බබාලාගේ සින්ඩියට කින්ඩියක්

සින්ඩියෙන් ඇඩ්මින්ලාට හිතුනු හිතුනු හැටියට බ්ලොග් දොට්ට දැමීම දැන් අමුතු දෙයක් නොවේ. එසේ අසධාරණව බ්ලොග් ඉවත්කර දැමීම පිළිබඳව කතා කිරීම සංසදය කඩාකප්පල් කරන්න හදන වලිකාරයෙකු, කුමන්ත්‍රණකරුවෙකු වීමට තරම් වරදකි. මඩ කමෙන්ට් වලින් පිළිතුරු දී ඇත්තේ එයිනුත් මර්ධනය කරගත නොහැකි තැනද?.  මා ඇනෝනිමස් කමෙන්ට සඳහා කෙනෙකුට සෘජුව ඇඟිල්ල දිඟු නොකරමි. එක අතකින් ඒවා ගැන සෙවීමට යාම එක්තරා ආකාරයට ඒවා දැමූ උන් ලබන ජයග්‍රහණයකි. එහෙත් ඇඩ්මින්ලාට විරුද්ධව කෙනෙකු කතා කරන්නට පටන් ගත් පමනින් ඇනෝනිමස්ලා පැමිණ මඩ වරුසාවක් වස්සවා එසේ කතාකල පුද්ගලයින් මර්ධනය කිරීම සිදුවන්නේ ප්‍රාතිහාර්යකින් සිදුවනවා සේය. මෑත ඉතිහාසයේ පවා එවන් සිද්ධි නොඅඩුව දක්නට ලැබුනි. කුමන කඩතුරාවට මුවාවී කෑ ගැසුවද වෙනස් කල නොහැකි ඇඟිළි සළකුණ මෙන් ඔවුන්ගේ භාෂා විලාශද ඔවුන් පසු පස ඒම විශේෂත්වයකි.

මෙම සංසදය පාලනය වන්නේ සම්මත සිංහල භාෂාව අනුව  ”සිංහල” යැයි නිවැරදිව ලියාගතවත් නොහැකි ඇඩ්මින් කෙනෙකු විසින් වූවද ඔහුම සිංහල භාෂාවේ පරිගණකමය සම්මතය ගැන ටියුෂන් දෙයි. ඔහුගේ email inbox ගැන කතා ඇසූ විට අපට මතක් වන්නේ කලකට පෙර විකාශය වූ “එතුමා” නාට්‍යයේ “ඇහුන් නෑ ” පාට් එකයි. අවාසියක් හෝ අකමැති දෙයක් නම් “එහෙම දෙයක් ලැබුණේ නෑ” යයි කියාද වාසියක් නම් “ලැබුණා ලැබුණා ” යනුවෙන් ප්‍රතිචාර කරයි. කවුරුවත් “අපි මේ කරන සේවයට උදව් කරන්න කැමතියි කියලා මේල් එකක්වත් එව්වාද?” කියා අසන්නේ දිව අගම “ලැබුණේ නෑ ”  ප්‍රතිචාරය සූදානම් කරගෙනය.

මා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් ඉවත් වූ දින සිට සංසදයේ ඇඩ්මින්වරුන් අනේක වාරයක්  බලපෑම් කලේ මගේ බ්ලොග් එක සින්ඩියෙන් ඉවත්කරගන්නා ලෙසය. මුලින් කල සංවාදයකින්දී ඔවුන්ගේම කටින් පිටවුණු “සංසදය හා සින්ඩිය කියන්නේ දෙකක් මිස එකක් නෙවෙයි” යන්න ඔවුන්ටම පාරාවලල්ලක් වී තිබිණ. අවසාන විකල්පය ලෙස ඔවුන්ට ඉතිරිවූයේ මඩ ගැසීමද?.

සින්ඩියේ ප්‍රධාන පිටුවෙන් දේශපාලන බ්ලොග් ඉවත්කිරීම සාධාරණි කරණය කලේ “චීයා අනේ, ඒගොල්ලො මඩ ගහගන්නවා. “ ලෙසය. එහෙත් ඔවුන් දිනපතා වන්දනාමාන කරන සින්ඩියේ නීතිවල ඇත්තේ “පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.” ලෙසය. එසේ නම් එම බ්ලොග් සින්ඩියෙන් ඉවත් නොකලේ ඇයි?

පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.

උපුටාගැනීම

එසේ නම් සින්ඩියෙන් දේශපාලන බ්ලොග් සැඟවූයේ එම බලපෑම් නැති කරගැනීමටද?. රටකරවන්නවුන්ට “අනේ අපි නං හොඳ ළමයි. ඔය දේශපාලනේ වගේ නරක වැඩ වලට අපි නං නෑ.” පණිවුඩය ලබාදීමටද? එය එසේ නම් සංසදයේ “බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි.” කරුණ තවදුරටත් වලංගු වන්නේ නැත.

තවදුරටත්,

සිංහල බ්ලොග්කරණයට අදාල ආධාර උපකාර (තාක්ෂණික, භාෂාමය, අන්තර්ගත) හුවමාරු කර ගැනීම, සිංහල බ්ලොග්කරුවන්ගේ සමාජයීය භූමිකාව, අයිතීන්, වගකීම් කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව පුලුල් කතිකාවතක් ගොඩනැංවීම සහ සිංහල බ්ලොග්කරුවන් සඳහා විවිධ සේවා නොමිලයේ සැපයීම යන කරුණු අපගේ මුලික අරමුණු වේ.

උපුටා ගැනීම

වැනි වැල්වටාරම් වෙනුවට බ්ලොග්කරුවාගේ ඒකම අරමුණ වන්නේ සිංහල යුනිකෝඩ් ප්‍රමෝට් කිරීම යනුවෙන් යොදන්නේ නම් මේ පිළිබඳ සංවාද කිරීමට තවදුරටත් කාලය වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත. එවිට තවදුරටත් බ්ලොග්කරුවන්ට හොඳ ළමයින් , තොත්ත බබාලා විය හැකිය.

නවක සාමාජිකයන් ගැනද යමක් කිව යුතුව ඇත. මෙච්චර සේවයක් අතින් වියදම් කරගෙන කරන අයට දොස් කීම වැරදියි කියා ඔවුන් කියනු ඇත. එහෙත් හොස්ටින් දෙන්න ආ පුද්ගලයා පස්සා දොරෙන් ඩොමේනයද හොරකම් කර අවුරුද්දකට වරක් ඇඩ්මින්ලා මාරුවෙන ක්‍රමය අත්හිටුවා ඇඩ්මින් කමට යාළුමිත්‍රාදීන් හා තමුන්ට එරෙහිව කතා නොකරන අය පත්කරගැනීම තිත්ත වූ ඇත්තයි. සින්ඩියට ඇතුල් කරගැනීමට දින 14 පෝලිමේ ඉන්නා ඔවුහු පළමුවැනි පොස්ටය ලියන්නේ ඇඩ්මින්ලාට ඇස්ටි ඇලෙන්න බටර් පාරක් ගෑමෙනි. එසේ සිතනුයේ ඒ ආකරයෙන් නොලිව්වා නම් බ්ලොග් අඩවියේ ගැටළුවක් ඔවුන්ට සිදුවන්නේ නැවත දින 14 පෝලිමේ සිටීමටය යන හැඟිම ඇතුලු වී ඇති නිසා විය හැකිය.

යුනිකෝඩ් හා බ්ලොග්කරණය ප්‍රවර්ධනය අරමුණු කරගෙන රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍යය ඒකකය විසින් පැවැත්වූ බ්ලොග්කරණ තරගාවලියේ හොඳම බ්ලොග් අඩවියට නිර්දේශ වූ බ්ලොග් අඩවියක් වූ නිකමට වගේ බ්ලොග් අඩවිය යුනිකෝඩ් භාවිතා නොකරනවා යයි  පවසමින් ඉවත්කලා නම් ඇඩ්මින්ලාට බනිනවා යයි කියමින් බ්ලොග් එකක් ඉවත් කිරීම ටොයිස් වැඩකි. අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.

මේ හා සම්බන්ද වෙනත් ලිපි.

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

17 Comments »

 
  • Dar[K] පවසන්නේ:

    මේ මොකො මේ ? එකපාරටම සින්ඩියෙන් අයින් උනාද?

    නොදන්නා අතදරුවන්ගේ තවත් එක් ජයක්ද?

  • AnuradhapuraZone පවසන්නේ:

    ඔයාගේ පොස්ට් එක 100% ඇත්ත මොකද මගේ සයිට් එක මුන් අයින් කරා එනිමොමස් ලගේ කුනුහරැප තිබිනා කියලා තව මට සයිට් සිංඩියෙන් අයින් කරන්න කියලා ඉ-මේල් තර්ජන අවා අනික ඔය සිංඩියේ ප්‍රසිද්ද දේශපාලන අඩවියක් තියෙනවා එකේ හැම තැනම කුනු හරැප ඒවා අයින් කරන්න බැ අපේ සයිට් තමයි අයින් කරන්නේ සිංඩි කියලා බලේ අතට අරන් වැඩි

  • ගෙම්බා පවසන්නේ:

    පල පණ්ඩිත පොන්න්යෝ යන්න…

  • ගෙම්බා පවසන්නේ:

    පල පණ්ඩිත පොන්නයෝ යන්න…

  • බිඟුවා...! පවසන්නේ:

    ඇත්තටම සින්ඩියේ බුවාලා මේ කියන වගේ කක්කි වැඩ කරනවා නම් ඒක එතරම්ම සාධාරණී වැඩක් නෙමේ කියන එකයි මගේ මතය.
    නමුත් බ්ලොග් එකක් අයින් කරන්න කලින් ඒ ගැන දැනුම් දීමක්වත් වුනා නම් ඒක මං හිතන්නේ කමක් නෑ කියලා.
    ඒ කියන්නේ කියන දේ නාහන එකා තියාගෙන වැඩක් නෑනේ.
    මොකද එක එකාගේ නීති වෙනස්නේ.

    හැබැයි සින්ඩිය හෝ කින්ඩිය තියෙන්නේ බ්ලොග් මත මිස බ්ලොග් තියෙන්නේ ඒක මත කියලා හිතාගෙන ඉන්නවානම් ඒක වැරදියි

    /බිඟුවා…!

  • තරිඳු පවසන්නේ:

    කතාවට එක්ඟයි. ඒත් මට නොතේරෙන දෙයක් තියෙනව මෙතන. ඔය හැම එකටම බැනුම් අහන්නෙ ඇඩ්මින්ල. ඒ උනත් ඒ අයම කියන විදියට VIP මෙම්බර්ල ඒ අයගේ තීරන අනුමත කරල (උදා: දේශපාලන බ්ලොග් සම්භන්ධ සිද්ධිය).
    කවුරුත් ඒ අයට මුකුත් කියන්නෙ නැත්තෙ ඇයි ? ඒ අය මේව අනුමත කලානම් ඒ අයටත් මේ ගැන වගකීමක් තියෙනව නේද ?

    • පහන් පවසන්නේ:

      VIP මෙම්බරයෙකු වීමට සුදුසුකම්
      1. තමාගේ ඇත්ත නම ගම , ලියන බ්‍‍ලොග් අඩවිය, දුරකතන අංක ආදිය හෙලිකිරීම (පවතින වාතාවරණය අනුව දේශපාලන බ්ලොග්කරුවන්ට එසේ කල නොහැකිය ‍). ඇඩ්මින්ලාට සින්ඩිය ආරක්ෂා කිරීමට කියා ඔවුන්ගේ නම් ගම් පාවාදිය හැකිය – හොඳ ළමයි නම්බුනාම ලබාගත හැකිය.
      2. පසුගියදා පැවති SBU හමුවට සහභාගී වීම. එසේ VIP පත්කරගත්තේ පූර්ව දැනුම්දීමකිවත් නැතිවය. ‍(දේශපාලන බ්ලොග් කට්ටිය පනියි කියලද දන්නෑ :D ). ප්‍රමාද වී පැමිණි හෝ එදින පැමිනීමට නොහැකිවූයේ නම් VIP ලාගේ කාර්යභාරය විමසූවිට ලැබුණු පිලිතුරු “ඔච්චර දැනගන්න ආස නම් ඇයි එදා ආවෙ නැත්තේ” වැනි බහුබූතය.
      ඉහත කරුණු අනුව VIP වන්නේ බොහෝවිට දේශපාලන නොවන දෑ ලියන අයය. තමුන් ලියන දෑට ප්‍රමුඛත්වය ලැබිය යුතුය යන ආත්මාර්ථකාමීකම නිසා ඔවුන් එම තීරණය ගන්නට ඇත. ඔවුන්ට දොස් කීමට පෙර තෝරා බේරා පෙරා වෙන්කර VIP ලා පත්කලවුන් ගැන කතාකල යුතුය යන්න මගේ අදහසයි.
      මා කෙටිකාලයකට හෝ VIP වී සිටියෙමි ඒ කාලයේ ඔවුන් සිදුකල එකම කාර්යය වූයේ බ්ලොග් සින්ඩියෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීම පමණි. (SBU එක වෙනුවෙන් තීරණ ගැනීමක් නොවේ, සින්ඩියේ බ්ලොග් ගැලවීම සම්බන්ද තීරණ පමණි)

      • තරිඳු පවසන්නේ:

        ඒ කතාව එසේ උවත්, එතකොට ඒකෙන් අපි තේරුම් ගන්න වෙන්නේ
        1. VIP මෙම්බර්ස්ලා අදේශපාලනික බබ්බු
        2. එසේ නොවන අය සිටීනම් ඒ අයට කොන්දක් නැත. (නැත්නම් ඒ තීරණයට විරුද්ධ වෙන්න තිබ්බා.)

        මේ නිසා VIP මෙම්බර්ස්ලා හිටියත් නෑ වගේ.

  • ආගන්තුකයා පවසන්නේ:

    අවසානයේ මඩ ගසන්නන් වාර්තා කර ඇත. සන්තොසයි සන්තෝසයි. මඩ නම් ඉතින් අපිටත් ගහන්න පුළුවන්..

  • Vistos පවසන්නේ:

    Sidiyak una kiyla ochara Nithi dana aka Asadaranae dan Simava Ekmava gihin ayala

  • කණිෂ්ක පවසන්නේ:

    Quote
    “සින්ඩියට ඇතුල් කරගැනීමට දින 14 පෝලිමේ ඉන්නා ඔවුහු පළමුවැනි පොස්ටය ලියන්නේ ඇඩ්මින්ලාට ඇස්ටි ඇලෙන්න බටර් පාරක් ගෑමෙනි. එසේ සිතනුයේ ඒ ආකරයෙන් නොලිව්වා නම් බ්ලොග් අඩවියේ ගැටළුවක් ඔවුන්ට සිදුවන්නේ නැවත දින 14 පෝලිමේ සිටීමටය යන හැඟිම ඇතුලු වී ඇති නිසා විය හැකිය.”

    මේක නම් ගැටලුවක් තමයි..
    ගොඩක් අයට අවශ්‍ය වෙලා තියෙන්නෙ බ්ලොග් ලිවිල්ලටත් වඩා ලකුණු දමා ගැනීමට.
    මම සින්ඩියට ආවා… ආ.. දැන් මම සින්ඩියට ඇවිත් මාසයයි.. දැන් මම සින්ඩියට ඇවිත් මාස දෙකයි.. ඊ‍ට පස්සෙ මගෙ @$%@$ ආව කියයි.. අනේ මන්දා..

  • änthräX පවසන්නේ:

    “…..විරුද්ධව කෙනෙකු කතා කරන්නට පටන් ගත් පමනින් ඇනෝනිමස්ලා පැමිණ මඩ වරුසාවක් වස්සවා….”
    කෙනෙක් තමන්ට විරුද්ධව කතාකරනවනම් ඒ එක්ක මත ගැටුමක් ඇතිකරගන්න එක එක දෙයක්. නමුත් හැංගිලා ගල් ගහන එකනම් වැරදියී. සමහරු හරි ආසයිනෙ ඔන්ලයින් වලි වලට. හැබැයි මම දන්න හැටියට ඔය ඉස්කෝලෙ යන කාලෙ හරිහමනකට ගහගන්න /ගුටිකන්න වාන්ස් එකක් නොලැබිච්ච කට්ටයගෙ මානසික ප්‍රශ්ණයක්.
    දැං ඉතිං කවුරුහරි “නොමියානු මහත්තයෙක්” සුපුරුදු ආරූඩ නාම ගැන බයිලාව පටං ගන්න බැරි නෑ.

  • [...] බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන [...]

  • රවා පවසන්නේ:

    පහන් අපිට මිනිස්සුන්ව හදන්න බැහැ.. ඉතින් එයාලා එහෙම තමයි…ඇත්තටම අපි ලියන දෙවල් එක කෙනෙක් හරි කියවලා එයා එක වටහා ගත්තොත් ඇති කියලයි මම හිතන්නෙ….ඔය නමක් නැතුව එන අයව ගනන් ගන්න එපා… එ අය මිනිස්සු තමයි එත් වැඩක් ඇති නෙමෙයි.. අනික වාරණය කියන්නෙ… මුළු රටටම කරන නොවැදගත්, නොවටිනා ,මොඩ වැඩක්….

  • [...] කියව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද [...]

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin