware.com ආරම්භවෙන්නේ.

සිංහල මෘදුකාංග ගැන දැනුවත් කරන්න, අවශ්‍ය නම් අපට හැකි අයුරින් මෘදුකාංග නිර්මාණකරුවන්ට උදව් ලබාදෙන්න අරමුණු සමග අමිල ප්‍රසාද් සොයුරා පටන් ගත්ත වෙබ් අඩවියක් මේක. මේ අදහස ඔහුගෙ හිතේ කාලයක් තිබිල තියෙන බව කතාවෙන් තේරුනා. මම මෙතැනට සෙට් උනේ මගේ හිතෙත් ‍එහෙම අයිඩියාවක් තිබිල මගේ යාලුවො දෙතුන්දෙනෙකුට කියලයි තිබුනෙ මෙහෙම එකක් කරන්න ඕන ඒත් සල්ලියි වෙලාවයි නෑ කියල. ඉතිං මගේ ඒ උනන්දුව දන්න  චමිලගෙ මාර්ගයෙන් මම අමිලව අඳුරගත්තා. තාම අමිලව අඳුරගෙන සතියක් වත් නැහැ. :D . අමිල ඉන්නෙ ඉතාලියෙ. ඒත් අපිදෙන්නාම පොදු අරමුණක් සඳහා වැඩකරන නිසා මේ එකක්වත් ප්‍රශ්ණ නෙවෙයි. :)

වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඕන කෙනෙකුට sinhalasoftware.com වල තමන්ගෙ මෘදුකාංගය ගැන විස්තරයක් ලියල දාන්න පුළුවං. අවශ්‍ය නම් හොස්ටින් ලබාදෙනවා. නැත්තම් ලින්ක් එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. software එකේ home page එකටත් ලින්ක් එකක් දාන්න අපි ඉඩ ලබාදෙනවා. මෙහෙම මෘදුකාංගයක් තියෙනවා කියල දැනුවත් කරන්නයි අපිට ඕන. තාම වැඩේ පටන් ගත්තා විතරයි. තාම සයිට් එකත් under construction කිව්වට වැරැද්දක් නැහැ. දැනට මෘදුකාංග කිහිපයක් එකතු කරල තියෙන්නෙ. ඉදිරියේදී මේ ගණන වැඩි කරගන්න මේක කියවන ඔබේත් දායකත්වය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.(පොඩිම පොඩි මෘදුකාංගයක් උනත් කමක් නෑ එකතු කරන්න)

ඔබේ මෘදුකාංගය ගැනත් sinhalasoftware.com ට එකතු කිරීම ඔබටම කරන්න පුළුවන්. register වී. add DL ක්ලික් කිරීමෙන් මෙය කලහැකියි.

Related Posts
Leave a comment ?

25 Comments.

  1. එල එල වටිනාම ආරන්චියක් !! | බැරිද දන්නේ නෑ අපිටත් සෙට් වෙන්න ඔකට | මමයි කොඩ් ලොක්කයි හදපු සින්හල IE එක දාන්න වගේ ;)

  2. මමත් හිතනව . . . මෙය ඉතාම වටිනා දෙයක් කියල. ඔබලාට පින් සිදු වේවා.

    හේමන්තා සමරකෝන්.

  3. නියමයි!
    සයිට් එකත් සිංහලෙනුත් කරන්න.

  4. මේක මචන් නියම වැඩක්! සිරාවටම!!!
    පට්ට් හැපී!!!

  5. බොහොම ස්තූතියි මේ තොරතුරට. මේ වෙබ් අඩවිය අපට හුඟක් පුයෝජනවත් වේවි.

  6. බොහොම ස්තුතියි පහන්, අපට ප්‍රතිචාර දැක්වූ ඔබ සැමටත් ස්තුතියි!

    @මෙම්බර් – ඔව් මමත් හිතුවෙ කොහොම හරි මෙ සයිට් එකෙ සින්හල පරිවර්තනයක් හදන්න, නමුත් ඒක තරමක් අසීරුයි මොකද මෙම අඩවිය පවතින්නෙ පී.එච්.පී-නූක් නිදහස් මෘදෘකාන්ගයෙන්, නමුත් ඉදිරියෙදි මෙය 100% සිංහල කරන්න බලපොරොත්තු වෙනව..

    පහන් කිව්ව වගේම තවමත් මෙම වෙබ් අඩවිය හදල ඉවර නැහැ, තවම අඩුපඩු ගොඩක් තියනව, ඒ අතර අප වෙබ් අඩවිය විනාශ කිරීමට ලන්කාවෙන් ඉතා පහත් හැකර් කෙනෙක් උත්සහ කරනව, එම නිසා මට මේ දින වල වෙබ් අඩවියේ ආරක්ෂාව තර කිරීමට සිදු වී තිබේ.

  7. බොහොම ස්තුතියි පහන්, අපට ප්‍රතිචාර දැක්වූ ඔබ සැමටත් ස්තුතියි!

    @මෙම්බර් – ඔව් මමත් හිතුවෙ කොහොම හරි මෙ සයිට් එකෙ සින්හල පරිවර්තනයක් හදන්න, නමුත් ඒක තරමක් අසීරුයි මොකද මෙම අඩවිය පවතින්නෙ පී.එච්.පී-නූක් නිදහස් මෘදෘකාන්ගයෙන්, නමුත් ඉදිරියෙදි මෙය 100% සිංහල කරන්න බලපොරොත්තු වෙනව..

    පහන් කිව්ව වගේම තවමත් මෙම වෙබ් අඩවිය හදල ඉවර නැහැ, තවම අඩුපාඩු ගොඩක් තියනව, ඒ අතර අප වෙබ් අඩවිය විනාශ කිරීමට ලන්කාවෙන් ඉතා පහත් හැකර් කෙනෙක් උත්සහ කරනව, එම නිසා මට මේ දින වල වෙබ් අඩවියේ ආරක්ෂාව තර කිරීමට සිදු වී තිබෙනව.

  8. බොහොම අගේ කළ යුතු වැඩක්.

    අඩවියේ දැමිය හැකි මෘදුකාංග ගැන ගොඩක් දෙනාට ගැටලු තියෙනව වගේ. ඒ ගැන පැහැදිලි සඳහනක් අඩවියේ කරා නම් හොඳයි.

    • අපි මූලිකත්වය දෙන්නෙ සිංහල භාෂාවෙන් නිර්මාණය කරන ලද හෝ සිංහලට පරිවර්ථනය කරණ ලද මෘදෘකාංග වලට, නමුත් ඔබගේ අවශයතාවය අනුව නීතියනුකූල ඕනෑම මෘදෘකාංගයකට, ලිපිගොනුවකට අප වෙබ් අඩවියෙ ඉඩකඩ ලබාදෙන්න පුලුවන්!
      ( ඔනෑම ප්‍රමාණයක් අවුලක් නැහැ -file size, file format ; අපේ සීමාරහිතව ඉඩකඩ තියනව – unlimited hosting, unlimited bandwidth )

  9. හොද දෙයක් මමත් රෙජිස්ටර් වුනා

  10. ඔයාලෙග සයිටි ඒක දැනටමත් හැක් කරල වගෙයි. මම දැන් යන්න හැදුවා යන්න බැහැ

  11. අරුණ කුමාර වව්නියාව

    මේක හොද ආරංචියක්.ගොඩාක් සතුටුයි.ඔහොම යං.ඔහොම යං.

  12. මෙය ඉතාම වටිනා දෙයක් හොඳ වැඩක්!
    කොහොමත් අපි සිංහල තමයි සිංහලයෝ

  13. මම හිතන විදිහට ඔබගේ ක්රියාව උතුම් ඔබට චිරං ජයතු………….! අපට තවත් සිංහල වැඩසටහන් ලබාදෙන්න

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">