google chrome කියන්නෙ කෙටිකාලෙකින්ම ඉහල ජනප්‍රියතාවයක් ලබාගත්ත browser එකක්. සිම්පල් නිසා, රැම් භාවිතය අඩු නිසා, එක ටැබ් එකක් හිර උනොත් මුළු browser එකම crash නොවෙන යන ඒවා එහෙම වෙන්න හේතු වෙන්න ඇති. ගොඩක් browser වල window එකෙන් වැඩිහරියක් අහුරගෙන ඉන්නේ menu bar, tool bar සහ title bar ආදිය. google chrome වල හැකි උපරිම පරිදි මේවා අඩුකරලා browsing area එක වැඩි කරන්න උත්සහ අරන් තියෙනවා. ඒක නිසාම google chrome extesion developersලාට address bar එකේ සහ එයට සමාන්තරවම ඇති toolbar එකේ ඇති icons හැරුනු විට වෙනස් තැන් වල අනං මනං ගැජට් එකතු කිරීමට ඉඩදෙන්න google කට්ටිය වැඩි උනන්දුවක් නැහැ. chrome වල වැඩිය කට්ටිය වැඩිය අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතෙන features ටිකක් දැන් ලියන්නම්.
මම පුද්ගලිකව කැමතිම feature එකක් තමයි proxy settings auto detect කිරීම. මෑතක් වෙනකල්ම google chrome වල සිංහල පෙන්නන විදියෙ පොඩි පොඩි අවුල් තිබුනා. දැන් නම් ඒවා නිවැරදි කරලා.
1. bookmark sync.
මේ සඳහා tools menu
එක click කර Synchronize my bookmarks. යන්න තෝරන්න. මේෙක වාසිය වෙන්නේ මම කොහේ ගියත් මම පාවිච්චි කරන්නේ google chrome නම් මගේ bookmark ලබාගන්න පුළුවන් වීම. මේ bookmark ටික google docs වල google chrome කියලා folder එකක save වෙන නිසා වෙන browser එකක් පාවිච්චි කලත් bookmarks ටික ඕන තැනක තියෙනවා.
2. extension ස්ථාපනයේදී browser එක restart කිරීමට අවශ්‍ය නොවීම. අනවශ්‍ය extensions එවෙලේම ඉවත් කල හැකිවීම.
3. extension update වීම අප නොදැනුවත්වම ස්වයංක්‍රීයවම සිදුවීම.
extensions
මේ බ්ලොග් එක කියවනවා නම් මේ ගැන නම් නොදැන ඉන්න විදියක් නැහැ.
extensions ගන්න මෙතැනට යන්න.
මේ මම පාවිච්චි කරන extensions ටික
feeds google bookmark වලට එකතු කරගන්න පහසුකමක් අවශ්‍ය නම් මේ වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා.
1. chrome bird, conwitter
දෙකම twitter clientsලා. පුද්ගලිකව මම chromed bird interface එකට කැමතියි. ඒත් conwitter වල auto complete සහ discussions පෙන්නන විදියටත් ආසයි. දෙකම සැරින් සැරේ පාවිච්චි කරන්වා.
2. adblock
කරදරකාරී වෙළඳ දැන්වීම් පොප්අප් ආදිය බ්ලොක් කරන්න පාවිච්චි කරන්න පුළුවනි.(ඇඩ් විතරයි ඈ
)
3. Chromicious (Delicious Bookmarks)
delicious social bookmarking පාවිච්චි කරනවා නම් වැදගත් වෙයි.
facebook එකේ home page feeds වල එක එක්කෙනා බල්ලො පූසො යවාගත්තුවා hide කරලා වැදගත් ඒවා විතරක් පෙන්නන්න මේකෙන් හදාගන්න පුළුවනි.
5. Slideshow
picasa, facebook photo නිතර බලනවා නම් මේක හොඳයි.
page එකක සම්පූර්ණ screenshot එකක් කරදරයක් නැතිව ගන්න මේකෙන් පුළුවනි.
දැන් බල බල ඉන්න page එක කවුරු හරි සද්දෙට කියවනවා නම් කොහොමද?. එහෙම එකක් ඕන නම් මේක දාගෙන බලන්න.
අමතක වෙන වැඩ ලියලා දීලා chromeට කියන්න මතක් කරන්න කියලා
9. censitip
මේක මම හදපු එකක් නිසාම පාවිච්චි කරනවා නෙවෙයි. මගේ වැඩ ලේසි කරගන්නත් එක්ක හදාගත්තු එකක්. සැර ඉංග්‍රීසි වචනයක් ඩබල් ක්ලික් කලාම ඒකෙ සිංහල තේරුම tooltip එකක් විදියට දෙනවා. වැඩි විස්තර.
10. CReader
සිංහල බ්ලොග් පහසුවෙන් කියවන්න. වැඩි විස්තර.
11. qschrome
qsFOX වල chrome version එකේ beta version එකක්
. වැඩි විස්තර.


එල, තාම chrome extension එච්චර දියුණු නොවෙන්නෙ api support මදිකම නිසා නේද? තාම ගොඩක් firefox extension වලට අනුකාරක ඇවිල්ල නැහැ.
ඒත් තියෙන ටිකේ නම් ඔය කිව්ව වගේ එලකිරි ටිකක් තියෙනවා. Google mail checker plus එහෙම නියමයි.
හ්ම් mozilla වගේ හොඳ tutorials, documentation තාම ඇවිත් නැහැ. මතක විදියට API functions 40-50 වගේ ගානක් තියෙන්නේ. එක අතකින් මේ ටික දැන ගත්තාම extension එකක් හදාගන්න පුළුවන් නිසා හොඳයි වගේ.
. extension හඳුන්වලා දීලා තාම වැඩි කාලයක් නෑනේ. ඉස්සරහට තව දියුණු වෙයි.
තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා මෙන්න Google mail checker plus සඳහා ලින්ක් එක. https://chrome.google.com/extensions/detail/gffjhibehnempbkeheiccaincokdjbfe?hl=en-us
machan chrome wala firefox wala wag bookmark folders hadnna puluwanda.
ඔව් හදන්න පුළුවන්. tools menu එක click කරලා Bookmark Manager click කරන්න.(නැතිනම් CTRL+SHIFT+B press කරන්න.) වම්පැත්තේ තීරුවේ තැනක right click කරලා add Folder දෙන්න. bookmark add කරනකොට folder එක කියන තැනට අවශ්‍ය folder එක දෙන්න.
ඕකට Google Tool Bar විදිහක් දන්නවද බන්?
මම දන්න තරමින් බැහැ. :D
අළුත් ප්ලගින්ස් ටිකක් අල්ලගත්ත
ඔන්න මේ ලිපිය නිසා මම නොදන්න extesion ගොඩක් ස්තාපනය කරගත්තා…..
මම ක්‍රෝම් ආපු දවස් වලම පාවිච්චි කරන්න ගත්තා. ඒත් ඒ දවස්වල එක එක රෙන්ඩරින් ප්‍රශ්න එහෙම තිබුන නිසා වැඩේ අත ඇරල දැම්ම. අයේ උත්සාහයක් දරල බලන්න ඕන හිතට අල්ලනවද කියල. ෆයර් ෆොක්ස් වලටම පුරැදුවෙලා අළුත් එකකට මාරු වෙන්න ලේසි නෑ.
දැන් google chrome unstable version වල රෙන්ඩරින් ප්‍රශ්න නැහැ.
මම මේ දැන් ක්‍රෝම් අප්ඩේට් කලා දැන් එරර් එකක් එනව This webpage is not available. කියල. අප්ඩේට් රෝල්බැක් කරන්න ක්‍රමයක් තියෙනවද?
internet connection එකේ වරදක් කියලා මට හිතෙන්නේ. වෙන browser එකකිනුත් ට්‍රයි කරලා බලන්න. proxy settings check කරලා බලන්න.
මම සෙන්සිටිප් එක ඉන්ස්ටෝල් කලා. නමුත් වචනයක් උඩ තියපුවාම එහෙම පෙන්නන්නෙ නෑනෙ. ඒකට හේතුව මොකක්ද ?
මගේ ගූගල් ක්‍රෝම් වර්ෂන් එක 4.0.249.89
වචනේ උඩ ඩබල් ක්ලික් කරන්න ඕන. එහෙමත් හරිගියේ නැත්තම් update එකක් දාලා බලන්න. කනෙක්ෂන් එක ගොඩක් slow නම් tooltip එක එන්න වෙලා යනවා.
මම පාවිච්චි කරන්නෙත් ක්‍රොම්. නමත් ක්‍රොම් වලින් බ්ලොගර් වලට ලොග් වෙලා මගේ බ්ලොග් එකේ Layout එකේ ගැජට් එහා මෙහා කරන්න බෑ. නමුත් Firefox වල එහෙම කරන්න පුළුවන්. මේකට හේකුව කියන්න දන්නවාද?
~ෆයර් ෆොක්ස් වලින් යන්තම් වැඩ කරනවා ඒත් ie or chrome වලින් ලොග් වෙන්න බැහැ ප්‍රොක්සි ගැන තේරෙන් නැහැ පුලුවන් නම් විස්තරයක් ලබාදෙන්න. ස්තුතියි
සෙන්සිටිප් මම 4.0.249.89 එක්ක පාවිච්චි කලා අවුලක් උනේ නැහැ.
ටිකක් වෙලා නම් යනව.
log වෙනවා කිව්වේ?. proxy settings tools menu එකේ –>options –> under the hood ටැබ් එකට ගිහිල්ලා change proxy setting ක්ලික් කරන්න. සාමාන්‍යයෙන් ගොඩක් දෙනාට අවශ්‍ය වෙන්නේ මේකෙ direct internet connection කියන option එක.
මට උදව්වක් අදව්වක් අවශ්‍යයි ඔබගෙන්. මම බයිස්කෝප් සිංහල සයිට් එකෙන් වෙනදාට ෆයිල්ම්ස් බානවා ඒගොල්ලො දීලා තියෙන ලිනක් එකෙන් ටොරන්ට් ෆයිල් බාගත කරන සයිට් එකට පිව්සීමෙන්. නමුත් දැන් ඒ සයිට් එකට යොමු වෙන්නේ නැතුව මෙන්න මේ පහලින් පෙන්නල තියෙන ව්දිහට වෙබ් පිටුව ඇරෙන්නෙ ඇයි කියලා කියනවද?
Oops! This link appears to be broken.
Suggestions:
Go to thepiratebay. org
Go to torrents. thepiratebay. org
Search torrents.thepiratebay.org for 495 3377 Only 2004 TPB
Search on Google:
Google chrome nam niyamai mchn!
කනගාටුවෙන් උනත් ගිනි නරියට මාරු උනා. බාන් බඩී ගහන්න ගිහින් ෆ්ලෑෂ් ඉන්ස්ටෝල් කරගන්න වෙනමම ගේමක් දුන්න. පෝටබල් එකේ ෆ්ලෑෂ් අවුලක් නැතිව වැඩ කරනවද ? මම කලින් ලොග් වෙනව කියුවෙ ලෝඩ් වෙන්නෙ නැහැ කියන එකට අර රොබින් හුඩ්
වැඩේ හරි ගියෙ නැහැ.