ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. තනියම කරන්නෙ නැතුව චමිලට දුන්නා database handle කරන්න. ensitip කියන්නෙ GPL බලපත්‍රය යටතේ තිබෙන එකක් නිසා ඒකෙ database එකම censitip වලට භාවිතා කලා. ඔය database එක ගන්න හැටි පෙන්නල දුන්නෙ රවින්ද මල්ලි. (deb file එකක් editor එකකින් open කරන්න විතරයි තිබුනේ.ඒත් අපිට ඒක මතක් උනේ නෑනෙ දෙයියනේ
). කොහොම උනත් චමිලට මට වඩා විභාගෙ subjects වැඩි නිසා මේ වැඩේ ටික ටික කල්ගියා. ඉතිං ආයෙ ඡන්දෙට නිවාඩු ලැබුණු දවසක් දෙකක් අල්ලලා මමම වැඩේට අතගැහුවා. database වැඩේ හිතුවට වැඩිය සෑහෙන්න අමාරු උනා.
. කොහොම හරි වැඩේ ඉවරකලා කියමුකෝ. වචනයක් double click කලාම තමයි censitip වැඩ කරන්න පටන්ගන්නෙ. ඒ popup එකක් විදියට පෙන්නාවි(තිරපිටපත බලන්න)
මෙතැනින් බාගත කරගන්න(download). කිලෝබයිට් 7ක් විතරයි වැයවෙන්නේ. censitip extension එකට කැමති නම් rating එකක් add කරන්නත් අමතක නරන්න එපා
වැදගත්: censitip භාවිතා කරනවිට ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. ඉදිරි versions මඟින් මේ සීමාව ඉවත් කරන්න උත්සහ කරන්නම්.



අගේ ඇති වැඩක්.
මටත් දැං chrome පාව්ච්ච් කරන්න හිතෙනවා.
තව තව extension හදන්න දිරිය ලැබේවා….
එල එල
උදවු පිටුව නිසා භාවිතා කරන විදිය ගැනත් ටිකක් කිව්වනම් හොදයි..
ජය වේවා!!
තේරුම බලන්න ඕන වචනේ double click කරන්න.
හි හී වැඩේ කොලා එහෙනම්. මට වෙලාවක් උනේ නෑ ඕක බලන්න. කොහොමහරි වැඩේ උනානේ එච්චරයි.
ඒත් මගේ ලිනක්ස් වල Chromium වල සිංහල යුනිකේත වැඩ කරන්නේ නෑ. මොකද්ද දන්නෙ නෑ අවුල.
හප්පේ ඇති යංතං….. එන්සිටිප් ගිනිනරියා අලුත් අප්ඩේට් එකේ වැඩ නැති නිසා නිකං හාමතේ වගේ හිටියේ… දැං ඒකත් ගොඩ. උන්නු විදිහට මලා මදැයි කීවලු.
(පුලුවන්නම් firefox 3.6 ත් මොකක්හරි කරන්න බලන්න)
මේකෙදි කොහොමද hyperlink තියන එවගෙ සිංහලෙන් බලන්නේ
දැනට නම් පහසු ක්‍රමයක් නැහැ. ඒක නිවැරදි කරන්නම්
එල එල..ගින්දර වගේ වැඩක්…ඉස්සරහටත් මේ වගේ සිරා වැඩ කරපන්.
වැඩේනම් නියමයි. මේ වැඩෙම ගිනි නරියටත් කරන්න බැරිද ?
ගිනි නරියට මේක තියෙනවානෙ http://www.ucsc.cmb.ac.lk/ltrl/projects/EnSiTip/
ඒක දැනට වැඩ කරන්නෙ නැ. කීප වාරයක්ම උත්සාහ කෙරුව නමුත් වැඩ කරන්නෙ නැ.
http://img513.imageshack.us/img513/2934/44371709.jpg
firefox 3.6 එක්ක වැඩ නැහැ.
මොකුත් ජල්ටොං එකක් දාල හදාගන්න බැරිවෙයිද
පහන්
, ව්හාග ඉවරද? කොහොම උනත් නියම වැඩක්! දැන් නම් Sinhahasoftware.com එකේ Google Chrome extensions වෙනුවෙන්ම ප්‍රවර්ගීකරනයක් ආරම්භ කරන්න පුලුවන්! මමත් මුලින්ම භාවිතා කරපු ගිනිනරියගෙ සිංහල ඇඩෝනය ඉන්සිටිප්!
එල එල නියම වැඩක්
@ පහන් ; නැහැ මචෝ මම 3.5.7 තමයි පාවිච්චි කරන්නෙ , මේක මට විතරක නෙමෙයි ගොඩක් අයට ලඟදි ඉඳල තියන අවුලක්.
අනර්ඝයි
මේක බොහොම ප්‍රයෝජනවත් වැඩක්!
වැඩේ නම් හොඳයි!
මේ මධුර ඩික්ෂනරියෙ තියෙන වචන ලිස්ට් එකම නේද ඕගොල්ලොත් මේ පාවිච්චි කරන්නෙ? වචන සෙට් එක ගෙඩිය පිටින් තියෙන නිසා ඉතුරු වැඩ ටික මහ කජ්ජක් නෙමෙයි වෙන්නැති නේ?
ඔය වගේ වැඩක් උනත් ඉතිං කවුරුම හරි එකෙන් කරන්නෙපැයි. ස්තූතියි කළාට!
මම වචන ගත්තෙ ensitip එකෙන්.
ඇස් පෙන්නෙ නැද්ද?
, ඔව් මහ කජ්ජක් නෙවෙයි. ඉතිං මට කලිං ඔහේට කරන්න තිබ්බනෙ. කියන්න ලේසියි කරන්න තමයි අමාරු. ඔයාලා වගේ කටින් බුවාලාට ටොයිස් වැඩ වෙන්නැති.
. බබාට ඉරිසියා හිතිලද මන්දා.
.
ඔන්න ඕකයි ලංකාවෙ තත්වෙ. මොනව හරි අලුත් දෙයක් කරන්න බල්ලෙක්වත් නැ. හැබැයි අමාරුවෙන් කවුරුහරි මොනයම් දේකින් හරි සාර්ථක උනාම. ඒ නැති බල්ලොම කැ ගහනව.
අපරාදේ පහන්,
උඹට තිබුනේ මේ මෑන්ව සෙට් කරගෙන මිනිහටම වැඩේ කරන්න දෙන්න. මිනිහා මාර මනුස්සයෙක් වගේ.. සියල්ලම දත් කෙනෙක්.. කොහෙන් හොයන්නද සිරි ලංකාවෙන්ම මිසක්ක.
මචන් ටිකක් ensitip සයිට් එකට ගියොත් පෙනෙයි dictionary එක GPL කියලා. ඒත් කමක් නෑ. ගොන් පාට් එකකුත් ඉඳලා හිටලා එපැයැ. නැත්තන් උඹලා වගේ එවුන්ගේ වැදගත් කමක් නැතුව යනවනේ.
ගින්දර මචං, ඔන්න ඔහොම තමයි වැඩක් කරන එකෙක්ට ධ්‍යීයයක් වෙන්න ඕනා. ඇදම හොය හොය ඉදපං, ඕක පාවිච්චි කරල bug එකක් එහෙම හොයාගන්න උදව් වෙලා සපෝට් එකක් දෙන්න එහෙම උවමනාවක් නෑ. වල් කපන වැඩේ දිගටම කරං යන්න හැකි වේවා. ජයවේවා කිව්වා උබට.
වැෙඩ් නියමයි ෙලාක්කා……… ඔය ෙමාකා ෙමානවා කිව්වති උඔ සැෙලන්න ඒපා. අර කිවුවත් වගේ වැඩක් කරන්න ෙමාෙකක් නාවත් අඩුපාඩු බලන්න 1000ක් ඒනවා. උඔට සුභපැතුම්…………..
great!, machan.
අපිට වෙලාව තිබුනට මේ වගෙ දෙයක් කරන්න දැනුම නැහැ. බොහොම ස්තුතියි. ඒ වගෙම මෙය 4.0. වැඩ කරනවද ?
extensions stable version සඳහා නම් වැඩ කරන්නේ නෑ. beta versions වල වැඩ(ලිනක්ස් වල නම් unstable version එක දාගන්න.)
මම දාලම බැලුව වැඩ කරනව ක්‍රෝම් වර්ශන් එක 4.0.249.78 . බොහොම ස්තූති ඉක්මන් ප්‍රතිචාරයට.
ප්‍රයෝජනවත් නියම වැඩක්
නියමයි. ඇත්තටම නියමයි.
niyamai aaa
ෆ්හ්ඩ් වල මේක භාවිතා කලා.ඒත් ක්‍රෝම් වලටත් තියනවා කියලා අදයි දැක්කේ…
වැඩෙත් නියමයි…
ස්තූතියි….
හරි දැන් වැඩ කරනවා. මොකද මම කලින් වචනෙ උඩ ඩබල් කලික් කලේ නැහැ.
ස්තූතියි
max…. machn…………….
Great work.. Try to develop this for Google chrome..
censitip is for google chrome
https://chrome.google.com/extensions/detail/oggfjjcgbjiohneigdnplgejmfpbkfid
පහන්,
ඔබේ මෘදුකාංගය අපි ඉතා අගය කරනවා. එය chrome පාවිච්චි කරන සිංහල ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වෙන බව නිසැකයි.
නමුත්, ඔබේ වියුණුසටහනේ ලිපිවලින් අපට තේරෙන්නේ ඔබ ensitipහි licensing agreement එක වරදවා වටහාගන ඇති බවයි. ensitip බාගත කිරීමේදී එන licensing agreement එක ඉතා පරිස්සමින් කියවන්න. මෙය ensitip පමණක් නෙමේ; අනෙක් මෘදුකාංග මෙසේ සෑදීම හෝ පරිහරණයේදීත් licensing agreement පරිස්සමින් කියවීම ඉතාම වැදගත්. EnSiTip Add-on එක GPL වුවත්, dictionary data GPL බවක් එහි සඳහන් කර නැහැ. ඔබ කළයුතුව තිබුනේ මෙම dictionary එක භාවිත කිරීමට ප්‍රථම අපට ලියා මේ පිළිබඳ සැක හැර ගැනීමයි. කෙසේ නමුත් නොබෝ දිනකදී GPL (හෝ එවැනි license) එකක් යටතේ UCSC/LTRL එක මගින් dictionary එකක් එළි දැක්වීමට සූදානම්. ඉතින් මේ මතභේදයට තුඩුදුන් dictionary එක ඔබේ මෘදුකාංගයෙන් ඉවත් කර GPL යටතේ දෙන dictionary එකක් හෝ ඔබ විසින්ම සාදන ලද dictionary එකක් ඔබේ මෘදුකාංකයේ භාවිත කරන එක වඩා සුදුසු බවට අප යෝජනා කරනව.
අනෙක, ඔබට යථෝක්ත මෘදුකාංගය නිපදවීම පිළිබඳ අදහස ඇතිවූයේ EnSiTip නිසා බව ඉතා පැහැදිලියි. ඒ නිසා ensitipවලට acknowledge කරා නම් ඔබේ මෘදුකාංගයේ අගය වඩාත් වැඩි වීමට ඉඩ තිබුණා.
කොහොම වුනත් හුදී ජන *පහන්* සංවේගය උදෙසා ඔබ සිංහල භාෂාවට කරන සේවාව අපි අගය කරනවා. සිංහල බස වෙනුවෙන් තවත් නව නිපැයුම් කරන්නට අපෙන් සුබ පැතුම්!
- එන්සිටිප් කර්තෘ
ලැබුණු ප්‍රතිචාරවලින් මට දැනටමත් එය පැහැදිලියි.
එසේ නම් ඔබ එය GPL නොවන විශේෂයෙන් බව සඳන් නොකිරීම ඔබ කර ඇති වරදක් බව මගේ හැඟීමයි.
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් මට ඔබෙන් ඇසීමට ප්‍රශ්නයක් තිබෙනවා, ඇයි Ensitip වල ඔච්චර ප්‍රශ්න තිබෙනවා නම් ඇයි ඒක අයින් කර නොගන්නේ. (කෙසේ උවත් GPL software එකක් අනුසාරයෙන් තවත් software publish කිරීමට මුල් කතෘගෙන් අවසරයක් අවශ්‍ය බවක් මම කිසිදිනෙක අසා නැත.)
මේ ලිපියෙන්ම ඔබට ඉතා පැහැදිලි උනා Ensitip නිසා Censitip බිහිඋන බව. තවත් acknowledge යනුවෙන් ඉල්ලන්නේ මොකක්ද කියලා මට වැටහෙන්නෙ නැහැ. Ensitip බාවිතා කරන කෙනෙකුට chrome වලට මාරුවෙන්න අවශ්‍ය උනාම එවැනි extension එකක් නිර්මාණය කර එයට ensitip පාදක වූ බව සඳහන් කිරීමම ensitip acknowledge කිරීමක් ලෙසයි මම දකින්නේ.
.
නැවත වාරයක් ස්තුතියි.
මේ ගැන තවදුරටත් කතාකිරීමට අවශ්‍ය නම් pahan[ඇට්]pahans.com විද්‍යුත් ලිපිනයෙන් කතා කරමු.
නියම වැඩක් මචං. පොඩි දෙයක් කියන්නම්, පුළුවන් නම් ඒක හදන්න බලන්න ඊළඟ version එකේදී. මේකයි ප්‍රශ්නෙ. version කියන වචනෙ තේරුම දුන්නට versions කියන එකේ තේරුම දෙන්නේ නැහැ. Double click කරන ක්‍රමේ ලේසියි. ඒක අයින් නොකර, වචනයක් type කරලත් තේරුම හොයාගන්න පුළුවන් විදියට හදන්න පුළුවන් නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි ගොඩක් අයට. තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
I’m really grateful to you if you can update this to work with chrome extensions(for eg. news, cricinfo)as well. Thank you.
මචං, ගොඩක් පි නියමයි. ඇත්තටම නියමයි.
Actually very good work. we should be proud about sri lankan talented people. thanks a lot.
not working in chrome 8.0.552.224
chrome extensions are version independent most of the time. can you explain your problem a little bit more.?
macha meka hyperlink karala thiyena words walata support karanna.mokada double click karama aluth page ekak arenawane. kohomada meka hada ganne. wadenam niyamai.induvidual wage words meaning na. ewath balala dapan. all da best bro.
ඊළඟ version එකෙන් මේ අවුල හදන්න බලන්නම්. ස්තුතියි.
Great !!!
පහන්,
ඔබේ උත්සාහය ඉතාමත් වටිනවා.
ඇත්තටම එය අගය කල යුත්තක්.
සිංහල අන්තර්ජාලය තුල භාවිතය වැඩි කිරීමට මේ වගේ දේවල් උදව් වෙනවා.
එනමුත්, පුද්ගලිකව මම English-To-Sinhala පරිවර්තනය කරනවට වඩා English-To-English පරිවර්තනය වැදගත් කියල හිතනවා.
සිංහල භාවිතය අන්තර්ජාලය තුල වැඩි කරන්න තව අලුත් දේවල් කරන්න.
can any one tell me how can i write sinhala Unicode using google chrome ???
http://www.google.com/transliterate/Sinhalese
@ Mahasona
http://www.google.com/transliterate/Sinhalese
මම දැනුය් මේක දැක්කේ.. නියමයි මචෝ උඹට ගොඩාක් පින්…..
EnSi Tip for firefox4 ??????
Thx bro ..:) e wagema sinhelen type karanath software ekak hadanna
නියම වැඩක් මල්ලි ….එල එල…!!
chrom kalata elata wda karanawa bt tiyana ekama awla double click kereemata weemai…..jaya weva
එල එල පට්ට වැඩක්……….
අනේ තව කොමෙන්ටුවක් දාන්න හිතුනා අගේ ඇති වැඩක තමයි කරලා තියෙන්නේ……….
අපි ඉතින් කඩ්ඩ හොදට දන් නැහැනේ…..
good ahhh…
මාරු වැඩක
great work…wish u all the best
ඔයාට ගොඩක් පින්, මේ වගේ වටිනා දෙයක් කලාට.
ගිනි නරියාගෙන් ආවට මම දැන් බය නෑ…..