CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.

ජනවාරි 9th, 2010

විභාග අස්සෙ උනත් මොකද තවත් අයිඩියාවක් ආවා. Firefox භාවිතය අතැරලා දැම්මා. Ram එක කන නිසා. දැන් google chrome වල තමා වැඩ කරන්නේ. හැමතිස්සෙම සිංහල බ්ලොග් කියවනයට යන එක මට මහ කරදරයක්. ඒ නිසා මම හිතුවා chrome extension එකක් හදලා මේ වැඩේ පහසු කරගන්න. මේක පළවෙනි version එක ඒ නිසා beta version එකක් කියලා හිතාගන්නකෝ. මේක ඉදිරියට තවත් දියුණු කරන්න ඔබේ අදහස් බ‍ලාපොරොත්තු වෙනවා.

වැඩිය ලියන්න වෙලාවක් නෑ විභාගෙ ළඟයි. මෙන්න CReader වල screenshot එකක්.

screenshot

මෙතැනින් CReader download කරගන්න. (40KB විතරයි වැයවෙන්නේ.)

icon_128

වැදගත්: “The feed providing these headlines is not available.” කියලා Error එකක් එනවා නම් ඒක බ්ලොග් කියවනයේ feed එකේ වරදක් මිස CReader හි වරදක් නොවේ. සිංහල බ්ලොග් කියවනයේ feed validate කිරීමෙන් මෙය තහවුරු කරගත හැකියි.

Google Buzz

ප්‍රවර්ග: chrome, google, සිංහල බ්ලොග් කියවනය

ටැග:, , , , ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 25

  1. ඉන්දරේ

    වැඩේ එල!
    ඊලඟ update එකේ ඉඳන් අපිට කැමති RSS source ටිකක් දාගන්නත් අවස්ථාව දෙන්න. ඒක ගොඩක් වටිනවා.

    [Reply]

    පහන් Reply:

    අනේ ඔව් බං. කරන්න ඕන. :)

    [Reply]

    ~බිன்ku~ Reply:

    අනේ කරපං ඒකත්!
    Firefox වල එහෙම එකක් තියේද????

    මාත් බලං ඉන්නේ Chrome වලට තව Add-on එනකං!

    [Reply]

    පහන් Reply:

    live bookmarks තියෙන නිසා අවුලක් නෑනේද?

  2. ගයාන් තාරක

    තවත් අනර්ඝ වැඩක්. මගෙන් සුභ පැතුම්

    [Reply]

  3. දර්ශන

    නියම වැඩක් සහෝ..
    ඔහොම යං..
    ජය වේවා!!

    [Reply]

  4. තමීර

    මරේ මරු! තව තව ඔප්ෂන් එකතු කරමු.
    chromeවල එකම අඩුපාඩුව extension මදිකම. දැන් පේන විදියට ලංකාවෙන්ම බරගාණක් එකතුවෙයි වගේ!

    [Reply]

    පහන් Reply:

    CReader කියන්නෙ 1,416 වෙනි extension එක.

    [Reply]

  5. පිටස්තරයා

    කියන්න දෙයක් නෑ… මැක්සා!!!

    හැබැයි මටනම් තාම ෆුල්ටයිම් ක්‍රෝම් බහින්න හිත හදා ගන්න බෑ බන්. Delicious වගේ addon එකක් නැතුව ජීවිතයක් තියෙනවද?

    [Reply]

    පහන් Reply:

    https://chrome.google.com/extensions/detail/animchmhhndbcfahoigdpelodbhnhepg මේක හරියයිද?

    [Reply]

  6. රවා

    නියම වැඩක් මල්ලි. එහෙම තමයි උගත් මිනිස්සු ඉන්න ඔනා. තමුන්ගෙ රටට, තමුන්ගෙ පහසුවට එ දෙවල් තමුන්ම හදා ගන්න ඔනා…. ස්තුති

    [Reply]

  7. කணிshක

    එල… එල… මගෙන් සුභ පැතුම් !!!

    [Reply]

  8. Sujeewa de Silva

    නියමයි, මල්ලි, නියමයි. ඔයා ඉහලින්ම විභාගෙ පාස් වෙන්න ඕනැ! විභාගෙන් පස්සේ ඔය වගේ එකක් Opera browser ය‍ටත් හදාගන්න පුළුවන් වෙයිද? නැත්නම් තවම Opera මේවා support කරන්නෙ නැද්ද?

    [Reply]

    පහන් Reply:

    opera ගැන හොයලා බලන්නම්. ස්තුතියි.

    [Reply]

  9. Dayan Senvirathna

    වැඩේ නම් හොද වැඩක් නමුත් ඉතින් මට තම Chrome වලට මරු වෙන්න බැරි උනා
    විභාගය හොදින් ලියන්න

    [Reply]

  10. බිඟුවා...!

    Extensions are not yet supported in this version of Google Chrome. Please download the Beta Channel of Google Chrome to install extension

    mata mehema enawaa

    [Reply]

    පහන් Reply:

    තවමත් Google Chrome Extensions Support කරන්නේ chrome beta version එක සඳහා පමණයි. මෙතැනින් beta version එක download කරගන්න පුළුවන්. ඉක්මනටම stable release වලටත් වැඩ කරාවි. :)

    [Reply]

  11. සුපුන් සුදාරක

    එළ එළ! නියම වැඩක්!

    [Reply]

  12. anthr6x

    ගින්දර වැඩක්. සුබපැතුම්.

    [Reply]

  13. udara

    නියමයි මචන්.උඹ අපිට firefox එපා කරවනවා :P

    [Reply]

    පහන් Reply:

    අපි වගේ දුප්පත්, 1GB Ram, ඒත් ඒකෙනුත් බරවැඩ කරන්න හදන කට්ටිය ගැන නොහිතන firefox අපට එපා :P .

    [Reply]

  14. කණිෂ්ක

    එල එල ඔහොම යන්.. ලඟදිම අපිත් ක්‍රෝම් වගේ :D

    [Reply]

  15. Amila Prasad

    පහන්, නියම වැඩක්!
    වින්ඩොව්ස් 7 තියන අය ගූගල් ක්‍රොම් 4 Beta offline installer එක ගන්න link ( http://www.filehippo.com/download_google_chrome/6050/ ), Google application installer බොහෝ වෙලාවට windows 7 වලට වැඩ කරන්නෙ නැහැ.

    [Reply]

  16. indik

    හොඳ වැඩක්. සුභ පැතුම්…

    [Reply]

  17. ගීතික

    ~~එල~~

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.